ඊට පස්සේ
රොහාන් ගොඩක් වෙනස් උනා එයා හැදුවේ පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් යන්න එයාට ඒ තරම්
දුකක් එක්ක ඒ මතකයෙන් අයින් වෙන්න එයා ඉකමනට එක්සැම් ටික ඉවර කරල ලංකාවෙන් යන්න
ලෑස්ති උනා. මං කිව්වෙම එයාට තව සතියක් දෙකක්වත් ලංකාවේ ඉන්න කියල. එත් එයා ඉන්නේ
නැහැ කියල මං දැනගෙන හිටිය. එක ඉරිදා දවසක රොහාන් පංති ඇවිත් ඔක්කොටම කිව්වා මේ
එයාගේ අන්තිම දවස කියල. එහෙම කියල එයා කලින්ම පංතියෙන් යන්න ගියා. ගිහින් මට කෝල්
කළා කරලා පල්ලෙහාට පොඩ්ඩක් එන්න කිව්වා. මම ගියාම එයා පඩි පෙළ ගාව බලාගෙන ඉන්නවා.
මං දන්නවා මේ අවසාන වෙලාව කියල එදායින් පස්සේ මට රොහාන් හම්බ වෙන්නේ නැහැ. එයා ඒ
සතියේ බදාදා ලංකාවෙන් යනවා ආයේ කවදාවත් එන්නේ නැහැ. මට කියන්න දෙයක් තිබ්බේ නැහැ
ඇත්තටම මගේ උගුරේ මොනවා හරි හිර වෙලා වගේ මට වෙලාව අල්ලා තියාගන්න පුළුවන් නම්
නැත්තම් මට රොහාන්ට යන්න එපා කියල තියා ගන්න පුළුවන් නම්, එත් රොහාන්ට මං ආදරේ
කරන්නේ නැහැ රොහාන් මං වෙනුවෙන් ඉන්න ඕනි කියනදේ මට එයාගෙන් ඉල්ලන්න බැහැ මම එයාගේ
යාළුවෙක් විතරයි ඊට එහායින් එයා මගේ ජිවිතේ මෙච්චර ඉඩක් අරං ඉන්නවා කියල මේ මොහොත වෙනකම් මං දැනගෙන හිටියේ නැහැ.
මට දැනුනෙත් නැහැ රෝහානුයි මායි දෙන්නම කියන්න දෙයක් නැතිව බලාගෙන හිටිය රොහාන් බොහොම
අමාරුවෙන් වචන ටිකක් ගැට ගත්තා “Dushi I
am Going.”
“Yes I Know Rohan” ඊට වඩා මුකුත් කියන්න මට
පුළුවන් කමක් තිබ්බේ නැහැ රොහාන් පස්සේ හිමින් සැරේ මට කිව්වා දඟකරන්නේ නැතිව ඉන්න
කියල එහෙම්ම මාව බදාගත්තා. රොහාන් ඔව් මාව පිච්චිලා ගියා මට හිතාගන්න බැහැ මං අඩනවද
ඉබේම කඳුළු වැටෙනවද කියල. ඒ උණුහුම මේ ආත්මයෙන්ම විඳින අන්තිම පාර මේ. ඇයි මේ දාල
යන්න බැරි ගතියක් ඇයි මේ තරම් දුකක්. වෙන්න බැහැ මේ කතාව මෙහෙම ඉවර වෙන්න බැහැ
කියල හිතුන වාර අනන්තයි. එත් ඒ වෙලේ මං ආත්මාර්ථකාමී වෙන්න ඇති. රොහාන් මාව ගොඩක්
වෙලා බදාගෙන ඔළුව අත ගෑවා. මටත් එයාටත් අපි දෙන්නගෙන් අයින් වෙලා යන්න බැහැ කියල
හිතුන. එත් එයා හිමිහිට මාව එයාගෙන් ඈත් කළා. ඇත්ත අපි දෙන්නගේ පාරවල් වෙනස් අපි
යන්න ඕනි ඒ පාරවල් වල. මගේ පුංචි මුණේ කඳුළු ටික එයා පිහිදාන ගමන් මං යන්නම්
කිව්වා මම රොහාන් යනකං බලාගෙන ඉඳල පංතියට ගියා බැහැ මට ඉගෙන ගන්න බැහැ මගේ එහා
පැත්තේ විහිළු කර කර හිටිය රොහාන් නැති ඒ පුටුව මගේ අහංකාරකමට මට හයියෙන් හිනා
වෙනවද කියල හිතුන. එත් අපිට එහෙම වෙන්න බැහැ. එයා ගියා මගේ ජිවිතේ හිටිය හොඳම
යාළුවා මාව දාල ගියා. එයාට යන්න උනා. ඊට දවස් දෙකකට පස්සේ රොහාන්ට මම කතා කරලා
විශ් කළා ඒ වෙලෙත් මං හොඳටම ඇඩුව ඊට පස්සේ එයා එදා රෑ ප්ලේන් එකට නැග්ග කියල මට
අන්තිම මැසේජ් එක එවල තිබ්බ. මම සති දෙකක් බලං හිටය එයා පපරිස්සමෙන් ගියා කියල එත්
එයා ඔන්ලයින් හිටියේ නැහැ. මගේ උපන්දිනේ පහු උන දවසේ එයා
10:22 AM Rohan: hi
10:23
AM happy birthday
i am sorry i forgot your birthday
me: I know
it's okay
Rohan: i won't give any excuses
so take care
10:24
AM me: hmmm
Rohan: okie
i got to go
me: sure
take care
10:28
AM Vinitha
Resigned
10:33
AM Rohan: oh
viny the pooh
gone
me: u are worried about her?
good
10:34
AM Rohan: hey
whats wrong with you
once again your trying to sound like
my wife
me: lol
Rohan: after all you are just a friend
only
:P
10:35
AM me: I know it well
:p
10:37
AM me: hmmm so are u coming down?
10:38
AM Rohan: no
i can't
Rohan: i left SL for good
i knew
10:40
AM me: so y do u think u left SL for
good?
10:46
AM Rohan: good
yes
i will never come back
10:47
AM me: u will never?
trust me u will come back
|
5 minutes
|
10:52
AM Rohan: nop
never
ever
10:53
AM u will never
see me
10:54
AM me: will see rohan I believe we will
Rohan: ah
but i will never see you again
i promise
10:55
AM me: why?
what wrong i did to u?
10:56
AM Rohan: nothing
10:57
AM me: okay
Rohan: okie i got to go
happy birthday
good luck with everything
and don't worry
your too young to fall sick
10:58
AM just take
some medicine and get well soon
bye
me: Thank u
tc
එදායින්
පස්සේ රොහාන්ටයි මටයි රටවල් දෙක අතර වෙනස නිසා ගොඩක් කතාකරන්න බැරි උනා එයත් ඉඳල
හිටල මං නැතිව පාළුයි කියලා කිව්වා එත් ඒ අතරම එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආව කියලත්
කිව්වා ඒ කෙනා මං වගේමයි කියලත් කිව්වා එත් එයා කිව්වේ ආයේ කෙනෙක් එයාගේ ජීවිතේට
එන්නේ නැහැ කියල. එත් එයා එයාගේ ජිවිතේ
එයාගේ පාරේ ගියා මමත් මගේ පාරේ ගියා ඒ ගෑණු ළමය එක්ක මමත් හිතුවක්කාරයත් එක්ක
Rohan: ok
well i am sorry i had to take the
girl shopping
4:13
PM me: why are u saying sorry for that?
I have a
good news
too
Rohan: k
tell
me: we are dating
:)
4:14
PM he is sweet
and caring
4:15
PM Rohan: gr8
4:16
PM i am happy
for you
hope you guys get married soon
all the bet
*best
4:17
PM me: not so soon
Thank u
:)
I feel lucky
4:18
PM Rohan: good
4:20
PM me: :)
Rohan: okie
Rohan: i got to go out for dinner
4:21
PM good go for
it
me: have fun
:)
Rohan: ok will do
me: tc
Rohan: bye tc
good luck with the guy
me: ::)
එදායින්
පස්සේ රොහානුයි මායි චැට් කලේ එක දවසක් වගේ රොහාන් ඒ ගෑණු ළමයත් එක්ක ඉන්නවා කියල
කිව්වා මමත් මගේ පරණ ඔෆිස් එකෙන් අයින් උනා. මට රොහාන් අමතක වෙලාම ගියා. එයා ගැන
හොයන්න, බලන්න වෙන කෙනෙක් ඉන්න නිසාත් එයාට කොහොමවත් මාව දකින්න ඕනි උනේ නැති නිසා
මම එයා ගැන හොයන්න් ගියෙත් නැහැ. මට මගේ ජිවිතේ මගේ ආදරේ වෙනුවෙන් මම ජිවත් උනා.
එත් මම හිතුව හරි රොහාන්ට මං නැතිව ඉන්න බැහැ කොහෙත්ම බැහැ. එයාට මාව අමතක කරනවා
කියල කිව්වට එහෙම කරලා නැහැ.
ආයෙමත්
දවසක රොහාන් මගේ ජීවිතේට ආව ඒ මන් නොහිතපු විදිහකට මං හීනෙන්වත් නොහිතපු විදිහට.
මන් අලුත් ඔෆිස් එකේ ඉන්න කොට එක දවසක් මට දන්නේ නැති IDD නම්බර් එකකින් මිස් කෝල්ස් තුනක් තිබ්බ.
මේක හැරෙන්නේ කොහෙටද කියලා හිතා ගන්න බෑ නේ
ReplyDeleteඒක මටත් හිතා ගන්න බැරිව හිටියේ. එත් එක වෙනස් වෙලා දැන්
Deleteඑක දවසක් මට දන්නේ නැති IDD නම්බර් එකකින් මිස් කෝල්ස් තුනක් තිබ්බ.
ReplyDeleteඕ..............ආයෙත් දිග් ගැහෙන්න යන්නේ කතාව
එහෙම තිබ්බනේ ඉතින්
Deleteකතාවක තිබිය යුතු සියලුම ගුණාංග අන්තර්ගත කොට ඉතාමත් දක්ෂ අයුරින් මේ කතාව ඔබ ගොඩනගනවා. සුබපැතුම්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ස්තුති
Deleteඅහා.... හිතාගන්න බෑ මේ කතාව ගැන.
ReplyDeleteඅහා තව දෙයක් අපි ඉක්මනටම මුණගැහෙනවා නේ? මට සතුටුයි. :)
ඔව් ඔව් ඉක්මනටම
Deleteඅඩේ මම ආයෙත් අහන්නේ මේක සිරා කතාවක්ද කියලා. මම නම් හිතාන ඉන්නේ සිරා කියලා.
ReplyDeleteමේක ඇත්තම කථාවක්
Deleteඑකම කතා ජීවිත ගොඞක ලියැවෙනවද ?
ReplyDeleteනැත්නම්
සිත් ගොඞක එකම කතා උපදිනවා ද ?
ලස්සන කතාවක්
යථාර්ථය නෙවේ නම්...............අපූරුයි
"එකම කතා ජීවිත ගොඞක ලියැවෙනව" ඒක තමා වෙන්නේ මං හිතන්නේ
Deleteහ්ම්ම්.. ඉතුරු ටිකත් කියවමුකෝ..
ReplyDeleteඔයත් එක්ක මං තරහයි මුකුත් කියන්නේ නැහැ හ්ම්ම්ම්ම්ම්ම් ඇරෙන්න
Deleteඅප්පට සිලි...අගක් මුලක් තේරෙන් නෑ...
ReplyDeleteපරණ එව්ව කියවලම ඉන්ට වෙයි වගේ....
ජිවන අත්දැකීමක් වගේ...
කාලය අපිටත් නොදැනි අපේ ජීවිතවල ගොඩක් දේවල් වෙනස් කරනවා...
දිගටම එන්නම් මේ පැත්තටත්....