Monday, October 10, 2011

කදුලක් රැදී පෙමක්

දගකාර යොවුන් වියේ ඔබට පෙම් කලත්
කෙලෙසෙක නම් කියම්දෝ මා වැරදි බවක්
හිත රිදවන පෙම් කතාව නිම කරනු මිසක්
කෙලෙසක් නම් කුඩු තනමු පතා සුරලොවක් 

දවසක්දා ඔබ සිත ගත ඇය හමුවූ මොහොතක් 
වෙන් වුවත් ඒ හිත එක්කල රහසක් 
කෙලෙසෙක නම් පවසන්නද හිත රැදී කදුලක් 
වෙන් වන්නට නොහැකිද මේ කවදාවත්

ඉවත බලා යන්නට නොහැකි මේ සිහිනෙන් 
මගේ කියා ලං වන්නට දුක් හිතෙනා ඔබගෙන් 
පෙම් ලෝකේ දොරටු වසමු ආදරේ නාමෙන්
වෙන්ව යන්න ඔබේ මගේ ආදරේ හීනෙන්   

4 comments:

  1. විරහ වෙන්ද .......?

    ReplyDelete
  2. ඇයි මේ වෙන් වෙන්න කියලා කියන්නේ. ඒක නෙමේ ඩුශ් ඔයා මොකද මේ විරහව ගැනම ලියන්නේ.

    ReplyDelete
  3. පවකින් පෙර ඇත බවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුනා********
    පෙම් ලොව දොරගුළු දමා වැසුවත්
    මගේ හිත ඔබ ලග වැලපෙනවා ********

    ReplyDelete
  4. විරහව යනු සදාකාලිකව නොමැති ආදරයක විරාම ලක්ෂණයේ ඇතුලාන්තයයි..විරහව හොඳයි ආදරේට වඩා..ලස්සනයි යාළුවා

    ReplyDelete