පෙන්නේ නැතිවට ඉරිතලා විසිරිලා ගිය මගේ හිතට අරං ආපු වැහි බින්දු ටික වළාකුලක් අරන් යනකොට තුරලට ගෙන හිටියේ මම නොදැක්ක ගානට හිතට තවත් රඬුවෙන්න හයිය නැති කමට මිස ඕනේ නැතුව නොවේ පෙම් පහස මට. පාවෙලා අව උනත් දියපොදක් හිත ලගට කොහොම කර ගන්නද මගේ හිමි කරුවෝ ඉන්නවනම් පාවෙන දිය පොදට? මං දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ කොහෙද මේ මව ගහගෙන යන්නේ මං කොහොමද කුනටුවකට් අහු උනේ මගේ හිත එය කොහෙද?
රුධිරයට එක්වුන
ඔබේ ආදරය
එන්නත් කල ඔබේ සෙනෙහස
කෙලෙස නම්
විස වුනිද මා ජිවිතයට
ඇබ්බැහිවිමක් වූ ඔබ
උන්මත්තකයෙක් කල
ආදරය අහිමි වූ
ජිවිත අවසානය දැනේ මට
හොයා දෙන්න
සිහිනයක් නැවත මට
අාදරය අහිමි වීමෙන් ජීවිතයක අවසාන නොවන බව අනේ කරුණාකරලා මතක තියාගන්න! :)
ReplyDelete@තනි අලියා දන්නවා මේ දවස්වල හිතට තිබ්බ ජිවිත කලේනම් ඉවර වෙලා වගේ
ReplyDeleteසමහර වෙලාවට අාදරය අහිමි වීම ජීවිතේ අාරම්භයක් වෙන්න පුලුවන්! ම්..... ප්‍රැක්ටිකල් උදාහරණයක් දෙන්න උත්සහ කරන්නම්....... නෑ දෙන්නම්, ඉදිරි අවුරුදු හතරක් විතර තුල ;)
ReplyDeleteආදරය අහිමි වීම ජීවිතයට තවත් අත්දැකීමක් විතරයි...
ReplyDeleteආදරය අහිමි වෙනවා මිසක කවදාවත් ජීවිතයෙන් පැනලා යන්නේ නෑ...තවත් ආදරයක් ජීවිතයට එනවාමයි...!
"ඇබ්බැහිවිමක් වූ ඔබ
ReplyDeleteඋන්මත්තකයෙක් කල
ආදරය අහිමි වූ
ජිවිත අවසානය දැනේ මට
හොයා දෙන්න
සිහිනයක් නැවත මට"
මෙහෙම හිතුවා මාත් කාලයක් තිස්සෙ.ඒත් දැන් නම් හීන නොදැකම ජීවත් වෙන්න ඕනෙ නිසා ජීවත් ව්එනවා
සමහර එන්නත් සමහරුන්ට අසාත්මිකතා ඇති කරනවා. මේකත් ඒවගේ දෙයක් වෙන්නැති. ලස්සන කවි සිතුවිල්ලක් ඩුශ් !!!
ReplyDelete@තනි අලියා නැහැ මලයෝ එක ලේසි නැහැ
ReplyDelete@ගලයා ඒක ලේසි නැහැ
@හිතුවක්කාරි : මන් හිතන්නේ ඒක ආදරයේ හැටිද කොහෙද
@මධුරංග ස්තුති යාළුවා