Friday, July 29, 2011

කසාදය

පෙරදා වගේමයි ඔය දැස නිදි බරයි
මත් මතින් පිරුණු සිත් චංචාලයි
රැගුම් රගන සුරලියන් ඔබ මතයි
පෙම් පහස නැති උනත් ඔබ දෙව් ලොව සැප විදි

සෝ සුසුම් ගලාවිත්  යහන මත තනි රකී

මා පියන් ගෙනත් දුන් කසාදය විසිර යයි
කසුලු බිදු මහා හඩින් මහා පොලව සිප ගනී
ඔබ නැතිව ගෙවුණු තව රැයක් පහන් වෙයි

දොර ලගට ඔබ ඇවිත් මා හඩින් අවදි වෙයි

"අදත් මට වැඩ ගොඩයි" සෝසුසුම් මත ඔබ වැටෙයි
ඔබ දුන්නු ආදර කුස තුල වැඩෙයි
මා කිවූ වදන් පෙළ නොඇසුනු ඔබ නිදයි  

Wednesday, July 27, 2011

ඉස්සරම කලෙක

ඉස්සරම කලෙක
හිමිදිරි පාන්දර
දුව ගෙන ගිහින් දොබ ගස් යට
කවි කියන කුරුල්ලන්ට
ඇත වැලක් උනා මතකයි මට
අදත් පෙර වගේම
මල් වැටුන ගවුම් පොදියක් ඇඳන් 
ගමේ දොළ පාර අතරින්
දුව යන්න අසයි
අහිංසක හිනා පොඩි අද වීයැකිල ගිහින්
මල් ගවුම පොඩි වෙලා ගිහින්
එත් මං තාම අහිංසක දුවණියයි

Sunday, July 24, 2011

සෝබන කොල්ලනි අපිට එපා Branded

මං හිනා වෙලා ඉන්නම්
ඔබ මගෙන් වෙන්ව යනවනම්
මට ඉවසන්නේ නැති
ඔය සිගරට් දුම අහලකවත් නැති වෙන්නට
බොරු සෝබන මල් හිනාව 
මට නම් දැන් එපා වෙලා
ඔය කලිසම branded ද ?
මේක මාර expensive
UK වලින් ගේනවා අනේ මගේ ipad
Sub sub buffer දාලා හදපු මගේ Civic එක
අපේ තාත්ති ගේ පඩිය නැතොත් මං හිඟන්න
එක නිසා අනුන්ගෙන් යැපෙන ඔබට
තනියෙන් ජිවිතයක් පටන් ගන්න
ඔන්න ඉතින් අවසර

Friday, July 22, 2011

මම , ඔබ සහ අප

නිල අහස ඔබ තරු පිරිවරා හිනැහෙන
මහා මුහුද මම තොරතෝංචියක් නැතිව අඩන
සිතිජය වගේ අපි හිත රවටන
කිසිදා එක්නොවෙන ලෙස ලං උන      

මල් කුමරු ඔබ ජීවිතය සොමනසින් ගෙන දුන්න

වැලි කැටයක් මම ඔබ එන මග සරසන්නට වරම් නොලද
මිරිගුවක් වගෙයි අපි දුක හිතෙන
හීනයක් වත් දකින්නට ඉඩ නොලද

ආදරය ඔබ මට දැනුන කල්පයකට

නිල කදුල මම ආදරය වෙනුවෙන් අඩන
විරහවයි අප තවක් පෙම් කතාවක
කිසිදා එක් නොවන ලෙස වෙන් කල 

Thursday, July 21, 2011

අවසානය


තීර්තක යාත්‍රාවේ මමද එක මගියෙකි ඔබද එක මගියෙකි
කුමට පොර බදිනු මේ මහා සයුර මැද
අවසානය එකමනම් මට මෙන්ම ඔබටද