Monday, November 12, 2012

මේ එකම එක ඇත්තම කතාවක්



ඔන්න අයෙත් ආව කතාවට මතකනේ මම කිව්වා  මට  පන්තියට දෙන්න වෙනවා කියල ඔන්න කොහොම කොහොම හරි බයෙන් බයෙන් එදා පුරුදු උනා එකත් හිතුව තරම් ලේසි දෙයක් නෙමේ. මට මතකයි අනිත් අයත්  මන් පුරුදු වෙන හැටි බලන් හිටිය. සෙනසුරාදා ඊළඟ බය හිතෙන භයන්කාර දවස මන් ඉතින් වෙනද වගේම ටීෂර්ට් එකයි  ඩෙනිමයි අන්දලා වැඩට ගියා. යන්න්තම් නමය වෙද්දී මෙන්න ළමයි ටික ටික එන්න ගත්ත ඔන්න එනවා රොහාන් නිල පාට ටීෂර්ට් එකක් ඇඳලා ඩෙනිමක් අන්දලා හිනා වේවි පැද්දි පැද්දී ඇවිත් පන්තියට ගියා දැන් නම් අහන්න එපා මට මොනවද දැනෙන්නේ කියල ළමයි ගොඩක් මැද මන් දැක්ක මේ කොල්ල මන් දිහා බලන් ඉන්නවා මට එතකොට නම් වචන මතක නැති වෙන්න ආව ඒක නිසා මන් අනිත් පැත්ත බලාගත්ත. ඇත්තටම එය ඇයි එහෙම බලන් හිටියේ මටත් හරිම අමුතුයි.

ඒ  INTRO එකෙන් පස්සේ මන් පන්තියෙන් එලියට ආව නෙමේ පැන්නා අම්මෝ දැන් තමා හුස්ම ටිකක් ආවේ ඊට පස්සේ පන්තියේ දැන් විනාඩි දහයක විවේක වෙලාව මන් දැක්ක මේ පිරිමි ළමය එලියට ගිහින් එනවා මාත් හිනා වෙලා නිකන් හිටිය. ඔහොම සතියක් දෙකක් ගියා ඒ අතරේ තමයි අපේ ඔෆිස් එකේ හිටය පියන් අයින් වෙලා ගියේ දැන් ඉතින් ටියුට් ප්‍රින්ට් කරන්න වෙන්නෙත් මට ඔන්න එක දවසක් මන් ඔහොම ප්‍රින්ට් කර කර ඉද්දි තම මේ පිරිමි ළමය මන් ගාවට ඇවිත් මොකක්ද කරන්නේ කියල ඇහුවේ. මන් ඇත්තටම කිව්වොත් බය උනා. මන් කිව්වා ඔයගොල්ලන්ගේ ටියුට් ටික ප්‍රින්ට් කරනවා කියල අහක බල ගත්ත. එදා එය ඇහුව ඔය මන් ඔයත් එක්ක කතා කරනවට අකමැතිද කියල ඇහුව. මන් ඇත්තටම පුදුම උනා එයාට පිස්සුද එය ම එක්ක මුකුත් කතා නොකරම එයාගේ තීරණය අරගෙන. මහා පිස්සෙක් මන් කිව්වා නැහැ එහෙම එකක් නෙමේ කියල.
එහෙනම් ඔහොම කා එක්කවත් කතා නොකර ඉන්නේ අයි කියල අහද්දී මට නම් හිතුන මෙයා නම් මාර වදයක් නේ කියල. එත් එය වෙනස් මන් කිව්වා එහෙම එකක් නෙමේ නිකමට මන් පන්තියට එන ළමයින් එක්ක එහෙම කතා කරන්නේ නැහැ කියල එහෙම හිමින් හිමින් එය ගොඩක් වෙලාවට මන් එක්ක කතා කර කර ඉන්න පෙලබුන පන්තිය පටන් ගන්න කලින් පන්තියේ විවේක වෙලාවේ

එයත් එක්ක කතා කරන්නේ ටික වෙලාවක් උනත් මන් ඒ වෙලවට පුදුම විදිහට අසයි ඒ විතරක් නෙමේ මන් හිනා වෙන්නේ බොරුවට හිතේ තියෙන දුක හඟ ගන්න කියල එය නිතරම කිව්වා මන් එත් නිකන්ම හිටිය විතරයි එය මන් එක්ක කතා කරන ටිකට ගොඩක් දේවල් මන් ගැන දැනගෙන තිබ්බ එකත් අමුතුයි. කවුරු උනත් කොහොමද අපි ගැන එහෙම කියන්නේ එක නම් ඇත්තටම හීනයක් වගේ

11 comments:

  1. අනේ මේ කතාව ටිකක් වැඩියෙන් දැම්මනං මොකද . මහ කම්මැලියෙක් ද කොහෙද.අපිව අවුස්සලා නිකං ඉන්නවා. අර කොල්ලටත් ඔහොම දෙයක් තමා කරන්න ඇත්තේ.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඔයිට වැඩ කොහොමද වැඩියෙන් දාන්නේ

      Delete
  2. හීනයක්ම වෙන්නැති සමහර විට

    ReplyDelete
    Replies
    1. නැහැ එය හැබවක්

      Delete
  3. ඔහොම යන්කෝ...

    ReplyDelete
    Replies
    1. මොනවා වෙන්නද

      Delete
  4. පටන් ගැන්ම විතරනේ,

    ReplyDelete
  5. ඔව් මන් හරි කම්මැලි ල්මයෙක්නේ

    ReplyDelete
  6. මං හිතන්නේ තව පරිච්චේද ගොඩක් තියේවි..අන්තිම හරිය එද්දී ගොඩක් දේවල් වෙලා තියේවි.

    ReplyDelete
  7. අහා හික් එදා ලියන්නෙ නෑ කිවුවාට කතාව ලියලා :)

    ReplyDelete
  8. හික්ස්...ගොනා හැරෙන්නෙ නං හොඳකට නෙවෙයි ළමයෝ.. :D

    ReplyDelete