Monday, April 2, 2012

ඔව් මම වන්නි කෙල්ලෙක්.... ඉතින් මොකෝ

හරි හරි දැන් ඉතින් කට්ටියට ප්‍රශ්නේ තියෙන්නේ මං කැබිතිගෝල්ලැව කියන ගමෙන් අපු එකනේ?
ඔව් මං ගමේ තමයි දැන් මොකක්ද ඔකේ තියෙන ප්‍රශ්නේ? ඇයි මං ගමෙන් ආවා කියල මේ කොලබ ජිවත් වෙන්න බැරිද? ඉංග්‍රීසි ටිකක් කතා කරන්න බැරිද? ඩෙනිමක් අරකක් මේකක් අඳින්න බැරිද? බැරි කමක් නැහැ ඇත්තම කිව්වොත් මේ කාෂ්ටක කොලබට වඩා ඒ කෂ්ටඛ අනුරාධපුරේට ආසයි. මෙහෙ මිනිස්සුන්ගේ ජිවිත වල නැති නිදහසක් නිස්කලංක බවක් ඒ ගම්වල තියෙනවා ඒ මිනිස්සුන්ගේ තියෙනවා.

ආසාවට මේ කොලබට වෙලා ඉන්නවා නෙමේ. එත් මේ අපි හැදුන වැදුන තැන. හැදුන හැටි වෙන්න පුළුවන් එත් අදටත් මං ආසයි අත් බෝරිච්චි කරපු රැලි ගවුමක් ඇඳලා, කොන්දේ කරලට ගොතල, ලිඳෙන් වතුර අදාල කල ගෙඩි පුරෝගෙන එන්න. තව උදේ 10 ට 11 ට විතර කෙහෙල් කොලේ බත් එකක් ඔතාගෙන කෙල්ලෝ ටිකත් එක්ක පදවිය වැවට හරි කැබිතිගෝල්ලැව වැවට හරි බයිසිකලෙන් ගිහින් දවල් එක දෙක වෙනකන් දිය බුං ගහල අර බෙදන් ආපු බත් එකත් කාල ඉන්න මාත් ආසයි. ඇයි ඒ විතරද ඊට පස්සේ ඉස්කින්ය එක්ක උණු උණුවේ ප්ලේන්ටියක් බොන්න. ඊට පස්සේ වත්තේ පහල තියෙන කොන් ගහ යටට පැදුරක් දාගෙන පොතක් කියවන්න. ආයෙත් බයිසිකලේ නැගල බඩඉරිඟු හේනට යන්න. මේ උදේ පාන්දර ඔෆිස් ගිහින් මැරිලා මැරිලා එන ජීවිතවලට වඩා ඒවා සුන්දරයි.


එත් අවාසනාවට හෝ වාසනාවට මට එහෙම ඉන්න බැරි උනා ගමෙන් ඇවිත් මෙහෙදී හැදිලා ලොකු ඉස්කෝල වලට ගියත් මං ඔය රොත්ත බුරුත්ත එක්ක කොලබ 7 කියල එක ඔලුවට ගන්න ගියේ නැහැ. මං ජිවත් උනේ මගේ විදිහට සමහර විට ඔය ගැමි ළඳක තියෙන නරි ලතාව නම් නැතිව ඇති එත් මං මගේ ගමට ආදරෙයි ආසයි. ඒ හින්දම වෙන්න ඇති මේ සැලුන් බැලුන් ගිහින් බ්ලිචින් කරලා හදාගන්න අර තැම්බිච්ච ඉස්සොන්ගේ පාටක් නැතිව තාම නියම වන්නි කෙල්ලෙක්ගෙ පාට තියෙන්නේ පියරු බබෙක් නොවී ඉන්නේත් ඔය සෝබන පිරු බබාලව පේන්නත් බැරි


ඔන්න මගේ ගමට මුකුත් කියනවා නෙමේ ඔං. 


25 comments:

  1. ඉතිං ඒක කොච්චර ආඩම්බරයක්ද බං.
    මේ කුණු කොළඹ වගේද එහේ.

    ReplyDelete
  2. මේ ඕයි දැන් කාටද පස්නයක් තියෙන්නෙ ඔයා කැබැතිගොල්ලෑවෙ කියල..කාටවත ්නෑ..
    ඔයා පස්නයක් මවාගෙන ඔයාම උත්තර ලියනවා...
    ඒකත් හොදයි....
    මං තුත් ගමේ..මට ඉංගිරිස්තුත් බෑ...මං පොසුත් නෑ ඩෙනිං අදින්නෙත් නෑ...
    ඒත් දැං අපේ ගමේ උන් ඉංගිරිස් දන්නවා, ඩෙනිං අදිනවා, ලැප් ගන්නවා, දැං කොළඹ ආපු මං ගැමියා...ගමේ ඉඳන් ජොබ් කට්ටක් කරගෙන ගෙදරින් කාල ඉටපු උන් දැන් සල්ලි ඉතිරි කරං පොස් වෙලා......උන්ට ත්‍රිජි සිග්නල් තියෙ...යන්න බස් තියෙ...
    මේ කොළඹ හරිහමං බස් එකක් තියෙනවද බස් අජිත්ගෙ සිංදුවක් යන නෑනෙ...
    කොළඹ ආපු අපි තාමත් ගැමියො....කියල මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ ප්‍රශ්නේ නොදැන කෑගහන්න එපා

      Delete
  3. කොලබ ඉන්න කස්ටියගේ අම්මලා තාත්තලා කවුරුත් කොලබ ඉපදුන උන ඉන්නේ කීයෙන් කියාද..??. අනික් ඔක්කම ගම් වලින් ඇවිල්ලා, ලෝකෙට පෙන්නන පොෂ් වෙච්ච උන නේ ඉන්නේ ..!!, මොනා උනත් මට නම් කොලබ ඉන්න අප්පිරියයි , වෙන එකක් තියා අඩුම සැපට නිදාගන්නවත් පුළුවන් ද ..?? :((

    ReplyDelete
  4. ගමේ නගරේ කියල ලොකු වෙනසක් නෑ සහෝදරී, නගරේ මිනිස්සු ගමෙන් ආපු කෙනෙකුට තැන දෙන්න අකැමැති වෙනකොට පොඩ්ඩක් පහත් කරන්න බලනවා. ඒක ඉතිං එයාලගෙ මෝඩකම.

    දුශ්කර ගමක හැදුණු වැඩුණු එක ගැන මටනම් සතු‍ටුයි. ඊටත් වඩා සතු‍ටුයි සමහරු මං ඩොටේ කියල මාව පහත් කරන්න හදන්න මෝඩ උත්සාහ ව්යර්ථ වෙන වෙලාවට ....

    ReplyDelete
    Replies
    1. අන්න ඔයා වගේ දෙඅක් වෙච්ච නිසා තමා පොස්ට් එක ලිව්වෙත්

      Delete
    2. ඇත්ත මමත් අත්විඳි දෙයක්
      //නගරේ මිනිස්සු ගමෙන් ආපු කෙනෙකුට තැන දෙන්න අකැමැති වෙනකොට පොඩ්ඩක් පහත් කරන්න බලනවා. ඒක ඉතිං එයාලගෙ මෝඩකම. //
      සහතික ඇත්ත

      Delete
  5. //මේ කාෂ්ටක කොලබට වඩා ඒ කෂ්ටඛ අනුරාධපුරේට ආසයි. //

    මගේ ගම නොවුනත් පහ වසර වෙනකල් හිටපු පොලොන්නරුවට මං තාමත් ආසයි.ඔය තරම් ගමක නම් නෙවෙයි හිටියෙ.ඒත් ඒ අවු රශ්මිය මේ කොළඹ අවුවට වඩා සැපයි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් දුෂ්කර නැහැලු එත් අවුරුදු හතකින් වගේ ගිහින් නැහැ

      Delete
  6. දැන් කොළඹ ජොබ් කරන්න මෙහේ ගාල් වුනාට මමත් ගමේ කෙල්ලෙක්. අපේ ගම්වල තියෙන සුන්දර කොළඹ පොඩ්ඩක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි නඟා

      Delete
  7. කොළඹ ජීවිතේට වඩා කොච්චර දුර උනත් ගමේ ජීවිතේ ලස්සනයි.. මගෙත් දැන් තියෙන එකම බලාපොරොත්තුව දවසක කොළඹට සමුදෙන්න..

    ReplyDelete
    Replies
    1. මාත් එකම තමා මිනුවන්ගොඩ පැත්තට යන්න හදන්නේ

      Delete
  8. මසුරන් වදන් ටික අක්කේ...

    ReplyDelete
  9. අනේද කියන්නෙ කැබිතිගොල්ලෑවේ කැකුලි. මමත් මේ කොලොම්බුවට වැරදිලා ඇවිත් කහට තේකක් බොන්න කැෆේ එකකට බඩගෑව, හාපෝ!! එතන හිටපු ඇටිකිච්චියක් විළිලැජ්ජාවක් නැතුව පැයට සීයයි කියල පොඩි කාමරේකට දාල දොර වහපු පාර තමා මේ බොල්ගු කෙරුවාවට පන්ගාත්තු උනේ.

    ReplyDelete
    Replies
    1. ඔං ඉතින් අහන්න දෙයක්ය අප්පේ

      Delete
  10. කොළඹ ගම කියලා වෙනසක් නැ දැන් කොහෙත් එකයි

    ReplyDelete
  11. කෙල්ලෙක්ගෙ නියම ලස්සන තියෙන්නේ ඔය එක එක පාට උලා ගත්තාම නෙවෙයි. මට නම ඒක මහා විකාරයක් වගේ. දැන් කොළඹ වෙලා ලෝකෙට පේන්න පොෂ් වෙලා ඉන්න ගොඩාක් අයගේ ගං පළාත් කොළඹ නෙවෙයිනේ. මම නම් කොහොමත් කොළඹ නෙවෙයි. මමත් ආසම කරන ගං පළාත් තියෙන්නේ ඔය රජ රට පැත්තේ තමා. ඒ හින්දම කොහොමත් අවුරුද්දට දෙතුන් වතාවක් ඔය අනුරාධපුර පොලොන්නරුව පැති වල කැරකෙන එක දැන් මගේ පුරුද්දක් වෙලා. මට කොහොමටත් කිලෝමීටර් කියල දෙයක් නෑ නේ ......

    ReplyDelete
  12. මටනං ඉතිං ඔය කොහෙත් එකයි

    ReplyDelete
  13. සෝයිනේ.කොච්චර හොදයිද.අපේ අම්මගේ ගම තිස්සමහාරාමේ.ගම තරම් හොද නැහැ කොහේවත්.

    ReplyDelete
  14. ඔන්න ඕකටනෙ අක්කෙ ඉතින් පොළවෙ පය ගහල ඉන්නව කියන්නෙ.....

    ReplyDelete
  15. ඔයා ගමෙ කරන දේවල් කිව්වම මටත් හිතෙනවා ගමක ජීවත් උනානම් කියලා..

    ReplyDelete