අපි අපි වගේ ඔව් ඇත්ත.... නැහැ එක ආත්මාර්ථකාමී නැහැ මං මං වගේ මේ ඉන්න මට ආදරය කරන්න බැරි නම් මට ලං වෙන්න එපා. ඔයාට දුක් විදින්න වෙයි. ඔයා බලාපොරොත්තු වෙන කෙනා හම්බ උනේ නැහැ කියල මට බණි ඉතින් එකේ මගේ වරදක්ද නැහැ නේද? මං ඔයාට කියනවා ආයෙත් මං නපුරුයි, දුෂ්ටයි, ඉක්මනට කේන්ති යනවා මට තනියෙන් ඉන්න ඕනේ වෙන කෙල්ලෝ වගේ පෙම්වත් වෙන්න හුරතල් වෙන්න හිතෙන්නේ නෑ. මට හදා ගන්න කියල මගේ කියල ලෝකයක් තියෙනවා මං ඔයාව බලා ගන්න එකක් නැහැ. එක පාරක් මගේ ලෝකේ කලා බිදලා දාපු විදිහට මං අයෙ කාගෙවත් කදවුරු බදින්න මගේ රාජධානියේ කොහෙවත් ඉඩ තියන්නේ නෑ. මට ඔයා ගැන හිතන්න හිතෙන්නේ නෑ. කතා කරලා ඔයා කැවද, බිව්වද, එහෙම නැත්තම් අරක කරද මේක කරද කියල කීයටවත් අහන එකක් නැහැ. ඒ වගේම තමා ඔයා මගෙන් ඒ ගැන අහයි කියල බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ මගේ හැටි ඔයාට මොකද හුගක් ආදරය කරන අය කියන එයා හින්ද මං වෙනස් වුනා කියන කතාව මං පිළිගන්නේ නෑ. එක බොරුවක්, රැවටීමක් කොහොමද කෙනෙක් එහෙම වෙනස් වෙන්නේ එක තමාව රැවටීමක් එහෙම නෙමේද?
මම, ඔයා මේ හැම කෙනාම හැදිච්ච විදිහක් තියෙනවා අවුරුදු ගානක් අවමයෙන් ගත්තොත් අවුරුදු විස්සක් අපි අපිට ඕනේ විදිහට ජිවත් වෙච්ච අය ඉතින් අපිට ආදරය කරන කෙනෙක් අපෙන් වෙනස් වීමක් බලාපොරොත්තු වෙනවනම් එතන ආදරයක් තියෙනවද? එතන වෙන්නේ වෙන කෙනෙකුගේ රූකඩයක් වීමක් නොවේද? ආදරය කරනවා නම් මට මගේ මේ විදිහට ආදරය කරන්න එහෙම බැරි නම් මගෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් ආදරය කරල නොමග යන්න එපා. එහෙම ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද, එතන මං ඔයාගෙන් ආදරයක් දකින්නේ නැති නිසා. තමන් කොච්චර කැමති උනත් එහෙම කෙනෙක්ට කැමති වෙන්න එපා. එතන කවදාහරි දුක, තරහව, කළකිරීම ඇති වෙන හින්ද ඇත්තටම ආදරය කරන වනම් මං හිතන්නේ ඔයා මගේ වෙනසක් කවදාවත් දකින්න අස වෙන එකක් නැහැ.
එතකොට ඕගොල්ලෝ කියයි ආදරය හින්ද මිනුස්සු වෙනස් වෙන්නේ නැද්ද කියල. ඇයි නැත්තේ වෙනස් වෙනවා හැබැයි ඒ ආදරය හින්ද මිසක් ආදරය නිසා නෙමේ.