Sunday, August 28, 2011

මගේ හිනාව

ඉපදු දවස ඉදන්
මා ජිවත් වූ තාක් කල් 
කදුලට වෙනස්කම් කල
දුකේදී වෙන අය රැවටු
සතුටේදී දෙතොල් සැරසු
අපේ අම්ම මට නොබණින
එහා ගෙදර අන්කල්
තකහනියේ Good Morning කියන
ලොකු ඇස් දෙක පොඩි කරන්
කොල්ලන් වසග කල
එකම හේතුව වූ
මගේ හිනාව ඔබට තුති



Saturday, August 27, 2011

කදුළු දුවිලි කුමාරි

කදුලක් නලියයි නෙතු අග
සිනහව සරසා දෙතොල් මත 
හඩන්නට අර අදින මේ හිත
එපා රිද්දන්න නොහැකිනම් සනසන්න
කදුළු දුවිලි කුමාරිව

Thursday, August 18, 2011

මට තේරෙන්නේ නැහැ

ජීවතේ නැවතු තැනින්
පටන් ගන්න ආයෙත්
නෙත් අයාන ඉන්න කොට
ඔබ ඇවිත් කියා දෙන්න හදන
පෙම් කතාව නොතේරෙනවා
නෙමෙයි
එත් මට තවත් අඩන්න
කදුළු නැහැ
හිනා වලට ඉඩක් නැහැ 
ඔබට ජිවිතයක් දෙන්න
මට අයිති දෙයක්  නැහැ

Wednesday, August 17, 2011

අනිත්‍ය

අමතක වෙන දේවල් අතරේ මතක තියා ගන්න දෙයක් සොයමි
නැති වෙලා යන දේවල් අතරේ සදාකාලික දෙයක් සොයමි

තිරිසනුනි

ජිවිත සටනේ
මිනිසුන්ට වඩා
හමුවූ  තිරිසනුනි
මං ඉන්නව බලාගෙන
වැරදෙනකම් උබලට
මං ඇඩුව තරම්
කදුළු දුක් දෙනවා බලන්න
මං ඉන්නව බලාගෙන
නිවුටන් ගේ තුන්වෙනි නියමය
අමතක උනාට උබලට
මං ඉන්නව බලාගෙන
අහිංසක කෙල්ලෙක්ට
දුක් දෙන උබලට හෙන ගහනකම්

Tuesday, August 16, 2011

අලුත් කතාවක්

දොළ පාර අද්දර
මං ඉන්නම් බලාන 
පෙම්වත් වෙන්න ඔය
ඇස් ලග
නෙත් අයාන ඉන්නම්
සෙනෙහසින් වැලද ගන්න
ඔය හිනාව
දිය පොදක් නැති
වැලි කතරට
මහා මුහුදක් වෙලා ඔබ
හිත අහස එලි කලා
පෙම් තරු එළියෙන් සදහට
සැනසෙන්නම් මම
ඔය දෙපා ලග
ජීවිතය පුරාවට
ඉරි තලා ගිය ඉඩෝරයට
මල් හිනා ගෙනත් දුන්නට

Monday, August 15, 2011

කවද හරි උනුත් දුක් විදි.......

මං හිතුවේ ජිවත් වෙන්න
පාපතර ලෝකයට බරක් නොවී
මට ඕන උනේ මගේ කියල ලෝකයක් හදා ගන්න
අද මට මාවත් එපා
ඔබවත් එපා
හින කලා දාපු
මේ අසික්කිත කොළබ දාල
වෙන කියන ඕන මගුලකට ගිහින්
මට ඕනේ විදිහට
මගේ ජීවිතය ගෙනියන්න
හනමිටි අදහස් වලින් ඔලු ගෙඩි පුරෝගෙන ඉන්න
මගේ තාත්තේ මට ඉඩ දෙන්න
ඔබට මාව තව අවුරුදු ගානකින් සදහටම
නැති කර ගන්නවට වඩා
එක හොදයි කියල හිතෙන්නේ නැද්ද?
ආදරයක්  කියල දෙයක්
සෙනෙහසක් නැති ලෝකෙක
මොන අහවල් මගුලට
මට ගිහි ජිවිතයක් ගෙවන්න කියනවද
මට මිනිහෙක් ඕනේ නැහැ
මට කසාදයක් ඕනේ නැහැ
දරු මල්ලෝ හදල
මං විදින් දුක උන්ටත් දෙන්න ඕනේ නැහැ 
කවද හරි උනුත් දුක් විදි.......
මට වඩා.....

Wednesday, August 10, 2011

මා තවම පණ පිටින්ය

නෙත් පියා ගතිමි 
හෙට දිනක් නොදකින්න 
සුසම් නැවතුනි   
ජීවිතය  අවසානය  බලාගෙන 
මට  වැරදුනි 
ඔබ හැර ගිය මා තවම පණ පිටින්ය 

ඇබැර්තු ඇත

වයස අවුරුදු 28 ට නොඅඩු
ගුණවත් සිල්වත්
උපාධිදාරි පරිගණ අශය පිළිබද
මනා දැනුමක් ඇති,
හනමිටි අදහස් නැති,
පිළිවෙලකට අදින පළදින,
පිරිසිදුවට සිටින,
ඇපල් හෝ ගැලක්සි භාවිත කරන,
වාහනයක් හිමි,
කඩවසම් පෙනුම ඇති,
පමණට වඩා නොබොන,
වෙන ගැහැණු ළමයි දිහා බැලුවත්
නොබැලු ගානට සිටින,
උපන් දිනය සමරන,
දියමති මාල ගෙනත් දෙන,
ඉංග්‍රීසිය මනාව හැසිරීමට දත්
බෞද්ධ මහතෙකුට
වැදගත් ස්වාමි පුරුෂයෙකුගේ රැකියාවක් තිබේ
ප. ලි. :- ලංකික පුරවැසි බාවය නොසැලකේ 

Monday, August 8, 2011

මමත් මවකි

උගත් කමට නොවිකෙන
නුගත් කමට විකිනෙන
මට එපා උන
නුබට ඕන උන
මගේ රුව
ඔබ වෙළද පොලේ
පන්දහසයි
කවද හෝ වැනැසෙන
නුබට නොවටින
මට වටින
මයේ දෝනිගේ කිරි හිනාව
මට දසදහසයි

Sunday, August 7, 2011

මගේ හොදම යාලුවට

මේ යාළු කම හරියටම අවුරුදු 20 ක් වෙනවා. ඇත්තටම  කිව්වොත්  අපි අපිට  ආදරේ  කරා. ඔව් ඔයත් එක්ක රණ්ඩු  උනේ  නැත්තම් මට නින්ද යන්නේ නැහැ වැලි කෙලියේ පටන් ගත්ත මේ යාළුකම හරිම සුන්දර උනා . . සෙල්ලන්  කරන්න  ගියාම  ඔයාට පුදුම දැගලිලක්  තිබ්බේ.   මතකද ? ඉස්සර අපේ  ගෙදර කැම මෙසේ යට ඔයා රජතුමා වෙලා මම රැජින වෙලා හිටියා මට එදවස් වල හරිම තරහයි. අපේ ගෙදර ඔයා ඇවිත් ගේ අවුල්  කරන නිසා. ඔයා වෙලාවකට අපේ ගෙදර එන්නේ පොල්සම්බෝලයි රෝස් පානුයි කන්න සමහර විට ඔයාට මතක නැතුව ඇති.  පොඩි කලේ ඉදලම එකම පවුලක වගේ හැදුන අපි දෙන්නට අපි ගැන අමුතු වෙන් කියන්න ඕන උනේ නැ හැ . ඔයගොල්ලෝ න්ට නොතිබිච්ච සල්ලි හම්බ වෙනකොට වෙනස් වෙච්ච ඔයාගේ අම්මට අපු උද්දච්ච මාන්නය ඔයාව නාස්ති කරා කියල මට හිතෙනවා. අදටත් මං ආදරය කරන ඔයාට තිබ්බේ හරිම අහිංසක හිනාවක්. මට තාම මතකයි ඔය මව බලාගත්තේ මලක් වගේ පාරේ වාහන යන පැත්තකින් වත් එක්ක යන්නේ නැහැ මොකක් හරි වෙයි කියල බයට.  අපේ ගෙදරින් ඔයත් එක්ක යනවනම් බය නැතුව එව්වේ ඔයාව විශ්වාස කරලා. මට මතකයි එක දවසක් අපි යාලුවෝ ටික ගිහිල්ල කොල්ලෙක් මට මොනවද කිව්වා කියල ඔයාට කේන්ති ගිහින් ඒ කොල්ලට ගේ හුව්ව. එදා තාම මං දැන ගත්තේ ඔයාට කොච්චර කේන්ති යනවද කියල. ඔව් මදු මං එදානම් හොදටම බය උනා.    

එක දවසක් ඔයාගේ ගෙදර ගියාම මට කිව්වා " උබ තාම මාත් එක්ක මෙච්චර කාලයක් හිටිය එකම කෙල්ල. උබ මට මර වටිනවා කියල" මාව බදාගෙන කිව්වේ යාලු කමට. ඒක මට ලොකු හයියක් උනා මුළු ලෝකෙන් බාගයක් හිත ගෙන හිටියේ අපි දෙන්න යාලුයි කියල. එත් අපි විතරයි දැන ගෙන හිටියේ මට ඔයත් එක්ක යාලු වෙලා වත් ඔයාට මාත් එක්ක යාළුවෙලා අපිව නැති කරගන්න ඕනේ උනේ නැහැ කියල. ඔයාගේ ජිවිතේ කෙල්ලෙක් කියන්නේ නිකම්ම දෙයක් වෙද්දී මාව ඔයා හොදටම බලා ගත්තා. ඔයා ගැන හෙම දේම ලියන්නම් වෙන දෙයක් නිසා නෙමේ උබ මගේ බුදු ෆිට් එක නිසා උබව නතුව මට පාලු නිසා.
  
ඔබ ඇ දී තවත් සිතුවමක් නොවී
හිත රැදී රුවක් වීමට පින් කලෙමි


පිවිතුරු මලක්

මා බලා සිටියෙමි ඔබ එන තුරා
පිවිතුරු මලක් ලෙස සැමදා
ආදරයේ පෙම් පහස නිසා
මලේ පෙති පොඩ් උනා
මුල් රැයක් හැඩුවත් එදා
එක් නොවේ මලේ පෙති කිසිදා
රාගයක් නොවෙන ආදරයක් කෝ මෙදා
හිත හදාගනු මිස දිවි නොනසා

Thursday, August 4, 2011

තොත්තුවක්

කවියක් ලියන්න 
දගලන දැගලිල්ල
දන්නවා නම්
රස කර කර
කියවන අය
සිරාවට දෙයි මට
තොත්තුවක්

Tuesday, August 2, 2011

ඔබ පැන ගොස්

කවියක් ලීවෙමි කල් යල් බලලා
ඔබට හිතේ තිබු ආදරේ කියලා
කවුදෝ ඇවිදින් දොර තඩි  බාලා
කීවා ඔබ පැන ගොස් කියලා

සුසුමක් පිට උනි සිනහව පාලා 
කවුදෝ ඒ ඔබ හා ගිය සෝමා
ඔබ හා යන්නට දීගෙක එතිලා
ඒකිට නම් පිස්සුද මන්දා

අවුරුද්දක් දෙකකුත් පසු වීලා
සෝමා නම් නැහැ බඩ වීලා
කියන්න ඇති මුත් දහසක් රැදීල
මොහොතක් හෝ පෙම් කල හිත ගොළු වීලා