Wednesday, February 8, 2012

මේ ඔබ නිසාද ?


මේ පාර නිදහසට දිග නිවාඩුවක්. මේ පොස්ට් එක ලියන්නේ නිවාඩුවේ හතර වෙනි දවසේ රෑ 8.30 ට ඒ කියන්නේ මේ වෙද්දී මන් එයාව දවස් හතරකින් දැකල නැහැ අද එකපාරටම එයා ගැන මහා ආදරයකුත් මන් ගැන ලොකු දුකකුත් ඇති උනා. මෙච්චර කල් ආදරය කරලා නැහැ මං. ඇත්තටම ආදරය පිච්චෙනවා කියල දැනගෙන තිබ්බට අද එක ඒ විදිහටම මටත් දැනෙනවා මේ පොස්ට් එක ලියන වෙලෙත් මගේ ඇස අග කඳුළු බින්දු වැටෙනවා.  මං මෙච්චර බොලඳද මං මගෙන්ම ඇහුව. දන්නේ නැහැලු. කම්මුල දිගේ කඳුළු ඇවිත් KEYBOARD එකේ දිය වෙලා යනවා මේ ආදරේ මාව පුච්චනවා මැරෙනකම්ම. මං එයාගෙන් අහපු කිසිම දෙකට මේ වෙනකම් උත්තර නැහැ. මං හිතින් විතරක් ආදරය කරනවද? නැත්තම් නිකම්ම නිකන් මිරිඟුවක් පස්ස යනවද? එයට මං ගැන හිතෙන්නේ මොනවද මං මගෙන්ම ඇහුව එය වගේම මත් මුරන්ඩුයි නැහැ මං තනියෙන ආදරය කරනවා සමහරවිට එය කවදාවත් මගේ නොවෙන්න පුළුවන් හීනෙන්වත්, එත් මං වෙනස් වෙන්නේ නැහැ ඒ මගේ හැටි මුරන්ඩුයි එත් මගේ හිතුවක්කාර ජිවිතේ ඒ හිත ගාව ඒ හෙවනැල්ල ගාව තැම්පත් සිහ්ටල කඳුල මෙච්චර කාලෙකට නොදැනුන හැඟීමක් එයා ගවාදී එයා වෙනුවෙන් දැනෙනවා මේ ආදරයද? එහෙනම් එයා වෙනුවෙන් මගේ ආත්මය  මුදා ලන්න හිස් අවකාශයට හිනාවක් එක්ක දෙතොල් මත මට පුළුවන් නම් නොහිතම දෙවරක් ඒ ආදරයද? 

මේ කඳුල හෙට (08.02.2012) ඔබ දකිනකම් නලියාවි නෙතු අග     

20 comments:

  1. හෙට කියන්නෙ අද.. ඒ කියන්නෙ මේ වෙද්දි දෙකොපුල් මත තැවරුනු හාදු හැරෙන්නට නෙතු අග නලියන කදුලු තියෙන්න විදියක් නෑ...

    ReplyDelete
    Replies
    1. තාම දැක්කේ නැහැ

      Delete
  2. ප්‍රශ්න කෝටියකට උත්තර හොයනවා වගේ ... මට හිතෙන විදිහටනම් ඔය ප්‍රශ්න කෝටියටම තියෙන්නෙ එක උත්තරයයි ... ඇත්තටම දැන් උත්තර ලැබුනද ??

    ReplyDelete
    Replies
    1. තාම නැහැ මහසෙන් ඉවසල ඉන්න වෙනවා තාම මට හැදෙන්න වෙනවා ගොඩක්

      Delete
  3. Replies
    1. ඔය ගිනි තැපෑල ඔයාට හම්බෙලා තියෙන්නේ

      Delete
  4. Anonymous2/08/2012

    අක්කියෝ......... අපට අපි විතරයි...

    දෙයක් කියන්නං..

    "When u feel something unpleasant try to reduce the chance to feel it by others! "

    කඩ්ඩ හරිද මන්ද! සමා වෙන්න!

    ReplyDelete
    Replies
    1. කඩද හරි එත් මේ කෙනාව අමතක කරන්න බැරිවෙයි. නෙමේ බැහැ

      Delete
  5. ළඟ ඉන්නවට වඩා දුරින් ඉන්න වුන වෙලාවට ආදරේ අඩුව....ඒ හැඟීම හිතට දැනෙනව ගොඩක් වැඩියි...

    ඔයාගෙ හිතේ ආදරයත් ඉක්මනින්ම ලැබේවි....

    ReplyDelete
    Replies
    1. ස්තුති යාළුවා

      Delete
  6. ඔබට ආදරය කරන හැමට ඔබට ආදරය කිරීමට නොහැකිසේම ඔබ ආදරය කරන අයට ඔබට ආදරය කිරීමට නොහැකි වෙයි. එය යථාර්තයයි. යමෙකුට එය සාධාරණද එය ඔබටද එසේමයි. කෙටියෙන්ම කියතොත් ඕනෑම කෙනෙකුට අපට ආදරය කළහැකි නමුත් ඕනෑම කෙනෙකුගෙන් අපට ආදරය බලාපොරොත්තු විය නොහැක....

    ReplyDelete
    Replies
    1. ඔය දේ මට ඔහොම කියන්න එපා. මේ ආදරය වැඩියෙන් දැනිච්ච වෙලාවක ලිව්වේ ඔය සංකල්ප මම නොදන්නවා නොවෙයි

      Delete
  7. මේ වෙනකොට නම් දකින්නැති නේ.

    ReplyDelete
    Replies
    1. එයා මගේ බ්ලොග් කියවනවා කියල මන් හිතන්නේ නැහැ

      Delete
  8. ආදරය දුකක්.. ඒක ඔයාගේ බ්ලොග් එකෙන්ම කියවෙනවනේ.. ඒත් ඒ දුක අතරේ සුන්දර සතුටක් තියෙනවා..

    "මං හිතින් විතරක් ආදරය කරනවද? නැත්තම් නිකම්ම නිකන් මිරිඟුවක් පස්ස යනවද?"

    අන්න ඒ ප්‍රශ්ණේටනම් ඉක්මනින් පිළිතුරක් හියාගන්න.. හිතේ දුක වැඩි වෙන්න කලියෙන්.. මම මේ ලියපු දේට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා..

    ReplyDelete
  9. මටත් මීට සුමාන දෙක තුනකට කලින් මේ ප්‍රශ්නෙම තිබුනා අක්කා.. දැන් නම් උත්තර ලැබිලා ඉවරයි, ඒ උත්තරෙන් මගේ ඇස් වලට කඳුළු ඇවිල්ලත් ඉවරයි. ඔයාට එහෙම වෙන්න එපා කියලා මම හදවතින්ම සුභ පතනවා...

    ReplyDelete
  10. ආදරේ හැටිය කියනවනේ....මටත් ඔහොම වෙලා තියනවා.....

    ReplyDelete
  11. Anonymous2/09/2012

    Every majic tric consist three parts, or acts.
    The first part is called "the pledge"-The majician shows you something ordinary.
    The secound act is called "the turn"-the majician takes the ordinary something and makes it into something extraordinary.
    but making something dissappear is not enough,you have to bring it back.

    funny thing is
    now you are looking for the secrets ???
    but you wan't find it,because ,of course ,you are really not looking.
    you don't really want to work it out.
    you won't to be "FOOLED"

    ReplyDelete
  12. ම්ම්..මට තාමත් මතකයි ආදරය හින්දා අඩපු හැටි (සමහර විට ඇඩුන හැටි..)
    මොනා උනත් අන්තිමට කියන්න තියෙන්නේ "ආදරය සුන්දරද මෙතරම් " කියල තමා..!!!
    ඔය වැටෙන කදුලු ඉක්මනින්ම නැවතේවායි කියල ප්‍රාර්ථනා කරනව..!!!!

    ReplyDelete
  13. ඉතින් අක්කේ ඇයි ඕක හිතේ තියාගෙන ඉන්නේ.. :/

    ReplyDelete