Tuesday, April 24, 2012

සයිබරයේ හැබෑ වූ අපේ හීනය

පුංචිම පුංචි කෙල්ලෙක් විදිහට මේ තරම් ලොකු වැඩකට ඇත හිත දෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා. රාජ්, අභීත, අයියල සංවිධායක කමිටුවට එන්න කිව්වම නම දැනුනේ මාරම සතුටක් ඉතින් ගෙදරින් වගේම මට මේ වගේ වැඩ වලට යන්න කියල මව දිරිමත් කරපු ඔයාටත් ගොඩක් ස්තුති. මුලින්ම කට්ටිය එකතු වෙද්දී මන් හිටියේ SSC එකේ දුවගෙන ඇවිත් ඊළඟට 31 වෙනිදා හමුවේදීත් අපි හිටියේ හීනයට ගොඩක් දුරින්. එත් දුකා, මරණය, අභීත, වැප් අන්කල් ;p වගේ කට්ටියගේ බස් රේඩියෝව වගේ අයගේ උදව්වෙන් මේ හීනය සබැ උන (අපේ කකුල් වලට දෙයියන්ගේ පිහිටයි)

ඇයි ඒ විතරක් නෙමේ කට්ටියම කිව්වේ දවල් කෑම එක සුපිරි කියල ඉතින් මට ඩබල් හැපී. ඇයි ඉතින් ඉව්වේ දුෂ්ගේ සුදුම සුදු ජම්බෝල අම්මි පැටියනේ. මගේ ජිවිත් නොහිතපු විදිහට මේ කර්තව්‍යට අපේ ගෙදරින් උපරිම උදව් හම්බ උනේ. ආ තව දෙයක් ඇයි 21 අපේ ගෙදර ආපු දඟය,
අභීත, මලිත්, වන්නට ගෙදර තිබු කොකිස් කන්නදී ඉමහත් පින් කමකුත් කර ගන්ත්තනේ මංතුමී හිකිස්.

වටිනාම දේ:

අනිත් අතින් මගේ මේ හැම දෙයක ගාවම මගේ හෙවනැල්ල වගේ ඉඳල මාව බලන්න ගම්පහ ඉඳන් ඇවිත් මට මහන්සි කිව්වම පැත්තකින් වාඩි කරගෙන ඔලුව අතගාපු ඔයාටත් ඇත්තටමත් ගොඩක් ස්තුති. සමහර විට ඔයා එන්නේ නැතිව හිටිය නම් මට පාළු වෙන්න තිබ්බ. ඔයාගේ නොදැකපු පැත්තක් මං දැක්කේ එදා. ඇයි ඒ විතරද කන්න බැහැ කියල කියද්දී බත් ටික අනල කව්වම මට හිත ගන්නත් බැරි උනා මේ ඉන්නේ ඒ හිතුවක්කාරයමද කියල.


ඉන්පසුව කියන්නම ඕනි දෙයක් තමයි සංවිධායක කටයුතු වලදී යම් කෙනෙකුගේ හිත රිදෙන ලෙස වැරදි දෙයක් කියා උනා නම් එකටත් සමව ඉල්ලනවා. තවත් එදා එකී මෙකි නොකී අයුරින් වචනයකින් හරි උදව් කරපු ඕගොල්ලෝ ඔක්කොටොම ගොඩක් ස්තුති. ඒ විතරද ගොඩක් දුර ඉඳන් ආපු ඔග්ල්ලෝ හැමෝමත් අපිට ගොඩක් වටිනවා ඒ සභාගිත්වය තමයි අපේ හීනෙ කලඑළි කලේ. ඔන්න ලබන පාර හීනෙ 3.0 එනකන් අපි බලන් ඉන්නවා.


දෙයියන්ගේ පිහිටෙන් කකුල් දෙක ඉදිමිලා තිබ්බේ පොඩ්ඩයි. ඇයි ඒ විතර අර කාගේද කබරයා විතරක් නෙමේ දෙහි අදින්නත් සිද්ද උනානේ    


ප. ළි. : මං දන්නා තරමින් ඉෂාර මලය ගෙදර ගිහින් කුටු කුටු ගල අපේ නංගිට අනේ ඉතින් කාට හරි හරි යනවා නම් මගේ මොකෝ

මෙහෙමත් මිනිස්සු

ඊයේ අවුරුදු දෙකකට කිට්ටු වෙන්න රැකියාව කරපු තැනට අස්වීමේ ලියුම දුන්න ඇත්තම කිව්වොත් හිතන් හිටියේ යන්න නෙමේ මොකද මෙතන නිදහසේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නිසා. එත් මෙතන ඉන්න එකම ගැහැණු ළමය මම හා මෙතන ඉන්න පිරිමි සායවල් ටික නිසා. කොටින්ම කිව්වොත් ඒ ගොල්ලෝ කියන විදිහට මන් කිසිම වැඩක් කරන්නේ නැහැලු. ඉතින් මට හිතුන මන් වැඩක් කරන්නේ නැති තැනකට වෙලා නිකන් පඩියක් ගන්න ඒක ලොකු පවක් නිසා මෙතනින් අයින් වෙන්න. ඒ වගේම ජිවිතේ දැක්ක ලොකුවටම කෝප්ප හෝදන පිරිමි ටික ඉන්නෙත් මෙතන. තව ඒ ගොල්ලෝ කියන විදිහට මන් මහා මෝඩ, කිසිම දෙයක් ඉගෙන ගන්න බැරි ජාතියේ කෙල්ලෙක්. එත් ලංකාවේ සිංහලෙන් බ්ලොග් කරනවා කියන ඒක ඒ ගොල්ලන්ට කිව්වේ මම, බුකියේ සිංහලෙන් ලියන හැටි කියල දුන්නේ මම. තව දේවල් නම් ගොඩක්. එත් මව පහත කරලා කතා කරන හැමෝම මගේ ජීවිතෙන් අයින් කරන ඒක මගේ පුරුද්දක්


දවස ගිය සිකුරාදා හොඳටම වැස්ස නිසා මගේ දඬු මොනරේ කලින්ම ගියා ඉතින් මන් 06.30 වෙනකම්ම ඔෆිස් ඒක ඉඳල එලියට බැස්සේ වැස්ස පායන්නෙම නැති හින්ද. ටිකක් දුර යනකොටම මගේ ජංගමය වදිනවා බලද්දී ඔෆිස් එකේ එක්කෙනෙක්


"දුෂාන්ති අර ලෙක්චර් එකට කතා කරලා කන්ෆිර්ම් කරද?""
නැහැ ඇයි ඒක කරන්න මැනේජෙර නෙමේද ? "
මොකක්ද ඔයි තමුසෙට වැඩක් කරන්න බැරිද යනවා දැන් ඔෆිස් එකට ගිහින් මේල් ඒක දානව
මට දැන් ඔෆිස් යන්න බැහැ මන් ඉන්නේ බස් එකේ
කරන්න දෙයක් නැහැ නැත්නම් මන් ලොක්කට කියනවා 

ඔව් සමහරවිට මගෙත් වැරදි ඇති එත් මෙහෙම කීමක්. ඉතින් ඔය කතා කලේ මගේ මැනේජෙර වත් කවුරුත් නෙමේ. හැබැයි ඉතින් මන් අයෙ ඔෆිස් එකට ගිහින් වැඩේ කරලා ගෙදර යද්දී 8 මේ වෙද්දී මේ කතා කරපු කෙනා හිටිය බබලපිටියේ බාර් එකක. ඉතින් ඒ වෙලේ තමා මන් තීරණය කරේ මන් මෙතන වැඩ කරන අන්තිම දවස් ටික තමා මේ කියල. මොකද ගැහැණු ළමයෙක්ට එහෙම කරන ඔෆිස් එකක් ගැන පැහැදිලි අදහසක් මන් ගැන නැහැ. එත් ගැහැණු ළමයෙක්ට මෙච්චර පහත විදිහට සලකන ඔෆිස් තියෙනවද කියන ඒක මට ඒ ප්‍රශ්නයක්. ඒ වගේම තමයි එදා මට එහෙම කියපු කෙනා කියනවා අද මට මන් මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැලු, ඒ නිසාලු මිනිස්සු මන් කියන දේ ගණන් ගන්නේ නැත්තේ. අනේ එතකොට එදා මට සලකපු විදිහට මන් මෙය කියන එකම දෙයක්වත් අහයිද ? 

Thursday, April 19, 2012

මගේ අන්තිම කැමති පත්‍රය.


මෙන්න මේක මේ විදිහට ලියන්න නිකමට වගේ හිතුනේ අඟහරුවාදා. ටිකක් පිස්සු වගේ උනත් මෙහෙම එකක් ලියල තියෙන්න ඕනි කියල හිතුන. හිතෙන්න කලින් මං ඉතින් එදා රෑම එක්කෙනෙක්ට මං ඕක කිව්වා එයානම් කියන්නේ මට පිස්සුලු එත් ඉතින් මෙහෙම එකක් ලිව්වා කියල කාට හරි වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැනේ. ඉතින් ලිස්ට් එකක් හැදුව කියමුකෝ මේ විදිහට


1. මං මැරුණට පස්සේ මගේ ඇස දෙක වකුගඩු හා හදවත සියල්ල දන් දෙන්න.   

2. මෘත ශරීරය කෙලින්ම කනත්තට ගෙන යායුතු අතර නිවසේ හෝ මල්ශාල වල තැම්පත් නොකළ යුතුය
3. හත්දවසෙහි දානමය පිංකම චිවරධාරින්ට නැතිව අනාථ නිවාසයකට හෝ වැඩිහිටි නිවාසයකට දිය යුතුය
4. මා සතු නිශ්චල චංචල දෙපලින් හරි අඩක් _____ වන පුද්ගලයා සතුවිය යුතු අතර අනෙක් කොටස ළමා නිවාසයකට භාර දිය යුතුය.
5. මා පරිහරණය කල කිසිම භාණ්ඩයක් නිවසෙහි මා මතක් වන ආකාරයට නොතිබිය යුතුය.

දැනට නම් ඉතින් ඔච්චරයි ඉතිරිය මතක් උනාම කියන්නම්. මේ මේක අපේ අම්මට එහෙම කියනවා නෙමේ ඕන්.

 

Tuesday, April 17, 2012

ඔබටත් දැනෙන හිතක් තිබේ නම්... දරුවෙක් අහිමු වූ පසු part 2



එදා මං නතාෂාගේ කතාව නවත්තපු තැන මතක ඇතිනේ. එතනින් අයෙත් කරලියට මොනවා කරන්නද නිවාඩුව හින්ද ටිකක් පහු උනා ඒ විතරක්ද සිහින උළෙලේ සංවිධායක වැඩත් තියෙන හින්ද අහන්න දෙයක් නැහැනේ. හරි දැන් කතාවට

රවින්ගේනුයි ජනාලිගෙයි සම්බන්දෙන් පස්සේ නතාෂා රවින්ව එයාගේ ජීවිතෙන් අයින් කරනවා එතැනදී කියල අඬන්නවත් කවුරුත් නැති කෙල්ල ඔහේ බල ගත්තු ඇත බලාගෙන හැම වෙලේම ඇස වල කඳුළු පුරෝ ගෙන ඉන්නවා. එක දවසක් ඔය තත්වය දරුණු වෙලා තමයි නතාෂාගේ ගෙදරින් මට කතා කරන්නේ ඒ කියන්නේ මේ අවස්ථාව වෙනකොට නතාෂා ඉන්නේ කා එක්කවත් කතා නොකරන කිසි හැඟීමක් දැනීමත් නැති විදිහට. පස්සේ මානසික
වෛද්‍යවරයෙක් ගාවට නතෂාව මං එක්කන් යන්නේ මේ සම්බන්දයෙක් පිළිතුරක් හොයාගෙන හා  විෂාදය කියන රෝගී තත්වය සිය දිවි හානි කර ගැනීමේ මට්ටම දක්වා වර්ධනය වෙලා කියන එක ඒ වෙලේ වෛද්‍යතුමාගෙන් මට දැනගන්න හම්බ වෙනවා. අන්තිමේදී නතාෂා කොච්චර තනි වෙලාද කියන එක මට තේරුණා.

ඔය සිදුවීම් වෙලා මාසයක් වගේ කාලයකදී තමයි රවින් අයෙත් නතෂාව හොයාගෙන එන්නේ. සමව දෙන්න කියල. රවින්ට එච්චරටම ආදරේ කරපු නතාෂා ජිවිතේ අයෙත් බලාපොරොත්තු එක්ක ජිවත් වෙන්න තමයි රවින්ට සමාව දෙන්නේ ඒ නතාෂාගේ ආදරේ හැටි. වැරදි කරන්නේ මිනිස්සු සමාව දෙන්නත් ඕනි මිනිස්සු ඒත් අන්තිමට මේ ඉන්නේ තමන්ට කලින් ආදරේ කරපු රවින් නෙමේ කියන දේ නතෂට හොඳට තේරෙනවා. රවින්ගේ ලොකු වෙනස හොඳට තේරෙනවා. කොටින්ම කිව්වොත් රවින් නතෂට සලකන්නේ තමන්ගෙන් වෙච්ච වැරැද්දට ඉන්නවා කියන හැඟීම මත පුදුම විදිහට නතාෂට රිද්දන්ව මේ කාලය සුළු පටු කාලයක් නෙමේ අවුරුදු තුනක් කෙල්ලෙක්ගෙ ජිවිතේ අවුරුදු තුනක් කියන්නේ? රවින් හැසිරෙන්නේ සල්ලි වලින් හැමදේම කරන්න පුලුව විදිහට, එත් තමන්ව දැනෙන්නේ නැති, ආදරයක් නැති හැඟෙන්නේ නැති රවින් එක්ක ඉන්න නතාෂට ආදරේ කියන එකත් පිරිමින් කියන දේවල් වචන ඇහෙද්දීත් පිළිකුල් වෙන්න තරම් තත්වයක් ඇති කරනවා රවින් පැය ගණන් මේ කෙල්ලව පාරවල් වල රස්තියාදු කරනවා. එහෙම වෙලාවට මට කතා කරලා අපේ ගෙදර ඇවිත් ඉන්න මේ කෙල්ල මෙහෙම වෙන්නේ අසරණකමට. වෙන කොල්ලෙක් ගාවට සමාජයට යන්න බහ කියන ඔලුවට ඔබ්බපු මතයක් හින්ද.     

අන්තිමේදී නතාෂාගේ ගෙදරින් රවින්ට තීරණයක් ගන්න කියල බල කරනවා ඒ ගිය අවුරුද්දේ අප්‍රේල් වල. මේ වෙද්දී නතාෂා දන්නවා රවින්ගේ ජිවිතේ ඉන්නේ තමන් විතරක් නෙමේ බව. හිතුව වගේම අයෙත් රවින් නතාෂාව දාල නොගියත් කසාදෙ පරක්කු කරනවා මේ කාලෙම තමා මං අයත් නතාෂාව මානසික
වෛද්‍යවරයෙක් ගාවට එක්කන් යන්නේ ජිවිතේ වෙච්ච එකම එක සිදුවීමක් හින්ද ජීවිතේම කළකිරිල ආදරේ කියන එකට වෛයිර කරන මේ කෙල්ල තවම ජිවත් වෙනවා.

මෙච්චර ආදරේ කරන නතාෂාව රවින් ගෙදරට හොරෙන් බඳින්න අහද්දී නතාෂා බැහැ කියන්නේ තවත් දුක් විඳින්න බැරි හින්ද මට තවම මතකයි
" දුශ් මගේ ළමය හදාගෙන මේ මිනිහගෙන් අයින් වෙන්න උනත් මට දුකක් නැහැ" කියල කිව්වා. ඇත්ත ඒ අන්න අඬන්නේ තමන්ගේ ආදරයටවත්, තමන්ගේ ජිවිතේ ගැන හිතල නෙමේ. තමන්ට අහිමි වෙච්ච දේ ගැන හිතල. පොඩි ළමයෙක් දැක්කම මේ කෙල්ල මැරී මැරී ඉපදෙනවා කියල අදටත් මං දන්නවා. එත් ඇත්ත නම් අදටත් නතාෂට ආදරේ කරන්න කවුරුත් නැහැ.

එය කියනවා වගේ " මං ඉක්මනට තිරයක් ගනී දුශ්" එදාට එයාව නවත්තන්න මටත් බැහැ. මටවත් ඔය කාටවත් ඒ හිත හදන්න බැහැ ආදරයකට පුළුවන් වෙයි එත් කෝ අද කලේ මේ වගේ කෙල්ලෙක්ට ආදරේ කරන්න අය? මං ඕගොල්ලන්ට මේක කිව්වේ ළමයෙක් ගබ්සා කරා කියල ළමයෙක් තමන්ගෙන් වෙන් කරා කියල හිතක් පපුවක් නැති අම්මලට නම් ගානක් නැතිව ඇති, එත් නතාෂා වගේ මුළු ජිවිතයම නැති වෙන ඒ වගේ දුක් විඳින අම්මල අපි අතර අනන්තවත් ඇති.    



Tuesday, April 3, 2012

ඔබටත් දැනෙන හිතක් තිබේ නම්... දරුවෙක් අහිමු වූ පසු part 1



අද කියන්නේ හැමෝම කතා කරන දෙයක අනිත් පැත්තක් ගැන. මේ කතාවේ අපි නොහිතන පැත්තක් තියෙනවා. ඒ පැත්ත ගැන මේ ප්‍රශ්නේ කවුරුත්ම කතා කරන්නේ නැති හින්ද ලියන්න හිතුන. ගබ්සාවක් කියන්නේ ලේසි දෙයක් නෙමේ ඇත්තම කිව්වොත් කිසිම අම්මෙක්ට තාත්තෙක්ට උහුලන් ඉන්න පුළුවන් දුකකුත් නෙමේ. එත් මේ සමාජ මතිමතාන්තර එක්ක ඒ වගේ දෙන්නෙක් අසරණ වෙනවා නම්. එහෙම මිනිස්සු අපි අතරත් ඉන්නවා ඒ මිනිස්සු අදටත් දුක් විඳිනවා නම්,
ඉතින් ඒ නිසාම මං දන්නා මේ කතාව කියන්න හිතුනේ අපි නොදකින දේ අපි අහන්නේ නැති දේ කියන්න. හැබැයි මේ කියන්නේ හිතක් පපුවක් තියෙන කෙල්ලෙක් ගැන. නැතිව හැමෝම සාධාරණය කිරීමක් නෙමේ අපි අහමු ඒ කතාවත්.

නතාෂා රවින්ගෙයි සම්බන්දයට මේ වෙද්දී අවුරුදු 2 ක් විතර උනා. හැමදාම වගේ නතාෂාට ඕනි උනේ ජිවිතේ ලස්සනට ගෙවන්න, සතුටින් ගෙවන්න, නතාෂා කියන්නේ යන්තම් අවුරුදු 21 ක කෙල්ලෙක්. ඒ නිසාම තමා රවින් ගැන ගෙදරටත් කියල මේ සම්බන්දෙ ජිවිතේ කරගෙන පටන් ගත්තේ රවින් නතාෂාගේ ගෙදරත් ඇවිත් මේ දේවල් පිළිවෙලක් කරගන්න තීරණය කලේ. මෙච්චර තීරණය වෙච්ච සම්බන්ධකම් දුර දිග ගියාට පස්සේ ඇත්තටම හිතන්න දේවල් නතාෂටවත් රවින්ටත් තිබ්බේ නැහැ. හුඟක් නිවාඩු පාඩුවෙලාවට නතාෂා හිටියේ රවින්ගේ ගෙදර ඇත්තටම නතාෂා එච්චරට රවින්ව විශ්වාස කළා විතරක් නෙමේ ආදරෙත් කළා. මේ අතර කාලයේදී තමයි මේ දෙන්නා
අනාරක්ෂිත ලිංගික එක්වීමක් උනේ. ඊට පස්සේ කාලය ඔහේ ගෙවී ගියත් ඒක පාරටම නතෂාව අසනීප වෙලා නවලෝකේ නවත්තනවා. එතැනදී තමයි දැන ගන්න ලැබෙන්නේ නතාෂා දෙමස් ගැබිනියක් කියල මෙතැනදී මුලුන්ම එකඟ තත්වයකට එන රවින් කියන්නේ ළමයව හදාගමු කියල. එත් මේක ඒකමතික තීරණ ගන්න පුළුවන් දෙමාපිය බලපෑම් නැති බැඳීම් නැති ලෝකයක් උනා නම් සමහරවිට එහෙම වෙන්න තිබුන. එත් රවින්වත් නතාෂවත් ඒ තරම් වාසනාවන්ත නැහැ. අන්තිමේදී නතාෂාගේ දෙමාපියන්ගේ බලපෑම මත වගේම නතාෂාගේ සෞඛ්‍ය තත්වය මත ගබ්සාව කරන්න සිදුවෙනවා. කොච්චර ඇඬුවත් බැහැමකිව්වත් වෙන්නේ නතාෂාගේ පුර්ණ කැමැත්තක් නැතිවම රවින් ගිහින් මේ ගබ්සාව කරන්න මුදල් ගෙවීම. ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ නතාෂා මට කතාකරම මටත් ඇත්තටම අඩුන කෙල්ලෝ කොච්චර අවසනවන්තද කියල.  ඒ වගේම තමයි ඉන් පසුව ගොඩක් තනිවෙන්නේ නතාෂා. හේතුව කෙලින්ම ගෙදරින් වැදගත් කමකට නැති ළමයෙක් ගානට පවුලෙන් කොන් කරන ඇය ඉන්න මානසික තත්වය තේරුම් ගන්න කාටවත් බැරිවෙනවා. ඒ වගේම තමා රවින් පවා කාර්යබහුලයි කියන වචනය යටතේ වෙනස් වෙන්නේ. 

ඔය අතරතුර තමා නතාෂාට රවින්ගේ ජිවිතේ තමන්ටත් කලින් ඉඳන් ඉන්න ජනාලිව ගැන දැන ගන්න ලැබෙන්නේ. මේ වෙද්දීත් ජනාලිගෙයි රවින්ගෙයි සම්බන්ධයට අවුරුදු තුනකටත් වඩා වැඩි කියල තෙරෙද්දී නතාෂා ඉන්න තත්වය කොහොමද කියල හිතන්න. මේ හැම දේම  අවුරුදු 21 කෙල්ලෙක් දරාගෙන ඉන්නේ කොහොමද? ගෙදර කියල දෙමාපියන්ට මේ ප්‍රශ්නය කියල අද වැටෙන්න තරම්වත් ඇහුන්කම් නොදැනෙන පරිසරේක මේ කෙල්ල මොනව කර ගන්න ඇතිද? මොහොතකට හිතන්න ඕගොල්ලන්ට බාර දීල මං ඊළඟ කොටස ලියන්නම් .....

Monday, April 2, 2012

ඔව් මම වන්නි කෙල්ලෙක්.... ඉතින් මොකෝ

හරි හරි දැන් ඉතින් කට්ටියට ප්‍රශ්නේ තියෙන්නේ මං කැබිතිගෝල්ලැව කියන ගමෙන් අපු එකනේ?
ඔව් මං ගමේ තමයි දැන් මොකක්ද ඔකේ තියෙන ප්‍රශ්නේ? ඇයි මං ගමෙන් ආවා කියල මේ කොලබ ජිවත් වෙන්න බැරිද? ඉංග්‍රීසි ටිකක් කතා කරන්න බැරිද? ඩෙනිමක් අරකක් මේකක් අඳින්න බැරිද? බැරි කමක් නැහැ ඇත්තම කිව්වොත් මේ කාෂ්ටක කොලබට වඩා ඒ කෂ්ටඛ අනුරාධපුරේට ආසයි. මෙහෙ මිනිස්සුන්ගේ ජිවිත වල නැති නිදහසක් නිස්කලංක බවක් ඒ ගම්වල තියෙනවා ඒ මිනිස්සුන්ගේ තියෙනවා.

ආසාවට මේ කොලබට වෙලා ඉන්නවා නෙමේ. එත් මේ අපි හැදුන වැදුන තැන. හැදුන හැටි වෙන්න පුළුවන් එත් අදටත් මං ආසයි අත් බෝරිච්චි කරපු රැලි ගවුමක් ඇඳලා, කොන්දේ කරලට ගොතල, ලිඳෙන් වතුර අදාල කල ගෙඩි පුරෝගෙන එන්න. තව උදේ 10 ට 11 ට විතර කෙහෙල් කොලේ බත් එකක් ඔතාගෙන කෙල්ලෝ ටිකත් එක්ක පදවිය වැවට හරි කැබිතිගෝල්ලැව වැවට හරි බයිසිකලෙන් ගිහින් දවල් එක දෙක වෙනකන් දිය බුං ගහල අර බෙදන් ආපු බත් එකත් කාල ඉන්න මාත් ආසයි. ඇයි ඒ විතරද ඊට පස්සේ ඉස්කින්ය එක්ක උණු උණුවේ ප්ලේන්ටියක් බොන්න. ඊට පස්සේ වත්තේ පහල තියෙන කොන් ගහ යටට පැදුරක් දාගෙන පොතක් කියවන්න. ආයෙත් බයිසිකලේ නැගල බඩඉරිඟු හේනට යන්න. මේ උදේ පාන්දර ඔෆිස් ගිහින් මැරිලා මැරිලා එන ජීවිතවලට වඩා ඒවා සුන්දරයි.


එත් අවාසනාවට හෝ වාසනාවට මට එහෙම ඉන්න බැරි උනා ගමෙන් ඇවිත් මෙහෙදී හැදිලා ලොකු ඉස්කෝල වලට ගියත් මං ඔය රොත්ත බුරුත්ත එක්ක කොලබ 7 කියල එක ඔලුවට ගන්න ගියේ නැහැ. මං ජිවත් උනේ මගේ විදිහට සමහර විට ඔය ගැමි ළඳක තියෙන නරි ලතාව නම් නැතිව ඇති එත් මං මගේ ගමට ආදරෙයි ආසයි. ඒ හින්දම වෙන්න ඇති මේ සැලුන් බැලුන් ගිහින් බ්ලිචින් කරලා හදාගන්න අර තැම්බිච්ච ඉස්සොන්ගේ පාටක් නැතිව තාම නියම වන්නි කෙල්ලෙක්ගෙ පාට තියෙන්නේ පියරු බබෙක් නොවී ඉන්නේත් ඔය සෝබන පිරු බබාලව පේන්නත් බැරි


ඔන්න මගේ ගමට මුකුත් කියනවා නෙමේ ඔං.