Wednesday, November 21, 2012

මේ එකම එක ඇත්තම කතාවක්




ඔහොම ඉද්දි තමයි රොහාන් සති දෙකකට විතර New York ගියේ ඒ ඔෆිස් එකේ වැඩ වගයකට එතකොට පුළුවන් හැම වෙලේම අපි චැට් කරනවා රණ්ඩු වෙනවා එදා හරියටම නත්තල් දවසේ මම රොහාන්ට විශ් කරලා SMS එකක් යැව්වා. එයා පස්සේ ලංකාවට ඇවිත් කිව්වා එයා කවමදාකවත් හිතුවේ නැහැ මම එයාට විශ් කරයි කියල මාව තේරුම් ගන්න හරිම අමාරුයි කියලත්. කොහොම හරි එයා ලංකාවට අවත් පංති දෙසැම්බර් වලට නිවාඩු නිසා එයා එයා අවෙත් නැහැ එදා දෙසැම්බර් 31 වෙනිදා මමයි මගේ යාළුවො දෙන්නෙකුයි කොල්ලුපිටියේ හන්දියේ පිස්සු නට නට ඉන්නකොට මම දැක්ක රොහාන් බස් එකක ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා මම හිනාවෙලා ඒ බස් එකට නගින්නේ නැතිව අනිත් බස් එකේ නැගල ගියා.  ඊට පස්සේ රොහාන් කිව්වා එයාට New York වලින් කෙල්ලෙක් හම්බ උනා හරිම ලස්සනයි. කියල මම එක ගණන් ගන්නේ නැතිව මට නෙමේ ගානට අහගෙන හිටිය.

ඔහොම අපි දෙන්න කථා කර කර රණ්ඩු වේවි හිටිය රොහාන්ට මම පොඩ්ඩක් හරි දුකෙන් හරි හිතේ මොනවා හරි ප්‍රශ්නෙකින් ඉන්නවා නම් පුදුම විදිහට තේරෙනවා ඔහොම දවසක් මම පොඩ්ඩක් මුඩ් එක අවුලෙන්ඉද්දි රොහාන් මගෙන් ඇහුව ඇයි මෙහෙම ඉන්නේ කියල මන් කිව්වා මගේ CPU  එක කැඩිලා මට ෆයිනල් ප්‍රොජෙක්ට් එක කර ගන්න විදිහක් නැහැ කියල අලුතෙන් CPU  එකක් බලන්න ඕනි ගන්න කියල. එහෙම කිව්වම එයා කිව්වා තනියෙන් යන්න එපා මාව රවට්ටයි එයා එන්නම් උදව්වක් විදිහට කියල මමත් කොහොමත් තනියෙන් ඔය වගේ තැන් වලට යන්න අකමැති හින්ද එයාට එන්න කිව්වා ඔන්න බලන්න මේ කොල්ලේගේ එකටත් රණ්ඩු උන හැටි (මේ වෙද්දී එයා කිව්වා එයා වෙන කෙල්ලෙක් හොයා ගත්ත කියලා)  


Rohan  hehe
me: idiot
Rohan: i was thinking can't you make it early tomorrow
me: Friday night u will be busy right?
Rohan: yes i need to get **** every friday saturday if not i will go hungry
me: hmmmmmmm lets make it on monday if so what to do?
Rohan: nop weekdays are blocked its girlfriend days
me: huh then i'll go alone that's fyn
Rohan: so this friday like 4 - 5 pm is fine can we make it 4
me: no 05.30.  it's ok men i 'll go alone u have ur fun
Rohan: can't, 4 , thats final,  we go at 4
me:      then u go alone
Rohan: i will come to ONAK
me: noooooooo way, u can't come ther
Rohan: why?
me: they dont know we are friends
Rohan: are we? then you come to unity plaza at 4
me: no we are not, hey i can go on Saturday so it's  i'll go on that day  plzzzzzzzzz
Rohan: no no, 4 on friday, if you don't come i will come to ONAK
me: ok ok i'll come, ofooo, so stubborn
Rohan: yes, i am, come at 4, if not i will come to ONAK
me: ok
Rohan: i will kiss you also
me: and i am not going to buy it
Rohan: i know
me: tomorrow just wanna check only
Rohan: but we can have a look
me: dont kiss me
  i hate that
Rohan: i will
  in front of every one
me: then i can't
Rohan: no no
  i said i will kiss you if you don't come at 4
  you are tell me i can't ?
me: oho then i'll come at 5
Rohan: okie
then i will kiss u in front of every one
            i will also say thankx for the wonderful time last night
             hehehe
             is that okie with you?
me: noooooooooooooo
ofoooooooo
u are the most stubborn guy i have ever found trust me.


ඔය විදිහට රණ්ඩු වෙලා සිකුරදා මම කලින් ඔෆිස් short Leave එකක් අරගෙන 4 වෙද්දී යුනිට් එකට ගියා රොහාන් කෝල් එකක් දීල කිව්වා එයත් මග ඉන්නේ විනාඩි 5 ක් ඇතුලත ඉන්නවා කියල. ඒ වෙලේ රොහාන් ඇවිත් මට බොරුවට බනින්න ගත්ත ඇයි කලින් ආවේ බලන්න මම ඔයා පරක්කු උනා නම් kiss එකක් දෙන්න හිටියේ කෝ දැන් ඒක දෙන්න විදිහක් නැහැ නේ කියල එතකොට මගේ මුනේ වෙච්ච වෙනස් දැක්ක රොහාන් බිම බලාගෙන ඉන්න මගේ මුණ දිහා බලල ඔයාට ඔහොම විහිළුවක් කරාම ඉකමනට වෙනස් වෙන්නේ ඇයි? ඇයි ඔහොම කඳුළු වලින් ඇස් පුරවා ගන්නේ කියල අහද්දී දෙන්න තරම් උත්තරයක් මට තිබ්බේ නැහැ. එදා ඔහොම කඩවල් වලින් කෝටේෂන් අරගෙන් දෙන්නත් එක්ක යද්දී එක පාරටම මගේ හෑන්ඩ් බෑග් එක කඩන් වැටුන රොහාන් ඒ වෙලේ එක අරගෙන හදල දෙන ගමන් කිව්වා ඔයාට හෑන්ඩ් බෑග් හරි යන්නේ නෑ ඔයාට ස්කුල් බෑග් එකක් තමා හරි යන්නේ කියල.

විහිළු කර කර යද්දී එක කඩේකට ගිහින් රොහාන් කැඩිච්ච සිංහලෙන් කථා කරද්දී මන් හිනා වෙවී ඉන්න කොට එයා කියනවා උදව්වක් කරන්න ආපු කෙනාට හිනාවෙනවද ඔයා හරි නපුරු කෙල්ලෙක් කියල එතකොට මෙන්න කඩේ එක්කෙනා අහනව සර්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේම් ගහනවද VGA කියක් වෙන්න ඕනිද කියල එතකොට නම් මන් රොහාන් දිහා ඇස් ලොකු කරලා බැලුවා. ඊට පස්සේ අපි එලියට යන්න හදද්දී මම කිව්වා මට පොඩ්ඩක් MC එකේ කොම් බෑන්ක් එකට යන්න ඕනි. ඒ නිසා පොඩ්ඩක් එන්න පුලුවන්ද කියල. එත් එයා කිව්වා බැහැ එය එනකම් අම්ම බලන් ඉන්නවා ඒ නිසා මන් යනවා කියල මන් ගියා එත් රොහාන් මගේ පස්සෙන්ම ඇවිත් මට ඔරවා ඔරවා හිටිය. එදා බස් එකේ යද්දී රොහාන් මට විහිලු කර කර ගියේ මම කෙල්ලෙක් වගේ අඳින්නේ නැහැ පොඩ්ඩක් හිල්ස් දාල ලස්සනට අඳින්න කියල මම කිව්වා මට මෙහෙම හොඳයි මට කැමති වෙන කෙනෙක් මන් මේ ඉන්න විදිහට කැමති වෙයි කියල. එහෙම විහිලු කර කර ගියපු රොහාන් මගින් බැහැල ගියා. මමත් ගෙදර ගිහින් ඉන්නකොට එක පාරටම රොහාන් මට  මැසේජ් එකක් එවල තිබ්බ එයාට තවත් මගේ යාලුවෙක් වෙන්න බැහැ කියල එයාගේ අතින් එයාගේ යාළු වෙලා ඉන්න ගැනු ළමය රවට්ටන්න තරම් වරදක් වෙයි කියල. එත් රොහාන් එක පාරට එහෙම කියන්න හේතුව මම වත් දන්නේ නැහැ. එයා මට ගොඩක් කැමති නිසා මාව ආරක්ෂා කරන්න ඕනි නිස මගෙන් අයින් වෙන්න ඕනිලු ආයේ පංති එන්නෙත් නැහැලු එත් ඇයි? මට රොහාන්ගේ යාළුකම නැතිවෙයිද?

8 comments:

  1. ඇත්ත ප්‍රබන්ධ වලට වඩා රසවත්
    දිගටම ලියන්න

    ReplyDelete
  2. යාළුවෙක් වෙලා හිටියත් ඒක දුර යන්න ඉඩ තියෙන නිසා වෙනම ඉන්න එක හොදා

    ReplyDelete
  3. තාම මොනවවත් හිතන්න කල් මදි මොකද රචකයාට හැකියි ඕනම මොහොතක කතාවක් වෙනත් පැත්තකට ගෙනියන්න.ඒ කොහොම වෙතත් ඔබ ඉතා ශූර ලෙස කතාව ගොඩනගමින් ඉදිරියටම යනවා. මේක තමයි අවශ්‍ය. පාඨක කුතුහලය. එය ඔබ අති සාර්ථක ලෙස කරගෙන යනවා. මගේ සුබපැතුම්.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ මගේ පලවෙනි කතාව

      Delete
  4. හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete
  5. ඔන්න බලන්නකෝ ඉතින් දුෂ් කැමැත්තෙන් ඉද්දි නේ කැමති නැහැ වගේ පෙන්නලා තියෙන්නේ... ;) හරිම රසවත් කතාවක්! අපූරුවට වචන ටික ගැටගහල තියෙනවා.

    ReplyDelete