Thursday, March 19, 2015

ජාතියේ මහා පාවාදීම

පට්ටම කේන්තියෙන් ලියමි. 

සිරිසේන මාමේ අම්බානෙකට මහින්ද මාමාගේ පුත්තු එක්ක කළකිරීලා ඉද්දි මාම ආවම අපි හිතුවේ ලංකාවේ සිංහලයට තැනක් හදන. පොළොන්නරුවේ සිංහල මිනිහට පුළුවන් වෙයි කියල. ආච්චිගේ රෙද්ද රෑ ජාමේ ඉන්ටනෙට් එකෙන් අපි චන්ද හැරෙව්වේ සුදු වෑන් වලට බය නැතිව නෙමේ. 
ඇයි අම්මල තාත්තලා එපා එපා කියද්දී හිතේ දෙගඩියාවෙන්ම ගිහින් මාමට කතිරේ ගැහුවේ. 

චන්දෙ ප්‍රතිපල වලින් මොනා උනත් සිංහලයා පාවා දුන්නා කිව්වමත් රට බේරා ගත්ත කියල හිතින් සතුටු උනා. 
එත් දැන් වැඩක් නෑ මාමේ. පෙට්‍රල් අඩු උනාට වැඩක් නෑ. කොළඹ තිබ්බ ලස්සන එන්න එන්න විනාස වෙනවා. 
සිංහලයාගේ රටේ සිංහලකම වෙනුවට දෙමළින් ජාතික ගිය කියන්නලු. එහෙම නම් උන්ට තමිල්නාඩුවට යන්න කියන්න ඕනි

එළාර එලවපු සිංහලයන්ට, රජ පවුල පෙරලපු අපිට මාම ලොකු ගේමක් නෙමේ. එත් හිතට දුකයි මාමේ. පට්ටම දුකයි 
මාම ආයෙත් ලස්සනට තිබ්බ රට කෑවා. කුඩු ඇල්ලුවේ නෑ  ඇල්ලුවා කියල අපිව රැවට්ටුවා. හොරු ඇල්ලුවෙත් නෑ එකත් බොරු 
කළා. සිංහලය නැති උනේ සිංහලයෝ හින්දා. හිතට දුක නොදැනුවත්ම අපිත් අහු උනා. 

ඉස්සර වගේම අපිම අපේ ජාතිය පාවල දුන්න. දැන් හිතෙනවා මහින්ද මාම කිව්වා වගේ දන්න යකා හොඳයි කියල. 
එයා පාඩමක් ඉගෙනගෙන නම් අපි එයාවම ආයේ ගේනවා. කරන්න දෙයක් නෑ දැන් දින 100 පස්සේ අකුලගෙන් යන්න 
මොකද මේ රටට දින 60 , 70 කෙලවන්න හදන ඔයා නම් පට්ට. 

දිවුරුම් දෙන දවසේ කියපු ඔක්කොම අපි අහන් හිටියා. එත් වැඩක් නෑ දැන් හිත රිදිලා ඉවරයි රැවටිලා ඉවරයි. එත් ආයේ එහෙම වෙන්නේ 
නෑ. ආයේ කවදාවත් ඔහොම වෙන්න දෙන්නෙත් නෑ. 

රට කාපු මහරජාවත් රට කන්න හදන ඔයාගේත් මහලොකු වෙනසක් නෑ. 

මිට 
කලරුණ
අපි 

Wednesday, October 1, 2014

මම ආයෙත්


මොනා හරි ලියන්න හිතිලා වාඩි උනා මොනා ලියන්නද ? ලියන්න දේවල් නෑ මොන මගුලද මන්ද හිත බරයි නෑ එක්කෝ නිදිමතයි එහෙමත් හිතුනා වෙන්න ඇති. ජිවිතේ එක එක කාල වලදී ජිවිතේ දිහා බලන හැටි වෙනස් මට එහෙම හිතුනා ඇත්තමයි. ඔයාලටත් හිතිලා ඇති. කවුදෝ මට කිව්ව මගේ හිතේ ආදරේ නෑලු. නෑ නැතිව නෙමේ තියෙනවා එත් වෙනස් මිනිස්සු ඔක්කොම එකවගේ නෑ. සමහරු ආදරේ පෙන්නන්න දන්නේ නෑ. සමහර අය ආදරේට බයයි. ඔව් ආදරේ පෙන්නලා දුක් විඳින්නේ මොකටද? ඒ ජිවිතේ හැටි මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු වෙනස් එකිනෙකාට වෙනස් එහෙම නොවුනා නම් දහස්වාරයක් හිතුලා ඇති.

ඉස්සර බ්ලොග් එක ජිවිතේ වගේ ලියනවා ඔහේ ලියනවා වෙලාවකට දුක වෙලාවකට සතුට මේ බ්ලොග් එක මගේ ජිවිත පොත වෙලා තිබුනා එත් දැන් ලයිෆ් එක ෆුල් සිරා වෙලා. ඒ විතරක් නෙමේ අපි ලියනදේ දකිනවට වඩා මිනිස්සු ලියන දෙයින් අපිව මනින්න පටන් අරන්. නිකන් ගොස්ප් සයිට් එකක් වගේ ඉතින් කොහොමද ලියන්නේ. ඉස්සර මම පිස්සු දුශ් මේ බ්ලොග් එකත් එක්කම වැළලිලා ගිහින්. හිනා යනවා මතක් වෙද්දී හුකිස්. ඒ කාලේ ආයේ එන එකක් නෑ කවුදෝ ඉස්සර දවසක කිව්වා ඔන්න බලකො මෙකි බැන්ද ගමන් පට්ට වෙනස් වෙයි කියල. හැදෙයි කියල. එහෙම උනාද මම මගෙන්ම ඇහුව. දන්නේ නෑ එව්වා මෙහෙම හිතන්න බෑ මට හිතුනා.

වෙලාවකට මම මාව දන්නේ නෑ. එකපාරටම කුණාටුවක් ඇවිත් වගේ මාව අරන් ගියා. එත් අර ගිරව් දෙන්න වගේ නෙමේ කුණාටු ආවම මම පාර හොයන එන්න දනනවා ඉතින් ආයෙත් එනවා ඇවිත් කුරුටුබටි ගාල යනවා. ඉස්සර වගේම තමා මම ලියන්නේ මොනාද දන්නේ නෑ මොනා හරි කොටලා කොටලා යනවා. දැන් ඉස්සර වගේ පාරවල් ගානේ. රස්තියාදු වෙන්න බෑ යාළුවො එන්න කිව්වම දුවගෙන යන්න බෑ ගෙදර ඉන්නවා වැඩිහිටි පොඩි එකෙක් බලාගන්න.

ටිකක් ලියාගෙන යද්දී පොඩි හිනාවක් යනවා මේ දැන් ලිවීමයි කියවීමයි කුඩු ගහනව වගේ නවත්තල ඉන්න බෑ වෙව්ලනවා, ජිවිතේ මොනාහරි මග ඇරිලා කියල හිතෙනවා හප්පා එකත් ලෙඩක් තමා ලෙඩේට බෙහෙත ආයේ ලියමු. මොනාද දන්නේ නෑ එත් හිතට එන දේවල්. 

මේ මගේ දිනපොත ඉස්සරට වඩා ටිකක් සිරා එකක් වෙයි අනිවා ෂුවර්.

ආදරණිය

මම  

Wednesday, February 19, 2014

Facebook සහ මරණය




ෆේස් බුක් හින්ද කට්ටිය සිය දිවි නහගන්නවා කියල ෆේස් බුක් ලංකාවේ තහනම් කරන්න  යනවලු. දැන් එතකොට ඉස්සර ෆේස්බුක් තිබිලද මිනිස්සු බෙල්ලේ වැල දාගත්තේ. ෆේස් බුක් කියල කිසි මගුලක් නැති කාලේ ලංකාව සියදිවි නසාගැනීමේන් ලෝකයේ පලවෙනි තැන උනා. ලංකාවේ දේශපාලකයෝ විතරක් නෙමේ අනික් උන්ටත් පිස්සු. කෙල්ලෙක් වශයෙන් බැලුවොත් ලංකාවේ සමාජයේ කෙල්ලේක්ට කොල්ලෙක්  කිස් එකක් දෙනවා නෑදායෝ දැක්කොත් කියන්නේ උඹ මැරියන් උඹ පවුලට නින්දා කලා කියල. ඒ නිසා මුලින් ඒ ලංකාවේ මේ සදාචාරය හදපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න ඕනි. නින්දාව, අපාහස, විතරක් නෙමේ බඩගින්නවත් පුරුදු කරලා නැති කිසිම හැදියාවක් නැති සමාජයක් අනාගත පරපුරක් දායාද කරලා දීලා තියෙන්නේ මෙවැනි සමාජ අඩවි නොවේ. ගෙදරින්, පාසෙලෙන්. කෝ මහා දැන උගත් ගුරුවරු, දෙමාපියන්, මොවුන් මෙලෙස ගෙල වැලලා ගන්නකම් හෝ තවත් කෙනෙක් තම දරුවාට අපහස කරනකම් කරබාගෙන ඉන්නා කොන්ද පන නැති දෙමාපියන්. නැත හොත් අපිට හමුවන්නේ අවුරුදු 16 ළමයෙක්ට වේසි හෝ බඩුවක් කියන විදුහල්පති කෙනෙක්. මදක් සිතන්න මේ සමාජය කෙල්ලෙක්ව කොච්චර නම් බඩුවක් කර ඇත්ද? නොකළ වැරදි වලට කෙතරම් අපහස කර ඇතිද?

අනික් කරුණ ළමයෙක් සියදිවි හානි කරගන්නකම් මේ ළමයිනේ දෙමාපියන් කොහෙද හිටියේ.? ඒ කියන්නේ තමන්ට ඕනි විදිහට කියන දේ අහන ළමයෙක් හදාගන්න බැරි දෙමාපියන් බහුතරයක්ද ලංකාවේ සිටින්නේ. වෙන්න පුළුවන් දැන් දුවට වඩා අන්ත විදිහට ඇඟ පෙන්න ඇඳුම් ඇඳන් යනවා නම් අම්ම කෙනෙක් කෙසේද දරුවෙක්ට අවවාද දෙන්නේ. පියෙක් බිලා ඇවිත් කුණුහරුප කියල තමන්ගේ දුවව දුෂණය කරනවා නම්. කොහොමද පුතෙක්ට එසේ කරන්න එපා කියන්නේ? එතකොට අර තාත්තා බොන්නේ සමාජශීලි වෙබ් අඩවි නිසාද? අර අම්ම එහෙම අඳින්නේ ෆැෂන් සයිට් බලලද? අපි මේ කථා කරන්නේ මධ්‍යම පාන්තික සමාජයකට. අද අනාගතයක් හදන්න ඉන්නන මිනිස්සු අපිට ඇස් ඉස්සරහ දුෂණය උගන්නවා. එසේම කරලා අනාථ උණු කෙනෙක්ට මැරෙන්න බල කරනවා. සමාජය පිළිගන්න එකක් නෑලු. අපහසයක්ලු මොවුන් එකේ කියන්නේ ඒ කෙල්ල බලෙන් ගිහින් දුෂණය කරපන් මාව කියල කිව්වා වගේ. බහුතර මෙවැනි දේ වෙන්නේ කොළඹ පරිසරයේ නොවේ. කොටට ඇඳුමක් අඳින්න තියා හිතන්නෙත් නැති සමාජයක. අහිංසක මල් කැකුලට එතකොට වැරැද්ද කොතනද?

ෆේස් බුක් සියදිවි නසාගැනීම් යනු අමුතු ආකාරයක දෙයකි මම දැනට අවුරුදු 5 ක් පමණ මෙම සමාජ ශාලා අඩවිය භාවිතා කරන්නෙක් මි. නමුදු ඔය කියන ආකාරයකට මට එලෙසෙ සියදිවි නසාගන්න මෙම අඩවිය අනුභල දී නොමැත. එලෙසම ඒ ආකාරයට මට හැඟිද නොමැත. වරද නම් මෙවන් නින්දත පහත් සමාජයක් දැයට දායාද කරන මිනිස්සුන්ගේය. ප්‍රශනයකට මුහුණ දිය නොහැකි. යන්තම් සන්තම් පොඩි දේට වහ කුප්පියක් සාරියක් හොයාගෙන මැරෙන්න හදන එවුන් අපිට කෙලෙසත් අවශ්‍ය නැත. ලංකාවට අවශ්‍ය වන්නේ දරාගැනීමේ හැකියාව ඇති මිනිස්සු ටිකකි. තවද තමන්ගේ දරුවන් හදාගන්න පුළුවන් දෙමාපියන් ටිකකි. එලෙසම මොලයක් ඇති ගුරුවරු ටිකකි. එහෙත් අපි අවාසනාවන්තයෝ වෙති.

තව එකක් කීමට ඇත අනේ හාමුදුරුවනේ චන්ද ඉල්ලන්න කලින්. එක එක මිනිස්සුන්ට වල කපන්න කලින් ඔය හදාගෙන තියෙන ෆේස් බුක් එකවුන්ට් වලින් බණ ටිකක් කිව්වොත් අපි අහන්නේ නැතිව ඉන්නේ නෑ. මේ සියලු විකාර දැක දැක නොදැක්ක වගේ ඉන්නේ කොහොමද කියල දන්නේ නෑ. එත් මෙවැනි දේ දුෂණය, මත් ද්‍රව්‍ය මේ ඔබ වහන්සේලාට නැවත්විය හැකිදේ. ඔබ වහන්සේලා මෙවාදී මුනිවත රකින්නේ ඇයි කියා ඔබ වහන්සේලාම තමා දන්නේ. 




Saturday, January 4, 2014

අනේ මන්ද



ඇත්ත තිත්තයි වෙලාවකට 
දුරයි හිතාගන්න බැරි තරමට 
දුකයි ඉකි ගගහා අඩන මොහොතකම 
එත් ජිවිතේ මේ වගෙයි නොකිව්වට 

ඔබ දිහා බලාගෙන 
හිනාවකින් සරසාගෙන 
කිසිත් නොවුණු විලාසෙට 
කොහොම නම් ඉන්නද මේ ලෙස




Wednesday, November 13, 2013

For You- ඔබ වෙනුවෙන්ම ඔබත් එක්ක





එක දවසක්,
ලස්සන හැන්දෑවක් 
කොහේදෝ යන රස්තියාදුකාරයෙක් 
ඇවිත් 
අවුල් කල ජිවිතයක්,

I wish if that hug never happened,
I wish If I never knew you,
I wonder
Why did u crossed my road in a middle of a life puzzle





Thursday, October 24, 2013

Love that never was mine - මට මගේ නොවෙන මගේම ආදරයක් තිබුනා





ඒ නොදැක්ක ආදරය,
නොවින්ද සෙනෙහස,
මට තාමත් කඳුළු ගේනව,

එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............

That unseen love,
That untouched feeling,
Makes me cry today even,

I love you still just like old days ........

Sunday, January 20, 2013

අනුන් වෙනුවෙන් මොහොතක් ජිවත් වෙමු




අද මම ගියා කොළඹ වටේ පොඩි රවුමක් ඒ රවුම පටන් ගන්නේ කොළඹ තියෙන ඉස්සර ආශා සෙන්ට්‍රල් කියල තිබුන දැන් ආමි හොස්පිටල් කියල තියෙන එකෙන්. එතනට ගියාම දැනේනේ අමුතුම හැඟීමක්. මම ගියපු තැනම පිරිමි කෙනෙක් හිටිය එයාට හෙල්ලෙනවත් බැහැ එයාගේ හැම වැඩක්ම කරන්නේ එතන බෙහෙත් දාන්න ඉන්න අය. මෙහෙම  තුවාල වෙලා කාත් කවුරුවත් නැතිව තනියම දුක් විඳින්නේ අපි වෙනුවෙන් එදා රට බේරගන්න යුද්ධෙට ගිහිං ජිවිතේ කැප කරපු තරුණ ජිවිත. අද ඒ ගොල්ලෝ ඉස්පිරිතාලේ ඇඳක තනියම කෙඳිරි ගානවා තනියම සුසුම් හෙලනවා එත් ඒගොල්ලොන්ගේ හිතේ මුණේ වචන වලවත් කිසිම පැමිණිල්ලක සේයාවක් නැහැ. ඒ දුක ඒ අසරණකම ඒ ගොල්ලොන්ට වඩා අපේ හිතට දැනෙනවා අපේ ඇස වලට කඳුළු නැගෙනවා. ඒ එඩිතර නොසැලෙන ශක්තිය හින්ද. ඒ විතරක් නෙමෙයි. ඒ අපිට පේන්න ලෙඩ තියෙන අය තවත් කොටසක් ඉන්නවා ඒ ගොල්ලන්ට එලියට පෙන්න කිසිම ලෙඩක් නැහැ අපි වගේම ඇවිදලා සාමාන්‍ය විදිහට ඉන්නවා එත් ඒගොල්ලෝ කියන්න බැරි එහෙම නැත්තම් යුද්ධයෙ අතුරු ප්‍රථිපල විඳින කොටසක් ඇඟ ඇතුලෙන් එහෙම එහෙමත් නැත්තම් පිටතට නොපෙනෙන ලෙඩකින් දුක් විඳින අය. මේ ගොඩක් අයගේ නෑදැයෝ ගෙවල් කොළඹ අවට අය නෙමේ. මේ ඉන්න ගොඩක් තරුණ ජිවිත ඈත දුෂ්කර ගම් පළාත් වල ජිවිතේ ගැට ගහ ගන්න එදා වේල හොයා ගන්න විදිහක් නැති කමට හමුදාවට එකතු වුන අය. එත් ඔවුන් එදා ඒ ජිවිත කැප කිරීම මොන හේතුව මත කුමණ විදිහට මව්බිම ආරක්ෂා කරන්න යුද්ධයට එකතු උනත් අද ඔවුන් මේ ගෙවන්නේ අපි ජිවත් කරවන්න රට වෙනුවෙන් කල ජිවිත පරිත්‍යාගය. අපි ඔවුන්ට සදා ණයගැතියි හිතින් සිතිවිලි වලින් නෙමේ අපි මේ කන බොන අඳින හැම දෙයකින්ම අපි ගෙවන්නේ ඔවුන් අපි වෙනුවට හිලව් කරපු ජීවිතයි. රට වෙනුවෙන් දිවි පිදු සියලු දුක්කම් කටොලු ඉසිලු විරුවාණෙනි අපි ඔබට සදා ණයගැතියි.  

ඊට පස්සේ මම එතනින් එන්නේ කොළඹ 7 ට හරියටම විනාඩි 20 ක් වගේ පාරේ හිටගෙන හිටිය වෙන මුකුත් නිසා නෙමේ හිත පොඩ්ඩක් හදාගන්න. කොළඹ 7 කිසිම අඩුපාඩුවක් නැති මිහිපිට සුරපුරය මම ඒ හිටිය විනාඩි 7 ඇතුලත BMW, BENZ, LAND ROVER, RANGE ROVER, HONDA, NISSAN, AUDI මේ කියන වාහාන ජාති එක ජාතියකින් 2 කට වඩා මාව පහුකර ගෙන ගියා. වෙනදට වාහන පිස්සෙක් උන මට අද ඒ කිසිම එකක් කෙරෙහි ඇලමකට වඩා කළකිරීමක් ඇති උනා අද ඒ අදහස කේන්තියට හා මිශ්‍ර වුවක් “ අද උඹලා  මෙහෙම ඉගිල්ලෙන්නේ මේ උඹලා උජාරුවට පහුකර ගෙන යන අර අහිංසක මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න” ඔය ගිය හැම වාහනයකම වටිනාකම ලක්ෂ 25 වඩා වැඩි එත් ඒ මිනිස්සු එක ලක්ෂයක් තමන්ගේ රට වෙනුවෙන් වියදම් කරලා තියේද? මේ වගේ හමුදාවට නැත්තම් අසරණ මිනිස්සුන්ට වියදම් කරලා තියෙනවද? නැහැ එත් කවමදාක හරි මරණ බිය උඹලටත් දැනේවි අන්න එදාට, ජිවිතේ වාරු නැති දවසට ඔය රජ සැප විඳින ධනපති පන්තියත් මේ දුක විඳින ජිවිතය ගැට ගහගන්න අපිත් යන්නේ එකම තැනට විඳින්නේ එකම වේදනාව. 

ඊට පස්සේ මම ඇවිදින්න ගත්ත ටවුන් හෝල් එක පැත්තට නගර සභාවේ වැට කඩල මිනිස්සු ඒ වැඩ මම  ඒ පාර දිගේ ඇවිදගෙන ගියා ගොඩක් වයසක මනුස්සයෙක් ඒ පාරේම තියාගෙන බත් වේල විඳිනවා ඒ කාෂ්ටක අව්වේ වැඩ බිමේ ලැබුණු කෑම පාර්සලේ අරන් ගිහිං කන්න තැනක් නැහැ ඒ මනුස්සයට ඉතිං ඒ මනුස්සය එතනම බිම තියාගෙන කුසගින්න නිවාගන්නවා උදේටත් දවල්ටත් කිසිම දෙයක් නොකා හිටිය මට කන්න කියල එතන තිබ්බ ලඟම තිබ්බ කඩේට රිංගන්න හිතුනේ නැහැ මට. මිනිස්සු රට සංවර්ධනය කරනවලු එත් මේකද ලෝකේ කියන සංවර්ධනය මම මගෙන්ම ඇහුවා. එතනම තියෙන්නේ ලංකාවේ ඉන්න ධනපති පන්තියේ මාළිගා ටික කෝටි ගණනක් වියදම් කරලා හදපු නෙළුම් පොකුණ එත් ඊටම එහා පැත්තේ ජිවිතේ ගැට ගහන්න දුක් විඳින මිනිස්සු. රටක සංවර්ධනය මනිනේ ඒ රටේ තියෙන අලුත් ගොඩනැගිලි ගණන වාහන ගණනින් නම් අද ලංකාව සංවර්ධිත රටක්.  එත් රටක් සංවර්ධනය වෙලා වැඩක් නැහැ මිනිස්සුන්ට එදා වේල කන්න රුපියල් 100 බැරි නම්. හාල් පොල් ටික ගන්න ඒක පුද්ගල අදායම භාණ්ඩ මිලට සමානුපාතික නොවේ නම්. මේ දුක් විඳින මිනිස්සු අද තමන්ගේ ජිවිතේ වෙනුවෙන් එක වේලක් වෙනුවෙන් තමන් සතු සියලු දේ විකුණයි මේ ජිවිතයේ තවත් එකම එක පැත්තක්.
ඊට පස්සේ නවලෝකෙට ගිහිං එතනින් මම බස් එකේ නැග්ගා. නැගල හිමින් හිමින් ආවේ බම්බලපිටියට හරියටම ඩයලොග් එක ගාවදි මගේ ඇස ගැටුනේ තවත් හිතට දුක හිතෙන දෙයක් මේ ඔය හරියේ ගස් යට ඉන්නවා Electric Badminton වගේ තව පොඩි පොඩි 100 කෑලි ටිකක් තියාගෙන ඉන්න ළමයි අව්වට පිච්චිලා පිච්චිලා ඒ ළමයින්ගේ හම කළු පාට වෙලා. මම හිතන්නේ දවසෙම ඔය ළමයි ඉන්නේ එතන ඒ ගොල්ලන්ට දවසට මෙපමණ ගානක් හොයන්න කියල වෙලා තියෙන්නේ මෙතන හිටිය ගැහැණු ළමයෙක් කාර් එකක් නවත්තල එත් එයා ගාව හිටිය වෙන කොල්ලෙක් ඒ ගෑණු ළමයාගේ සෙල් එකට බැහැල මේ ගෑණු ළමයා පැත්තකට වෙලා තව කෙනෙක්ට මේක කියා කියා අඬනව. සමහරවිට ඒ එයාගේ මුළු දවසෙම සෙල් එක වෙන්න ඇති. ජිවත් කරවන්න පවුලක් නංගිලා මල්ලිලා ඇති තරුණ ගැහැණු ළමයෙක් විදිහට එයාට උවමනාව තිබ්බ නම් සල්ලි හම්බ කරන්න වෙන ඕන තරම් ක්‍රම එයාට තියෙනවා එත් හිතට එකඟව ආත්ම අභිමානයෙන් ජිවිතේ ගැටගහ ගන්න එයාව පාගලා දාන්නත් අය ඉන්නවා ජිවිතේ අන්තෙට වැටිලා ඉන්න මිනිස්සුන්ට උනත් උඩට යන්න දෙන්නේ නැති ජීවතේ වැටෙන්න තැනක් නැති මිනිහෙක්ට උනත් සමහර වෙලාවට ජිවිතේ රිද්දනවා එක මේ ලොකු ලොකු කාර් වල ගිහිං ඔෆිස් වල සාධාරණව වැඩ කරන ඔබටයි මටයි පාරේ වෙළඳාම් කරන ඒ ගැහැණු ළමයටයි කියල වෙනසක් නැහැ. කළකිරීල වැඩක් නැහැ කරන්න තියෙන්නේ උපේක්ෂාවෙන් බලා සිටීම පමණයි මොකද හැම කෙනාම කවද හෝ ජිවිතේ විඳවන්න වෙන නිසා.

මම ඔහොමම බස් එකේ ආව හිතන්න ගොඩක් දේවල් තිබ්බ  දවල්ට කොහෙන්වත් නොකා ගෙදර ආව බඩගින්නට වඩා තිබුනේ කලකිරුණු හිතක් අනේ මට ඇති හැටියට මේ දුක් විඳින මින්ස්සුන්ට යමක් කරන්න ඇත්නම්. මම කොච්චර නම් මට නොලැබුණ නැති උන දුක් වෙනවද එත් අද මම ඒ මිනිස්සු විඳින දුක් විඳින්නේ නැහැ. අද මට එකම එක දෙයක් තේරුණා මම රජයට දේශපාලුවන්ට හෝ මගේ වටේ ඉන්න මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ මම විසින් මම ඉගෙන ගත්ත මගේ රටට, ජාතියට, ආගමට, සමාජයට කිසිම දෙයක් කරලා නැහැ සමහරවිට කරනත් බැරි වෙයි එත් මම මගෙන් වෙන්න ඕනි වගකීම් කොටස ඉෂ්ට කරන්න ඕනි එක වේලක් කන්න බැරි මනුස්සයෙක් වෙනුවෙන් එකම එක පාඩම් පොතක් ගන්න බැරි ළමයෙක් වෙනුවෙන් අලුත් ඇඳුමක් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන් මට ඇති විදිහට මම දෙනවා මම ජිවිතේ දුක් විඳින මිනිස්සු එක්ක ඒ දුක පොඩ්ඩක් බෙදා ගන්නවා. මට ලොවක් හෝ රටක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ එහෙත් මට මා වෙනස් කිරීමට අවශ්‍යයි. අනුන් වෙනුවෙනුත් යමක් කිරීමට ජිවිතේ කිසියම් මොහොතක් යම්කිසි වෙලාවක් වෙන් කරමි.   

Thursday, December 20, 2012

ආදරණිය නංගි බබාලට





කෙල්ලෙක් ගැන ගොඩක් දේවල් තියෙනව මේ සමාජේ වෙනස් කෙල්ලොත් වෙනස් ඒ හැම කෙල්ලටම කියන්න කියල හිතුන එකම එක දෙයක් ගැන මං මේ සයිබරයේ දැක්ක හැටි මගේ වචනෙන්
කෙල්ලෙක් උනාම මෙහෙම වෙන්න ඕනි අරෙහෙම වෙන්න ඕනි කියල හුඟක් අය කියනවනේ එත් ඔය අතරේ කට්ටියට කියන්න ඕනි ඔව් හොඳට හැදිච්ච කෙල්ලෙක්ට ඕනි කෙනෙක් ගරු කරන්ව. හැබැයි මං මේ කියන්න යන්නේ ඒ ගැන නෙමේ එත් අද සමාජයේ මේ Facebook එකේ දැක්ක අමුතුම කට්ටියක් ගැන. මේ ගොල්ලෝ ගොඩක් කරන්නේ අමුතු දෙයක් කට්ටියක් ඉස්සරහ බබා වෙන්න හදන එක. මේකේ ඉන්න අයියලට බබා වෙන්න මේ නංගිලා හරියට දන්නවා. ගෘප් එකක නැත්තම් කොහේ හෝ තැනක් මේ ගොල්ලෝ කරන්නේ අවධානය ගන්න අඬන එක මුළු පැය විසි හතරේම අවුරුද්දෙම අඬනවා. අනේ ඉතිං අපේ අයියලා ටික ගිහිං අර නංගි පැටියව නළවනවා අඬනවා ඉවරෙකුත් නැහැ නලවනවා ඉවරෙකුත් නැහැ. කාලෙන් කාලෙට එක එක අයියල මේවගේ නංගිලව  නළවනවා . 

එත් චුටි නංගියෝ තමන්ගේ දුක මාකට් කරලා ලොකු ලොකු අයියලාගෙන් ආදරේ කියල හිතල ලංවෙලා ඕගොල්ලන්ට පෙන්නන සුරංගනා ලෝක වලට අහු වෙන්න එපා. තව එක්ක ලෝකෙට පෙන්න බබා වෙන්න හදන්නත් එපා. මොකද කෙල්ලෝ කියන ජාතිය එහෙම කාටවත් ලෝකෙට පෙන්න නලවන්න ඕනි ජාතියක් නෙමේ එහෙම නැලවෙන්න තොදොල් වෙන්න ඕනි කට්ටියකුත් නෙමේ එහෙම ලෝකෙට පෙන්න ඒ දේවල් කලොත් නංගියෝ ඔයගොල්ලන්ට ඒ කොල්ලොම හොඳ නමක් දෙයි මට මෙතන කියන්න බැරි. අඩන්න එක්කෙනෙක්ට පෙන්න. හුරතල් වෙන්න එක්කෙනක් ළඟ, මොකද එහෙම නොවුනොත් වෙන්නේ ඔක්කොම අයට හුරතල් කරන්න හිතෙන එක. නැහැ මම කියන්නේ නැහැ හැම කෙල්ලම එක වගේ කියල හැම අයියමත් එක වගේ නෑ එත් නංගියෝ අපේ ජිවිතේ එක්කෙනෙක්ට විතරක් අපේ දුර්වලකම අපි ගැන  අපේ එකම පැත්තක් පෙන්නුවම ඇති හේතුව අපිව අමාරුවේ දාන්න ගොඩක් අය බලන් ඉන්නවා ඒ නිසා ඒ ගොල්ලන්ට ගොදුරක් වෙන්න එපා.  ජිවත් වෙන්න අනික් අයට එපා නොවෙන විදිහට. මොකද කෙල්ලෝ කියන්නේ ගොඩක් හයිය කට්ටියක්.  අන්න ඒ කෙලි ජාතියේ දුක මාකට් නොකර තමන්ව මාකට් නොකර තමන් මාකට් නොවී එහෙම උනාට පස්සේ කාටවත් බැනල වැඩක් නැහැ. ඕගොල්ලෝ කියයි අක්ක දුක කියල අඬන්නෙ නැද්ද කියල අඬනවා මම කියන්නේ නැහැ මම දුක ගැන පොස්ට් දාන්නේ නැහැ කියල එත් නංගියෝ මං දුක ගැන පොස්ට් දැම්මම ඔයා හොඳින්ද කියල මට පණිවිඩ එවන අයියලට මම උත්තර දෙන්නේ නැහැ දීල අඬන්නෙ නැහැ මගේ දුක මගේ කඳුළු මගේ පොස්ට් මගේ හැමදේම එත් මම ඒ දේ තුලින් විකිණිලා නැහැ. මම ලෝකයක් ඉස්සරහ බොරු බබෙක් වෙන්නේ නැහැ එහෙම වෙලා මගේ දේවල් හදාගෙනත් නැහැ. ආදරයෙන් කියන්නේ බබාලා ජිවිතේ නැති කරගන්න එපා හිනා වෙලා ඉන්න දුකයි නම් හැමෝටම දුක්කගන්න රාල කෙනෙක් වෙන්න දෙන්න එපා.


Monday, December 10, 2012

මේ එකම එක ඇත්තම කතාවක්- අවසානය






හතරවෙනි කෝල් එක මම ආන්සර් කරා එහා පැත්තෙන් ඇහෙන්නේ රොහාන්ගේ කටහඬ ඇත්තටම මම හිතුවේ නැහැ රොහාන් මට ආයේ කවදාවත් කතාකරයි කියලා. රොහාන් වෙනද වගේම මට දුෂි කියල කතාකරා එයා මගෙන් ඇහුවේ ඇයි මෙහෙම එයාටත් නොකිය ඔෆිස් එකෙනුත් අයින් වෙලා නම්බර් එකත් මාරු කරලා ගියේ කියල. එයාව එච්චරටම අමතක කරාද කියල ඇහුව මට කියන්න දෙයක් තිබ්බේ නැහැ අඬනවා ඇරෙන්න. ඇත්ත මොන දේ කියල කොහම කෑගැහුවත් මං මගේ හිතට දැනෙන දේවල් ගැන ගොඩක් සංවේදී වැඩි. ඒ වෙලාවට මට හේතුවක් නැතිවම උනත් කඳුළු එනවා. ඔහොම රොහාන් ගොඩක් වෙලා කතා කළා එයා ඕස්ට්‍රේලියා වලින් නිව් සිලන්ඩ් ගියා කිව්වා. එතකොට මං ඇහුව කෝ ඔයත් එක්ක හිටිය ගෑනු ළමය කියල. එතකොට එයා කිව්වේ දුෂි මට නොතේරුනාට මගේ ලෝකේ හිටියේ එකම එක ගෑණු ළමයෙක් විතරයි එයාව හොයාගෙන තමා මම අද කතා කරේ කියල. එයා මට ගොඩක් දේවල් කිව්වා. රොහාන් මගේ පරණ ඔෆිස් එකට කථාකරල තමයි මගේ අලුත් නම්බර් හොයාගෙන තියෙන්නේ ඔහොම පැයක් විතර කතා කරා එයා කිව්වේ ගෙදර ගිහින් කියන්න එයාට මට කියන්න දෙයක් තියෙනවා කියල. මං හිතන්නේ එයා කියන්න යන එක ඒ වෙද්දී මට තේරිලා තිබ්බේ. එත් දෙයියනේ රොහාන් ඔයා පරක්කුයි හොඳටම ඊටත් වඩා මට කවමදාකවත් රොහාන්ට ආදරේ කරන්න බැහැ මගේ ඔලුව පිස්සුවෙන් වගේ රිදෙන්න ගත්ත. මම එදා හිතුවක්කාරය මුණගැහිලා මට එයාට මේක කියන්න කලින් රොහාන් මට මොනවද කියන්නේ කියල අහල ඉන්න ඕනි. එදා මම කිව්වා මට රොහාන් කතා කළා කියල. රොහාන්ගේ කිසිම ආරංචියක් නැතිව මම දුකෙන් හිටිය තමයි එත් රොහාන් වෙනුවෙන් මම බලං හිටියේ නැහැ එදා ගෙදර ගියාම රොහාන් මාත් එක්ක කතා කළා එයා කිව්වේ එහෙ වෙලාව දැන් පාන්දර එත් අදම එයාට මේක කියන්න ඕනි නැත්තම් නින්ද යන එකක් නැහැ කියල. මං එයාගෙම වචන වලින් කියන්නම්

දුෂි මම මාස තුනක් හිතුව ගොඩක් හිතුව ඔයා ඔහොම ඔහෙට වෙලා දුක් විඳින්න ඕනි කෙල්ලෙක් නෙමේ ඔයා දුක් විඳිනවා මට බලං ඉන්න බැහැ එකයි ඇත්ත. මගේ ජිවිතේ හිටිය අය මාව දාල ගියා  සමහරවිට ඒ වෙලේ මට ඒ ඇයි කියන එක තේරුම් ගන්න බැරි වෙන්න ඇති එත් දුෂි මට දැන් තේරෙනවා මට ඔයයි ඕනි. මගේ ජිවිතේ අඩු උනේ ඒ ඔයා දුෂ්. මං ඔයාට කතා නොකර ඔයා ගැන හොයන්නේ නැතිව ඉන්න බැලුවා එත් දුෂ් මට එහෙම කරන්න බැහැ ඔයත් එක්කයි ඉන්න ඕනි. මේ හැමදේම හීනය වගේ ඇහුන රොහාන්ට ඉක්මනටම මාව කසාද බඳින්න ඕනි කිව්වා එයා කිව්වේ දුෂි මං මාස තුනක් හිතල මන් ඔයාට අද කතාකරා ඔයා හදිස්සි තීරණ ගන්න එපා ඔයත් හිතන්න ඔයත් කල්පනා කරන්න කියල මං මොනවා කල්පනා කරන්නද රොහාන් ඔයාට කවදාවත් මාව ඕනි උනේ නැහැ. රොහාන් ගාව මං ඉන්නකොට දැනුනේ නැහැ. එහෙනම් ඇයි මේ මං ගැන දුකයි නම් ඒක අනුකම්පාව ඒ ආදරය නෙමේ. රොහාන් මේ මොනවද කියවන්නේ? එත් මං ඒක දෙයක් දැනගෙන හිටිය රොහාන්ව මම තොර ගත්තොත් එයා මාව මලක් වගේ බලාගනී කියල ඒ රොහාන්ගේ හැටි මගේ ඇහැට කඳුලක්වත් එන්න නොදී රොහාන් මගේ ගාව ඉඳි. එත් මට හිතුවක්කාරය රවට්ටන්න බැහැ මං එහෙම කරන්නෙත් නැහැ. රොහාන් මට මුළු ලෝකෙම ගෙනත් දෙන්නම් කිව්වත් මට එයාගේ සල්ලි වැඩක් නැහැ. මොකද සල්ලි වලට ආදරේ කරානම් මං මෙහෙම වෙන්නෙත් නැහැ. රොහාන් ගැන තිබ්බේ එයාගේ සල්ලිවලින් හැමදේම කරන්න හදන කෙනෙක් ගැන තියෙන එපා වීම.  මට කවදාවත් රොහාන්ව දැක්කම ඒ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. රෝහානට මගේ හිතේ ඊට වඩා වෙනස් හැඟීමක් තියෙන්නේ එකයි ඇත්ත. එත් අනේ මන්ද රොහාන් ගෙදරටත් කියල තිබ්බා. අපේ අම්මල ඔනිවටත් වඩා උඩින් රොහාන්ට කැමති. එත් මම කැමති උනේ නැහැ රොහාන් කවදම හරි මාව දාල යයි කියන හැඟීම මට තිබ්බ එයාට උවමනා උනා නම් ඇයි එයා ඒ දවස් වල මට ඔය ගැන කිව්වේ නැත්තේ? ඇයි අවුරුදු දෙකකට පස්සේ එයාට මාව ඕනි උනේ.? අදටත් ඒ ප්‍රශ්න වලට මට උත්තර නැහැ. එදා මම රෝහාන්ගෙන් ඇහුව

Rohan if things didn’t work the way you and I want will you still be my best friend?
Yesh dush never have a doubt on that

මම හිතුවක්කාරය අත්හැරියේ නැහැ. එත් හිතුවක්කාරය කිව්වේ රොහාන් ගාවට යන්න කියල මොකද එයාට දෙන්න බැරි හැමදේම රොහාන් ගාව තියෙනවා කියල මට සැප විඳින්න පුළුවන් කියල. රොහාන් මාව බලාගනී කියල. ගෙවල් එක්ක රණ්ඩු කරල අන්තිමට රොහාන් එයාගේ තීරණේ වෙනස් කර ගත්ත. එත් රොහාන් එයාගේ පොරොන්දුව තිබ්බේ නැහැ. මට රොහාන් නැති උනා.  රොහාන් මන් එක්ක ආයේ කථා නොකරන්න තරහ උනා රොහාන ආයේ කවදාවත්ම ලංකාවට එන්නේ නැහැ කිව්වා ඒ විතරක් නෙමේ රොහාන් මට වෙනදට වඩා නපුරු විදිහට සැලකුව රොහාන් ගොඩක් වෙනස් උනා එයාට කෝල් කරන්න එපා කිව්වා මේල් යවන්නත් එපා කිව්වා. මං ගොඩක් අසරණ වෙලා ගෙදරින් එලියට එන්න උණු වෙලේ මගේ අසරණකම ගැන හිතන්නේ නැතිවම රොහාන් මට දුක හිතෙන විදිහට කතා කළා එත් මගේ හිතේ රොහාන්ට තිබ්බ ඒ හැඟීම නැති උනේ නැහැ දුකක් විතරක් ඉතිරි වෙලා මගේ හොඳම යාළුවා මට නැති උනා. රොහාන්ට මාව පෙන්න බැරි තරමට රොහාන් මට බැන්න. අපි අපේ ජිවිත වල අපි තෝරගත්ත පාරවල් වල ගියා.   ඊටත් මාස දෙකකට විතර පස්සේ රොහාන් මට මේල් එකක් එවල තිබ්බා එයා මං එක්ක තරහක් නැහැ එත් අපි අපිව දන්නේ නැහැ. එයාගේ ජීවිතේට කෙනෙක් එයා හොයා ගත්ත කියල එයා දෙසැම්බර් වල කසාද බඳිනවා කියල එදා මං ගෙදර ගිහින් ගොඩක් ඇඩුව දුකට රොහාන්  ගැන දුකත් හිතුන එත් රොහාන් පරක්කුයි රොහාන් ඉස්සරම ඒක පාරක්වත් හිතුව නම්. මට හිතුවක්කාරය කියන්නේ අදටත් ඔයාට එයා ගාවට යන්න තිබ්බ කියල ඔව් යන්න තිබ්බ එත් එහෙනම් මං මගේ මුළු ජිවිත කාලෙම විඳවනවා ඒ ආදරය කරපු කෙනාව රැවට්ටුවා කියල ඒ දේ කරන්න තරම මං ජරා කෙල්ලෙක් නෙමේ. ඇත්ත අදටත් හිතෙනවා රොහාන් ගැන මගේ යාළුවා ගැන අපි පාරවල් වල පිස්සු කර කර බස් එකේ විකාර නට නට ගිය හැටි එත් සමහර වෙලාවට යාළුවො දෙන්නෙක්ට ආදරේ කරන්න බැහැ එකයි ඇත්ත. අදටත් මට රොහාන් නැතිව පාළුයි දුකයි. එත් මේ අපේ ජිවිත වල හැටි.

ඒ නිසා මේ හැමෝටම කියන්නේ කාට හරි ආදරේ කරනවා නම් ඒ ආදරේ දැන්ම කියන්න නැත්තම් ඒ ආදරේ අපිට අහිමි වෙන හැටි රොහාන් වගේ බලාගෙන ඉන්න.

Tuesday, December 4, 2012

මේ එකම එක ඇත්තම කතාවක්- වෙන්වීම




ඊට පස්සේ රොහාන් ගොඩක් වෙනස් උනා එයා හැදුවේ පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් යන්න එයාට ඒ තරම් දුකක් එක්ක ඒ මතකයෙන් අයින් වෙන්න එයා ඉකමනට එක්සැම් ටික ඉවර කරල ලංකාවෙන් යන්න ලෑස්ති උනා. මං කිව්වෙම එයාට තව සතියක් දෙකක්වත් ලංකාවේ ඉන්න කියල. එත් එයා ඉන්නේ නැහැ කියල මං දැනගෙන හිටිය. එක ඉරිදා දවසක රොහාන් පංති ඇවිත් ඔක්කොටම කිව්වා මේ එයාගේ අන්තිම දවස කියල. එහෙම කියල එයා කලින්ම පංතියෙන් යන්න ගියා. ගිහින් මට කෝල් කළා කරලා පල්ලෙහාට පොඩ්ඩක් එන්න කිව්වා. මම ගියාම එයා පඩි පෙළ ගාව බලාගෙන ඉන්නවා. මං දන්නවා මේ අවසාන වෙලාව කියල එදායින් පස්සේ මට රොහාන් හම්බ වෙන්නේ නැහැ. එයා ඒ සතියේ බදාදා ලංකාවෙන් යනවා ආයේ කවදාවත් එන්නේ නැහැ. මට කියන්න දෙයක් තිබ්බේ නැහැ ඇත්තටම මගේ උගුරේ මොනවා හරි හිර වෙලා වගේ මට වෙලාව අල්ලා තියාගන්න පුළුවන් නම් නැත්තම් මට රොහාන්ට යන්න එපා කියල තියා ගන්න පුළුවන් නම්, එත් රොහාන්ට මං ආදරේ කරන්නේ නැහැ රොහාන් මං වෙනුවෙන් ඉන්න ඕනි කියනදේ මට එයාගෙන් ඉල්ලන්න බැහැ මම එයාගේ යාළුවෙක් විතරයි ඊට එහායින් එයා මගේ ජිවිතේ මෙච්චර ඉඩක් අරං ඉන්නවා  කියල මේ මොහොත වෙනකම් මං දැනගෙන හිටියේ නැහැ. මට දැනුනෙත් නැහැ රෝහානුයි මායි දෙන්නම කියන්න දෙයක් නැතිව බලාගෙන හිටිය රොහාන් බොහොම අමාරුවෙන් වචන ටිකක් ගැට ගත්තා “Dushi I am Going.”
“Yes I Know Rohan” ඊට වඩා මුකුත් කියන්න මට පුළුවන් කමක් තිබ්බේ නැහැ රොහාන් පස්සේ හිමින් සැරේ මට කිව්වා දඟකරන්නේ නැතිව ඉන්න කියල එහෙම්ම මාව බදාගත්තා. රොහාන් ඔව් මාව පිච්චිලා ගියා මට හිතාගන්න බැහැ මං අඩනවද ඉබේම කඳුළු වැටෙනවද කියල. ඒ උණුහුම මේ ආත්මයෙන්ම විඳින අන්තිම පාර මේ. ඇයි මේ දාල යන්න බැරි ගතියක් ඇයි මේ තරම් දුකක්. වෙන්න බැහැ මේ කතාව මෙහෙම ඉවර වෙන්න බැහැ කියල හිතුන වාර අනන්තයි. එත් ඒ වෙලේ මං ආත්මාර්ථකාමී වෙන්න ඇති. රොහාන් මාව ගොඩක් වෙලා බදාගෙන ඔළුව අත ගෑවා. මටත් එයාටත් අපි දෙන්නගෙන් අයින් වෙලා යන්න බැහැ කියල හිතුන. එත් එයා හිමිහිට මාව එයාගෙන් ඈත් කළා. ඇත්ත අපි දෙන්නගේ පාරවල් වෙනස් අපි යන්න ඕනි ඒ පාරවල් වල. මගේ පුංචි මුණේ කඳුළු ටික එයා පිහිදාන ගමන් මං යන්නම් කිව්වා මම රොහාන් යනකං බලාගෙන ඉඳල පංතියට ගියා බැහැ මට ඉගෙන ගන්න බැහැ මගේ එහා පැත්තේ විහිළු කර කර හිටිය රොහාන් නැති ඒ පුටුව මගේ අහංකාරකමට මට හයියෙන් හිනා වෙනවද කියල හිතුන. එත් අපිට එහෙම වෙන්න බැහැ. එයා ගියා මගේ ජිවිතේ හිටිය හොඳම යාළුවා මාව දාල ගියා. එයාට යන්න උනා. ඊට දවස් දෙකකට පස්සේ රොහාන්ට මම කතා කරලා විශ් කළා ඒ වෙලෙත් මං හොඳටම ඇඩුව ඊට පස්සේ එයා එදා රෑ ප්ලේන් එකට නැග්ග කියල මට අන්තිම මැසේජ් එක එවල තිබ්බ. මම සති දෙකක් බලං හිටය එයා පපරිස්සමෙන් ගියා කියල එත් එයා ඔන්ලයින් හිටියේ නැහැ. මගේ උපන්දිනේ පහු උන දවසේ එයා


10:22 AM Rohan: hi
10:23 AM happy birthday
  i am sorry i forgot your birthday
 me: I know
  it's okay
 Rohan: i won't give any excuses
  so take care
10:24 AM me: hmmm
 Rohan: okie
  i got to go
 me: sure
  take care
10:28 AM Vinitha Resigned
10:33 AM Rohan: oh
  viny the pooh
  gone
 me: u are worried about her?
  good
10:34 AM Rohan: hey
  whats wrong with you
  once again your trying to sound like my wife
 me: lol
 Rohan: after all you are just a friend only
  :P
10:35 AM me: I know it well
  :p
10:37 AM me: hmmm so are u coming down?
10:38 AM Rohan: no
  i can't
 Rohan: i left SL for good
  i knew
10:40 AM me: so y do u think u left SL for good?

10:46 AM  Rohan: good
  yes
  i will never come back
10:47 AM me: u will never?
  trust me u will come back

5 minutes
10:52 AM Rohan: nop
  never
  ever
10:53 AM u will never see me
10:54 AM me: will see rohan I believe we will
 Rohan: ah
  but i will never see you again
  i promise
10:55 AM me: why?
  what wrong i did to u?
10:56 AM Rohan: nothing
10:57 AM me: okay
 Rohan: okie i got to go
  happy birthday
  good luck with everything
  and don't worry
  your too young to fall sick
10:58 AM just take some medicine and get well soon
  bye
 me: Thank u
  tc
   
එදායින් පස්සේ රොහාන්ටයි මටයි රටවල් දෙක අතර වෙනස නිසා ගොඩක් කතාකරන්න බැරි උනා එයත් ඉඳල හිටල මං නැතිව පාළුයි කියලා කිව්වා එත් ඒ අතරම එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආව කියලත් කිව්වා ඒ කෙනා මං වගේමයි කියලත් කිව්වා එත් එයා කිව්වේ ආයේ කෙනෙක් එයාගේ ජීවිතේට එන්නේ නැහැ කියල.  එත් එයා එයාගේ ජිවිතේ එයාගේ පාරේ ගියා මමත් මගේ පාරේ ගියා ඒ ගෑණු ළමය එක්ක මමත් හිතුවක්කාරයත් එක්ක

Rohan: ok
  well i am sorry i had to take the girl shopping
4:13 PM me: why are u saying sorry for that?
  I have a good news too
 Rohan: k
  tell
 me: we are dating
  :)
4:14 PM he is sweet
  and caring
4:15 PM Rohan: gr8
4:16 PM i am happy for you
  hope you guys get married soon
  all the bet
  *best
4:17 PM me: not so soon
  Thank u
  :)
  I feel lucky
4:18 PM Rohan: good
4:20 PM me: :)
 Rohan: okie
 Rohan: i got to go out for dinner
4:21 PM good go for it
 me: have fun
  :)
 Rohan: ok will do
 me: tc
 Rohan: bye tc
  good luck with the guy
 me: ::)

එදායින් පස්සේ රොහානුයි මායි චැට් කලේ එක දවසක් වගේ රොහාන් ඒ ගෑණු ළමයත් එක්ක ඉන්නවා කියල කිව්වා මමත් මගේ පරණ ඔෆිස් එකෙන් අයින් උනා. මට රොහාන් අමතක වෙලාම ගියා. එයා ගැන හොයන්න, බලන්න වෙන කෙනෙක් ඉන්න නිසාත් එයාට කොහොමවත් මාව දකින්න ඕනි උනේ නැති නිසා මම එයා ගැන හොයන්න් ගියෙත් නැහැ. මට මගේ ජිවිතේ මගේ ආදරේ වෙනුවෙන් මම ජිවත් උනා. එත් මම හිතුව හරි රොහාන්ට මං නැතිව ඉන්න බැහැ කොහෙත්ම බැහැ. එයාට මාව අමතක කරනවා කියල කිව්වට එහෙම කරලා නැහැ.

ආයෙමත් දවසක රොහාන් මගේ ජීවිතේට ආව ඒ මන් නොහිතපු විදිහකට මං හීනෙන්වත් නොහිතපු විදිහට. මන් අලුත් ඔෆිස් එකේ ඉන්න කොට එක දවසක් මට දන්නේ නැති IDD නම්බර් එකකින් මිස් කෝල්ස් තුනක් තිබ්බ.