Sunday, November 25, 2012

මේ එකම එක ඇත්තම කතාවක්






රොහාන් මට චැට් එකෙන් ඇහුව දුෂි ඔයාගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියල මන් කිව්වා තියෙන තැන එයා කිව්වා එයා මගේ ගෙවල් පාරේ ගෙයක් කුලියට ගත්ත කියල විස්තර අහද්දී මන් දැන් ගත්තේ රොහාන් අපේ ගෙදර එහා පැත්තේ ගෙදර කුලියට අරන් තියෙන්නේ කියල මට වෙන්නේ මොනවද කියල හිතාගන්න බැරි උනා කොච්චර මාව අයින් කරන මට එයාගෙන් ඈත් වෙන්න කියල කියන කෙනා මොකටද මගේ ගෙදර එහා පැත්තේ ගෙදරට එන්නේ මේක අහම්බෙන් වෙන දෙයක්ද නැත්තම් ඇත්තටම මෙයා මගේ පස්සෙන් එනවද කියල මට හිතුන එයා මන් ඉන්න තැන දැනගෙන මේ දේ කරනවා කියල මගේ මැනේජර් පවා කිව්වා තව කිව්වා එයා අළුතෙන්ම කාර් එකක් ගත්ත කියල මන් කිව්වා මන් කැමතිම Honda CIVIC RS 2004 Edition එකකට කියල එයා හිනාවෙලා කිව්වා එයා ගාව තියෙන්නෙත් ඒ ජාතියේම කාර් එකක් කියල එහෙම කිය කියා හිටපු රොහාන් එක පාරටම මේ මං ඔයාට කථා කරන අන්තිම පාර කියල චැට් එකෙන් මාව අයින් කළා.

මේ වෙද්දීත් මට රොහාන් හරිම කුතුහලයක් වෙලා හිටියේ එයාට මාව එපා නම් එයා ඇයි මගේ ගෙදරට එහා පැත්තේ ගෙදරට කුලියට ආවේ? මාව දුරින් ඉඳන් ආරක්ෂා කරන්නද? ලං වෙන්න බැරි මගේ දිහා දුරින් ඉඳන් බලන්නද මට මේ මුකුත් තේරුනේ නැහැ. එත් සතියක් විතර යද්දී මට තේරුණා මට රොහාන් නැතිව ගොඩක් පාළුයි කියල ඒ හැම වෙලාවකම මම අන්ජානා අන්ජානි ෆිල්ම් එකේ සිංදුව අහ අහ හයියෙන් ඇඩුව

 මගේ කාමරේ තිබ්බේ රොහාන්ගේ ගෙදරට මුණ දාල මහා රෑ වෙනකම් සමහර දවස් වල ඒ දිහා බලාගෙන  හිටිය ගොඩක් දවස් වලට මමයි රෝහානුයි වැඩට යන්න එලියට යන්නේ එකම වෙලාවට ඒ වෙලාවට එයා මාව දැක්කේ නැහැ වගේ පහුකරගෙන ගියා. මම හැමදාම සෙනසුරාදට ගෙදර එන්නේ 1.30 වගේ වෙලාවට කියල රොහාන් දැනගෙන හිටයා මම ගොඩක් වෙලාවට එනකොට එයාගේ කාර් එක එළියේ මන් එයාව දැක්කත් දැක්කේ නැති ගානට ඉන්නවා එයත් එහෙමයි මම එයාව එහෙම දැක්කම මගේ මුළු ඇඟම කරන්ට් එකක් ගිහින් පන නැති වෙන්න එනවා මට දිය තියා ගන්න බැරි තරමට මාව දුර්වල වෙන්ව ඒ මීටර් 10 15 ඇවිද ගන්න බැරිව මම වැටෙයි කියලත් හිතුන වාර අනන්තයි. එත් රොහාන් එහෙම කිසිම වෙනසක් දැක්කේ නැහැ එත් එකම එක දවසක් මම සුදු පාට රෙද්දේ නිල් පාට මල් මල් වැටිච්ච කොට ගවුමක් ඇඳලා සයිඩ් බෑග් එකක් දාගෙන යද්දී රොහාන් එයාගේ වත්තට කාර් එක නොදා මන් යන හැටි බලන් හිටිය එදා මම එයා දිහා බලලා බිම බලාගෙන ගියා මං ගෙදර උඩ තට්ටුවට් ගිහින් බැලුවත් රොහාන් අපේ ගේ දිහා බලන් හිටිය මිසක් කාර් එක පාරෙන් අයින් කලේ නැහැ. ඊට පයකට විතර පස්සේ මට මැසේජ් එකක් ආව ඒ රොහාන්ගෙන් ඔච්චර දුකින් ඉන්න එපා කියල තව මොනවද කියල තිබ්බ එත් ඒ එදා විතරයි. මේ දවස් වල මං හිටියේ ගොඩක් දුකෙන් ඒ හේතුව කියා ගන්න බැරි දෙයක් කෙනෙක්ට ආදරේ කරන හින්ද ඒ කෙනා වෙනුවෙන් අවුරුදු හතරක් බලන් ඉඳල එයාගේ ඒ හා සමාන කාලයක් එයාගේ බොරු හින්ද අඩලා මේ අදර කථාවට තිත තියන්න ඕනි කියල හිතපු කාලේ අපි මිනිස්සුන්ට ආදරේ කරන්න ඕනි අසීමිතව ඒ අසීමිත ආදරේ වෙනස් වෙන්නේ නැහැ කියන මතයේ හිටපු මට උනේ ලැබුනේ රැවටීම විතරයි. මේ කොල්ලුපිටිය ගල්කිස්ස පාරේ ඕනි තරම් කඳුළු වැටෙන්න ඇති ඒ හැමදේම නිසා මම හැමදාම වෙන කෙනෙක්ට මගේ ජීවිතේට එන්න දුන්නේ නැහැ රොහාන් වගේ සෙල්ලක්කාර සල්ලිකාර කොල්ලෙක්ට කවදාවත් ආදරේ ඇත්ත දුක කෙනෙක්ට ඇත්තටම ආදරේ කරලා ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්නව කියන එක තේරුනේ නැහැ එත් යාලුවෙක් විදහට මට රොහාන් නැති අඩුව හොඳටම දැනුන. එක දවසක් ගේ මුල්ලටම වෙලා ඉන්නකොට අම්ම මට කඩේ යන්න කතාකලා ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතිව එන්න කියල එදා එහෙම කඩේට ගිහින් බදු ගනිද්දී මට රොහාන්ගෙන් මිස් කෝල් එකක් ආව එතකොටම මම බලද්දී තව කඩේක කෙනෙක් මගේ දිහා බලන් ඉන්න චයාවක් දැක්ක ඒ රෝහාන්මයි කියල මන් දන්නවා. එයාව අමතක කරන්න හදන හැම වෙලාවේම එයා මගේ ඉස්සරහට ඇවිත් එයාව අමතක නොවෙන්න මොනවහරි කරලා යනවා කියල මට හිතුන.

එත් එක පාරක් රිදිච්ච හිත අයේ රිද්දන ඕනි උනේ නැහැ අනික රොහාන්ට කෙල්ලෙක් ඉන්නවා නම් මේ දේවල් මට කරන්නේ ඇයි කියල හිතුන. ඊට පහුවෙනිදා මම ඔෆිස් එකට ගිහින් රොහාන්ට මේල් එකක් දාල ඇහුව ඇයි ඊයේ මට කතාකලේ කියල එතකොට එය කිව්වා නැහැ එයා කතා කලේ නැහැ එයාගේ නෑදෑකෙනෙක් එයාගේ ෆෝන් එක අරන් ඩයල් කරලා කියල. ඒ වෙලේ මන් කිව්වා මට වද දෙන්න එපා කරුණ කරලා මගේ නම්බර් එක අයින් කරන්න මට මිස් කෝල් ගහන්නවත් මට කෝල් කරනවත් එපා කියල. මන් ඒ වෙලාවේ ආත්මාර්ථකාමී වෙන්න ඇති එත් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ මට ආයේ අඬන්න ඕනි උනෙත් නැහැ. පස්සේ හිමින් හිමින් කාලේ ඔය විදිහට ගත වෙලා ගියා එකම බස් එකේ කවදාවත් දැකල නැති දෙන්නෙක් වගේ අපි වෙනස් පාරවල් වල ගියා. එහා පැත්තේ ගෙදර ඉඳලත් මම එයාව හිමින් හිමින් අමතක කරලා දැම්ම නැත්තම් උත්සහ කරා කියල කිව්වොත් හරි කාලය ගෙවිල ගියා වෙනද වගේම මාස හතරක් විතර එකම එක දවසක් මම රොහාන්ට කථා කළා ඒ වෙලේ මට ගොඩක් හයියෙන් අඩුන ඒ වෙලේ රොහාන් කිව්වේ දුෂි මට ඔයා අඩනවා බලන්න බැහැ මන් ඉක්මනටම ඔයාව හම්බ වෙන්නේ එන්නම් කියල. මට ගොඩක් දුක හිතුනම රොහාන්ව ගොඩක් මතක් වෙන්ව ඒ වෙලාවෙත් උනේ එකමයි.
එදා කථාකරලා මාසෙකට විතර පස්සේ රොහාන් එක දවසක් උදේ 8.30 වගේ මට කෝල් කළා කරලා දැන් ලිෆ්ට් එකට නගින්නේ නැතිව අපහු හැරෙන්න කිව්වා මන් ඇහුව ඇයි ඒ කියල මන් එහෙම හැරිලා බලද්දී රොහාන් කාර් එකත් තියාගෙන ඔෆිස් එකේ ගේට්ටුව ගාව හිටිය එයා කිව්වා පොඩ්ඩක් කතා කරන්න ඕනි හින්ද කාර් එකට නගින්න කියල. ඊට පස්සේ අපි Urban Kitchen ගිහින් ගොඩක් වෙලා කතා කර කර හිටිය. රොහාන් මන් කරන හැමදේම දන්නවා එයා මට කිව්වේ නරක වෙන්න එපා ඔයා හරිම අහිංසක කෙල්ලෙක් වෙන කාටවත් රිද්දන්න බැරි වෙන්න කියල ඔයා ඔයාටම රිද්දගන්න වැඩ කරන්න එපා කියල කිව්ව් ඒ විතරක් නෙමේ එයා මට හොඳටම බැන්න එයා මාව එයාගේ ජීවිතෙන් අයින් කලේ මන් හොඳට ඉන්නවා දකින්න ඕනි හින්ද එත් අන්තිමට මම හිටියට වඩා නරක වෙලා කියල. එහෙම බැනල බැනල රොහාන් ගෙදරට බදඩු ගන්න ඕනි කියල මාත් එක්ක ආර්පිකෝ එකටත් ගියා ඒ වෙලේ රොහාන් මන් දිහා බලන් ඉඳල මගේ කොන්ඩේ කපට තියෙන විදිහ ලස්සනයි කියල කිව්වා එදා මාව ඔෆිස් එක ගාවින් දාපු රොහාන් මන් කාර් එකෙන් බහිද්දී අඩ අඩ හිටිය හින්ද ඔලුවත් වැද්ද ගත්ත එයා හැම දේම බලාගෙන ඉඳල වෙනද වගේම මාව අඩවල එයා ගියා. එදත් මම ලිෆ්ට් එකට වෙලා ගොඩක් අඩල ගෙදර ගියා එදායින් පස්සේ මට රොහාන්ට කතා කරන්න ඕනි උනේ නැහැ.

හැමදාම වගේ උරුම වෙච්ච තනිකම හොඳයි කියල මම හිත හදාගෙන ඉන්න හැදුව.

16 comments:

  1. Replies
    1. තවම කථාව ඉවර උනේ නැහැ

      Delete
  2. හැමදාම වගේ උරුම වෙච්ච තනිකම හොඳයි .... (වෙලාව එනකම්)

    ReplyDelete
    Replies
    1. ඔව් වෙලාව එනකම්

      Delete
  3. ඒකත් එහෙම උනා එහෙනං !

    ReplyDelete
    Replies
    1. නැහැ තවම ඉවර නැහැ

      Delete
  4. කියන්න දෙයක් හිතනවා... මෙයා ඔයාගේ දැනටත් හොදම යාළුවාද?

    ReplyDelete
    Replies
    1. ඔයාම ඉස්සරහට බලන්නකෝ

      Delete
  5. පව් අප්පා..දූ..කායි

    ReplyDelete
  6. ආදරය දුකක් කියන එක පට්ට වැරදී

    ReplyDelete
  7. කවුරැත් අනුමත කරනවා වගේනේ බොලව් “හඅමදම පුරැදු තනිකම හොඳයි කියන එක“. එතකොට ඔක්කොම තනිකඩයො වෙන්නද කල්පනාව..

    හැමෝම
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  8. බලමු ඉතුරු ටිකත් කියවලා..

    ReplyDelete
  9. හැමදාම වගේ උරුම වෙච්ච තනිකම හොඳයි

    මට නම් මෙච්චරයි ඉතුරු උනෙ

    ReplyDelete
  10. පුදුම ඉසව්වකට අද අපිව අරන් ගියානේ. ලස්සනයි ඉතිරි ටික බලන්න ආසාවෙන් ඉන්නවා.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
  11. :( :( :(
    ඉතුරු ටිකත් දාපං ඉක්මනට

    ReplyDelete
  12. මට මේක කියෙව්වම් මගේ අත්දෑකිමක් මතක් වුනා දුෂ්..

    මමත් මගේ යාලුවෙක්ට ආදරේ කරලා තිබුනා.. ඔය විදචිහටම නෙවේ.. වෙනස් කතාවක්.. මම වත් නොදැනම ආදරේ කරලා.. එයාට කොල්ලෙක් සෙට් වුන දවසේ මට දැනුනේ කියන්න බැරි තරම් දුකක්.. මම දන්නෑ ඇයි කියගා.. එදා මම ඒක පිලිගත්තේ නෑ.. ඒත මම දැන් පිලිගන්නවා මම එයාට ආදරේ කරලා...

    එයාව අමතක කරන්න හදන හැම වෙලාවේම එයා මගේ ඉස්සරහට ඇවිත් එයාව අමතක නොවෙන්න මොනවහරි කරලා යනවා කියල මට හිතුන. ඒක නම් එහෙමම තමයි.. අපිට ස්පෙෂල් විදිහට දැනෙන කෙනෙක් කැස්සත් අපිට ඒක ස්පෙසල් නේ... සමහර විට එයා එා එහෙම නොහිතා වෙන්න ඇති කරන්න ඇත්තේ..

    එනිවේ... ඉතුරු ටිකත් දාන්න

    ReplyDelete