Friday, November 25, 2011

හැමදාම වගේ මන් පරක්කුයි ආදරයටත්

අද ආදරය කියන්නේ මොකක්ද කියල මට දැනෙනවා මන් හිතුවේ මෙච්චර කාලෙකට මන් කාටවත් ආදරය කරන්නේ නැහැ එත් පහුගිය අවුරුද්දෙම මන් ආදරය කරලා එත් දැන් ගොඩක් පරක්කුයි එයාගේ ජිවිතේ ඉන්න කෙනාට මන් තුන්වෙන්නෙක් වෙන්නේ කොහොමද?


දුටු මුල් දිනයේ
ඔබ මගේ පමණයි කියා
ලියා තියන්න කොහේහෝ
අමතක උනේ කාටද?
විටෙක් හිනාවී දුරස් වන
දුරස්වී හිනාවෙන
හඩවා මා සනසන
සනසා මා හඩවන
ඔබ නොදත් මගේ ප්‍රේමය
නොවහැටුණු මට
දඩුවම මෙයද
කවද හමුනොවන වෙන්වීම

Wednesday, November 23, 2011

I am addicted


පෙන්නේ නැතිවට ඉරිතලා විසිරිලා ගිය මගේ හිතට අරං ආපු වැහි බින්දු ටික වළාකුලක් අරන් යනකොට තුරලට ගෙන හිටියේ මම නොදැක්ක ගානට හිතට තවත් රඬුවෙන්න හයිය නැති කමට මිස ඕනේ නැතුව නොවේ පෙම් පහස මට. පාවෙලා අව උනත් දියපොදක් හිත ලගට කොහොම කර ගන්නද මගේ හිමි කරුවෝ ඉන්නවනම් පාවෙන දිය පොදට? මං දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ කොහෙද මේ මව ගහගෙන යන්නේ මං කොහොමද කුනටුවකට් අහු උනේ මගේ හිත එය කොහෙද?

රුධිරයට එක්වුන

ඔබේ ආදරය
එන්නත් කල ඔබේ සෙනෙහස
කෙලෙස නම්
විස වුනිද මා ජිවිතයට

ඇබ්බැහිවිමක් වූ ඔබ

උන්මත්තකයෙක් කල
ආදරය අහිමි වූ
ජිවිත අවසානය දැනේ මට
හොයා දෙන්න
සිහිනයක් නැවත මට

Monday, November 14, 2011

මොකද උනේ

කෝ ඔයා
ඔයා කොහෙද?
මං ගාව නේද මෙච්චර දවසක් හිටියේ
ඔයා ඔහොම වෙනස් උනේ කොහොමද?

මට හිතා ගන්නවත් බැහැ
එහෙම වෙන්න දෙන්න බැහැ
මෙච්චර කාලයක්
මාත් එක්ක හිටිය ඔයා
කොහොමද මං බලාගෙන ඉද්දි
මාව දාල යන්නේ
බැහැ ඔයාට ඒක කරන්න දෙන්න බැහැ
ඔයා වෙන කාගෙවත් උනොත්
මං කොහොමද දරාගන්නෙ
මං අතරමං වෙයි
මගේ ආදරණිය හිත
මට ඔයාව ඕනේ
කවදාවත් මාව දාල යන්න එපා
ඔය පිස්සු ආදරය පස්සේ