Wednesday, June 29, 2011

මලක් වගේ

මලක්  වගේ  නොපිපුනත්
ඔය  හිත   අද්දර
තවමත්  ආදරේයි  මන්
ඔය  මුරණ්ඩු  හිතට
මට  දුන්නු  කඳුළු  වලට
තරහක්  නැහැ හිත  අග
දුක  හිතුනම  හිනාවෙන
කඳුළ  හංගන  මේ  දෑසට
තවත්  කඳුලක්  බර  නැහැ
හීනියට  ඇවිත්  ඔබ  තියා  යන
නෙත්  අගින්  ඉගිබිගි    කරන
පාට   සමනලියෙක්  නොඋනු  මට
සල්ලාල   අඩවියේ  හීන  කුමරුට
පෙම්  බැන්දට හිමි  උනේ  කඳුලු කැට