Monday, June 4, 2012

දුෂ් පොලිස් අත්අඩංගුවට

ජිවිතේ ගැන අයෙත් අමුතුවෙන් අටුවා ටික ඕනි නැහැ. නැති වෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ ඊයේ රාත්‍රියේ මගේම ආදරණිය නැන්ද මාව පොලිසියට එක්ක ගිය මන් එයාව මරන්න තර්ජනය කර කියල. ඇත්තටම එහෙම කර නම් දුකක් නැහැ. එත් හේතුව පරම් පරා උරුමය ඉල්ලුව කියල. මේ වෙද්දී ඉන්න තැනක් නැති වෙලා ඉවරයි. ඊයේ නිදා ගත්තේ යාලුවෙක්ගෙ බෝඩිමේ අද යන්න තැනක් නැතිව අතරමන් වෙලා අවුරුදු 25 ක කෙල්ලෙක්ව මහා රේ පොලිසියෙන් පාරට දැම්ම. තව ජිවිතේ වරදින්න තියෙනවද? දේපල ලියාගෙන අපිව සත්තු වගේ එලියට ඇදල දාපු අයට මන් මොනවා කරන්නද? මගේ අම්ම තාත්ත නැඟී මල්ලි අද හැම තැනම ගෙවල් හොයනවා. මන් මහා පාරේ තියෙන කැෆේ එකක් අස්සේ ඉඳන් මේ දේ ලියන්නෙත් තියෙන පිස්සුවට නෙමේ කියන්න කෙනෙක් නැති හින්ද. කවුරු හරි ඇවිත් මේ ජිවිතේ උස්සල තියන්නේ නැහැ. එක මන් දන්නවා මේ බ්ලොග් ලෝකේ මට දුන්න හිනාවට ගොඩක් තුති තුවාල වෙච්ච දනිස් වලට රිදිච්ච හිතට අම්ම තාත්ත ගාවට ගිහින් මහා හයියෙන් හඬ වැටෙන්න වත් පින් කරලා නැති දුවෙක් වෙලා මම. එත් ජිවත් වෙනවා දල යන්න බැරි හින්ද මගේ අම්මට දුකක් දෙන්න බැරි හින්ද. යාලුවනේ ඕගොල්ලන්ගේ දුෂ ජීවිතෙන් ගොඩක් වැටිලා හිත ගන්න බැරි තරම්. මන් දන්නවා ඒ දෙන්නටත් දුක කොහොමද කියල හේතුව තමාගේ දුවව නොකළ වරදකට කුඩුවට දාද්දි, මුළු පොලිසියක් ඉස්සරහ අපහස කරද්දී කොහොමට හිතෙන්න ඇතිද කියල. මන් මිනිස්සුන්ට ශාප කරන්නේ නැහැ. එත් මත එක්ක මිනිස්සු මෙච්චර තරහ අයි කියල මට දැන් ගන්න ඕනි. එත් මන් අසරණ වැඩි ජීවිතෙන් වැටිලා වැඩි. කියන දාහක් තිබ්බත් කදුළු ඊට වැඩ ඉස්සර වෙන්ව. අන්තිමේට අසන උන වෙලේ ජීවිතෙන් ඔගොල්ලොවත් මන් ළඟ ඉන්න     

 මේ දේපල තණ්හාවෙන් මුල වෙලා මගේම නෑදෑයෝ අසල වැසියෝ මට සලකපු හැටි

30 comments:

  1. ජීවිතේ ප්‍රශ්න කියනදේට අපි හැමෝටම මුහුන දෙන්න වෙනවා ,නමුත් ඒ ප්‍රශ්න වලට මුහුන දීලා නොසැලී ඉන්න ධෛර්යය ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා......

    ReplyDelete
  2. මට නම් මේකට කියන්න දෙයක් නැහැ. තුවාල වුණ කෙනා තමයි ඇත්ත වේදනාව දන්නේ.
    කොහොමහරි තමන් ශක්තිමත් විය යුතුයි.

    ReplyDelete
  3. අක්කෝ මේ මොකෝ මේ? හලාවත දුරක් නෙමෙයිනම් අපේ ගෙදර ඉන්න පුළුවන් ඔයාට. බයවෙන්න එපා පිරිමි අයට කියලා ඉන්නේ අපේ මල්ලි විතරයි. උත් ගෑනි වගේ.

    ජීවිතේට එන ප්‍රශ්න වලට අක්කා මුහුණ දෙන විදිය ඇත්තටම පුදුමයක්. අපිට ආඩම්බරයක්.

    ReplyDelete
  4. මේ වෙලාවේ මම ඔයාට උපදෙස් දෙන්නවත්,හිත හදන්න උදව් කරන්නවත් උත්සහ කරන්නේ නෑ.අපි දකුණේ මිනිස්සු.ඒ මිනිස්සු ආගන්තුක සත්කාරවලට පැකිලෙන මිනිස්සු නෙවෙයි. ඒත් අගනුවර ඔයාට තැනක් හොයලා දෙන්න තරම් දකුණේ මාතර මට හයියක් නෑ. ඒත් හයියක් තියන කෙනෙක් ඉන්නවා.ඒ ඔයාගේ හිත.

    ජීවිතේ අපිව වට්ටන, වට්ටවන්න උත්සහ කරන අය කවදාහරි වැටෙනවා ඉබේටම. තමන් වැටුණ වෙලාවේ තමන් හිතේ හයියෙන් ඉන්න තරමට තමයි තමන්ට නැගිටින්න ලේසි. මහා තේජසකින්,ශක්තියකින් නැගිටින්නේ වැටුණ මිනිහා..ඒ ඔයා වගේ අයයි...

    ReplyDelete
  5. සත්‍ය කවදා හරි ජයගන්නවා අක්කේ. ඔයාලට වැරද්දක් කරපු අයට ඒක තේරුම් යයි...... ඉක්මණින්ම ගැටළු සියල්ල විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  6. Dush sory singlish typing...
    Aththatama mokakda may wela thiyenne... Monawa namuth loku prob ekak wela wage.apita oya wenuwen karanna puuwan deyak thiyamawanam kiyanna.aniwa help karannm puluwam uparimayen.. Apita karanna puluwan deyak aniwa thiyanna ona...mona prob awath watenne nathuwa inna oyata puluwan dr.thaaawath shakthimath wenna dr

    ReplyDelete
  7. දුෂ් මම ඔයාගේ බුකියේ අප්ඩේට් එකට විහිලුවට සුභ පැතුවේ මේ ගැන නොදැන ....
    දොඩම් කිව්වා වගේ තුවාලේ තියෙන කෙනා තමයි වේදනාව දන්නේ.
    තියෙන ප්‍රශ්න වලට නොසැලී මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියා පතමි...

    ReplyDelete
  8. කියන්ඩ කිසිම දෙයක් හිතේ නෑ නංගි.
    ඔයාට මේ කරපු දේවල් වලට කවදාහරි ඒ අය විඳවයි. ඒක ඉර හඳ වගේ විස්වාසයි. !

    ReplyDelete
  9. පුලු පුලුවන් විදියට බලමු! :(

    ReplyDelete
  10. අක්කාගේ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! අනික නෑදෑයෝ ඔහොම්මම තමයි

    ReplyDelete
  11. eththatama mekata apita monawa hari karanna puluwan wenna one.denata nathara wenna thenak thiyenawadha?

    Hitha thawa hayya kara ganna nangi.hitha hayya bawa dannawa nethnam mechchara iwasagena inna be ne.

    Neethiya nendha athata aragenadha?mara polisiyak thama.

    ReplyDelete
  12. ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එන්නේ මිනිස්සුන්ට. එහෙම ප්‍රශ්න එද්දී ඒවායින් පැනල යනවනම් කෙනෙක්ට කවදාවත් ජීවත් වෙන්න බෑ. කොච්චර වැටුනත් ඒ වැටෙන හැම පාරකම හිතට දෛරීය ගන්න. ආයේ නැගිටින්න. කවද හරි කකුල් දෙකෙන් කෙලින් හිටගන්න පුළුවන් දවසක් ඔයාට එනවා. අන්න එදාට ඔයා දිනුම්. එදාට අතීතේ වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා පුදුම වෙයි. ඊටත් වඩා ආඩම්බරවෙයි. ඒ දුක් වලට මුණ දුන්නේ මේ දැන් ඉන්න ඔයාමද කියල. හිතේ තියන කරදර ඉක්මනින් අඩුවෙලා, තියන ප්‍රශ්න ඔක්කොම ඉක්මනින්ම විසඳෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා,

    ReplyDelete
  13. වස්තුව දේපල නිසා මනුස්සකම තියා දෙමාපියන් දරුවෝ සහෝදර සහෝදරියෝ පවා ගහ මරාගන්න කාලයක් මේක. මොනවා උන්ටහ් තමන්ගේ ආරක්ෂාව තමයි වැදගත්..

    ReplyDelete
  14. වස්තුව දේපල නිසා මනුස්සකම තියා දෙමාපියන් දරුවෝ සහෝදර සහෝදරියෝ පවා ගහ මරාගන්න කාලයක් මේක. මොනවා උන්ටහ් තමන්ගේ ආරක්ෂාව තමයි වැදගත්..

    ReplyDelete
  15. දැන් ඉන්න තැනක් හමිබ උනාද?

    ReplyDelete
  16. එක අත්දැකීමක් කරගන්න අක්කේ මිනිස්සුන්ව අදුනගන් ලැබුණු අවස්ථාවක් එක ......

    ReplyDelete
  17. මීට කාලෙකට උඩදි අපිවත් ගෙදරින් නෑයෝ එලියට ඇදලා දැම්මේ ඔය වගේම තමයි.. ඉතින් ඔයාට දැනුන දේ එදා අපිටත් දැනුනා.. සමාවෙන්න දුශ්.. වචන වලින් හිත හදාගන්න කියනවා හැරෙන්න වෙන දෙයක් කරන්න බැරි වෙන එකට..

    ReplyDelete
  18. සිරි ලංකා පෙලීතියේ ආස්චරිය..

    ReplyDelete
  19. මම මොනවා කියලා කියන්නද? :(
    ඔය නෑයෝ නිකන් වේයෝ වගේ කට්ටියක්.. පරිස්සමින් අක්කෝ

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  20. ඕව අනිත් පැත්තට විදවයි.

    ජීවිතය ජය ගන්න ශක්තිය ලැබේවා. !

    ReplyDelete
  21. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ.... මොනවා උනත් කල්පනාවෙන් ජීවත් වෙන්න අක්කෝ හැමදාම ඉඩෝරෙ පවතින්නේ නෑනේ...

    මගේ නැන්දා මට ඔහොම වැඩක් කොලානම් ඉතින් සොරි තමා...

    ReplyDelete
  22. හිත සවිමත් කරගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න බලන්න...කුණාටුවක් එද්දි ඒකට බය නැතිව මුහුණ දෙන්නයි ඕන..මොකද බයවෙලා දුවන්න ගියොත් අනිවාර්යෙන්ම අහුවෙලා විනාස වෙන නිසා...අඩු වයසින් සෑහෙන අත්දැකීම් ලබලා,ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවායින් ගොඩ එන්න මට උදව් වෙච්චි කාරණාවලින් එකක් තමා ඕක... ප්‍රශ්නෙන් මග අරින්න විදිහක් නැති නං ඒකට මුහුණ දීල ඒක විසඳගන්න එක තමා හොඳම වැඩේ...කොහොමටත් දේපල ප්‍රශ්නවලදි නෑකම් අමතක වෙලා අමනුස්සයෝ මතුවෙන එක සාමාන්‍ය දෙයක්..සැලෙන්න එපා....

    ReplyDelete
  23. අනේ අක්කේ මම ලංකාවෙ උන්න නම් කතා දෙකක් නැහැ ඔයාලට ඉන්න දෙනව අපේ ගෙදර..ගෑනු ලමයෙකුට එහෙම කරපු එකට නම් එයාලට විඳවන්න වෙනවා..

    ReplyDelete
  24. කඩං වැටෙන්න එපා. ඔයා හිත හයිය කෙනෙක්. ඒක මේ පොස්ට් එකෙන්ම පේනවා. මෙහෙම එකක් මේ වෙලාවට ලියන්න තරම් හිතක් ඔයාට තියනවනම් තව දේවල් ඕනේ නෑ. හරියට කොටි ගහනකොට බංකරේට රිංගනවා වගේ අල්ලන් ඉන්න.. ටික දවසකින් සේරම හොඳ අතට ගලාගෙන යාවි..

    ReplyDelete
  25. හැම වෙලාවෙම ගොඩක් දෙනෙක් බලන් ඉන්නෙ අපිව වට්ටන්න.රිදුනාම අඬන කඳුළු වලට හිනා වෙන්න. ජීවිතේ විසඳන්න බැරි ප්‍රශ්න එන්නෙ බොහොම කලාතුරකින්. හිත හය්ය කර ගන්න නංගා. කඳුළුත් එක්ක නැගිටින්න. රිද්දපු අයට කවද හරි පෙන්නන්න ඔයා ආයෙමත් නැගිටපු බව..........

    ReplyDelete
  26. කඩන් වැටෙන්න එපා නංගා.හිත හයිය කරගන්න. කවද හරි ඔයාව වට්ටපු අයට පෙන්නන්න ඔයා ආයෙම නැගිට්ට බව............

    ReplyDelete
  27. Anonymous6/05/2012

    ගමේ ගිහින් ඉදලා දැන් ආවාමයි දැක්කේ. අනේ දුෂ් සමාවෙන්න පරක්කු වුනාට. හැමෝම කිව්වා වගේ ඔයාගේ හිත හයිය කරගන්න. අපිට ඔයා වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවානම් කියන්න. ඔය කරදර ඉක්මනට ඉවරවෙයි.

    ReplyDelete
  28. අගක් මුලක් මොකවත් තේරෙන්නෙ නෑ...හැබෑට මොකද මේ වෙලා තියෙන්නේ....

    ReplyDelete
  29. omg :o දැන් මොකද වෙන්නේ :o

    ReplyDelete