Monday, December 3, 2012

මේ එකම එක ඇත්තම කතාවක්- අපි





එදා මම ඔසරිය ඇඳගෙන ඔෆිස් ගියා ගිහින් රොහාන්ට මැසේජ් එකක් දැම්මා මම අද ඔන්න ඔයාට ඕනි විදිහට ඔසරිය ඇදගෙන ආවා කියල. එයා ඔන්ලයින් ඇවිත් ඇහුව ඇත්තටම ඔසරිය ඇන්දද කියල මම ඔව් කියල කිව්වා. එදා ඉතින් කට්ටියත් විහිළු කර කර හිටිය අද නම් කෙල්ලගේ මුණ ලස්සනයි කියල. ඇත්තම කිව්වොත් මගේ හිතේත් කියන්න බැරි සතුටක් තිබ්බ ඒ අලුත් ආදරය හින්දද නැත්තම් මොකක්ද කියන්න මන් දැනගෙන හිටියේ නැහැ. එදා කොහොම හරි මම ඔෆිස් එකේ කට්ටියත් එක්කම එලියට ඇවිත් MC එකට ගියා පොඩි වැඩ වගයකට ඊට පස්සේ ටික වෙලාවකින් රොහාන් කෝල් කරලා මගෙන් කොහෙද ඉන්නේ කියල ඇහුව. මං කිව්වා MC එකේ ඉන්නේ කියල එයා කිව්වා හරි මං ඉක්මනට එන්නම් ඔයාව ගන්න ඔතන්ටම වෙලා ඉන්න කියල. මම හා කියල හිටිය එයා විනාඩි පහෙන් පහට කෝල් කරලා අහනව තනියෙන් නේද බයද ඔන්න ඔහේ කොල්ලෙක් දිහා බලාගෙන ඉන්න බය වෙන්න එපා මන් ඉක්මනට එනවා කියල. එය ඊට පස්සේ MC එක ඉස්සරහට අවම මම ගිහින් කාර් එකට නැග්ග රොහාන් ඔව් ගොඩක් ලස්සනයි එය හිටියේ සුදු අත් දිග නිල පාට ඉරි ඉරි ගිය ෂර්ට් එකක් ඇඳලා. මෙච්චර කල් ඩෙනිම් කෑල්ලක් ඇඳලා ටි ෂර්ට් එකක් ඇඳන් එන රොහාන් ඔෆිස් කිට් එකට මෙච්චර ගති කියල මම දැන ගත්තේ අද මට රොහාන් දිහා නොබලා ඉන්න බැරි උනා මම කිව්වා you look handsome in suit කියල එයා හිනා වෙලා මන් දිහා බලල You look pretty කියල කිව්වා අපි ඊට පස්සේ හිමින් සැරේ මැරීන් ඩ්‍රයිව් එකේ ආව රොහාන්ගේ හිතේ මොනවා හරි තියෙනවා එයාට මට කියන්න බැරි කියල මට හිතුන මොකද එයාගේන් මං එයාගේ Girl Friend ගැන අහන හැම වෙලාවකම එයාගේ මුනේ ලොකු දුකක් තියෙනව හිනාව අතුරුදහන් වෙනවා එහෙම වෙන්නේ ඇයි කියල අහන්න මට පුළුවන් කමක් තිබ්බේ නැහැ. එදත් එහෙමයි රොහාන් කථාව වෙන පැත්තකට හැරෙව්වා මම කිව්වා මට බඩගිනි කියල එයාටත් බඩගිනි වෙලා හිටියේ එත් අපි කන්න නවත්තන්නේ නැතිව රෑ වෙලා නිසා ගෙදර ආව හෙතුව රොහාන් දන්නවා පරක්කු උනාම අපේ ගෙදරින් මට බනිනවා කියල එයා ගොඩක් හයියෙන් කාර් එක එලෙව්වා එයා ගේ ගාව කාර් එක  නවත්තල ඔන්න පරක්කු නොවී ආව කියල කිව්වා මමත් රොහාන් දිහා බලල හිනා වෙලා බැහැල යන්න හදද්දී රොහාන් කිව්වේ you should always wear saree කියල මන් එයාට ගුඩ් නයිට් කියල ගියා රොහාන් මන් බැහැල ගිහිං උඩ තට්ටුවට ගිහින් බායි කිව්වා ඊට පස්සේ පැයකට විතර පස්සේ රොහාන් කෝල් කරලා විකාර කියව කියව හිටිය. රෝහානුයි මමයි හැමදාම ඔහොම විකාර කියව කියව හිටිය පස්සේ රොහාන් කිව්වා එය කාර් එක විකුනනවා තව ටික දවසනෙ එය මෙහෙ ඉන්නේ කියල. පස්සේ සති දෙකකට පස්සේ පංති පටන් ගත්ත පංති තිබ්බේ ඉරිදා දවල් ඉඳල හවස් වෙනකන් මන් රොහාන්ට කිව්වේ නැහැ මමත් ඒ පංතියටම යනවා කියල එදා පංති පටන් ගත්තට පස්සේ මන් අනිතිම පේලියට ගිහින් වාඩි උනා රොහාන් ඒ වෙලේ පුදුම වෙලා වගේ බලන් හිටියා. එදා පංති ඉවර උනාම රොහාන් ගියා මං හිමින් එලියට එද්දී රොහාන් කෝල් කරලා ඉකමනට එන්න කියල කිව්වා මං හිතුවේ නැහැ රොහාන් මන් එනකම් බලං හිටිය කියල. අන්තිමට රොහාන් හැමදාම මගේ ගාවින් ඇවිත් වාඩි උනා කොහොම කරත් රොහාන් ඉද්දි මට වෙලාව යනවා තේරෙන්නේ නැහැ අනික රොහාන් විහිලු කරනවයි මම වාඩි වෙලා ඉන්න පුටුව එහෙමෙහෙ කරනවයි පස්සේ දවසක ලෙක්චර් කිව්වා ඔය දෙන්න දඟලන්නේ නැතිව පාඩම අහ ගන්න කියල. හවසට බස් එකේ යද්දී රොහාන්ට පොඩ්ඩක් විතර කේන්ති යන්නේ මං බස් තෝරන හින්ද සනාග අඩු, පරණ නැති බස් හොයා හොයා යන නිසා රොහාන් මුණ අබුල් කර ගන්නවා එත් කිසි දෙයක් කියන්නේ නැතිව මං නගින බස් එකේම නැගලා මගෙත් එක්ක වාඩි වෙලා විහිලු කර කර ගියා ඒ වෙලාවට එයාගේ ගෑණු ළමයව එයාට පොඩ්ඩක්වත් මතක නැහැ. දවසක් රෝහානුයි මායි ගාවට කෙල්ලෝ ටිකක් ඇවිත් හිට ගත්තමඅපි දෙන්න එයාට ගැලපෙන කෙල්ලේක් තෝරද්දී එය කිව්වේ ඔය වගේ කවුරුත් නැහැනේ කියල. රොහාන් ගැන අපේ අම්මලත් දන්නවා ඒ ගොල්ලෝ එයා එක්ක පරක්කු උනත් මුකුත් කියන්නේ නැහැ. ඒ දවස් වල රොහාන්ට මම මගේ හිතුවක්කාරය ගැන කියල තිබ්බ

2:34 PM Rohan: whats up with the fancy quotes?
2:35 PM me: well that's love
  :)
 Rohan: so your in love?
 me: does it really matter?
2:36 PM Rohan: no to me
  but you said about love
  so i asked
 me: well was in love always
 Rohan: oh i know the guy
2:37 PM me: u know
  ?
 Rohan: the dude
 me: can't be I never told him

2:38 PM Rohan: !so this i a new guy?
 me: but that doesn't mean I have stop loving him
 Rohan: boy
  why do i feel so stupid to ask you questions
  you never answer them straight anyway
 me: I love someone else
2:39 PM Rohan: okie
  and...
 me: not lucky to have him
 Rohan: gr8
 me: yeah
 Rohan: i am so happy for you
 me: thank u
 Rohan: good i knew you will get over the past

රොහාන් හැම තිස්සෙම හිතුවේ මන් අතීතය අමතක කරලා ජිවිතේ අලුතෙන් පටන් ගන්නවා බලන්න. ඒ දවස් වල ඔහොම මාස දෙකක් විතර අපි දෙන්න පංති ගියා ඒ වගේම මම එයාගේ හැම ඉගෙන ගන්න වැඩකටම උදව් කරා එයා වෙලාවකට චැට් එකෙන් පවා එයාට ඉගෙන ගන්න එව්වා ඇහුව.

12:41 PM Rohan: hi
 me: hey
12:42 PM Rohan: busy?
 me: no just had lunch and came
 Rohan: k
  what was for lunch?
12:43 PM me: did u mix rice potato curry and chicken home made
  did u eat?
 Rohan: no
  anyway
  i was wondering if you know how to get the senarios to practise
  like in the labs any idea?
12:44 PM me: it's in the tute as lab sessions they
12:45 PM have given u some practices to do
  and u will be able to do it if u understand only
 Rohan: ah
  okie
12:46 PM and how did you know this :)?
 me: like eg:
 Rohan: i saw them
 me: I read tute when i have nothing to do
 Rohan: smart
  good girl
 me: thank u
  :)
12:47 PM Rohan: okie thats what i wanted to find out
 me: i hope u are happy with my answer then
  keep studying
 Rohan: i am always happy with your answers
 me: and try to get AX 2012 certified
 Rohan: yes i am trying
12:48 PM i have only one month to do it
 me: good luck with that
  let me know if u need any help on
  studies
 Rohan: yes

ඒ විතරක් නෙමේ එයාට පුළුවන් හැම උදව්වක්මටියුට් හොයල එහෙම දීල මම උදව් කළා. ඒ විතරක් නෙමේ රෝහනුත් එහෙමයි මගේ ආර්ටිකල් වලට එහෙම එයා ගොඩක් උදව් කරා සමහර විට රොහාන් කිව්වේ මේ ඔයා වෙලාවකට මෙගේ වයිෆ් වගේනේ කතාව කියල මෙයාගේ ඔක්කොම වැඩ ටික කරලා දෙන්න වෙලා තියෙන්නේ මටනේ කියල. එත් රොහාන් මොනවා කිව්වත් එයා ඒ හැම දේම කලේ කැමැත්තෙන්. ඒ වගේ දවසක් එයාගේ ටියුට් ටික මම ගෙනාවම එය අපේ ගෙදර එහෙම ඇවිත් අරගෙන යනවා. ඔහොම මාසයක් විතර ගියා රොහාන් එක දවසක් උදෙන්ම මට කතා කළා එත් මට ෆෝන් එක ගන්න බැරි උනා බස් එකේ නිසා. පස්සේ ඔෆිස් එකට ආවම එයා චැට් ගොඩක් දුකෙන් වගේ චැට් එකේ කතාකලා මන් එයාගෙන් ඇහුව ඇයි මේ කියල. එතකොට එයා කිව්වේ එයාගේ Girl Friend ව බලන්න ගියාම එයා වෙන කොල්ලෙක් එක්ක බයික් එකේ නැගල ගියා කියල රොහාන්ව මග ඇරලා. මං කොච්චර දුක් උනාද කිව්වොත් මට මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා කොච්චර රොහාන්ගේ හිත හදන්න හැදුවත් එයාගේ දුක නැති කරන්න බැරි උනා. රොහාන් දවස් දෙකක් තුනක් කිසිම කෝල් එකක් ආන්සර් නොකර චැට් එකට එන්නේ නැතිව හිටිය රොහාන් වගේ කොල්ලෙක්ට එහෙම කරන්න තරම් කෙල්ලෙක් ඇත්තටම පිස්සු කෙල්ලෙක් වෙන්න ඕනි රොහාන් මාව බලාගන්න හැටි මන් ගැන හොයන හැටි යාලුවෙක් වෙලා මන් දන්නවා එහෙනම් එයා එයාගේ කෙල්ලට කොච්චර ආදරේ ඇතිද?

6 comments:

  1. මේක ඇත්තමද...??

    ReplyDelete
  2. අහ්.... ඉවරයි වගේ පෙනුනට ඉවර නෑ වගේ. හ්ම්ම්...

    ReplyDelete
  3. මාරම ලස්සන කතාවක්..ඇත්තම වෙන්න ඕන මේක නම්...
    ්‍
    ්‍
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. මේක හැරෙන්නේ කොයි පැත්තටද කියලා හිතා ගන්න බෑනේ

    ReplyDelete
  5. මේ ඇත්තම නේද?

    ඇත්තම නෙවේ නම්...
    මේ වගේ කතා ඇත්තටම වෙනවා...ඒවයින් මිනිස්සු විදවනවා

    ReplyDelete