Wednesday, November 28, 2012

මේ එකම එක ඇත්තම කතාවක්- අපි ආයෙමත්




ජිවිතේ මහා දුකම දවස් ටිකක් උදා උනා මම ගොඩක්ම ආදරය කරපු කෙනා අවුරුදු හතරකට පස්සේ මගේ ජිවිතේන් මාව දාල යන්න ගියා වෙන කෙනෙක් එක්ක එත් මන් හිතුව එයාට මාව අමතක කරන්න බැරි වෙයි කියල. එත් එයා අම්මලට විරුද්ධව යන්න බැහැ කියල ගොඩක් මහා ජාති කියල ගියා එත් එයා වෙනුවෙන් තිබ්බ ආදරේ මගේ ජිවිතේ නාස්ති වෙච්ච කාලේ ඒ ආදරේ මාව දාලා ගියා කියන මහා මුසල සිතිවිල්ල මාව පන පිටින් මරල දැම්ම මාව එපා කියල අයින් කරපු කෙනා නිසා මන් එදත් ඇඩුව කෑ ගගහා ඇඩුව පාරේ බස් එකේ රැයවල් එතනින් එහා මං වෙනස් උනා මාව නැති කරගන්න මාව නාස්ති වෙන්න කරන්න පුළුවන් හැමදේම කළා එත් ඒ කිසි දෙයකට මාව වෙනස් කරන්න බැරි උනා. කෙනෙක්ගේ අවුරුදු ඉවිතේ අවුරුදු හතරක් කැපකරන්න ඕනි හැමදේම කරලා බලන් හිටියේ එයාගේ වෙන්න එත් එයා වෙන කෙන්ක්ගේ මේ තරම් දුකක් හිතේ තියෙද්දී වෙන්න පුළුවන් මොනවද ඒ හිස් තැන පුරවන්න වෙන දේවල් ලං කරගන්න හැදුව ඔහොම ජිවිතේ ගෙවිල ගියා වෙනද වගේම එත් මේ හැමදේම දිහා කිව්වා වගේම තව කෙනෙක් බලාගෙන හිටිය එයාට මේ දේවල් බලන් ඉන්න බැරි වෙන්න ඇති. අවසානයේ අයෙමත් දවසක් රොහාන් මට කථා කළා ඉස්සර දවසක වගේම ඔෆිස් එක ගාවට ඇවිත් උදේ 8.30 එදා මං පාරේ අවෙත් අඩ අඩ සමහරවිට එයත් දකින්න ඇති මන් කිසිම කතාවක් නැතිව ගිහින් කාර් එකෙන් වාඩි උනා. මගේ ජීවිතය විශ්වාස කරපු එකම කෙනා රොහාන් මට රොහාන්ව එච්චරටම විශ්වාසයි මන් කාර් එකෙන් වාඩි උන වෙලේ ඉඳන් කඳුළු හෝ ගාලා වැටුන දුෂි අඬන්න එපා මන් කවුරුත් අඩනවට කැමති නැහැ කියල රොහාන් මාව අඩන එක නැවැත්තුව. අපි බම්බලපිටියේ බැරිස්ට එකට ගිහිං හිටිය මේ වෙද්දීත් මට කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ. රොහාන් මගේ දුක අයින් කරන්න ගොඩක් වෙලා කතාකලා හැමදේම රොහාන් මගේ හිත ගොඩක් හැදුව රොහාන් මාව පොරොන්දු කර ගත්ත ගිය කෙනෙක් වෙනුවෙන් අඬන්නේ නැහැ කියල. මට කා එක්කවත් තරහ වෙලා ඉන්න බැහැ එක හින්දම අපි දෙන්නම යාළුවො උනා එයා දැනගත්ත මේ වෙලාවේ මට එයාව ගොඩක් ඕනි කියල. ඒ වගේම රොහාන් අයෙත් මගේ ජීවිතේට ආව ඒ යාලුවෙක් විදිහටම විතරයි ඒ වගේම මමත් අමතක කලේ නැහැ එයාට කෙනෙක් එයාගේ ජිවිතේ ඉන්නවා කියල. එත් අපි ඉස්සර තරම් ලඟින් ආශ්‍රය කරේ නැහැ එත් රොහාන් මට නපුරු වෙන එක නවත්තල මට ජීවිතේට ඉගෙන ගන්න ගොඩක් දේවල් කියල දුන්න. මං මැරෙන්න හේතු හොයද්දි එයා ජිවත් වෙන හැටි කියල දුන්න. එයා හැම වෙලේම කිව්වා දුෂි ඔයාට කොල්ලෙක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ ඔයා හොඳ කෙල්ලෙක් ඔයාට ඕනෑවටත් වඩා හොඳ හිතක් තියෙනවා නිසා ඉන්න ජිවත් වෙන්න ඔයාගේ ආදරේ කවදහරි හම්බ වෙයි කියල. එහෙම හිත හදා ගන්න මගේ ලඟින් හිටිය එත් අවුරුදු හතරක් කෙනෙක් වෙනුවෙන් බලා ඉඳපු මට එයාව එහෙම අමතක කරන්න බැරි උනා පිච්චෙනවා කියල දැන දැන මම ඒ ගින්දරටම ලං වෙන්නේ හැදුව ඒ මගේ මෝඩකම

මේ දවස් වල අයෙත් රොහාන් පංති පටන් ගන්නේ කවද්ද කියල ඇහුව එයා ආයෙත් ප්‍රැක්ටිකල් එන්න පටන් ගත්ත ආයෙත් අපි දෙන්න පරණ යාලුවෝම උනා එත් ඉස්සර වගේ එයාගේ හිතේ මම ගැන ලොකු අදහසක් තිබ්බේ නැහැ. එත් රොහාන් වැඩ ඇරිලා එනවා නම් මාවත් අඩ ගහ ගෙන එනවා ඒ එයාගේ හැටි මොකද එයා දැනගෙන හිටිය මං කලුවරටයි ඒ වෙලාවේ බස් එකේ යන්නයි හරි බයයි කියල එක දවසක් රොහාන් කතා කරා මට දුෂි කොහෙද ඉන්නේ ? මම ගෙදර කියල කිව්වා එයා කිව්වා දුෂි කොහෙද ඉන්නේ කියල මම කිව්වා මන් ඉන්නේ ගෙදර කියල ඊට පස්සේ එයා කොල්ලුපිටියේ ඉඳන් ගේ ගාවට එනකම් මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ආව. ඇවිත් ගේ ගාවට ආවට පස්සේ කිව්වා දුෂි මන් ගේ ඉස්සරහ ඉන්නේ එලියට පොඩ්ඩක් එන්නේ කියල මම උද තට්ටුවෙන් බැලුවම එයා මට බායි කියල ගියා. මෙහෙම හැමදාම කතා කරන්න SMS කරන්න පරණ විදිහටම උනා රොහාන්ට එයාගේ ජිවිතේ කෙනෙක් ඉන්නවා. එත් ඒක කොච්චර ඇත්තද බොරුද කියන්න මන් දන්නේ නැහැ. ඒ වගේමයි මේ දවස් වල මගේ ජීවිතේටත් හිතුවක්කරයෙක් ආව එයා ගැන හැමෝම දන්නවා. ඒ ගැන රොහාන්ට මුකුත් කියන්න කල් වැඩි උනා එත් රොහාන් දැන්ගෙන හිටිය ඒ වෙද්දී හිතුවක්කාරය කිව්වෙත් එයා කාටවත් ආදරේ කරන්නේ නැහැ කියල. එත් රොහාන් ගොඩාක් සතුටු උනා අන්තිමට මට කොල්ලෙක් හම්බ උනා කියල එත් එයා මං ගැන හොයන එක නැවැත්තුවේ නැහැ. හිතුවක්කරයත් රොහාන් ගැන දැනගෙන හිටිය එක දවසක් රොහාන් එක පාරටම කිව්වා එයා ගානේ දවල් කෑමට යන්න එන්න කියල එදා මම ඔෆිස් එකෙන් පැයක් ඉල්ලන් එලියට ගියා එදා අපි ගිහින් වැල්ලවත්තේ යාල් එකෙන් කෑවා. එයා එහෙම කද්දී කෑම වල සැරට මම හොටු පෙර පෙර කද්දී හිනා උනා අපෝ ඔයා ලංකාවේ ඉඳලත් සැර කන්න බැහැනේ කියල. එයාට Virtusa එකේ අය හොඳ වචන කියල කුණුහරුප කියලා දීලත් තිබ්බ. එදා මට විහිලු කරා ඔයා ඔය සැර කාල දැන් හෙට පොල් බිඳිනවා වගේ පඩ යවයි ඔයාගේ කාමරේ ඉඳන් අපේ ගෙදරටත් ඇහෙයි කියල.  අපි දෙන්න එහෙම පිස්සු නට නට ඉන්නකොට රොහාන් එක පාරටම මගේ ඇස් දෙක දිහා බලාගෙන පොද්ද්ක ඉස්සිලා මගේ කොන්ඩේ තිබ්බ මොනවද අයින් කරා මට වෙච්ච දේ හිතා ගන්න බැරිව මන් රොහාන් දිහාම බලන් හිටිය. එනකොට රොහාන් කිව්වා “ Dushi There is something about you” කියල ගියා මම අපහු ඔෆිස් එකට එද්දී  මන් රොහාන්ගේ කාර් එකට නගිනකොට මැනේජර් බලාගෙන ඉඳල මුළු ඔෆිස් එකම ගිනි තියල
ආයෙත් මැනේජර් මට කතා කරලා කිව්වේ දැන්වත් ඔය කොල්ලට හා කියන්න කියල මොනවා හා කියන්නද මං වෙන කෙනෙක්ට ආදරේ කරනවා එයාටත් වෙන කෙල්ලෙක් ඉන්නවා අනික එයා කවදාවත් මගෙන් එහෙම දෙයක් අහලත් නැහැ කියල. එත් රොහාන් මට ගොඩක් ලං උනා යාලුවෙක් විදිහට. රොහාන් ආයේ දෙසැම්බර් නිවාඩුවට ඕස්ට්‍රේලියා වලට ගියා ගිහින් සති තුනකට විතර පස්සේ ඇවිත් කිව්වා එයා ජනවාරි වල අයෙත් එහෙ යනවා ජොබ් එකක් හම්බ උනා කියල එදා මගෙන් රොහාන් ටියුට් ඔක්කොමත් සොෆ්ට් කොපි ටික දෙන්න කියල ඉල්ලුව. තව එයා කිව්වා යන්න කලින් එයාගේ course එක ඉවර කරන්න ඕනි කියල අලුත් බැජ් එකට එකතු උනා. මගේම වෙලාවට මමත් ඒ බැජ් එකේම එකතු වෙලා හිටිය course එක කරන්න. එක දවසක් ඉරිදා රෑකැ රොහාන් මට කතා කළා මන් රෝහාන්ගෙන් ඇහුව ඇයි කියල එයා කිව්වා දුෂ් මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනි කියල මම කියන්න කියල කිව්වා එයා කිව්වා මං යන්න කලින් මට එක පාරක් ඔයා ඔසරිය ඇඳලා ඉන්නවා බලන්න ආසයි මන් වෙනුවෙන් එක දවසක් අඳින්න පුලුවන්ද කියල රොහාන් ඒ අහපු විදිහට මට රොහාන්ට බැහැ කියන්න බැහැ රොහාන් මට ගොඩක් උදව් කරලා තියෙනවා. මගේ හොඳම යාළුවා පස්සේ මන් කිව්වා මට ඕක ඇඳන් හවසට ගෙදර යන්න අමාරුයි කියල බස් එකේ. මොකද ගොඩක් දවස් වලට මම හිතුවක්කාරය හම්බ වෙලා තමා ගෙදර යන්නේ රෑ වෙන නිසා. අනික මගේ ජීවිතෙත් කෙනෙක් ඉන්න නිසා රොහාන් එක්ක ගෙදර එන එකත් ගොඩක් අඩු කරලා තිබ්බ. එතකොට රොහාන් කිව්වා ඔයා ඔසරිය අඳිනවා නම් කියන්න මන් ගෙදරට ගෙනත් දාන්නම් කියල පස්සේ මම එදා ඔෆිස් එකට කාලෙකට පස්සේ ඔසරිය ඇඳන් ගියා.   

Sunday, November 25, 2012

මේ එකම එක ඇත්තම කතාවක්






රොහාන් මට චැට් එකෙන් ඇහුව දුෂි ඔයාගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියල මන් කිව්වා තියෙන තැන එයා කිව්වා එයා මගේ ගෙවල් පාරේ ගෙයක් කුලියට ගත්ත කියල විස්තර අහද්දී මන් දැන් ගත්තේ රොහාන් අපේ ගෙදර එහා පැත්තේ ගෙදර කුලියට අරන් තියෙන්නේ කියල මට වෙන්නේ මොනවද කියල හිතාගන්න බැරි උනා කොච්චර මාව අයින් කරන මට එයාගෙන් ඈත් වෙන්න කියල කියන කෙනා මොකටද මගේ ගෙදර එහා පැත්තේ ගෙදරට එන්නේ මේක අහම්බෙන් වෙන දෙයක්ද නැත්තම් ඇත්තටම මෙයා මගේ පස්සෙන් එනවද කියල මට හිතුන එයා මන් ඉන්න තැන දැනගෙන මේ දේ කරනවා කියල මගේ මැනේජර් පවා කිව්වා තව කිව්වා එයා අළුතෙන්ම කාර් එකක් ගත්ත කියල මන් කිව්වා මන් කැමතිම Honda CIVIC RS 2004 Edition එකකට කියල එයා හිනාවෙලා කිව්වා එයා ගාව තියෙන්නෙත් ඒ ජාතියේම කාර් එකක් කියල එහෙම කිය කියා හිටපු රොහාන් එක පාරටම මේ මං ඔයාට කථා කරන අන්තිම පාර කියල චැට් එකෙන් මාව අයින් කළා.

මේ වෙද්දීත් මට රොහාන් හරිම කුතුහලයක් වෙලා හිටියේ එයාට මාව එපා නම් එයා ඇයි මගේ ගෙදරට එහා පැත්තේ ගෙදරට කුලියට ආවේ? මාව දුරින් ඉඳන් ආරක්ෂා කරන්නද? ලං වෙන්න බැරි මගේ දිහා දුරින් ඉඳන් බලන්නද මට මේ මුකුත් තේරුනේ නැහැ. එත් සතියක් විතර යද්දී මට තේරුණා මට රොහාන් නැතිව ගොඩක් පාළුයි කියල ඒ හැම වෙලාවකම මම අන්ජානා අන්ජානි ෆිල්ම් එකේ සිංදුව අහ අහ හයියෙන් ඇඩුව

 මගේ කාමරේ තිබ්බේ රොහාන්ගේ ගෙදරට මුණ දාල මහා රෑ වෙනකම් සමහර දවස් වල ඒ දිහා බලාගෙන  හිටිය ගොඩක් දවස් වලට මමයි රෝහානුයි වැඩට යන්න එලියට යන්නේ එකම වෙලාවට ඒ වෙලාවට එයා මාව දැක්කේ නැහැ වගේ පහුකරගෙන ගියා. මම හැමදාම සෙනසුරාදට ගෙදර එන්නේ 1.30 වගේ වෙලාවට කියල රොහාන් දැනගෙන හිටයා මම ගොඩක් වෙලාවට එනකොට එයාගේ කාර් එක එළියේ මන් එයාව දැක්කත් දැක්කේ නැති ගානට ඉන්නවා එයත් එහෙමයි මම එයාව එහෙම දැක්කම මගේ මුළු ඇඟම කරන්ට් එකක් ගිහින් පන නැති වෙන්න එනවා මට දිය තියා ගන්න බැරි තරමට මාව දුර්වල වෙන්ව ඒ මීටර් 10 15 ඇවිද ගන්න බැරිව මම වැටෙයි කියලත් හිතුන වාර අනන්තයි. එත් රොහාන් එහෙම කිසිම වෙනසක් දැක්කේ නැහැ එත් එකම එක දවසක් මම සුදු පාට රෙද්දේ නිල් පාට මල් මල් වැටිච්ච කොට ගවුමක් ඇඳලා සයිඩ් බෑග් එකක් දාගෙන යද්දී රොහාන් එයාගේ වත්තට කාර් එක නොදා මන් යන හැටි බලන් හිටිය එදා මම එයා දිහා බලලා බිම බලාගෙන ගියා මං ගෙදර උඩ තට්ටුවට් ගිහින් බැලුවත් රොහාන් අපේ ගේ දිහා බලන් හිටිය මිසක් කාර් එක පාරෙන් අයින් කලේ නැහැ. ඊට පයකට විතර පස්සේ මට මැසේජ් එකක් ආව ඒ රොහාන්ගෙන් ඔච්චර දුකින් ඉන්න එපා කියල තව මොනවද කියල තිබ්බ එත් ඒ එදා විතරයි. මේ දවස් වල මං හිටියේ ගොඩක් දුකෙන් ඒ හේතුව කියා ගන්න බැරි දෙයක් කෙනෙක්ට ආදරේ කරන හින්ද ඒ කෙනා වෙනුවෙන් අවුරුදු හතරක් බලන් ඉඳල එයාගේ ඒ හා සමාන කාලයක් එයාගේ බොරු හින්ද අඩලා මේ අදර කථාවට තිත තියන්න ඕනි කියල හිතපු කාලේ අපි මිනිස්සුන්ට ආදරේ කරන්න ඕනි අසීමිතව ඒ අසීමිත ආදරේ වෙනස් වෙන්නේ නැහැ කියන මතයේ හිටපු මට උනේ ලැබුනේ රැවටීම විතරයි. මේ කොල්ලුපිටිය ගල්කිස්ස පාරේ ඕනි තරම් කඳුළු වැටෙන්න ඇති ඒ හැමදේම නිසා මම හැමදාම වෙන කෙනෙක්ට මගේ ජීවිතේට එන්න දුන්නේ නැහැ රොහාන් වගේ සෙල්ලක්කාර සල්ලිකාර කොල්ලෙක්ට කවදාවත් ආදරේ ඇත්ත දුක කෙනෙක්ට ඇත්තටම ආදරේ කරලා ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්නව කියන එක තේරුනේ නැහැ එත් යාලුවෙක් විදහට මට රොහාන් නැති අඩුව හොඳටම දැනුන. එක දවසක් ගේ මුල්ලටම වෙලා ඉන්නකොට අම්ම මට කඩේ යන්න කතාකලා ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතිව එන්න කියල එදා එහෙම කඩේට ගිහින් බදු ගනිද්දී මට රොහාන්ගෙන් මිස් කෝල් එකක් ආව එතකොටම මම බලද්දී තව කඩේක කෙනෙක් මගේ දිහා බලන් ඉන්න චයාවක් දැක්ක ඒ රෝහාන්මයි කියල මන් දන්නවා. එයාව අමතක කරන්න හදන හැම වෙලාවේම එයා මගේ ඉස්සරහට ඇවිත් එයාව අමතක නොවෙන්න මොනවහරි කරලා යනවා කියල මට හිතුන.

එත් එක පාරක් රිදිච්ච හිත අයේ රිද්දන ඕනි උනේ නැහැ අනික රොහාන්ට කෙල්ලෙක් ඉන්නවා නම් මේ දේවල් මට කරන්නේ ඇයි කියල හිතුන. ඊට පහුවෙනිදා මම ඔෆිස් එකට ගිහින් රොහාන්ට මේල් එකක් දාල ඇහුව ඇයි ඊයේ මට කතාකලේ කියල එතකොට එය කිව්වා නැහැ එයා කතා කලේ නැහැ එයාගේ නෑදෑකෙනෙක් එයාගේ ෆෝන් එක අරන් ඩයල් කරලා කියල. ඒ වෙලේ මන් කිව්වා මට වද දෙන්න එපා කරුණ කරලා මගේ නම්බර් එක අයින් කරන්න මට මිස් කෝල් ගහන්නවත් මට කෝල් කරනවත් එපා කියල. මන් ඒ වෙලාවේ ආත්මාර්ථකාමී වෙන්න ඇති එත් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ මට ආයේ අඬන්න ඕනි උනෙත් නැහැ. පස්සේ හිමින් හිමින් කාලේ ඔය විදිහට ගත වෙලා ගියා එකම බස් එකේ කවදාවත් දැකල නැති දෙන්නෙක් වගේ අපි වෙනස් පාරවල් වල ගියා. එහා පැත්තේ ගෙදර ඉඳලත් මම එයාව හිමින් හිමින් අමතක කරලා දැම්ම නැත්තම් උත්සහ කරා කියල කිව්වොත් හරි කාලය ගෙවිල ගියා වෙනද වගේම මාස හතරක් විතර එකම එක දවසක් මම රොහාන්ට කථා කළා ඒ වෙලේ මට ගොඩක් හයියෙන් අඩුන ඒ වෙලේ රොහාන් කිව්වේ දුෂි මට ඔයා අඩනවා බලන්න බැහැ මන් ඉක්මනටම ඔයාව හම්බ වෙන්නේ එන්නම් කියල. මට ගොඩක් දුක හිතුනම රොහාන්ව ගොඩක් මතක් වෙන්ව ඒ වෙලාවෙත් උනේ එකමයි.
එදා කථාකරලා මාසෙකට විතර පස්සේ රොහාන් එක දවසක් උදේ 8.30 වගේ මට කෝල් කළා කරලා දැන් ලිෆ්ට් එකට නගින්නේ නැතිව අපහු හැරෙන්න කිව්වා මන් ඇහුව ඇයි ඒ කියල මන් එහෙම හැරිලා බලද්දී රොහාන් කාර් එකත් තියාගෙන ඔෆිස් එකේ ගේට්ටුව ගාව හිටිය එයා කිව්වා පොඩ්ඩක් කතා කරන්න ඕනි හින්ද කාර් එකට නගින්න කියල. ඊට පස්සේ අපි Urban Kitchen ගිහින් ගොඩක් වෙලා කතා කර කර හිටිය. රොහාන් මන් කරන හැමදේම දන්නවා එයා මට කිව්වේ නරක වෙන්න එපා ඔයා හරිම අහිංසක කෙල්ලෙක් වෙන කාටවත් රිද්දන්න බැරි වෙන්න කියල ඔයා ඔයාටම රිද්දගන්න වැඩ කරන්න එපා කියල කිව්ව් ඒ විතරක් නෙමේ එයා මට හොඳටම බැන්න එයා මාව එයාගේ ජීවිතෙන් අයින් කලේ මන් හොඳට ඉන්නවා දකින්න ඕනි හින්ද එත් අන්තිමට මම හිටියට වඩා නරක වෙලා කියල. එහෙම බැනල බැනල රොහාන් ගෙදරට බදඩු ගන්න ඕනි කියල මාත් එක්ක ආර්පිකෝ එකටත් ගියා ඒ වෙලේ රොහාන් මන් දිහා බලන් ඉඳල මගේ කොන්ඩේ කපට තියෙන විදිහ ලස්සනයි කියල කිව්වා එදා මාව ඔෆිස් එක ගාවින් දාපු රොහාන් මන් කාර් එකෙන් බහිද්දී අඩ අඩ හිටිය හින්ද ඔලුවත් වැද්ද ගත්ත එයා හැම දේම බලාගෙන ඉඳල වෙනද වගේම මාව අඩවල එයා ගියා. එදත් මම ලිෆ්ට් එකට වෙලා ගොඩක් අඩල ගෙදර ගියා එදායින් පස්සේ මට රොහාන්ට කතා කරන්න ඕනි උනේ නැහැ.

හැමදාම වගේ උරුම වෙච්ච තනිකම හොඳයි කියල මම හිත හදාගෙන ඉන්න හැදුව.

Thursday, November 22, 2012

මේ එකම එක ඇත්තම කතාවක් - තව දුරයි






එත් මං හිතුව වගේම රොහාන්ට මාත් එක්ක කතා කරන්නේ නැතිව ඉන්න බැරි උනා කොච්චර මගෙන් අයින් වෙන්න හැදුවත් එයා හැමදාම මට චැට් කරා කතා කරා ඒ හැමවෙලේම කිව්වෙත් දුෂි මට මගේ ගර්ලව රවට්ටන්න බැහැ එත් මට ඔයා සතුටින් ඉන්නවා බලන්න ඕනි කියල ඔයා හරිම හොඳ ගෑණු ළමයෙක් ඔයාට නරක කොල්ලෙක් හරි යන්නේ නැහැ කියල වෙන්න ඇති එත් රොහාන්ගේ ජිවිතේ වෙන කෙනෙක් ඉන්නවා නම් එයා මං ගැන මෙහෙම හිතන්නේ ඇයි කියන එක මට හිතා ගන්න බැරි උනා එත් එක දවසක් එය ඇත්තටම මාව එයාගේ ජීවිතෙන් අයින් කලා එයා ආයේ කවදාවත් මගේ ජීවිතේට එන්නෙම නැහැ කියල යන්න ගියා. එදා මට නින්ද ගියේ නැහැ මං ගොඩක් රෑ වෙනකල් ඔන්ලයින් ඉන්නවා රොහාන් දැක්ක.

Rohan: hi
  whats up
  ?
me: nothing much
Rohan: k
me: what about u?
Rohan: im good
            what r u doing up so late?
me: nothing
            well actually i am up coz i can't sleep
Rohan: and why can't you sleep

me: well i dont know
may be mind is restless
 Rohan: and why is that
  ?
me: personal
problems
Rohan: as usual
            whats is it now?
me: can't sleep is a personal matter isn't it
Rohan: not really
there is something else
but i reckon you don't want to tell me
anyway i thought i told you to stop chatting with me
didn't i now
me: ok then just leave the chat
arrogance
educated
            whatever
well even if i want to tell u what's the use right>
Rohan: well if you feel that way thon'ten d
me: just nothing
hey why this windows give me genuine popup?
Rohan: cos your's is not genuine
             dushanthi
me: yes it's me
             Dushanthi
Rohan: you can't stop talking to me
            y?
me: i can only u can't
             i was doing alright y'day
             i saw u in chat
Rohan: if i am such an arsehole
            oh yeah
me: did i say hi>
 ?
Rohan: well trust me
you will never hear that again
 thats is a promise, after you pointed it out
 me: i didn't mean it
Rohan: no
me: seriously
Rohan: you did
me: no
 listen
Rohan: anyway, i asked you only an offical thing
  from now on
  i will not ask that too
  are you happy
             ?
me: rohan
dont do that
oho u really want to know?
Rohan: you ment what you said


මටත් නොදැනීම මන් ලෝකෙද අතරමං වෙලා පස්සේ මටම එයාව වදයක් උනා. ඒ නිසා තිබ්බ තරහටත් එක්කම මන් එයාට එහෙම බැනල එයාව මගේ ජීවිතෙන් අයින් කරා එක පාරක් රිදිලා කැඩිලා ඉන්න මගේ හිතට තවත් දුක් දෙන්න මට ඕනි උනේ නැහැ. එයාට මාව දාල යන්නත් බැරි එත් තියාගන්නත් බැරි කෙනෙක් විදිහට මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න දෙන්න ඕනි උනේ නැහැ. එත් එයා නැති අඩුව මහා ලෝකුවට මට දැනුන.

සතියකට විතර පස්සේ රොහාන් පන්තියට ඇවිත් එයාගේ ඔෆිස් එකේ වැඩ හින්ද පංති එන්න වෙන්නේ නැහැ කියල ඊළඟ බැජ් එකකට පාරු වෙන්න පුලුවන්ද කියල මැනේජර් එක්ක කතා කරලා මගේ මෙසේ ඉස්සරහින් ඇවිත් වාඩි උනා. මට ඇත්තටම රොහාන්ගේ මුණ බලන්න ඕනි උනේ නැහැ. එත් රොහාන් මට දුෂි මම දන්නවා ඔයා වෙන කෙල්ලෝ වගේ නෙමේ ඔයාගේ හිත පොඩිම දේටත් රිදෙනවා ජිවිතේ ඔච්චර සීරියස් විදිහට හිතන්න එපා කියල කිව්වම මට එයා දිහා නොබලා ඉන්න බැරි උනා. එයා කෙලින්ම කඳුළු වලින් පිරිලා දිලිසෙන ඇස් දිහා බලාගෙන ඔයා හිනාවෙන්න ඇත්තට නෙමේ දුෂි ඔය බොරු හිනාව ඇතුලේ හැංගිලා තියෙන්නේ මොනවද කියන්න මං දන්නේ නැහැ එත් ඔයා ඇත්තට හිනා වෙලා ඉන්නවා බලන්න මට ඕනි. මන් ඔයාට කරදර කරන්නේ නැහැ අදින් පස්සේ මන් මෙහෙ එන්නෙත් නැහැ. ඔයා සතුටින් ඉන්න කියලා යන්න ගියා එයා එහෙම යද්දී මට එයාව නවත්තන්න ඕනි උනේ නැහැ. ඒ සමහරවිට මගේ හිත ඒ තරම් දරදඬු වෙලා හින්ද වෙන්න ඇති. මගේ මැනේජර් ඒ වෙලේ මගේ ලඟට ඇවිත් ඔලුව අතගාල යන්න ගියා මගේ බොස් උනත් මගේම අක්ක කෙනෙක් වගේ එයා මාව බලාගත්ත. ඉරි තැලිච්ච ඒ ඇතිතේ හින්ද මන් ආදරේට කොච්චර බයද කියන එක එයා දැනගෙන හිටිය.

එක දවසක් student register foam බල බල ඉද්දි මම දැක්ක රෝහාන් ගේ උපන්දිනේට සතියක් විතරයි තියෙන්නේ කියල. එයාගේ ජිවිතේ මන් කොහොම හිටියත් මට එයා තවමත් මගේ හොඳම යාළුවා ඒක වෙනස් වෙන්නේ නැහැ. එනිසා මම එයාගේ උපන්දිනේට ලස්සන මග එකකුයි මල් වගයකුයි කප්රුක එකේ ඩිලිවර් කරන්න ගෙව්වා එදා මගේ පපුව මහා හයියෙන් රිදෙන්න ගත්ත. එකක් මම ගොඩක් බය උනේ එයා මට බනි කියලා ඒ නිසාම මේ තෑග්ගේ මගේ නම ගැහුවේ නැහැ.

10:21 AM me: did u like yellow flowers :)


21 minutes
10:42 AM Rohan: i don't like flowers
  but thanks anyway
  it was nice of you
  pls don't do it again
  i knew from the time i saw it
 me: welcome
 Rohan: it was u
10:43 AM pls don't do it again
  and the coffee mug too
 me: how? i didn't mentioned my name
  u didn't like that even
 Rohan: i know
 me: ?
 Rohan: i like it
  i like the thought
10:44 AM i like the person whi sent it
  but i want to be left alone
  pls don't do it again
  i thank you for it
 me: dont worry first and last
  i am glad u liked it
10:45 AM Rohan: i am not heartless
10:46 AM me: i have no comments on that
  i was scared u will scold
10:47 AM now i am ok and thanx for liking it
 Rohan: no worries your always welcome
  okie now honor your word and stop talking on chat
  you promised me to leave me alone
 me: ok ok bye
    
එත් එයා මම එයාට නපුරු උන විදිහටම මට නපුරු වෙන්න ගත්ත මට මහා හයියෙන් කෑගහල අඬන්න හිතනා මට රිද්දන්න බැහැ කියපු කෙනාම මට මෙහෙම කරන්නේ කොහොමද කියල හිතුන. එත් මන් පරක්කු වැඩි. හරියටම මාසයක් රොහාන් මාත් එක්ක කතා කලේ නැහැ ඒ කතා කලානම් එයාට ඔෆිස් එකේ වැඩ වලට විතරක් සිමා උනා හුඟක් දවස් වලට මම එයා ප්‍රැක්ටිකල් වලට එනවා නම් එයාව මග ඇරලා කලින් ගෙදර ගියා එත් එකම එක දවසක් වෙනද වගේම එයා ...........