Sunday, February 19, 2012

උඩු සිත හා යටි සිත 1




ඔන්න අද කතාව නම ටිකක් බය හිතෙනවා එත් බයකුත් නෙමේ නිකන් අනේ මන්ද කෙසේ හෝ වේවා කියල අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො. කට්ටියගෙන් අහන්න තියෙන පලවෙනි ප්‍රශ්නේ හොල්මන් විශවාස කරනවද? නැත්නම් කමක් නැහැ ඔව්නම් එත් කමක් නැහැ ඒක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. අද මං කියන්න යන්නේ මේ දේවල් එකිනෙකට සම්බන්ද වෙන්නේ කොහොමද කියල. ලිපි පෙළක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන මං ලොකුවට ඉගෙන ගෙන නැහැ එත් මං හොයා ගත්ත අත් හදා බලපු කරුණු අනුව මට හරි කියල හිතෙන දේවල් ටිකක් තමා.මේ හොල්මන් කියන්නේ මොකක්ද? හෙලවෙන මනස මෙතැනදී අදහස් වෙන්නේ අපේ සිතුවිලි වෙනස් වෙන එහෙමත් නැත්නම් නිතරම චංචල නම් අපිට ඇති වෙනවා විවිධාකාර අදහස් ඒ කියන්නේ අපේ මනසේ යම් විකාර ඒ දෙවල චිත්ත රුප හරහා අපිට මනසෙන් සැබෑවක් කියල ප්‍රති නිර්මාණය කරනවා ඒ හරහා අපිට වෙන්නේ ඇත්තටම හෙලවෙන මනස තුලින් හොල්මනක් නිර්මාණය කිරීම කියලයි මගේ අදහස. හැබැයි මේ හොල්මන් හැමෝටම පෙන්නේ නැහැ ඇයි ඒ? මනස ස්ථාවර පුද්ගලයන්ට හොල්මන් පෙන්නේ නැති නිසා.  කොටින්ම භාවනා කරන කෙනෙක් ගන්න එතැනදී ඔබට පැහැදිලි වේවි මේ දේවල් කොපමණ ඇත්තද කියල.  

ඔතනදි අපිට තවත් දෙයක් අත්දකින්න පුළුවන් ඒ තමා ආරුඩ වීම නැත්නම් ආවේශ වීම. මෙතැනදී  අපිට මේ සිත කියන එක පහල වෙන්නේ. අපි හැමෝම දන්නා පරිදි උඩු සිත හා යටි සිත කියල දෙකක් තියෙනවා.  උඩු සිත අපිව මෙහෙයවන්නේ අපි එදිනෙදා කරන වැඩ සිදු වෙන්නේ උඩු සිතෙන් දෙන විධි විදාන වලින්. නමුත් මෙතැනදී අපිට වැදගත් වෙන්නේ යටි සිත. යටි සිත කියන්නේ නිදාගෙන ඉන්න දෙයක්. නමුත් යටි සිතෙහි මතකය දීර්ඝ කාලින මතකයක්. ඒ කිව්වේ බුදු දහම අනුව මගේ මතකය හරිනම් මිනිහෙකු මැරුණාම යටිහිත නැවත ඉපදීමකදී ප්‍රති සන්ධි ගතවෙනවා. ඒ කියන්නේ නැවත ඉපදිමකදී පෙර ආත්මයේ මතකය සමග පැමිණෙනවා. අපි හිතමු හොඳට භාවනා යෝගීව මනස දියුණු කරලා තිබ්බ කියල කලින් ආත්මයේ. මේ ආත්මයේදීත් මතකයට නැගී පෙර ආත්ම බවයන් පිලිබඳ විස්තර කියවීමක් දකින්නට පුළුවන්. හැබැයි මෙතැනදී බොහෝවිට අපිට දකින්න හම්බ වෙන දෙයක් තමයි අපි මේ පෙර ආත්ම ගැන කියවන අය ගොඩක් ළාබාල වයසේ අය වීම ඒ කියන්නේ ඔවුන් බොහෝ විට උඩු සිත මගින් පාලනය නොකරන වයසක් නොමැති අය වීම. ඒ වගේම මොවුන් ක්‍රමක් ක්‍රමයෙන් තේරුම් වයස එන විට මෙම පෙර අතම භාවයන් ගැන කියවීම නවත්වනවා එතැනදී අපිට පෙනෙන ඒක දෙයක් තමා මොවුන් උඩු සිත හා ගනුදෙනු කරන්න පටන් ගන්න විට යටි හිත කෙමෙන් නිද්‍ර ගත වීමක් වෙන බව. 

දැන් අපි දන්නවා උඩු සිත හා යටි සිත ක්‍රියා කරන ආකාරය. දැන් කෙලින්ම මාතෘකාව දෙසට මේ ආවේශ වීම හෝ එහෙමත් නැත්තම් ආරුඩ වීම වෙන්නේ මේ යටි සිතෙහි තැම්පත් වූ දේවල් කියල දැන් තේරුම් යනවා. උදාහරණයක් විදිහට අපි හිතමු කාලයක් ඇවෑමෙන් අපි දෙයකට ආස කිරීමක් හෝ එහෙමත් නැතිනම් භය වීමක් තියෙනවා එතැනදී මිනිසුන්ගේ මනස හැදිලා තියෙනව ඉබේ ප්‍රති ක්‍රියා කල හැකි ආකාරයට මෙන්න මේ ප්‍රති ක්‍රියාවේ ප්‍රතිපලය වෙන්නේ විධිවිදාන මගින් කර ගන්න බැරි උන එහෙමත් නැත්නම් උඩු සිත මගින් කර ගත නොහැකි උන දේ යටි සිතේ ඇවිද වීමකින් කර ගන්න හැදීමක්. හරි දැන්නම් ඉතින් මගේ ඔලු කට්ටත් රිදෙනවා මේ ගැන ඔබ හිතෙන දේ කියන්න ඊළඟ ලිපියෙන් මිට වඩා යම් දෙයක් එක්ක හමු වෙමු.    

මන් කියන දේ පොඩ්ඩක් ග්‍රීක් වගේ නම් බලන්න අන්නියන් කියන දෙමල ෆිල්ම් එක එක හොඳ උදාහරණයක්.  පොඩ්ඩක් විතර අවුල් සහගත වෙන්න පුළුවන් හිමින් සැරේ හදා ගමුකො

11 comments:

  1. ඇත්තටම හොල්මන් කියල දෙයක් ඉන්නවා කියල මමත් විස්වාස කරන්නෙ නෑ... එහෙම උන් ඉන්නව නම් මමත් ආසයි දකින්න..... පොර ටෝක්ස් ඉශූ කරනවා නෙවේ මම, ඇත්තටම මට ඉස්සර ඉන්දන් මාර ආසාවක් තියෙනව හොල්මන කියන්නෙ කොහොමද කියල දකින්න,

    ReplyDelete
    Replies
    1. කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල බලන්න මෙයා....:D

      Delete
    2. අම්මට හුඩු ඒ කියන්නෙ ගුණේ ට කන්නඩියක් ඉස්සරහට ගියාම හොල්මනක් පේනවද? මට නම් හිතෙන්නෙ ඒ හොල්මනක් වෙන්න බෑ,, ඒ කුම්බාන්ඩයෙක් වෙන්නෝන.. :පී

      Delete
  2. ඔයා පුලුවන්නං ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර්ගෙ දෙවියෝ සහ භූතයෝ පොත හොයාගෙන කියවන්න. ඒ පොතේ හොඳ විග්‍රහයක් තියනව හොල්මන් ගැන.
    මම දන්න විදියටනං ආවේශ වීම කියන්නෙ වෙනමම තත්වයක්. ඒක උඩු සිත හා යටි සිත කියන ඒවාගේ කෝඩිනේශන් එකේ ගැටලුවක් ඇතිවීම නිසා වෙන දෙයක් නෙමේ (ඒක මගෙ අදහස උනත් මීට වඩා පැහැදිලි කරන්න විෂයානුබද්ධ දැනුම මට නෑ).
    අන්නියන් කියන දමිල චිත්‍රපටයෙ නලුවාට ඇතිවන මානසික ව්‍යාකූලතාවයට කියන නම මම හිතන්නෙ චන්ද්‍රමුඛී චිත්‍රපටයේ තියනව.

    ReplyDelete
  3. Anonymous2/20/2012

    දුෂ් නිසා මැරිච්ච කොල්ලෙක් හොල්මන් කරන්න යනවා කියල භය වෙලාද දන්නේ නෑ????

    ReplyDelete
  4. Anonymous2/20/2012

    මට නං හොල්මං අත්දැකීම් එහෙමට නෑ.
    අතීතය වල දාල අලුත් විශයකට අත තිබීම ගැන අවංකව සතුටුයි. අන්න එහෙම තමයි ඉන්න ඔ්න! සදා ජය!!!! :) :)

    ReplyDelete
  5. මගෙත් ඉතින් මේ ගැන විශ්වාසයනම් 50ට 50තමයි..

    ReplyDelete
  6. අර පොත හොයාගෙන බලන්ඩ ඕනා !
    දුශ් කියන්නෙත් හොල්මනක් වගේ කෙනෙක් නේ !

    ReplyDelete
  7. ගුනේ ,
    ටංකූ මචං . . . මගෙ ලඟ තිබ්බෙ මුල් මුද්‍රනයෙ පොතක් . . . මගෙ යාලුවෙක් ඒක ඉල්ලං ගියා ගියාම තමයි . . ඌත් නෑ, පොතත් නෑ

    ReplyDelete
  8. මාත් තාමනම් දැකල නෑ ඔය ෆහාල්මන් කියන ඒවා...

    ReplyDelete
  9. කෝඩුකාරයාගේ පෝස්ට් එකකට දාලා තිබුනු ලින්කුවෙන් ආවේ සමහර වෙලාවට මටත් හිතෙනවා මෙහෙම දේවල් නෑ කියලා ඒත් හොල්මන් දැක්කයි කියන අය කියන කතා ඇහුවාම සමහර වෙලාවට ඒක බැහැර කරන්නත් අමාරුයි නෑම කියලා.සඳරු අයියා ලියපු ලස්සන කතාවකුත් තියෙනවා ඒ ගැන පොඩ්ඩක් හොයන් බලන්නකෝ.මම පස්සේ ලින්ක් එක දාන්නම්....

    අද්භූතයි කියලා කිව හැකි සිද්ධි නොවෙනවාම නොවේ.ඒ වගේ අද්භූත සිද්ධි මම අත්විඳලා තියෙනවා ඇති වෙන්න ඒවා ස්වාභාවිකයි කියලා හේතු දක්වන්න හරි අමාරුයි

    ReplyDelete