ඔය හිත අද්දර
තවමත් ආදරේයි මන්
ඔය මුරණ්ඩු හිතට
මට දුන්නු කඳුළු වලට
තරහක් නැහැ හිත අග
දුක හිතුනම හිනාවෙන
කඳුළ හංගන මේ දෑසට
තවත් කඳුලක් බර නැහැ
හීනියට ඇවිත් ඔබ තියා යන
නෙත් අගින් ඉගිබිගි කරන
පාට සමනලියෙක් නොඋනු මට
සල්ලාල අඩවියේ හීන කුමරුට
පෙම් බැන්දට හිමි උනේ කඳුලු කැට