Sunday, February 19, 2012

උඩු සිත හා යටි සිත 1




ඔන්න අද කතාව නම ටිකක් බය හිතෙනවා එත් බයකුත් නෙමේ නිකන් අනේ මන්ද කෙසේ හෝ වේවා කියල අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො. කට්ටියගෙන් අහන්න තියෙන පලවෙනි ප්‍රශ්නේ හොල්මන් විශවාස කරනවද? නැත්නම් කමක් නැහැ ඔව්නම් එත් කමක් නැහැ ඒක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. අද මං කියන්න යන්නේ මේ දේවල් එකිනෙකට සම්බන්ද වෙන්නේ කොහොමද කියල. ලිපි පෙළක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන මං ලොකුවට ඉගෙන ගෙන නැහැ එත් මං හොයා ගත්ත අත් හදා බලපු කරුණු අනුව මට හරි කියල හිතෙන දේවල් ටිකක් තමා.මේ හොල්මන් කියන්නේ මොකක්ද? හෙලවෙන මනස මෙතැනදී අදහස් වෙන්නේ අපේ සිතුවිලි වෙනස් වෙන එහෙමත් නැත්නම් නිතරම චංචල නම් අපිට ඇති වෙනවා විවිධාකාර අදහස් ඒ කියන්නේ අපේ මනසේ යම් විකාර ඒ දෙවල චිත්ත රුප හරහා අපිට මනසෙන් සැබෑවක් කියල ප්‍රති නිර්මාණය කරනවා ඒ හරහා අපිට වෙන්නේ ඇත්තටම හෙලවෙන මනස තුලින් හොල්මනක් නිර්මාණය කිරීම කියලයි මගේ අදහස. හැබැයි මේ හොල්මන් හැමෝටම පෙන්නේ නැහැ ඇයි ඒ? මනස ස්ථාවර පුද්ගලයන්ට හොල්මන් පෙන්නේ නැති නිසා.  කොටින්ම භාවනා කරන කෙනෙක් ගන්න එතැනදී ඔබට පැහැදිලි වේවි මේ දේවල් කොපමණ ඇත්තද කියල.  

ඔතනදි අපිට තවත් දෙයක් අත්දකින්න පුළුවන් ඒ තමා ආරුඩ වීම නැත්නම් ආවේශ වීම. මෙතැනදී  අපිට මේ සිත කියන එක පහල වෙන්නේ. අපි හැමෝම දන්නා පරිදි උඩු සිත හා යටි සිත කියල දෙකක් තියෙනවා.  උඩු සිත අපිව මෙහෙයවන්නේ අපි එදිනෙදා කරන වැඩ සිදු වෙන්නේ උඩු සිතෙන් දෙන විධි විදාන වලින්. නමුත් මෙතැනදී අපිට වැදගත් වෙන්නේ යටි සිත. යටි සිත කියන්නේ නිදාගෙන ඉන්න දෙයක්. නමුත් යටි සිතෙහි මතකය දීර්ඝ කාලින මතකයක්. ඒ කිව්වේ බුදු දහම අනුව මගේ මතකය හරිනම් මිනිහෙකු මැරුණාම යටිහිත නැවත ඉපදීමකදී ප්‍රති සන්ධි ගතවෙනවා. ඒ කියන්නේ නැවත ඉපදිමකදී පෙර ආත්මයේ මතකය සමග පැමිණෙනවා. අපි හිතමු හොඳට භාවනා යෝගීව මනස දියුණු කරලා තිබ්බ කියල කලින් ආත්මයේ. මේ ආත්මයේදීත් මතකයට නැගී පෙර ආත්ම බවයන් පිලිබඳ විස්තර කියවීමක් දකින්නට පුළුවන්. හැබැයි මෙතැනදී බොහෝවිට අපිට දකින්න හම්බ වෙන දෙයක් තමයි අපි මේ පෙර ආත්ම ගැන කියවන අය ගොඩක් ළාබාල වයසේ අය වීම ඒ කියන්නේ ඔවුන් බොහෝ විට උඩු සිත මගින් පාලනය නොකරන වයසක් නොමැති අය වීම. ඒ වගේම මොවුන් ක්‍රමක් ක්‍රමයෙන් තේරුම් වයස එන විට මෙම පෙර අතම භාවයන් ගැන කියවීම නවත්වනවා එතැනදී අපිට පෙනෙන ඒක දෙයක් තමා මොවුන් උඩු සිත හා ගනුදෙනු කරන්න පටන් ගන්න විට යටි හිත කෙමෙන් නිද්‍ර ගත වීමක් වෙන බව. 

දැන් අපි දන්නවා උඩු සිත හා යටි සිත ක්‍රියා කරන ආකාරය. දැන් කෙලින්ම මාතෘකාව දෙසට මේ ආවේශ වීම හෝ එහෙමත් නැත්තම් ආරුඩ වීම වෙන්නේ මේ යටි සිතෙහි තැම්පත් වූ දේවල් කියල දැන් තේරුම් යනවා. උදාහරණයක් විදිහට අපි හිතමු කාලයක් ඇවෑමෙන් අපි දෙයකට ආස කිරීමක් හෝ එහෙමත් නැතිනම් භය වීමක් තියෙනවා එතැනදී මිනිසුන්ගේ මනස හැදිලා තියෙනව ඉබේ ප්‍රති ක්‍රියා කල හැකි ආකාරයට මෙන්න මේ ප්‍රති ක්‍රියාවේ ප්‍රතිපලය වෙන්නේ විධිවිදාන මගින් කර ගන්න බැරි උන එහෙමත් නැත්නම් උඩු සිත මගින් කර ගත නොහැකි උන දේ යටි සිතේ ඇවිද වීමකින් කර ගන්න හැදීමක්. හරි දැන්නම් ඉතින් මගේ ඔලු කට්ටත් රිදෙනවා මේ ගැන ඔබ හිතෙන දේ කියන්න ඊළඟ ලිපියෙන් මිට වඩා යම් දෙයක් එක්ක හමු වෙමු.    

මන් කියන දේ පොඩ්ඩක් ග්‍රීක් වගේ නම් බලන්න අන්නියන් කියන දෙමල ෆිල්ම් එක එක හොඳ උදාහරණයක්.  පොඩ්ඩක් විතර අවුල් සහගත වෙන්න පුළුවන් හිමින් සැරේ හදා ගමුකො

Wednesday, February 8, 2012

මේ ඔබ නිසාද ?


මේ පාර නිදහසට දිග නිවාඩුවක්. මේ පොස්ට් එක ලියන්නේ නිවාඩුවේ හතර වෙනි දවසේ රෑ 8.30 ට ඒ කියන්නේ මේ වෙද්දී මන් එයාව දවස් හතරකින් දැකල නැහැ අද එකපාරටම එයා ගැන මහා ආදරයකුත් මන් ගැන ලොකු දුකකුත් ඇති උනා. මෙච්චර කල් ආදරය කරලා නැහැ මං. ඇත්තටම ආදරය පිච්චෙනවා කියල දැනගෙන තිබ්බට අද එක ඒ විදිහටම මටත් දැනෙනවා මේ පොස්ට් එක ලියන වෙලෙත් මගේ ඇස අග කඳුළු බින්දු වැටෙනවා.  මං මෙච්චර බොලඳද මං මගෙන්ම ඇහුව. දන්නේ නැහැලු. කම්මුල දිගේ කඳුළු ඇවිත් KEYBOARD එකේ දිය වෙලා යනවා මේ ආදරේ මාව පුච්චනවා මැරෙනකම්ම. මං එයාගෙන් අහපු කිසිම දෙකට මේ වෙනකම් උත්තර නැහැ. මං හිතින් විතරක් ආදරය කරනවද? නැත්තම් නිකම්ම නිකන් මිරිඟුවක් පස්ස යනවද? එයට මං ගැන හිතෙන්නේ මොනවද මං මගෙන්ම ඇහුව එය වගේම මත් මුරන්ඩුයි නැහැ මං තනියෙන ආදරය කරනවා සමහරවිට එය කවදාවත් මගේ නොවෙන්න පුළුවන් හීනෙන්වත්, එත් මං වෙනස් වෙන්නේ නැහැ ඒ මගේ හැටි මුරන්ඩුයි එත් මගේ හිතුවක්කාර ජිවිතේ ඒ හිත ගාව ඒ හෙවනැල්ල ගාව තැම්පත් සිහ්ටල කඳුල මෙච්චර කාලෙකට නොදැනුන හැඟීමක් එයා ගවාදී එයා වෙනුවෙන් දැනෙනවා මේ ආදරයද? එහෙනම් එයා වෙනුවෙන් මගේ ආත්මය  මුදා ලන්න හිස් අවකාශයට හිනාවක් එක්ක දෙතොල් මත මට පුළුවන් නම් නොහිතම දෙවරක් ඒ ආදරයද? 

මේ කඳුල හෙට (08.02.2012) ඔබ දකිනකම් නලියාවි නෙතු අග