ජිවිතේ ගැන අයෙත් අමුතුවෙන් අටුවා ටික ඕනි නැහැ. නැති වෙන්න දෙයක් ඉතිරි
වෙලා නැහැ ඊයේ රාත්රියේ මගේම ආදරණිය නැන්ද මාව පොලිසියට එක්ක ගිය මන් එයාව
මරන්න තර්ජනය කර කියල. ඇත්තටම එහෙම කර නම් දුකක් නැහැ. එත් හේතුව පරම් පරා උරුමය ඉල්ලුව කියල. මේ වෙද්දී ඉන්න තැනක් නැති වෙලා ඉවරයි. ඊයේ නිදා
ගත්තේ යාලුවෙක්ගෙ බෝඩිමේ අද යන්න තැනක් නැතිව අතරමන් වෙලා අවුරුදු 25 ක
කෙල්ලෙක්ව මහා රේ පොලිසියෙන් පාරට දැම්ම. තව ජිවිතේ වරදින්න තියෙනවද? දේපල
ලියාගෙන අපිව සත්තු වගේ එලියට ඇදල දාපු අයට මන් මොනවා කරන්නද? මගේ අම්ම
තාත්ත නැඟී මල්ලි අද හැම තැනම ගෙවල් හොයනවා. මන් මහා පාරේ තියෙන කැෆේ එකක්
අස්සේ ඉඳන් මේ දේ ලියන්නෙත් තියෙන පිස්සුවට නෙමේ කියන්න කෙනෙක් නැති හින්ද.
කවුරු හරි ඇවිත් මේ ජිවිතේ උස්සල තියන්නේ නැහැ. එක මන් දන්නවා මේ බ්ලොග්
ලෝකේ මට දුන්න හිනාවට ගොඩක් තුති තුවාල වෙච්ච දනිස් වලට රිදිච්ච හිතට අම්ම
තාත්ත ගාවට ගිහින් මහා හයියෙන් හඬ වැටෙන්න වත් පින් කරලා නැති දුවෙක් වෙලා
මම. එත් ජිවත් වෙනවා දල යන්න බැරි හින්ද මගේ අම්මට දුකක් දෙන්න බැරි හින්ද.
යාලුවනේ ඕගොල්ලන්ගේ දුෂ ජීවිතෙන් ගොඩක් වැටිලා හිත ගන්න බැරි තරම්. මන්
දන්නවා ඒ දෙන්නටත් දුක කොහොමද කියල හේතුව තමාගේ දුවව නොකළ වරදකට කුඩුවට
දාද්දි, මුළු පොලිසියක් ඉස්සරහ අපහස කරද්දී කොහොමට හිතෙන්න ඇතිද කියල. මන්
මිනිස්සුන්ට ශාප කරන්නේ නැහැ. එත් මත එක්ක මිනිස්සු මෙච්චර තරහ අයි කියල මට
දැන් ගන්න ඕනි. එත් මන් අසරණ වැඩි ජීවිතෙන් වැටිලා වැඩි. කියන දාහක්
තිබ්බත් කදුළු ඊට වැඩ ඉස්සර වෙන්ව. අන්තිමේට අසන උන වෙලේ ජීවිතෙන්
ඔගොල්ලොවත් මන් ළඟ ඉන්න
මේ දේපල තණ්හාවෙන් මුල වෙලා මගේම නෑදෑයෝ අසල වැසියෝ මට සලකපු හැටි
මේ දේපල තණ්හාවෙන් මුල වෙලා මගේම නෑදෑයෝ අසල වැසියෝ මට සලකපු හැටි