Monday, November 19, 2012

මේ එකම එක ඇත්තම කතාවක්




මන් එදා කතාව නවත්තපු තැන මතකනේ ඉතින් ඔහොම ක්ලාස් එක ගියා සමහර දවස් වලට රොහාන් පන්ති ආවේ නැති නිසා පස්සේ ඇවිත් මගෙන් වෙනම ටියුට් ටික එහෙම ඉල්ලන් යනවා එත් සමහර වෙලාවට මට විහිලු කර කර ඉඳලත් යනවා පස්සේ එයා දවසක් මගෙන් ටියුට් එකේ සොෆ්ට් කොපි ටිකක් ඉල්ලුවඉතින් මන් මැනජර්ට කියල කිව්වම ෆයිල්ස් ලොකු වැඩි නිසා මගේ ජිමෙල් එකෙන් යවන්න කියල කිව්වා පස්සේ මන් ඔක්කොම ෆයිල්ස් ටික යවල මොනවා හරි උදව්වක් තියෙනවා නම් මන් කරලා දෙන්නම් කියලත් යැව්වා තව එයා ආපු වෙලවට ලංකාවේ කන්න බොන්න තියෙන තැන් ඔය වගේ විස්තර අහගෙන එහෙමත් යනවා. 

ඔහොම පන්තිය දිගටම ගියා පස්සේ රොහාන් මට එන්නේ වෙන්නේ නැත්තම් ටෙක්ස්ට් කරන්න තව ඊමේල් යවන්න එහෙම පුරුදු උනා එත් බොහෝ වේලාවට ඒ කතා ඔෆිස් වැඩ එහෙම නැත්තම් ඔය ක්ලාස් එක සම්බන්ද දේවල් වලට පමණක් සිමා උනා. මේ වෙනකොට නම් ඔෆිස් එකේ කට්ටියත් විහිලු කරන්න ගත්ත මේ කොල්ල මට කැමති කියල. දවසක් මැනේජර් මට ලඟට කතා කරලා කිව්වා දුෂ් මේ කොල්ල ඔයාට කැමති ඇයි ඔයා මුකුත් කියන්නේ නැත්තේ කියල. මොනවා කියන්නද මේ කොහෙවත් ලංකාවේ වත් නැති කොල්ලෙක් මට කැමති උනා කියල මන් මොනවා කරන්නද? මන් එක ගණන් ගත්තෙත් නැහැ එකට හේතුව එයාම ලොකු ලොකු කතා කියන්න ගත්ත එක.

එයාම කිව්වා එය ඉපදුනේ සිංගප්පුරුවේ, පොඩි කාලේ හිටියේ ඇමරිකාවේ ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට ගියා කියල පස්සේ මන් එයාට කිව්වා ඔය දේවල් කිව්වම ඇත්ත කියල හිතල ඇස් දෙක ලොකු කරලා ඔයාට කැමති වෙන කෙල්ලෝ ඇති ඒ උනාට මට නම් ඔය දේවල් වැඩක් නැහැ. තව රොහාන් කියන්නේ කලුම කළු කොල්ලෙක් මන් කළු කොල්ලන්ට කැමතිම නැහැ ඒ ඇයි කියන්න නම් දන්නේ නැහැ. දවසක් එහෙම කිව්වම මන් හරි නපුරුයි, ලංකාවේ කෙල්ලෝ මහා ජරයි කියල මන් එක්ක රණ්ඩු වෙලා රොහාන් ගියා මාත් ඉතින් ගණන් ගත්තේ නෑ. 

පස්සේ සතියේ රොහාන් ක්ලාස් එකට ඇවිත් හිටිය ලස්සනම කෙල්ල එක්ක කතා කර කර මට පේන්නම හිටිය අනේ ඉතින් මට එකත් ගානක් නැහැ එත් එදා මන් එයාගේ මුනවත් නොබලා ටියුට් ටික දීල නිකන් හිටිය. ඊට ටික වෙලාවකට පස්සේ ලෙක්චර් ඇවිත් ඇහුව දුෂ් මොකෝ වලියක්වත් ගියාද අර කොල්ලට ටියුට් එකෙන් දමල ගැහුවේ පව් වැඩ කරන්න එපා ඕයි කියල. පස්සේ මෙන්න රොහාන් ඇවිත් එහෙම කරන්න එපා කියල ගියා. ඔෆිස් එකේ හැමෝමත් කියන්න ගත්ත ඔයත් එයාට කැමති ඇයි කියන්නේ නැත්තේ කියල. එත් ඇත්තටම මට රොහාන් ගැන ආදරයක් තිබ්බේ නෑ. එදායින් පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා.   

පස්සේ  එයා කිව්වා ලංකාවේ  වර්චුසා එකේ ජොබ් එකක් හම්බ උනා එහෙම කියල ඔය දවස් වල. රොහාන් හැම තිස්සෙම මට ඉගෙන ගන්න කියල බල කළා. ඔහොම යද්දී රොහාන් කිව්වා එයාට සතියකට සින්ගප්පුරුවට් යන්න වෙලා තියෙනවා එක නිසා පංතියේ ටියුට් ටික එවන්න කියල. ඔහොම ඉද්දි තමයි රොහාන් මාව GTalk එකට එකතු කර ගත්තේ. ඊට පස්සේ වෙච්ච දේවල් ඊළඟ පොස්ට් එකෙන් කියන්නම්

5 comments:

  1. මේක හරියන්නේ නැ පොඩ්ඩක් කියල නවත්තනවානේ.
    සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
  2. අන්න එතන තමා පොයින්ට් එක

    ReplyDelete
  3. ඊලඟ ටිකත් කියවලා ඉමු එහෙනම්...

    ReplyDelete
  4. මම නම් එදාම කිව්වා මේක එතනින් ඉවර වෙන්නේ නැති කතාවක් කියලා කියල. බලමු බලමු ඉතුරු ටික

    ReplyDelete
  5. ලස්සන කතාවක්...... :D

    ReplyDelete