Thursday, March 19, 2015

ජාතියේ මහා පාවාදීම

පට්ටම කේන්තියෙන් ලියමි. 

සිරිසේන මාමේ අම්බානෙකට මහින්ද මාමාගේ පුත්තු එක්ක කළකිරීලා ඉද්දි මාම ආවම අපි හිතුවේ ලංකාවේ සිංහලයට තැනක් හදන. පොළොන්නරුවේ සිංහල මිනිහට පුළුවන් වෙයි කියල. ආච්චිගේ රෙද්ද රෑ ජාමේ ඉන්ටනෙට් එකෙන් අපි චන්ද හැරෙව්වේ සුදු වෑන් වලට බය නැතිව නෙමේ. 
ඇයි අම්මල තාත්තලා එපා එපා කියද්දී හිතේ දෙගඩියාවෙන්ම ගිහින් මාමට කතිරේ ගැහුවේ. 

චන්දෙ ප්‍රතිපල වලින් මොනා උනත් සිංහලයා පාවා දුන්නා කිව්වමත් රට බේරා ගත්ත කියල හිතින් සතුටු උනා. 
එත් දැන් වැඩක් නෑ මාමේ. පෙට්‍රල් අඩු උනාට වැඩක් නෑ. කොළඹ තිබ්බ ලස්සන එන්න එන්න විනාස වෙනවා. 
සිංහලයාගේ රටේ සිංහලකම වෙනුවට දෙමළින් ජාතික ගිය කියන්නලු. එහෙම නම් උන්ට තමිල්නාඩුවට යන්න කියන්න ඕනි

එළාර එලවපු සිංහලයන්ට, රජ පවුල පෙරලපු අපිට මාම ලොකු ගේමක් නෙමේ. එත් හිතට දුකයි මාමේ. පට්ටම දුකයි 
මාම ආයෙත් ලස්සනට තිබ්බ රට කෑවා. කුඩු ඇල්ලුවේ නෑ  ඇල්ලුවා කියල අපිව රැවට්ටුවා. හොරු ඇල්ලුවෙත් නෑ එකත් බොරු 
කළා. සිංහලය නැති උනේ සිංහලයෝ හින්දා. හිතට දුක නොදැනුවත්ම අපිත් අහු උනා. 

ඉස්සර වගේම අපිම අපේ ජාතිය පාවල දුන්න. දැන් හිතෙනවා මහින්ද මාම කිව්වා වගේ දන්න යකා හොඳයි කියල. 
එයා පාඩමක් ඉගෙනගෙන නම් අපි එයාවම ආයේ ගේනවා. කරන්න දෙයක් නෑ දැන් දින 100 පස්සේ අකුලගෙන් යන්න 
මොකද මේ රටට දින 60 , 70 කෙලවන්න හදන ඔයා නම් පට්ට. 

දිවුරුම් දෙන දවසේ කියපු ඔක්කොම අපි අහන් හිටියා. එත් වැඩක් නෑ දැන් හිත රිදිලා ඉවරයි රැවටිලා ඉවරයි. එත් ආයේ එහෙම වෙන්නේ 
නෑ. ආයේ කවදාවත් ඔහොම වෙන්න දෙන්නෙත් නෑ. 

රට කාපු මහරජාවත් රට කන්න හදන ඔයාගේත් මහලොකු වෙනසක් නෑ. 

මිට 
කලරුණ
අපි 

Wednesday, October 1, 2014

මම ආයෙත්


මොනා හරි ලියන්න හිතිලා වාඩි උනා මොනා ලියන්නද ? ලියන්න දේවල් නෑ මොන මගුලද මන්ද හිත බරයි නෑ එක්කෝ නිදිමතයි එහෙමත් හිතුනා වෙන්න ඇති. ජිවිතේ එක එක කාල වලදී ජිවිතේ දිහා බලන හැටි වෙනස් මට එහෙම හිතුනා ඇත්තමයි. ඔයාලටත් හිතිලා ඇති. කවුදෝ මට කිව්ව මගේ හිතේ ආදරේ නෑලු. නෑ නැතිව නෙමේ තියෙනවා එත් වෙනස් මිනිස්සු ඔක්කොම එකවගේ නෑ. සමහරු ආදරේ පෙන්නන්න දන්නේ නෑ. සමහර අය ආදරේට බයයි. ඔව් ආදරේ පෙන්නලා දුක් විඳින්නේ මොකටද? ඒ ජිවිතේ හැටි මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු වෙනස් එකිනෙකාට වෙනස් එහෙම නොවුනා නම් දහස්වාරයක් හිතුලා ඇති.

ඉස්සර බ්ලොග් එක ජිවිතේ වගේ ලියනවා ඔහේ ලියනවා වෙලාවකට දුක වෙලාවකට සතුට මේ බ්ලොග් එක මගේ ජිවිත පොත වෙලා තිබුනා එත් දැන් ලයිෆ් එක ෆුල් සිරා වෙලා. ඒ විතරක් නෙමේ අපි ලියනදේ දකිනවට වඩා මිනිස්සු ලියන දෙයින් අපිව මනින්න පටන් අරන්. නිකන් ගොස්ප් සයිට් එකක් වගේ ඉතින් කොහොමද ලියන්නේ. ඉස්සර මම පිස්සු දුශ් මේ බ්ලොග් එකත් එක්කම වැළලිලා ගිහින්. හිනා යනවා මතක් වෙද්දී හුකිස්. ඒ කාලේ ආයේ එන එකක් නෑ කවුදෝ ඉස්සර දවසක කිව්වා ඔන්න බලකො මෙකි බැන්ද ගමන් පට්ට වෙනස් වෙයි කියල. හැදෙයි කියල. එහෙම උනාද මම මගෙන්ම ඇහුව. දන්නේ නෑ එව්වා මෙහෙම හිතන්න බෑ මට හිතුනා.

වෙලාවකට මම මාව දන්නේ නෑ. එකපාරටම කුණාටුවක් ඇවිත් වගේ මාව අරන් ගියා. එත් අර ගිරව් දෙන්න වගේ නෙමේ කුණාටු ආවම මම පාර හොයන එන්න දනනවා ඉතින් ආයෙත් එනවා ඇවිත් කුරුටුබටි ගාල යනවා. ඉස්සර වගේම තමා මම ලියන්නේ මොනාද දන්නේ නෑ මොනා හරි කොටලා කොටලා යනවා. දැන් ඉස්සර වගේ පාරවල් ගානේ. රස්තියාදු වෙන්න බෑ යාළුවො එන්න කිව්වම දුවගෙන යන්න බෑ ගෙදර ඉන්නවා වැඩිහිටි පොඩි එකෙක් බලාගන්න.

ටිකක් ලියාගෙන යද්දී පොඩි හිනාවක් යනවා මේ දැන් ලිවීමයි කියවීමයි කුඩු ගහනව වගේ නවත්තල ඉන්න බෑ වෙව්ලනවා, ජිවිතේ මොනාහරි මග ඇරිලා කියල හිතෙනවා හප්පා එකත් ලෙඩක් තමා ලෙඩේට බෙහෙත ආයේ ලියමු. මොනාද දන්නේ නෑ එත් හිතට එන දේවල්. 

මේ මගේ දිනපොත ඉස්සරට වඩා ටිකක් සිරා එකක් වෙයි අනිවා ෂුවර්.

ආදරණිය

මම  

Wednesday, February 19, 2014

Facebook සහ මරණය




ෆේස් බුක් හින්ද කට්ටිය සිය දිවි නහගන්නවා කියල ෆේස් බුක් ලංකාවේ තහනම් කරන්න  යනවලු. දැන් එතකොට ඉස්සර ෆේස්බුක් තිබිලද මිනිස්සු බෙල්ලේ වැල දාගත්තේ. ෆේස් බුක් කියල කිසි මගුලක් නැති කාලේ ලංකාව සියදිවි නසාගැනීමේන් ලෝකයේ පලවෙනි තැන උනා. ලංකාවේ දේශපාලකයෝ විතරක් නෙමේ අනික් උන්ටත් පිස්සු. කෙල්ලෙක් වශයෙන් බැලුවොත් ලංකාවේ සමාජයේ කෙල්ලේක්ට කොල්ලෙක්  කිස් එකක් දෙනවා නෑදායෝ දැක්කොත් කියන්නේ උඹ මැරියන් උඹ පවුලට නින්දා කලා කියල. ඒ නිසා මුලින් ඒ ලංකාවේ මේ සදාචාරය හදපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න ඕනි. නින්දාව, අපාහස, විතරක් නෙමේ බඩගින්නවත් පුරුදු කරලා නැති කිසිම හැදියාවක් නැති සමාජයක් අනාගත පරපුරක් දායාද කරලා දීලා තියෙන්නේ මෙවැනි සමාජ අඩවි නොවේ. ගෙදරින්, පාසෙලෙන්. කෝ මහා දැන උගත් ගුරුවරු, දෙමාපියන්, මොවුන් මෙලෙස ගෙල වැලලා ගන්නකම් හෝ තවත් කෙනෙක් තම දරුවාට අපහස කරනකම් කරබාගෙන ඉන්නා කොන්ද පන නැති දෙමාපියන්. නැත හොත් අපිට හමුවන්නේ අවුරුදු 16 ළමයෙක්ට වේසි හෝ බඩුවක් කියන විදුහල්පති කෙනෙක්. මදක් සිතන්න මේ සමාජය කෙල්ලෙක්ව කොච්චර නම් බඩුවක් කර ඇත්ද? නොකළ වැරදි වලට කෙතරම් අපහස කර ඇතිද?

අනික් කරුණ ළමයෙක් සියදිවි හානි කරගන්නකම් මේ ළමයිනේ දෙමාපියන් කොහෙද හිටියේ.? ඒ කියන්නේ තමන්ට ඕනි විදිහට කියන දේ අහන ළමයෙක් හදාගන්න බැරි දෙමාපියන් බහුතරයක්ද ලංකාවේ සිටින්නේ. වෙන්න පුළුවන් දැන් දුවට වඩා අන්ත විදිහට ඇඟ පෙන්න ඇඳුම් ඇඳන් යනවා නම් අම්ම කෙනෙක් කෙසේද දරුවෙක්ට අවවාද දෙන්නේ. පියෙක් බිලා ඇවිත් කුණුහරුප කියල තමන්ගේ දුවව දුෂණය කරනවා නම්. කොහොමද පුතෙක්ට එසේ කරන්න එපා කියන්නේ? එතකොට අර තාත්තා බොන්නේ සමාජශීලි වෙබ් අඩවි නිසාද? අර අම්ම එහෙම අඳින්නේ ෆැෂන් සයිට් බලලද? අපි මේ කථා කරන්නේ මධ්‍යම පාන්තික සමාජයකට. අද අනාගතයක් හදන්න ඉන්නන මිනිස්සු අපිට ඇස් ඉස්සරහ දුෂණය උගන්නවා. එසේම කරලා අනාථ උණු කෙනෙක්ට මැරෙන්න බල කරනවා. සමාජය පිළිගන්න එකක් නෑලු. අපහසයක්ලු මොවුන් එකේ කියන්නේ ඒ කෙල්ල බලෙන් ගිහින් දුෂණය කරපන් මාව කියල කිව්වා වගේ. බහුතර මෙවැනි දේ වෙන්නේ කොළඹ පරිසරයේ නොවේ. කොටට ඇඳුමක් අඳින්න තියා හිතන්නෙත් නැති සමාජයක. අහිංසක මල් කැකුලට එතකොට වැරැද්ද කොතනද?

ෆේස් බුක් සියදිවි නසාගැනීම් යනු අමුතු ආකාරයක දෙයකි මම දැනට අවුරුදු 5 ක් පමණ මෙම සමාජ ශාලා අඩවිය භාවිතා කරන්නෙක් මි. නමුදු ඔය කියන ආකාරයකට මට එලෙසෙ සියදිවි නසාගන්න මෙම අඩවිය අනුභල දී නොමැත. එලෙසම ඒ ආකාරයට මට හැඟිද නොමැත. වරද නම් මෙවන් නින්දත පහත් සමාජයක් දැයට දායාද කරන මිනිස්සුන්ගේය. ප්‍රශනයකට මුහුණ දිය නොහැකි. යන්තම් සන්තම් පොඩි දේට වහ කුප්පියක් සාරියක් හොයාගෙන මැරෙන්න හදන එවුන් අපිට කෙලෙසත් අවශ්‍ය නැත. ලංකාවට අවශ්‍ය වන්නේ දරාගැනීමේ හැකියාව ඇති මිනිස්සු ටිකකි. තවද තමන්ගේ දරුවන් හදාගන්න පුළුවන් දෙමාපියන් ටිකකි. එලෙසම මොලයක් ඇති ගුරුවරු ටිකකි. එහෙත් අපි අවාසනාවන්තයෝ වෙති.

තව එකක් කීමට ඇත අනේ හාමුදුරුවනේ චන්ද ඉල්ලන්න කලින්. එක එක මිනිස්සුන්ට වල කපන්න කලින් ඔය හදාගෙන තියෙන ෆේස් බුක් එකවුන්ට් වලින් බණ ටිකක් කිව්වොත් අපි අහන්නේ නැතිව ඉන්නේ නෑ. මේ සියලු විකාර දැක දැක නොදැක්ක වගේ ඉන්නේ කොහොමද කියල දන්නේ නෑ. එත් මෙවැනි දේ දුෂණය, මත් ද්‍රව්‍ය මේ ඔබ වහන්සේලාට නැවත්විය හැකිදේ. ඔබ වහන්සේලා මෙවාදී මුනිවත රකින්නේ ඇයි කියා ඔබ වහන්සේලාම තමා දන්නේ. 




Saturday, January 4, 2014

අනේ මන්ද



ඇත්ත තිත්තයි වෙලාවකට 
දුරයි හිතාගන්න බැරි තරමට 
දුකයි ඉකි ගගහා අඩන මොහොතකම 
එත් ජිවිතේ මේ වගෙයි නොකිව්වට 

ඔබ දිහා බලාගෙන 
හිනාවකින් සරසාගෙන 
කිසිත් නොවුණු විලාසෙට 
කොහොම නම් ඉන්නද මේ ලෙස




Wednesday, November 13, 2013

For You- ඔබ වෙනුවෙන්ම ඔබත් එක්ක





එක දවසක්,
ලස්සන හැන්දෑවක් 
කොහේදෝ යන රස්තියාදුකාරයෙක් 
ඇවිත් 
අවුල් කල ජිවිතයක්,

I wish if that hug never happened,
I wish If I never knew you,
I wonder
Why did u crossed my road in a middle of a life puzzle





Thursday, October 24, 2013

Love that never was mine - මට මගේ නොවෙන මගේම ආදරයක් තිබුනා





ඒ නොදැක්ක ආදරය,
නොවින්ද සෙනෙහස,
මට තාමත් කඳුළු ගේනව,

එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............

That unseen love,
That untouched feeling,
Makes me cry today even,

I love you still just like old days ........

Sunday, January 20, 2013

අනුන් වෙනුවෙන් මොහොතක් ජිවත් වෙමු




අද මම ගියා කොළඹ වටේ පොඩි රවුමක් ඒ රවුම පටන් ගන්නේ කොළඹ තියෙන ඉස්සර ආශා සෙන්ට්‍රල් කියල තිබුන දැන් ආමි හොස්පිටල් කියල තියෙන එකෙන්. එතනට ගියාම දැනේනේ අමුතුම හැඟීමක්. මම ගියපු තැනම පිරිමි කෙනෙක් හිටිය එයාට හෙල්ලෙනවත් බැහැ එයාගේ හැම වැඩක්ම කරන්නේ එතන බෙහෙත් දාන්න ඉන්න අය. මෙහෙම  තුවාල වෙලා කාත් කවුරුවත් නැතිව තනියම දුක් විඳින්නේ අපි වෙනුවෙන් එදා රට බේරගන්න යුද්ධෙට ගිහිං ජිවිතේ කැප කරපු තරුණ ජිවිත. අද ඒ ගොල්ලෝ ඉස්පිරිතාලේ ඇඳක තනියම කෙඳිරි ගානවා තනියම සුසුම් හෙලනවා එත් ඒගොල්ලොන්ගේ හිතේ මුණේ වචන වලවත් කිසිම පැමිණිල්ලක සේයාවක් නැහැ. ඒ දුක ඒ අසරණකම ඒ ගොල්ලොන්ට වඩා අපේ හිතට දැනෙනවා අපේ ඇස වලට කඳුළු නැගෙනවා. ඒ එඩිතර නොසැලෙන ශක්තිය හින්ද. ඒ විතරක් නෙමෙයි. ඒ අපිට පේන්න ලෙඩ තියෙන අය තවත් කොටසක් ඉන්නවා ඒ ගොල්ලන්ට එලියට පෙන්න කිසිම ලෙඩක් නැහැ අපි වගේම ඇවිදලා සාමාන්‍ය විදිහට ඉන්නවා එත් ඒගොල්ලෝ කියන්න බැරි එහෙම නැත්තම් යුද්ධයෙ අතුරු ප්‍රථිපල විඳින කොටසක් ඇඟ ඇතුලෙන් එහෙම එහෙමත් නැත්තම් පිටතට නොපෙනෙන ලෙඩකින් දුක් විඳින අය. මේ ගොඩක් අයගේ නෑදැයෝ ගෙවල් කොළඹ අවට අය නෙමේ. මේ ඉන්න ගොඩක් තරුණ ජිවිත ඈත දුෂ්කර ගම් පළාත් වල ජිවිතේ ගැට ගහ ගන්න එදා වේල හොයා ගන්න විදිහක් නැති කමට හමුදාවට එකතු වුන අය. එත් ඔවුන් එදා ඒ ජිවිත කැප කිරීම මොන හේතුව මත කුමණ විදිහට මව්බිම ආරක්ෂා කරන්න යුද්ධයට එකතු උනත් අද ඔවුන් මේ ගෙවන්නේ අපි ජිවත් කරවන්න රට වෙනුවෙන් කල ජිවිත පරිත්‍යාගය. අපි ඔවුන්ට සදා ණයගැතියි හිතින් සිතිවිලි වලින් නෙමේ අපි මේ කන බොන අඳින හැම දෙයකින්ම අපි ගෙවන්නේ ඔවුන් අපි වෙනුවට හිලව් කරපු ජීවිතයි. රට වෙනුවෙන් දිවි පිදු සියලු දුක්කම් කටොලු ඉසිලු විරුවාණෙනි අපි ඔබට සදා ණයගැතියි.  

ඊට පස්සේ මම එතනින් එන්නේ කොළඹ 7 ට හරියටම විනාඩි 20 ක් වගේ පාරේ හිටගෙන හිටිය වෙන මුකුත් නිසා නෙමේ හිත පොඩ්ඩක් හදාගන්න. කොළඹ 7 කිසිම අඩුපාඩුවක් නැති මිහිපිට සුරපුරය මම ඒ හිටිය විනාඩි 7 ඇතුලත BMW, BENZ, LAND ROVER, RANGE ROVER, HONDA, NISSAN, AUDI මේ කියන වාහාන ජාති එක ජාතියකින් 2 කට වඩා මාව පහුකර ගෙන ගියා. වෙනදට වාහන පිස්සෙක් උන මට අද ඒ කිසිම එකක් කෙරෙහි ඇලමකට වඩා කළකිරීමක් ඇති උනා අද ඒ අදහස කේන්තියට හා මිශ්‍ර වුවක් “ අද උඹලා  මෙහෙම ඉගිල්ලෙන්නේ මේ උඹලා උජාරුවට පහුකර ගෙන යන අර අහිංසක මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න” ඔය ගිය හැම වාහනයකම වටිනාකම ලක්ෂ 25 වඩා වැඩි එත් ඒ මිනිස්සු එක ලක්ෂයක් තමන්ගේ රට වෙනුවෙන් වියදම් කරලා තියේද? මේ වගේ හමුදාවට නැත්තම් අසරණ මිනිස්සුන්ට වියදම් කරලා තියෙනවද? නැහැ එත් කවමදාක හරි මරණ බිය උඹලටත් දැනේවි අන්න එදාට, ජිවිතේ වාරු නැති දවසට ඔය රජ සැප විඳින ධනපති පන්තියත් මේ දුක විඳින ජිවිතය ගැට ගහගන්න අපිත් යන්නේ එකම තැනට විඳින්නේ එකම වේදනාව. 

ඊට පස්සේ මම ඇවිදින්න ගත්ත ටවුන් හෝල් එක පැත්තට නගර සභාවේ වැට කඩල මිනිස්සු ඒ වැඩ මම  ඒ පාර දිගේ ඇවිදගෙන ගියා ගොඩක් වයසක මනුස්සයෙක් ඒ පාරේම තියාගෙන බත් වේල විඳිනවා ඒ කාෂ්ටක අව්වේ වැඩ බිමේ ලැබුණු කෑම පාර්සලේ අරන් ගිහිං කන්න තැනක් නැහැ ඒ මනුස්සයට ඉතිං ඒ මනුස්සය එතනම බිම තියාගෙන කුසගින්න නිවාගන්නවා උදේටත් දවල්ටත් කිසිම දෙයක් නොකා හිටිය මට කන්න කියල එතන තිබ්බ ලඟම තිබ්බ කඩේට රිංගන්න හිතුනේ නැහැ මට. මිනිස්සු රට සංවර්ධනය කරනවලු එත් මේකද ලෝකේ කියන සංවර්ධනය මම මගෙන්ම ඇහුවා. එතනම තියෙන්නේ ලංකාවේ ඉන්න ධනපති පන්තියේ මාළිගා ටික කෝටි ගණනක් වියදම් කරලා හදපු නෙළුම් පොකුණ එත් ඊටම එහා පැත්තේ ජිවිතේ ගැට ගහන්න දුක් විඳින මිනිස්සු. රටක සංවර්ධනය මනිනේ ඒ රටේ තියෙන අලුත් ගොඩනැගිලි ගණන වාහන ගණනින් නම් අද ලංකාව සංවර්ධිත රටක්.  එත් රටක් සංවර්ධනය වෙලා වැඩක් නැහැ මිනිස්සුන්ට එදා වේල කන්න රුපියල් 100 බැරි නම්. හාල් පොල් ටික ගන්න ඒක පුද්ගල අදායම භාණ්ඩ මිලට සමානුපාතික නොවේ නම්. මේ දුක් විඳින මිනිස්සු අද තමන්ගේ ජිවිතේ වෙනුවෙන් එක වේලක් වෙනුවෙන් තමන් සතු සියලු දේ විකුණයි මේ ජිවිතයේ තවත් එකම එක පැත්තක්.
ඊට පස්සේ නවලෝකෙට ගිහිං එතනින් මම බස් එකේ නැග්ගා. නැගල හිමින් හිමින් ආවේ බම්බලපිටියට හරියටම ඩයලොග් එක ගාවදි මගේ ඇස ගැටුනේ තවත් හිතට දුක හිතෙන දෙයක් මේ ඔය හරියේ ගස් යට ඉන්නවා Electric Badminton වගේ තව පොඩි පොඩි 100 කෑලි ටිකක් තියාගෙන ඉන්න ළමයි අව්වට පිච්චිලා පිච්චිලා ඒ ළමයින්ගේ හම කළු පාට වෙලා. මම හිතන්නේ දවසෙම ඔය ළමයි ඉන්නේ එතන ඒ ගොල්ලන්ට දවසට මෙපමණ ගානක් හොයන්න කියල වෙලා තියෙන්නේ මෙතන හිටිය ගැහැණු ළමයෙක් කාර් එකක් නවත්තල එත් එයා ගාව හිටිය වෙන කොල්ලෙක් ඒ ගෑණු ළමයාගේ සෙල් එකට බැහැල මේ ගෑණු ළමයා පැත්තකට වෙලා තව කෙනෙක්ට මේක කියා කියා අඬනව. සමහරවිට ඒ එයාගේ මුළු දවසෙම සෙල් එක වෙන්න ඇති. ජිවත් කරවන්න පවුලක් නංගිලා මල්ලිලා ඇති තරුණ ගැහැණු ළමයෙක් විදිහට එයාට උවමනාව තිබ්බ නම් සල්ලි හම්බ කරන්න වෙන ඕන තරම් ක්‍රම එයාට තියෙනවා එත් හිතට එකඟව ආත්ම අභිමානයෙන් ජිවිතේ ගැටගහ ගන්න එයාව පාගලා දාන්නත් අය ඉන්නවා ජිවිතේ අන්තෙට වැටිලා ඉන්න මිනිස්සුන්ට උනත් උඩට යන්න දෙන්නේ නැති ජීවතේ වැටෙන්න තැනක් නැති මිනිහෙක්ට උනත් සමහර වෙලාවට ජිවිතේ රිද්දනවා එක මේ ලොකු ලොකු කාර් වල ගිහිං ඔෆිස් වල සාධාරණව වැඩ කරන ඔබටයි මටයි පාරේ වෙළඳාම් කරන ඒ ගැහැණු ළමයටයි කියල වෙනසක් නැහැ. කළකිරීල වැඩක් නැහැ කරන්න තියෙන්නේ උපේක්ෂාවෙන් බලා සිටීම පමණයි මොකද හැම කෙනාම කවද හෝ ජිවිතේ විඳවන්න වෙන නිසා.

මම ඔහොමම බස් එකේ ආව හිතන්න ගොඩක් දේවල් තිබ්බ  දවල්ට කොහෙන්වත් නොකා ගෙදර ආව බඩගින්නට වඩා තිබුනේ කලකිරුණු හිතක් අනේ මට ඇති හැටියට මේ දුක් විඳින මින්ස්සුන්ට යමක් කරන්න ඇත්නම්. මම කොච්චර නම් මට නොලැබුණ නැති උන දුක් වෙනවද එත් අද මම ඒ මිනිස්සු විඳින දුක් විඳින්නේ නැහැ. අද මට එකම එක දෙයක් තේරුණා මම රජයට දේශපාලුවන්ට හෝ මගේ වටේ ඉන්න මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ මම විසින් මම ඉගෙන ගත්ත මගේ රටට, ජාතියට, ආගමට, සමාජයට කිසිම දෙයක් කරලා නැහැ සමහරවිට කරනත් බැරි වෙයි එත් මම මගෙන් වෙන්න ඕනි වගකීම් කොටස ඉෂ්ට කරන්න ඕනි එක වේලක් කන්න බැරි මනුස්සයෙක් වෙනුවෙන් එකම එක පාඩම් පොතක් ගන්න බැරි ළමයෙක් වෙනුවෙන් අලුත් ඇඳුමක් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන් මට ඇති විදිහට මම දෙනවා මම ජිවිතේ දුක් විඳින මිනිස්සු එක්ක ඒ දුක පොඩ්ඩක් බෙදා ගන්නවා. මට ලොවක් හෝ රටක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ එහෙත් මට මා වෙනස් කිරීමට අවශ්‍යයි. අනුන් වෙනුවෙනුත් යමක් කිරීමට ජිවිතේ කිසියම් මොහොතක් යම්කිසි වෙලාවක් වෙන් කරමි.