එදා මං නතාෂාගේ කතාව නවත්තපු තැන මතක ඇතිනේ. එතනින් අයෙත් කරලියට මොනවා කරන්නද නිවාඩුව හින්ද ටිකක් පහු උනා ඒ විතරක්ද සිහින උළෙලේ සංවිධායක වැඩත් තියෙන හින්ද අහන්න දෙයක් නැහැනේ. හරි දැන් කතාවට
රවින්ගේනුයි ජනාලිගෙයි සම්බන්දෙන් පස්සේ නතාෂා රවින්ව එයාගේ ජීවිතෙන් අයින් කරනවා එතැනදී කියල අඬන්නවත් කවුරුත් නැති කෙල්ල ඔහේ බල ගත්තු ඇත බලාගෙන හැම වෙලේම ඇස වල කඳුළු පුරෝ ගෙන ඉන්නවා. එක දවසක් ඔය තත්වය දරුණු වෙලා තමයි නතාෂාගේ ගෙදරින් මට කතා කරන්නේ ඒ කියන්නේ මේ අවස්ථාව වෙනකොට නතාෂා ඉන්නේ කා එක්කවත් කතා නොකරන කිසි හැඟීමක් දැනීමත් නැති විදිහට. පස්සේ මානසික වෛද්‍යවරයෙක් ගාවට නතෂාව මං එක්කන් යන්නේ මේ සම්බන්දයෙක් පිළිතුරක් හොයාගෙන හා විෂාදය කියන රෝගී තත්වය සිය දිවි හානි කර ගැනීමේ මට්ටම දක්වා වර්ධනය වෙලා කියන එක ඒ වෙලේ වෛද්‍යතුමාගෙන් මට දැනගන්න හම්බ වෙනවා. අන්තිමේදී නතාෂා කොච්චර තනි වෙලාද කියන එක මට තේරුණා.
ඔය සිදුවීම් වෙලා මාසයක් වගේ කාලයකදී තමයි රවින් අයෙත් නතෂාව හොයාගෙන එන්නේ. සමව දෙන්න කියල. රවින්ට එච්චරටම ආදරේ කරපු නතාෂා ජිවිතේ අයෙත් බලාපොරොත්තු එක්ක ජිවත් වෙන්න තමයි රවින්ට සමාව දෙන්නේ ඒ නතාෂාගේ ආදරේ හැටි. වැරදි කරන්නේ මිනිස්සු සමාව දෙන්නත් ඕනි මිනිස්සු ඒත් අන්තිමට මේ ඉන්නේ තමන්ට කලින් ආදරේ කරපු රවින් නෙමේ කියන දේ නතෂට හොඳට තේරෙනවා. රවින්ගේ ලොකු වෙනස හොඳට තේරෙනවා. කොටින්ම කිව්වොත් රවින් නතෂට සලකන්නේ තමන්ගෙන් වෙච්ච වැරැද්දට ඉන්නවා කියන හැඟීම මත පුදුම විදිහට නතාෂට රිද්දන්ව මේ කාලය සුළු පටු කාලයක් නෙමේ අවුරුදු තුනක් කෙල්ලෙක්ගෙ ජිවිතේ අවුරුදු තුනක් කියන්නේ? රවින් හැසිරෙන්නේ සල්ලි වලින් හැමදේම කරන්න පුලුව විදිහට, එත් තමන්ව දැනෙන්නේ නැති, ආදරයක් නැති හැඟෙන්නේ නැති රවින් එක්ක ඉන්න නතාෂට ආදරේ කියන එකත් පිරිමින් කියන දේවල් වචන ඇහෙද්දීත් පිළිකුල් වෙන්න තරම් තත්වයක් ඇති කරනවා රවින් පැය ගණන් මේ කෙල්ලව පාරවල් වල රස්තියාදු කරනවා. එහෙම වෙලාවට මට කතා කරලා අපේ ගෙදර ඇවිත් ඉන්න මේ කෙල්ල මෙහෙම වෙන්නේ අසරණකමට. වෙන කොල්ලෙක් ගාවට සමාජයට යන්න බහ කියන ඔලුවට ඔබ්බපු මතයක් හින්ද.
අන්තිමේදී නතාෂාගේ ගෙදරින් රවින්ට තීරණයක් ගන්න කියල බල කරනවා ඒ ගිය අවුරුද්දේ අප්‍රේල් වල. මේ වෙද්දී නතාෂා දන්නවා රවින්ගේ ජිවිතේ ඉන්නේ තමන් විතරක් නෙමේ බව. හිතුව වගේම අයෙත් රවින් නතාෂාව දාල නොගියත් කසාදෙ පරක්කු කරනවා මේ කාලෙම තමා මං අයත් නතාෂාව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්කන් යන්නේ ජිවිතේ වෙච්ච එකම එක සිදුවීමක් හින්ද ජීවිතේම කළකිරිල ආදරේ කියන එකට වෛයිර කරන මේ කෙල්ල තවම ජිවත් වෙනවා.
මෙච්චර ආදරේ කරන නතාෂාව රවින් ගෙදරට හොරෙන් බඳින්න අහද්දී නතාෂා බැහැ කියන්නේ තවත් දුක් විඳින්න බැරි හින්ද මට තවම මතකයි
" දුශ් මගේ ළමය හදාගෙන මේ මිනිහගෙන් අයින් වෙන්න උනත් මට දුකක් නැහැ" කියල කිව්වා. ඇත්ත ඒ අන්න අඬන්නේ තමන්ගේ ආදරයටවත්, තමන්ගේ ජිවිතේ ගැන හිතල නෙමේ. තමන්ට අහිමි වෙච්ච දේ ගැන හිතල. පොඩි ළමයෙක් දැක්කම මේ කෙල්ල මැරී මැරී ඉපදෙනවා කියල අදටත් මං දන්නවා. එත් ඇත්ත නම් අදටත් නතාෂට ආදරේ කරන්න කවුරුත් නැහැ.
එය කියනවා වගේ " මං ඉක්මනට තිරයක් ගනී දුශ්" එදාට එයාව නවත්තන්න මටත් බැහැ. මටවත් ඔය කාටවත් ඒ හිත හදන්න බැහැ ආදරයකට පුළුවන් වෙයි එත් කෝ අද කලේ මේ වගේ කෙල්ලෙක්ට ආදරේ කරන්න අය? මං ඕගොල්ලන්ට මේක කිව්වේ ළමයෙක් ගබ්සා කරා කියල ළමයෙක් තමන්ගෙන් වෙන් කරා කියල හිතක් පපුවක් නැති අම්මලට නම් ගානක් නැතිව ඇති, එත් නතාෂා වගේ මුළු ජිවිතයම නැති වෙන ඒ වගේ දුක් විඳින අම්මල අපි අතර අනන්තවත් ඇති.
මොනවා කියනවද කියලා හිතා ගන්න බෑ.. අන්තිමේ නතාශා අසරණ වෙලා..
ReplyDeleteනතාෂා පවු. රවීන් වගේ අය තව සෑහෙන්න මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා පරිස්සමින්!!
ReplyDelete