Thursday, December 20, 2012

ආදරණිය නංගි බබාලට





කෙල්ලෙක් ගැන ගොඩක් දේවල් තියෙනව මේ සමාජේ වෙනස් කෙල්ලොත් වෙනස් ඒ හැම කෙල්ලටම කියන්න කියල හිතුන එකම එක දෙයක් ගැන මං මේ සයිබරයේ දැක්ක හැටි මගේ වචනෙන්
කෙල්ලෙක් උනාම මෙහෙම වෙන්න ඕනි අරෙහෙම වෙන්න ඕනි කියල හුඟක් අය කියනවනේ එත් ඔය අතරේ කට්ටියට කියන්න ඕනි ඔව් හොඳට හැදිච්ච කෙල්ලෙක්ට ඕනි කෙනෙක් ගරු කරන්ව. හැබැයි මං මේ කියන්න යන්නේ ඒ ගැන නෙමේ එත් අද සමාජයේ මේ Facebook එකේ දැක්ක අමුතුම කට්ටියක් ගැන. මේ ගොල්ලෝ ගොඩක් කරන්නේ අමුතු දෙයක් කට්ටියක් ඉස්සරහ බබා වෙන්න හදන එක. මේකේ ඉන්න අයියලට බබා වෙන්න මේ නංගිලා හරියට දන්නවා. ගෘප් එකක නැත්තම් කොහේ හෝ තැනක් මේ ගොල්ලෝ කරන්නේ අවධානය ගන්න අඬන එක මුළු පැය විසි හතරේම අවුරුද්දෙම අඬනවා. අනේ ඉතිං අපේ අයියලා ටික ගිහිං අර නංගි පැටියව නළවනවා අඬනවා ඉවරෙකුත් නැහැ නලවනවා ඉවරෙකුත් නැහැ. කාලෙන් කාලෙට එක එක අයියල මේවගේ නංගිලව  නළවනවා . 

එත් චුටි නංගියෝ තමන්ගේ දුක මාකට් කරලා ලොකු ලොකු අයියලාගෙන් ආදරේ කියල හිතල ලංවෙලා ඕගොල්ලන්ට පෙන්නන සුරංගනා ලෝක වලට අහු වෙන්න එපා. තව එක්ක ලෝකෙට පෙන්න බබා වෙන්න හදන්නත් එපා. මොකද කෙල්ලෝ කියන ජාතිය එහෙම කාටවත් ලෝකෙට පෙන්න නලවන්න ඕනි ජාතියක් නෙමේ එහෙම නැලවෙන්න තොදොල් වෙන්න ඕනි කට්ටියකුත් නෙමේ එහෙම ලෝකෙට පෙන්න ඒ දේවල් කලොත් නංගියෝ ඔයගොල්ලන්ට ඒ කොල්ලොම හොඳ නමක් දෙයි මට මෙතන කියන්න බැරි. අඩන්න එක්කෙනෙක්ට පෙන්න. හුරතල් වෙන්න එක්කෙනක් ළඟ, මොකද එහෙම නොවුනොත් වෙන්නේ ඔක්කොම අයට හුරතල් කරන්න හිතෙන එක. නැහැ මම කියන්නේ නැහැ හැම කෙල්ලම එක වගේ කියල හැම අයියමත් එක වගේ නෑ එත් නංගියෝ අපේ ජිවිතේ එක්කෙනෙක්ට විතරක් අපේ දුර්වලකම අපි ගැන  අපේ එකම පැත්තක් පෙන්නුවම ඇති හේතුව අපිව අමාරුවේ දාන්න ගොඩක් අය බලන් ඉන්නවා ඒ නිසා ඒ ගොල්ලන්ට ගොදුරක් වෙන්න එපා.  ජිවත් වෙන්න අනික් අයට එපා නොවෙන විදිහට. මොකද කෙල්ලෝ කියන්නේ ගොඩක් හයිය කට්ටියක්.  අන්න ඒ කෙලි ජාතියේ දුක මාකට් නොකර තමන්ව මාකට් නොකර තමන් මාකට් නොවී එහෙම උනාට පස්සේ කාටවත් බැනල වැඩක් නැහැ. ඕගොල්ලෝ කියයි අක්ක දුක කියල අඬන්නෙ නැද්ද කියල අඬනවා මම කියන්නේ නැහැ මම දුක ගැන පොස්ට් දාන්නේ නැහැ කියල එත් නංගියෝ මං දුක ගැන පොස්ට් දැම්මම ඔයා හොඳින්ද කියල මට පණිවිඩ එවන අයියලට මම උත්තර දෙන්නේ නැහැ දීල අඬන්නෙ නැහැ මගේ දුක මගේ කඳුළු මගේ පොස්ට් මගේ හැමදේම එත් මම ඒ දේ තුලින් විකිණිලා නැහැ. මම ලෝකයක් ඉස්සරහ බොරු බබෙක් වෙන්නේ නැහැ එහෙම වෙලා මගේ දේවල් හදාගෙනත් නැහැ. ආදරයෙන් කියන්නේ බබාලා ජිවිතේ නැති කරගන්න එපා හිනා වෙලා ඉන්න දුකයි නම් හැමෝටම දුක්කගන්න රාල කෙනෙක් වෙන්න දෙන්න එපා.


Monday, December 10, 2012

මේ එකම එක ඇත්තම කතාවක්- අවසානය






හතරවෙනි කෝල් එක මම ආන්සර් කරා එහා පැත්තෙන් ඇහෙන්නේ රොහාන්ගේ කටහඬ ඇත්තටම මම හිතුවේ නැහැ රොහාන් මට ආයේ කවදාවත් කතාකරයි කියලා. රොහාන් වෙනද වගේම මට දුෂි කියල කතාකරා එයා මගෙන් ඇහුවේ ඇයි මෙහෙම එයාටත් නොකිය ඔෆිස් එකෙනුත් අයින් වෙලා නම්බර් එකත් මාරු කරලා ගියේ කියල. එයාව එච්චරටම අමතක කරාද කියල ඇහුව මට කියන්න දෙයක් තිබ්බේ නැහැ අඬනවා ඇරෙන්න. ඇත්ත මොන දේ කියල කොහම කෑගැහුවත් මං මගේ හිතට දැනෙන දේවල් ගැන ගොඩක් සංවේදී වැඩි. ඒ වෙලාවට මට හේතුවක් නැතිවම උනත් කඳුළු එනවා. ඔහොම රොහාන් ගොඩක් වෙලා කතා කළා එයා ඕස්ට්‍රේලියා වලින් නිව් සිලන්ඩ් ගියා කිව්වා. එතකොට මං ඇහුව කෝ ඔයත් එක්ක හිටිය ගෑනු ළමය කියල. එතකොට එයා කිව්වේ දුෂි මට නොතේරුනාට මගේ ලෝකේ හිටියේ එකම එක ගෑණු ළමයෙක් විතරයි එයාව හොයාගෙන තමා මම අද කතා කරේ කියල. එයා මට ගොඩක් දේවල් කිව්වා. රොහාන් මගේ පරණ ඔෆිස් එකට කථාකරල තමයි මගේ අලුත් නම්බර් හොයාගෙන තියෙන්නේ ඔහොම පැයක් විතර කතා කරා එයා කිව්වේ ගෙදර ගිහින් කියන්න එයාට මට කියන්න දෙයක් තියෙනවා කියල. මං හිතන්නේ එයා කියන්න යන එක ඒ වෙද්දී මට තේරිලා තිබ්බේ. එත් දෙයියනේ රොහාන් ඔයා පරක්කුයි හොඳටම ඊටත් වඩා මට කවමදාකවත් රොහාන්ට ආදරේ කරන්න බැහැ මගේ ඔලුව පිස්සුවෙන් වගේ රිදෙන්න ගත්ත. මම එදා හිතුවක්කාරය මුණගැහිලා මට එයාට මේක කියන්න කලින් රොහාන් මට මොනවද කියන්නේ කියල අහල ඉන්න ඕනි. එදා මම කිව්වා මට රොහාන් කතා කළා කියල. රොහාන්ගේ කිසිම ආරංචියක් නැතිව මම දුකෙන් හිටිය තමයි එත් රොහාන් වෙනුවෙන් මම බලං හිටියේ නැහැ එදා ගෙදර ගියාම රොහාන් මාත් එක්ක කතා කළා එයා කිව්වේ එහෙ වෙලාව දැන් පාන්දර එත් අදම එයාට මේක කියන්න ඕනි නැත්තම් නින්ද යන එකක් නැහැ කියල. මං එයාගෙම වචන වලින් කියන්නම්

දුෂි මම මාස තුනක් හිතුව ගොඩක් හිතුව ඔයා ඔහොම ඔහෙට වෙලා දුක් විඳින්න ඕනි කෙල්ලෙක් නෙමේ ඔයා දුක් විඳිනවා මට බලං ඉන්න බැහැ එකයි ඇත්ත. මගේ ජිවිතේ හිටිය අය මාව දාල ගියා  සමහරවිට ඒ වෙලේ මට ඒ ඇයි කියන එක තේරුම් ගන්න බැරි වෙන්න ඇති එත් දුෂි මට දැන් තේරෙනවා මට ඔයයි ඕනි. මගේ ජිවිතේ අඩු උනේ ඒ ඔයා දුෂ්. මං ඔයාට කතා නොකර ඔයා ගැන හොයන්නේ නැතිව ඉන්න බැලුවා එත් දුෂ් මට එහෙම කරන්න බැහැ ඔයත් එක්කයි ඉන්න ඕනි. මේ හැමදේම හීනය වගේ ඇහුන රොහාන්ට ඉක්මනටම මාව කසාද බඳින්න ඕනි කිව්වා එයා කිව්වේ දුෂි මං මාස තුනක් හිතල මන් ඔයාට අද කතාකරා ඔයා හදිස්සි තීරණ ගන්න එපා ඔයත් හිතන්න ඔයත් කල්පනා කරන්න කියල මං මොනවා කල්පනා කරන්නද රොහාන් ඔයාට කවදාවත් මාව ඕනි උනේ නැහැ. රොහාන් ගාව මං ඉන්නකොට දැනුනේ නැහැ. එහෙනම් ඇයි මේ මං ගැන දුකයි නම් ඒක අනුකම්පාව ඒ ආදරය නෙමේ. රොහාන් මේ මොනවද කියවන්නේ? එත් මං ඒක දෙයක් දැනගෙන හිටිය රොහාන්ව මම තොර ගත්තොත් එයා මාව මලක් වගේ බලාගනී කියල ඒ රොහාන්ගේ හැටි මගේ ඇහැට කඳුලක්වත් එන්න නොදී රොහාන් මගේ ගාව ඉඳි. එත් මට හිතුවක්කාරය රවට්ටන්න බැහැ මං එහෙම කරන්නෙත් නැහැ. රොහාන් මට මුළු ලෝකෙම ගෙනත් දෙන්නම් කිව්වත් මට එයාගේ සල්ලි වැඩක් නැහැ. මොකද සල්ලි වලට ආදරේ කරානම් මං මෙහෙම වෙන්නෙත් නැහැ. රොහාන් ගැන තිබ්බේ එයාගේ සල්ලිවලින් හැමදේම කරන්න හදන කෙනෙක් ගැන තියෙන එපා වීම.  මට කවදාවත් රොහාන්ව දැක්කම ඒ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. රෝහානට මගේ හිතේ ඊට වඩා වෙනස් හැඟීමක් තියෙන්නේ එකයි ඇත්ත. එත් අනේ මන්ද රොහාන් ගෙදරටත් කියල තිබ්බා. අපේ අම්මල ඔනිවටත් වඩා උඩින් රොහාන්ට කැමති. එත් මම කැමති උනේ නැහැ රොහාන් කවදම හරි මාව දාල යයි කියන හැඟීම මට තිබ්බ එයාට උවමනා උනා නම් ඇයි එයා ඒ දවස් වල මට ඔය ගැන කිව්වේ නැත්තේ? ඇයි අවුරුදු දෙකකට පස්සේ එයාට මාව ඕනි උනේ.? අදටත් ඒ ප්‍රශ්න වලට මට උත්තර නැහැ. එදා මම රෝහාන්ගෙන් ඇහුව

Rohan if things didn’t work the way you and I want will you still be my best friend?
Yesh dush never have a doubt on that

මම හිතුවක්කාරය අත්හැරියේ නැහැ. එත් හිතුවක්කාරය කිව්වේ රොහාන් ගාවට යන්න කියල මොකද එයාට දෙන්න බැරි හැමදේම රොහාන් ගාව තියෙනවා කියල මට සැප විඳින්න පුළුවන් කියල. රොහාන් මාව බලාගනී කියල. ගෙවල් එක්ක රණ්ඩු කරල අන්තිමට රොහාන් එයාගේ තීරණේ වෙනස් කර ගත්ත. එත් රොහාන් එයාගේ පොරොන්දුව තිබ්බේ නැහැ. මට රොහාන් නැති උනා.  රොහාන් මන් එක්ක ආයේ කථා නොකරන්න තරහ උනා රොහාන ආයේ කවදාවත්ම ලංකාවට එන්නේ නැහැ කිව්වා ඒ විතරක් නෙමේ රොහාන් මට වෙනදට වඩා නපුරු විදිහට සැලකුව රොහාන් ගොඩක් වෙනස් උනා එයාට කෝල් කරන්න එපා කිව්වා මේල් යවන්නත් එපා කිව්වා. මං ගොඩක් අසරණ වෙලා ගෙදරින් එලියට එන්න උණු වෙලේ මගේ අසරණකම ගැන හිතන්නේ නැතිවම රොහාන් මට දුක හිතෙන විදිහට කතා කළා එත් මගේ හිතේ රොහාන්ට තිබ්බ ඒ හැඟීම නැති උනේ නැහැ දුකක් විතරක් ඉතිරි වෙලා මගේ හොඳම යාළුවා මට නැති උනා. රොහාන්ට මාව පෙන්න බැරි තරමට රොහාන් මට බැන්න. අපි අපේ ජිවිත වල අපි තෝරගත්ත පාරවල් වල ගියා.   ඊටත් මාස දෙකකට විතර පස්සේ රොහාන් මට මේල් එකක් එවල තිබ්බා එයා මං එක්ක තරහක් නැහැ එත් අපි අපිව දන්නේ නැහැ. එයාගේ ජීවිතේට කෙනෙක් එයා හොයා ගත්ත කියල එයා දෙසැම්බර් වල කසාද බඳිනවා කියල එදා මං ගෙදර ගිහින් ගොඩක් ඇඩුව දුකට රොහාන්  ගැන දුකත් හිතුන එත් රොහාන් පරක්කුයි රොහාන් ඉස්සරම ඒක පාරක්වත් හිතුව නම්. මට හිතුවක්කාරය කියන්නේ අදටත් ඔයාට එයා ගාවට යන්න තිබ්බ කියල ඔව් යන්න තිබ්බ එත් එහෙනම් මං මගේ මුළු ජිවිත කාලෙම විඳවනවා ඒ ආදරය කරපු කෙනාව රැවට්ටුවා කියල ඒ දේ කරන්න තරම මං ජරා කෙල්ලෙක් නෙමේ. ඇත්ත අදටත් හිතෙනවා රොහාන් ගැන මගේ යාළුවා ගැන අපි පාරවල් වල පිස්සු කර කර බස් එකේ විකාර නට නට ගිය හැටි එත් සමහර වෙලාවට යාළුවො දෙන්නෙක්ට ආදරේ කරන්න බැහැ එකයි ඇත්ත. අදටත් මට රොහාන් නැතිව පාළුයි දුකයි. එත් මේ අපේ ජිවිත වල හැටි.

ඒ නිසා මේ හැමෝටම කියන්නේ කාට හරි ආදරේ කරනවා නම් ඒ ආදරේ දැන්ම කියන්න නැත්තම් ඒ ආදරේ අපිට අහිමි වෙන හැටි රොහාන් වගේ බලාගෙන ඉන්න.

Tuesday, December 4, 2012

මේ එකම එක ඇත්තම කතාවක්- වෙන්වීම




ඊට පස්සේ රොහාන් ගොඩක් වෙනස් උනා එයා හැදුවේ පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් යන්න එයාට ඒ තරම් දුකක් එක්ක ඒ මතකයෙන් අයින් වෙන්න එයා ඉකමනට එක්සැම් ටික ඉවර කරල ලංකාවෙන් යන්න ලෑස්ති උනා. මං කිව්වෙම එයාට තව සතියක් දෙකක්වත් ලංකාවේ ඉන්න කියල. එත් එයා ඉන්නේ නැහැ කියල මං දැනගෙන හිටිය. එක ඉරිදා දවසක රොහාන් පංති ඇවිත් ඔක්කොටම කිව්වා මේ එයාගේ අන්තිම දවස කියල. එහෙම කියල එයා කලින්ම පංතියෙන් යන්න ගියා. ගිහින් මට කෝල් කළා කරලා පල්ලෙහාට පොඩ්ඩක් එන්න කිව්වා. මම ගියාම එයා පඩි පෙළ ගාව බලාගෙන ඉන්නවා. මං දන්නවා මේ අවසාන වෙලාව කියල එදායින් පස්සේ මට රොහාන් හම්බ වෙන්නේ නැහැ. එයා ඒ සතියේ බදාදා ලංකාවෙන් යනවා ආයේ කවදාවත් එන්නේ නැහැ. මට කියන්න දෙයක් තිබ්බේ නැහැ ඇත්තටම මගේ උගුරේ මොනවා හරි හිර වෙලා වගේ මට වෙලාව අල්ලා තියාගන්න පුළුවන් නම් නැත්තම් මට රොහාන්ට යන්න එපා කියල තියා ගන්න පුළුවන් නම්, එත් රොහාන්ට මං ආදරේ කරන්නේ නැහැ රොහාන් මං වෙනුවෙන් ඉන්න ඕනි කියනදේ මට එයාගෙන් ඉල්ලන්න බැහැ මම එයාගේ යාළුවෙක් විතරයි ඊට එහායින් එයා මගේ ජිවිතේ මෙච්චර ඉඩක් අරං ඉන්නවා  කියල මේ මොහොත වෙනකම් මං දැනගෙන හිටියේ නැහැ. මට දැනුනෙත් නැහැ රෝහානුයි මායි දෙන්නම කියන්න දෙයක් නැතිව බලාගෙන හිටිය රොහාන් බොහොම අමාරුවෙන් වචන ටිකක් ගැට ගත්තා “Dushi I am Going.”
“Yes I Know Rohan” ඊට වඩා මුකුත් කියන්න මට පුළුවන් කමක් තිබ්බේ නැහැ රොහාන් පස්සේ හිමින් සැරේ මට කිව්වා දඟකරන්නේ නැතිව ඉන්න කියල එහෙම්ම මාව බදාගත්තා. රොහාන් ඔව් මාව පිච්චිලා ගියා මට හිතාගන්න බැහැ මං අඩනවද ඉබේම කඳුළු වැටෙනවද කියල. ඒ උණුහුම මේ ආත්මයෙන්ම විඳින අන්තිම පාර මේ. ඇයි මේ දාල යන්න බැරි ගතියක් ඇයි මේ තරම් දුකක්. වෙන්න බැහැ මේ කතාව මෙහෙම ඉවර වෙන්න බැහැ කියල හිතුන වාර අනන්තයි. එත් ඒ වෙලේ මං ආත්මාර්ථකාමී වෙන්න ඇති. රොහාන් මාව ගොඩක් වෙලා බදාගෙන ඔළුව අත ගෑවා. මටත් එයාටත් අපි දෙන්නගෙන් අයින් වෙලා යන්න බැහැ කියල හිතුන. එත් එයා හිමිහිට මාව එයාගෙන් ඈත් කළා. ඇත්ත අපි දෙන්නගේ පාරවල් වෙනස් අපි යන්න ඕනි ඒ පාරවල් වල. මගේ පුංචි මුණේ කඳුළු ටික එයා පිහිදාන ගමන් මං යන්නම් කිව්වා මම රොහාන් යනකං බලාගෙන ඉඳල පංතියට ගියා බැහැ මට ඉගෙන ගන්න බැහැ මගේ එහා පැත්තේ විහිළු කර කර හිටිය රොහාන් නැති ඒ පුටුව මගේ අහංකාරකමට මට හයියෙන් හිනා වෙනවද කියල හිතුන. එත් අපිට එහෙම වෙන්න බැහැ. එයා ගියා මගේ ජිවිතේ හිටිය හොඳම යාළුවා මාව දාල ගියා. එයාට යන්න උනා. ඊට දවස් දෙකකට පස්සේ රොහාන්ට මම කතා කරලා විශ් කළා ඒ වෙලෙත් මං හොඳටම ඇඩුව ඊට පස්සේ එයා එදා රෑ ප්ලේන් එකට නැග්ග කියල මට අන්තිම මැසේජ් එක එවල තිබ්බ. මම සති දෙකක් බලං හිටය එයා පපරිස්සමෙන් ගියා කියල එත් එයා ඔන්ලයින් හිටියේ නැහැ. මගේ උපන්දිනේ පහු උන දවසේ එයා


10:22 AM Rohan: hi
10:23 AM happy birthday
  i am sorry i forgot your birthday
 me: I know
  it's okay
 Rohan: i won't give any excuses
  so take care
10:24 AM me: hmmm
 Rohan: okie
  i got to go
 me: sure
  take care
10:28 AM Vinitha Resigned
10:33 AM Rohan: oh
  viny the pooh
  gone
 me: u are worried about her?
  good
10:34 AM Rohan: hey
  whats wrong with you
  once again your trying to sound like my wife
 me: lol
 Rohan: after all you are just a friend only
  :P
10:35 AM me: I know it well
  :p
10:37 AM me: hmmm so are u coming down?
10:38 AM Rohan: no
  i can't
 Rohan: i left SL for good
  i knew
10:40 AM me: so y do u think u left SL for good?

10:46 AM  Rohan: good
  yes
  i will never come back
10:47 AM me: u will never?
  trust me u will come back

5 minutes
10:52 AM Rohan: nop
  never
  ever
10:53 AM u will never see me
10:54 AM me: will see rohan I believe we will
 Rohan: ah
  but i will never see you again
  i promise
10:55 AM me: why?
  what wrong i did to u?
10:56 AM Rohan: nothing
10:57 AM me: okay
 Rohan: okie i got to go
  happy birthday
  good luck with everything
  and don't worry
  your too young to fall sick
10:58 AM just take some medicine and get well soon
  bye
 me: Thank u
  tc
   
එදායින් පස්සේ රොහාන්ටයි මටයි රටවල් දෙක අතර වෙනස නිසා ගොඩක් කතාකරන්න බැරි උනා එයත් ඉඳල හිටල මං නැතිව පාළුයි කියලා කිව්වා එත් ඒ අතරම එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආව කියලත් කිව්වා ඒ කෙනා මං වගේමයි කියලත් කිව්වා එත් එයා කිව්වේ ආයේ කෙනෙක් එයාගේ ජීවිතේට එන්නේ නැහැ කියල.  එත් එයා එයාගේ ජිවිතේ එයාගේ පාරේ ගියා මමත් මගේ පාරේ ගියා ඒ ගෑණු ළමය එක්ක මමත් හිතුවක්කාරයත් එක්ක

Rohan: ok
  well i am sorry i had to take the girl shopping
4:13 PM me: why are u saying sorry for that?
  I have a good news too
 Rohan: k
  tell
 me: we are dating
  :)
4:14 PM he is sweet
  and caring
4:15 PM Rohan: gr8
4:16 PM i am happy for you
  hope you guys get married soon
  all the bet
  *best
4:17 PM me: not so soon
  Thank u
  :)
  I feel lucky
4:18 PM Rohan: good
4:20 PM me: :)
 Rohan: okie
 Rohan: i got to go out for dinner
4:21 PM good go for it
 me: have fun
  :)
 Rohan: ok will do
 me: tc
 Rohan: bye tc
  good luck with the guy
 me: ::)

එදායින් පස්සේ රොහානුයි මායි චැට් කලේ එක දවසක් වගේ රොහාන් ඒ ගෑණු ළමයත් එක්ක ඉන්නවා කියල කිව්වා මමත් මගේ පරණ ඔෆිස් එකෙන් අයින් උනා. මට රොහාන් අමතක වෙලාම ගියා. එයා ගැන හොයන්න, බලන්න වෙන කෙනෙක් ඉන්න නිසාත් එයාට කොහොමවත් මාව දකින්න ඕනි උනේ නැති නිසා මම එයා ගැන හොයන්න් ගියෙත් නැහැ. මට මගේ ජිවිතේ මගේ ආදරේ වෙනුවෙන් මම ජිවත් උනා. එත් මම හිතුව හරි රොහාන්ට මං නැතිව ඉන්න බැහැ කොහෙත්ම බැහැ. එයාට මාව අමතක කරනවා කියල කිව්වට එහෙම කරලා නැහැ.

ආයෙමත් දවසක රොහාන් මගේ ජීවිතේට ආව ඒ මන් නොහිතපු විදිහකට මං හීනෙන්වත් නොහිතපු විදිහට. මන් අලුත් ඔෆිස් එකේ ඉන්න කොට එක දවසක් මට දන්නේ නැති IDD නම්බර් එකකින් මිස් කෝල්ස් තුනක් තිබ්බ.