Thursday, November 8, 2012

මේ එකම එක ඇත්තම කතාවක්


ඔන්න අද වෙනද වගේම මම ඔසරිය ඇදල ඔෆිස් එකට ගියා වැඩ පටන් ගන්නේ උදේ 8.30 දවසේ වැඩ ටික ඉවර උනාට පස්සේ මම හිටිය හොඳම වැඩේ කියන්නේ ලිෆ්ට් එකෙන් එනකොටම මට පේනවා. එතකොටම තමයි උදේ 10 ට විතර ලිෆ්ට් එකේ සද්දේ ඇහුන ඉතින් මන් ඔලුව උස්සල බලද්දී කළුම කළු කොල්ලෙක් රතු පාට ටිශ්ර්ට් එකකුයි බැගි ඩෙනිම් කලිසමකුයි ඇඳලා ඔෆිස් එක ඇතුලට ඇවිදගෙන එනවා මට මහා හයියෙන් හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් නවත්තගෙන හිටියේ. එත් මේ කොල්ලගේ අමුතු ගතියක් තිබුන ලස්සන හිනාවක් එක්ක මගේ ළගට ඇවිත්

Dushanthi?

Yes....
Hi I am Rohan. Came here to register for The Diploma

කියල කිව්වා ඇත්තටම මට අමුත්තක් දැනුන හරිම කියා ගන්න බැරි කෙල්ලෙක්ට දෙපාරක් බලන්න හිතෙන අමුතු ගතියක් තිබ්බ. ඒ විතරක් නෙමේ හැදියාව හිත ඇදිල යනවා. මන් එයාගේ සල්ලි ටික රේජිස්ටර් කරලා ඉන්වොයිස් එක දීල යවන්න හැදුවත් මෙය ටිකක් විස්තර අහ අහ හිටිය මෙයා ලංකාවේ යන්න තැන කන්න බොන්න තැන ගැන. ඒ අතරේදී තමා මන් දැක්කේ මේ කොල්ලගේ ගෙවල් තියෙන්නෙත් ගලිකිස්සේ කියල තව මට වැඩ වැඩිමල් කියල දැන් ගත්ත. ලස්සන අකුරු පුදුමයි එහෙ ඉන්දන් මෙහෙ ඇවිත් ඉගෙන ගන්නේ මොන පිස්සුවටද කියලත් හිතුන. එයා මගෙන් ඇහුවේ මන් ඇඳන් ඉන්නේ සාරියක්ද, ඔසරියක්ද කියල මන් කිව්වා ඔසරියක් කියල. එතකොට අහනව ඕක නේද ලංකාවේ උඩරට මිනිස්සු අඳින්නේ කියල මන් හිනාවෙලා ඔව් කියල කිව්වා. තව ක්ලාස් පටන් ගන්න දවස වෙලාව ඔක්කොම අහගෙන එයට අමතක වෙන නිසා කෝල් එකක් දීල මතක් කරන්න කියල කියන ගමන් ලස්සනට බලල හිනා වෙල යන්න ගියා, මටත් තනියම හිනා. මොකද මට තේරුණා මේ කොල්ලනම් එන පොට හොඳ නැහැ කියල. මේ කොල්ල හෙන මනමාලය.
එදා වැඩ ටික ඉවර කරලා මම ගෙදර ගිය. පහුවෙනිදා වෙනද වගේ ඔෆිස් එකට යන්න ඉද්දි මෙන්න බස් එකේ අර කොල්ලත් ඉන්නවා කතා කරන්නද නැද්ද කියල හිත හිත ඉද්දි දැක්කේ එයාගේ තාත්තත් ලග ඉන්නවා එයත් මව දැකල කතා කරන්න ගියේ නැහැ ඉතින් මාත් කතා නොකරම යන්තම් හිනාවෙලා අහක බලාගත්ත.

 ඔහොම සතියක් විතර ගිය මේගොල්ලන්ගේ පන්ති තිබ්බේ සෙනසුරාදා උදේ 9ට ඉතින් මගේ මැනේජර් කිව්වා මේ පාර පන්තියේ INTRO එක මට කරන්න කියල. ඔන්න බයනකම් වැඩේ එකක් මන මිට කලින් කිසිස්ම පංතියක මේ දේ නොකිරීම, දෙක පලවෙනි දවසෙම පන්තිය නාගත්තොත් ඔක්කොම කරලා ඉවරයි ඊටත් වඩා දෙඉවියනේ මේ පන්තියේ තමා වැඩිම පිරිමි ළමයි ගානක් ඉන්නෙත් මොනවා කරන්නද ඉතින් දුක සේ මට මැනේජර් කිව්වා දේ අහන්න සිද්ද උනා. ඔව් පපුව ඩික් ඩික් ගාද්දී මම හෙට පන්තියක් ඉස්සරහ පලවෙනි පාරට INTRO එකක් කරලා පන්තිය ලේක්චරට බාර දෙන්න ඕනි.

15 comments:

  1. ම්ම්ම්ම්ම්..... ඊගල කොටසත් දාන්නකෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මේක එහෙම ලියන්න හිතෙන එකක් නෙමේ

      Delete
  2. මේ අර අපෙ ඔපීසියට එහා පැත්තේ ඉන්නකාලේ එකක්ද?

    නවෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්

      Delete
    2. කීප් පෝස්ටිං... අපරාදේ උඹ ගියේ මෙතනින්.. :( :( :(

      Delete
  3. හෑ.....
    ආපු පලවෙනි දවසෙම ඇබරෙන පෝස්ට් එකක්..
    බලමු ඉස්සරහට..

    ReplyDelete
  4. බලමු බලමු හෙටින් පස්සේ...පපුව ගැහුන විදිහ ගැන ලියවිලා පොස්ට් එකක් නොවැටෙන එකකුත් නෑ මං හිතන්නේ. මොකුත් අකරතැබ්බයක් නොවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඉතින්. නොවුනොත් හැබැයි පොස්ට් එකකුත් නැතිවෙයි. හෙහ් හෙහ් හෙහ් .

    ReplyDelete
  5. ඔයා නිකං අපිව කුලප්පු කරවනවා.. මේක හරියන වැඩක් නෙමේ අපි හෙළා දකිනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. අයි දෙයියනේ මන් මක් කරාටද

      Delete
  6. Anonymous11/08/2012

    බලමුකෝ ඊලග කොටස

    ReplyDelete
  7. මතු සම්බන්ධයිද?
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  8. ඊලග කොටසක් නැද්ද?

    ReplyDelete
  9. මාන්දමිකයි වගේ :පී

    ReplyDelete
  10. වැඩේ හරියන්ඩ වගේ යන්නේ. හුරේ...

    ReplyDelete
  11. ඈ.....................................

    ReplyDelete