Monday, December 10, 2012

මේ එකම එක ඇත්තම කතාවක්- අවසානය






හතරවෙනි කෝල් එක මම ආන්සර් කරා එහා පැත්තෙන් ඇහෙන්නේ රොහාන්ගේ කටහඬ ඇත්තටම මම හිතුවේ නැහැ රොහාන් මට ආයේ කවදාවත් කතාකරයි කියලා. රොහාන් වෙනද වගේම මට දුෂි කියල කතාකරා එයා මගෙන් ඇහුවේ ඇයි මෙහෙම එයාටත් නොකිය ඔෆිස් එකෙනුත් අයින් වෙලා නම්බර් එකත් මාරු කරලා ගියේ කියල. එයාව එච්චරටම අමතක කරාද කියල ඇහුව මට කියන්න දෙයක් තිබ්බේ නැහැ අඬනවා ඇරෙන්න. ඇත්ත මොන දේ කියල කොහම කෑගැහුවත් මං මගේ හිතට දැනෙන දේවල් ගැන ගොඩක් සංවේදී වැඩි. ඒ වෙලාවට මට හේතුවක් නැතිවම උනත් කඳුළු එනවා. ඔහොම රොහාන් ගොඩක් වෙලා කතා කළා එයා ඕස්ට්‍රේලියා වලින් නිව් සිලන්ඩ් ගියා කිව්වා. එතකොට මං ඇහුව කෝ ඔයත් එක්ක හිටිය ගෑනු ළමය කියල. එතකොට එයා කිව්වේ දුෂි මට නොතේරුනාට මගේ ලෝකේ හිටියේ එකම එක ගෑණු ළමයෙක් විතරයි එයාව හොයාගෙන තමා මම අද කතා කරේ කියල. එයා මට ගොඩක් දේවල් කිව්වා. රොහාන් මගේ පරණ ඔෆිස් එකට කථාකරල තමයි මගේ අලුත් නම්බර් හොයාගෙන තියෙන්නේ ඔහොම පැයක් විතර කතා කරා එයා කිව්වේ ගෙදර ගිහින් කියන්න එයාට මට කියන්න දෙයක් තියෙනවා කියල. මං හිතන්නේ එයා කියන්න යන එක ඒ වෙද්දී මට තේරිලා තිබ්බේ. එත් දෙයියනේ රොහාන් ඔයා පරක්කුයි හොඳටම ඊටත් වඩා මට කවමදාකවත් රොහාන්ට ආදරේ කරන්න බැහැ මගේ ඔලුව පිස්සුවෙන් වගේ රිදෙන්න ගත්ත. මම එදා හිතුවක්කාරය මුණගැහිලා මට එයාට මේක කියන්න කලින් රොහාන් මට මොනවද කියන්නේ කියල අහල ඉන්න ඕනි. එදා මම කිව්වා මට රොහාන් කතා කළා කියල. රොහාන්ගේ කිසිම ආරංචියක් නැතිව මම දුකෙන් හිටිය තමයි එත් රොහාන් වෙනුවෙන් මම බලං හිටියේ නැහැ එදා ගෙදර ගියාම රොහාන් මාත් එක්ක කතා කළා එයා කිව්වේ එහෙ වෙලාව දැන් පාන්දර එත් අදම එයාට මේක කියන්න ඕනි නැත්තම් නින්ද යන එකක් නැහැ කියල. මං එයාගෙම වචන වලින් කියන්නම්

දුෂි මම මාස තුනක් හිතුව ගොඩක් හිතුව ඔයා ඔහොම ඔහෙට වෙලා දුක් විඳින්න ඕනි කෙල්ලෙක් නෙමේ ඔයා දුක් විඳිනවා මට බලං ඉන්න බැහැ එකයි ඇත්ත. මගේ ජිවිතේ හිටිය අය මාව දාල ගියා  සමහරවිට ඒ වෙලේ මට ඒ ඇයි කියන එක තේරුම් ගන්න බැරි වෙන්න ඇති එත් දුෂි මට දැන් තේරෙනවා මට ඔයයි ඕනි. මගේ ජිවිතේ අඩු උනේ ඒ ඔයා දුෂ්. මං ඔයාට කතා නොකර ඔයා ගැන හොයන්නේ නැතිව ඉන්න බැලුවා එත් දුෂ් මට එහෙම කරන්න බැහැ ඔයත් එක්කයි ඉන්න ඕනි. මේ හැමදේම හීනය වගේ ඇහුන රොහාන්ට ඉක්මනටම මාව කසාද බඳින්න ඕනි කිව්වා එයා කිව්වේ දුෂි මං මාස තුනක් හිතල මන් ඔයාට අද කතාකරා ඔයා හදිස්සි තීරණ ගන්න එපා ඔයත් හිතන්න ඔයත් කල්පනා කරන්න කියල මං මොනවා කල්පනා කරන්නද රොහාන් ඔයාට කවදාවත් මාව ඕනි උනේ නැහැ. රොහාන් ගාව මං ඉන්නකොට දැනුනේ නැහැ. එහෙනම් ඇයි මේ මං ගැන දුකයි නම් ඒක අනුකම්පාව ඒ ආදරය නෙමේ. රොහාන් මේ මොනවද කියවන්නේ? එත් මං ඒක දෙයක් දැනගෙන හිටිය රොහාන්ව මම තොර ගත්තොත් එයා මාව මලක් වගේ බලාගනී කියල ඒ රොහාන්ගේ හැටි මගේ ඇහැට කඳුලක්වත් එන්න නොදී රොහාන් මගේ ගාව ඉඳි. එත් මට හිතුවක්කාරය රවට්ටන්න බැහැ මං එහෙම කරන්නෙත් නැහැ. රොහාන් මට මුළු ලෝකෙම ගෙනත් දෙන්නම් කිව්වත් මට එයාගේ සල්ලි වැඩක් නැහැ. මොකද සල්ලි වලට ආදරේ කරානම් මං මෙහෙම වෙන්නෙත් නැහැ. රොහාන් ගැන තිබ්බේ එයාගේ සල්ලිවලින් හැමදේම කරන්න හදන කෙනෙක් ගැන තියෙන එපා වීම.  මට කවදාවත් රොහාන්ව දැක්කම ඒ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. රෝහානට මගේ හිතේ ඊට වඩා වෙනස් හැඟීමක් තියෙන්නේ එකයි ඇත්ත. එත් අනේ මන්ද රොහාන් ගෙදරටත් කියල තිබ්බා. අපේ අම්මල ඔනිවටත් වඩා උඩින් රොහාන්ට කැමති. එත් මම කැමති උනේ නැහැ රොහාන් කවදම හරි මාව දාල යයි කියන හැඟීම මට තිබ්බ එයාට උවමනා උනා නම් ඇයි එයා ඒ දවස් වල මට ඔය ගැන කිව්වේ නැත්තේ? ඇයි අවුරුදු දෙකකට පස්සේ එයාට මාව ඕනි උනේ.? අදටත් ඒ ප්‍රශ්න වලට මට උත්තර නැහැ. එදා මම රෝහාන්ගෙන් ඇහුව

Rohan if things didn’t work the way you and I want will you still be my best friend?
Yesh dush never have a doubt on that

මම හිතුවක්කාරය අත්හැරියේ නැහැ. එත් හිතුවක්කාරය කිව්වේ රොහාන් ගාවට යන්න කියල මොකද එයාට දෙන්න බැරි හැමදේම රොහාන් ගාව තියෙනවා කියල මට සැප විඳින්න පුළුවන් කියල. රොහාන් මාව බලාගනී කියල. ගෙවල් එක්ක රණ්ඩු කරල අන්තිමට රොහාන් එයාගේ තීරණේ වෙනස් කර ගත්ත. එත් රොහාන් එයාගේ පොරොන්දුව තිබ්බේ නැහැ. මට රොහාන් නැති උනා.  රොහාන් මන් එක්ක ආයේ කථා නොකරන්න තරහ උනා රොහාන ආයේ කවදාවත්ම ලංකාවට එන්නේ නැහැ කිව්වා ඒ විතරක් නෙමේ රොහාන් මට වෙනදට වඩා නපුරු විදිහට සැලකුව රොහාන් ගොඩක් වෙනස් උනා එයාට කෝල් කරන්න එපා කිව්වා මේල් යවන්නත් එපා කිව්වා. මං ගොඩක් අසරණ වෙලා ගෙදරින් එලියට එන්න උණු වෙලේ මගේ අසරණකම ගැන හිතන්නේ නැතිවම රොහාන් මට දුක හිතෙන විදිහට කතා කළා එත් මගේ හිතේ රොහාන්ට තිබ්බ ඒ හැඟීම නැති උනේ නැහැ දුකක් විතරක් ඉතිරි වෙලා මගේ හොඳම යාළුවා මට නැති උනා. රොහාන්ට මාව පෙන්න බැරි තරමට රොහාන් මට බැන්න. අපි අපේ ජිවිත වල අපි තෝරගත්ත පාරවල් වල ගියා.   ඊටත් මාස දෙකකට විතර පස්සේ රොහාන් මට මේල් එකක් එවල තිබ්බා එයා මං එක්ක තරහක් නැහැ එත් අපි අපිව දන්නේ නැහැ. එයාගේ ජීවිතේට කෙනෙක් එයා හොයා ගත්ත කියල එයා දෙසැම්බර් වල කසාද බඳිනවා කියල එදා මං ගෙදර ගිහින් ගොඩක් ඇඩුව දුකට රොහාන්  ගැන දුකත් හිතුන එත් රොහාන් පරක්කුයි රොහාන් ඉස්සරම ඒක පාරක්වත් හිතුව නම්. මට හිතුවක්කාරය කියන්නේ අදටත් ඔයාට එයා ගාවට යන්න තිබ්බ කියල ඔව් යන්න තිබ්බ එත් එහෙනම් මං මගේ මුළු ජිවිත කාලෙම විඳවනවා ඒ ආදරය කරපු කෙනාව රැවට්ටුවා කියල ඒ දේ කරන්න තරම මං ජරා කෙල්ලෙක් නෙමේ. ඇත්ත අදටත් හිතෙනවා රොහාන් ගැන මගේ යාළුවා ගැන අපි පාරවල් වල පිස්සු කර කර බස් එකේ විකාර නට නට ගිය හැටි එත් සමහර වෙලාවට යාළුවො දෙන්නෙක්ට ආදරේ කරන්න බැහැ එකයි ඇත්ත. අදටත් මට රොහාන් නැතිව පාළුයි දුකයි. එත් මේ අපේ ජිවිත වල හැටි.

ඒ නිසා මේ හැමෝටම කියන්නේ කාට හරි ආදරේ කරනවා නම් ඒ ආදරේ දැන්ම කියන්න නැත්තම් ඒ ආදරේ අපිට අහිමි වෙන හැටි රොහාන් වගේ බලාගෙන ඉන්න.

14 comments:

  1. ආදරේ කල් යන කොට පල් වෙනවා
    වයින් වගේ නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඒ පල් වෙන්වේ පල් වෙන එවුන් දෙන්නෙක්ගේ ආදරේ තමයි.....

      Delete
  2. ආදරේ දුකක්.... වෙලාවකට විතරක්

    ReplyDelete
  3. ආදරය නම් දුකක්ම තමයි

    ReplyDelete
  4. ඉත්තෑවිට පෙම්කල හාවත් කිව්වාලු ආදරය දුකක් කියලා...

    ReplyDelete
  5. කතාව ඉවරයි. හ්ම්ම්... දිගටම කියෙවුව වගේම බ්ලොග් එහෙක ලියලා ඉවර කරනවා දැක්ක එකම කතාවද කොහෙද. :)

    ReplyDelete
  6. හරිම ආසාවෙන් කියෙව්වේ.....

    ReplyDelete
  7. දුෂී කතාවනම් පුදුමාකාර ඉසව්වලට ගෙනිහින් දුඛාන්තයකින් අවසන් කළා. මේ තුළ ඔබේ හැකියාව නම් බොහොම අපූරුවට පෙනෙන්න තියනවා. එත් ආදරය ගැන නම් මං තාමත් ඉන්නේ වෙනස්ම මතයක. මම මෙයට පෙරත් ඒ බැව් කියලා තියනවා. ආදරය කියා දෙයක් නොපවති. එය නාම මාත්‍රිකයි. ආදරය කියා අප කරන්නේ ගනුදෙනුවක් පමණයි. මෙය මතුපිටින් හිතන්න එපා. තම ඇතුළු සිතට නිදහසේ කතා කර බලන්න.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  8. නියමයි...සන්කිත්තෙන පන්චුපාදනස් කන්දා දුක්ඛා

    ReplyDelete
  9. තව කෙනෙක්ට ඔහොම වුනා... පමා වුනා නම්...
    සමාවක් කොයින් ද..?

    ReplyDelete
  10. ආදරය ලැබෙන්න ඕන වෙලාවට ලැබෙන නැති වෙනකොට,ආදරය වෙනුවට දුකම දැනෙනකොට,අපේක්ෂා කරන ආදරය පිටුපානකොට කාලයත් එක්ක ඒ ආදරේ අපේ ජිවිත වලට කලකිරීමක් හිස් බවක් එකතු කරනවා.ඒ ආදරේ අපිව නැවත හොයාගෙන ආවත් ආදරේ දැනුන,ආදරේ ඉල්ලපු කාලෙ තිබුන ජවය,ශක්තිය,ඒ උවමනාව හිතුවක්කාරකමක් වෙලාද මන්ද ආයිත් ඒ අයව අපේ ජිවිත වලට ලංනොකර ගන්නා තරමට අපේ හිත දැඩි වෙනවා...
    තේරෙන් නෑ මොකක්ද ඒ හැගීම කියල...දියාරු උණු ආදරයකුත්,තමන් ගැනම කලකිරීමකුත් විතරයි දැනෙන්නෙ....

    ReplyDelete
  11. මුල ඉදන්ම කියෙවුවා,
    ලස්සනට ලියලා තිබ්බා

    ජීවිතේ සමහර තීරණ හරි අමාරුයි, ඒ විදිහ තීරණයක් ගන්න හිත එඩිතර වෙන්න ඕනි. ඒත් ඒක ලේසි නෑ,
    රොහාන් ගොඩක් අමාරුවෙන් ඔයාව අත අරින්න ඇත්තේ, කෙල්ලෙක් ඉන්නවා කියලා බොරු කියන්න ඇත්තේ. දැන් බොරුවට තරහ වෙන්නේ, දුක් හිතවන්නේ බොහෝවිට ඔයාට තියන ආදරේට්. රොහාන් බය ඇති ආයෙත් ඔයාගේ හිත වෙනස් වෙලා ඔයාගේ ජීවිතය අවුල් වෙයි කියලා. ඔය හැමදේම කරලා රොහාන් හිතෙන් අඩනවත් ඇති.

    මොනවා වුනත් දැන් අරගත්ත තීරනය හරි කියලා හිතාගෙන ඉදිරියට යන්න
    ජය... !

    ReplyDelete
  12. හ්ම්ම්ම්...අද තමා මම මේ පැත්තට ආවේ... ඒ නිසා තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඉඩ තියෙන හැටියට මේකේ මුල් කොටස් ටික කියවල තමා අදහසක් ගන්න වෙන්නේ.... කොයිහැටි වුනත් අපි හිතන පතන දේවල් වැඩි හරියක් සිද්ද වෙන්නේ නැහැ. නොසිතන දේවල් තමයි වෙන්නේ. එකයි ඇත්ත. ඒ නිසා කොයි දේටත් මුණ දිය යුතුයි....

    ReplyDelete