Sunday, January 20, 2013

අනුන් වෙනුවෙන් මොහොතක් ජිවත් වෙමු




අද මම ගියා කොළඹ වටේ පොඩි රවුමක් ඒ රවුම පටන් ගන්නේ කොළඹ තියෙන ඉස්සර ආශා සෙන්ට්‍රල් කියල තිබුන දැන් ආමි හොස්පිටල් කියල තියෙන එකෙන්. එතනට ගියාම දැනේනේ අමුතුම හැඟීමක්. මම ගියපු තැනම පිරිමි කෙනෙක් හිටිය එයාට හෙල්ලෙනවත් බැහැ එයාගේ හැම වැඩක්ම කරන්නේ එතන බෙහෙත් දාන්න ඉන්න අය. මෙහෙම  තුවාල වෙලා කාත් කවුරුවත් නැතිව තනියම දුක් විඳින්නේ අපි වෙනුවෙන් එදා රට බේරගන්න යුද්ධෙට ගිහිං ජිවිතේ කැප කරපු තරුණ ජිවිත. අද ඒ ගොල්ලෝ ඉස්පිරිතාලේ ඇඳක තනියම කෙඳිරි ගානවා තනියම සුසුම් හෙලනවා එත් ඒගොල්ලොන්ගේ හිතේ මුණේ වචන වලවත් කිසිම පැමිණිල්ලක සේයාවක් නැහැ. ඒ දුක ඒ අසරණකම ඒ ගොල්ලොන්ට වඩා අපේ හිතට දැනෙනවා අපේ ඇස වලට කඳුළු නැගෙනවා. ඒ එඩිතර නොසැලෙන ශක්තිය හින්ද. ඒ විතරක් නෙමෙයි. ඒ අපිට පේන්න ලෙඩ තියෙන අය තවත් කොටසක් ඉන්නවා ඒ ගොල්ලන්ට එලියට පෙන්න කිසිම ලෙඩක් නැහැ අපි වගේම ඇවිදලා සාමාන්‍ය විදිහට ඉන්නවා එත් ඒගොල්ලෝ කියන්න බැරි එහෙම නැත්තම් යුද්ධයෙ අතුරු ප්‍රථිපල විඳින කොටසක් ඇඟ ඇතුලෙන් එහෙම එහෙමත් නැත්තම් පිටතට නොපෙනෙන ලෙඩකින් දුක් විඳින අය. මේ ගොඩක් අයගේ නෑදැයෝ ගෙවල් කොළඹ අවට අය නෙමේ. මේ ඉන්න ගොඩක් තරුණ ජිවිත ඈත දුෂ්කර ගම් පළාත් වල ජිවිතේ ගැට ගහ ගන්න එදා වේල හොයා ගන්න විදිහක් නැති කමට හමුදාවට එකතු වුන අය. එත් ඔවුන් එදා ඒ ජිවිත කැප කිරීම මොන හේතුව මත කුමණ විදිහට මව්බිම ආරක්ෂා කරන්න යුද්ධයට එකතු උනත් අද ඔවුන් මේ ගෙවන්නේ අපි ජිවත් කරවන්න රට වෙනුවෙන් කල ජිවිත පරිත්‍යාගය. අපි ඔවුන්ට සදා ණයගැතියි හිතින් සිතිවිලි වලින් නෙමේ අපි මේ කන බොන අඳින හැම දෙයකින්ම අපි ගෙවන්නේ ඔවුන් අපි වෙනුවට හිලව් කරපු ජීවිතයි. රට වෙනුවෙන් දිවි පිදු සියලු දුක්කම් කටොලු ඉසිලු විරුවාණෙනි අපි ඔබට සදා ණයගැතියි.  

ඊට පස්සේ මම එතනින් එන්නේ කොළඹ 7 ට හරියටම විනාඩි 20 ක් වගේ පාරේ හිටගෙන හිටිය වෙන මුකුත් නිසා නෙමේ හිත පොඩ්ඩක් හදාගන්න. කොළඹ 7 කිසිම අඩුපාඩුවක් නැති මිහිපිට සුරපුරය මම ඒ හිටිය විනාඩි 7 ඇතුලත BMW, BENZ, LAND ROVER, RANGE ROVER, HONDA, NISSAN, AUDI මේ කියන වාහාන ජාති එක ජාතියකින් 2 කට වඩා මාව පහුකර ගෙන ගියා. වෙනදට වාහන පිස්සෙක් උන මට අද ඒ කිසිම එකක් කෙරෙහි ඇලමකට වඩා කළකිරීමක් ඇති උනා අද ඒ අදහස කේන්තියට හා මිශ්‍ර වුවක් “ අද උඹලා  මෙහෙම ඉගිල්ලෙන්නේ මේ උඹලා උජාරුවට පහුකර ගෙන යන අර අහිංසක මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න” ඔය ගිය හැම වාහනයකම වටිනාකම ලක්ෂ 25 වඩා වැඩි එත් ඒ මිනිස්සු එක ලක්ෂයක් තමන්ගේ රට වෙනුවෙන් වියදම් කරලා තියේද? මේ වගේ හමුදාවට නැත්තම් අසරණ මිනිස්සුන්ට වියදම් කරලා තියෙනවද? නැහැ එත් කවමදාක හරි මරණ බිය උඹලටත් දැනේවි අන්න එදාට, ජිවිතේ වාරු නැති දවසට ඔය රජ සැප විඳින ධනපති පන්තියත් මේ දුක විඳින ජිවිතය ගැට ගහගන්න අපිත් යන්නේ එකම තැනට විඳින්නේ එකම වේදනාව. 

ඊට පස්සේ මම ඇවිදින්න ගත්ත ටවුන් හෝල් එක පැත්තට නගර සභාවේ වැට කඩල මිනිස්සු ඒ වැඩ මම  ඒ පාර දිගේ ඇවිදගෙන ගියා ගොඩක් වයසක මනුස්සයෙක් ඒ පාරේම තියාගෙන බත් වේල විඳිනවා ඒ කාෂ්ටක අව්වේ වැඩ බිමේ ලැබුණු කෑම පාර්සලේ අරන් ගිහිං කන්න තැනක් නැහැ ඒ මනුස්සයට ඉතිං ඒ මනුස්සය එතනම බිම තියාගෙන කුසගින්න නිවාගන්නවා උදේටත් දවල්ටත් කිසිම දෙයක් නොකා හිටිය මට කන්න කියල එතන තිබ්බ ලඟම තිබ්බ කඩේට රිංගන්න හිතුනේ නැහැ මට. මිනිස්සු රට සංවර්ධනය කරනවලු එත් මේකද ලෝකේ කියන සංවර්ධනය මම මගෙන්ම ඇහුවා. එතනම තියෙන්නේ ලංකාවේ ඉන්න ධනපති පන්තියේ මාළිගා ටික කෝටි ගණනක් වියදම් කරලා හදපු නෙළුම් පොකුණ එත් ඊටම එහා පැත්තේ ජිවිතේ ගැට ගහන්න දුක් විඳින මිනිස්සු. රටක සංවර්ධනය මනිනේ ඒ රටේ තියෙන අලුත් ගොඩනැගිලි ගණන වාහන ගණනින් නම් අද ලංකාව සංවර්ධිත රටක්.  එත් රටක් සංවර්ධනය වෙලා වැඩක් නැහැ මිනිස්සුන්ට එදා වේල කන්න රුපියල් 100 බැරි නම්. හාල් පොල් ටික ගන්න ඒක පුද්ගල අදායම භාණ්ඩ මිලට සමානුපාතික නොවේ නම්. මේ දුක් විඳින මිනිස්සු අද තමන්ගේ ජිවිතේ වෙනුවෙන් එක වේලක් වෙනුවෙන් තමන් සතු සියලු දේ විකුණයි මේ ජිවිතයේ තවත් එකම එක පැත්තක්.
ඊට පස්සේ නවලෝකෙට ගිහිං එතනින් මම බස් එකේ නැග්ගා. නැගල හිමින් හිමින් ආවේ බම්බලපිටියට හරියටම ඩයලොග් එක ගාවදි මගේ ඇස ගැටුනේ තවත් හිතට දුක හිතෙන දෙයක් මේ ඔය හරියේ ගස් යට ඉන්නවා Electric Badminton වගේ තව පොඩි පොඩි 100 කෑලි ටිකක් තියාගෙන ඉන්න ළමයි අව්වට පිච්චිලා පිච්චිලා ඒ ළමයින්ගේ හම කළු පාට වෙලා. මම හිතන්නේ දවසෙම ඔය ළමයි ඉන්නේ එතන ඒ ගොල්ලන්ට දවසට මෙපමණ ගානක් හොයන්න කියල වෙලා තියෙන්නේ මෙතන හිටිය ගැහැණු ළමයෙක් කාර් එකක් නවත්තල එත් එයා ගාව හිටිය වෙන කොල්ලෙක් ඒ ගෑණු ළමයාගේ සෙල් එකට බැහැල මේ ගෑණු ළමයා පැත්තකට වෙලා තව කෙනෙක්ට මේක කියා කියා අඬනව. සමහරවිට ඒ එයාගේ මුළු දවසෙම සෙල් එක වෙන්න ඇති. ජිවත් කරවන්න පවුලක් නංගිලා මල්ලිලා ඇති තරුණ ගැහැණු ළමයෙක් විදිහට එයාට උවමනාව තිබ්බ නම් සල්ලි හම්බ කරන්න වෙන ඕන තරම් ක්‍රම එයාට තියෙනවා එත් හිතට එකඟව ආත්ම අභිමානයෙන් ජිවිතේ ගැටගහ ගන්න එයාව පාගලා දාන්නත් අය ඉන්නවා ජිවිතේ අන්තෙට වැටිලා ඉන්න මිනිස්සුන්ට උනත් උඩට යන්න දෙන්නේ නැති ජීවතේ වැටෙන්න තැනක් නැති මිනිහෙක්ට උනත් සමහර වෙලාවට ජිවිතේ රිද්දනවා එක මේ ලොකු ලොකු කාර් වල ගිහිං ඔෆිස් වල සාධාරණව වැඩ කරන ඔබටයි මටයි පාරේ වෙළඳාම් කරන ඒ ගැහැණු ළමයටයි කියල වෙනසක් නැහැ. කළකිරීල වැඩක් නැහැ කරන්න තියෙන්නේ උපේක්ෂාවෙන් බලා සිටීම පමණයි මොකද හැම කෙනාම කවද හෝ ජිවිතේ විඳවන්න වෙන නිසා.

මම ඔහොමම බස් එකේ ආව හිතන්න ගොඩක් දේවල් තිබ්බ  දවල්ට කොහෙන්වත් නොකා ගෙදර ආව බඩගින්නට වඩා තිබුනේ කලකිරුණු හිතක් අනේ මට ඇති හැටියට මේ දුක් විඳින මින්ස්සුන්ට යමක් කරන්න ඇත්නම්. මම කොච්චර නම් මට නොලැබුණ නැති උන දුක් වෙනවද එත් අද මම ඒ මිනිස්සු විඳින දුක් විඳින්නේ නැහැ. අද මට එකම එක දෙයක් තේරුණා මම රජයට දේශපාලුවන්ට හෝ මගේ වටේ ඉන්න මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ මම විසින් මම ඉගෙන ගත්ත මගේ රටට, ජාතියට, ආගමට, සමාජයට කිසිම දෙයක් කරලා නැහැ සමහරවිට කරනත් බැරි වෙයි එත් මම මගෙන් වෙන්න ඕනි වගකීම් කොටස ඉෂ්ට කරන්න ඕනි එක වේලක් කන්න බැරි මනුස්සයෙක් වෙනුවෙන් එකම එක පාඩම් පොතක් ගන්න බැරි ළමයෙක් වෙනුවෙන් අලුත් ඇඳුමක් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන් මට ඇති විදිහට මම දෙනවා මම ජිවිතේ දුක් විඳින මිනිස්සු එක්ක ඒ දුක පොඩ්ඩක් බෙදා ගන්නවා. මට ලොවක් හෝ රටක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ එහෙත් මට මා වෙනස් කිරීමට අවශ්‍යයි. අනුන් වෙනුවෙනුත් යමක් කිරීමට ජිවිතේ කිසියම් මොහොතක් යම්කිසි වෙලාවක් වෙන් කරමි.