Thursday, December 20, 2012

ආදරණිය නංගි බබාලට





කෙල්ලෙක් ගැන ගොඩක් දේවල් තියෙනව මේ සමාජේ වෙනස් කෙල්ලොත් වෙනස් ඒ හැම කෙල්ලටම කියන්න කියල හිතුන එකම එක දෙයක් ගැන මං මේ සයිබරයේ දැක්ක හැටි මගේ වචනෙන්
කෙල්ලෙක් උනාම මෙහෙම වෙන්න ඕනි අරෙහෙම වෙන්න ඕනි කියල හුඟක් අය කියනවනේ එත් ඔය අතරේ කට්ටියට කියන්න ඕනි ඔව් හොඳට හැදිච්ච කෙල්ලෙක්ට ඕනි කෙනෙක් ගරු කරන්ව. හැබැයි මං මේ කියන්න යන්නේ ඒ ගැන නෙමේ එත් අද සමාජයේ මේ Facebook එකේ දැක්ක අමුතුම කට්ටියක් ගැන. මේ ගොල්ලෝ ගොඩක් කරන්නේ අමුතු දෙයක් කට්ටියක් ඉස්සරහ බබා වෙන්න හදන එක. මේකේ ඉන්න අයියලට බබා වෙන්න මේ නංගිලා හරියට දන්නවා. ගෘප් එකක නැත්තම් කොහේ හෝ තැනක් මේ ගොල්ලෝ කරන්නේ අවධානය ගන්න අඬන එක මුළු පැය විසි හතරේම අවුරුද්දෙම අඬනවා. අනේ ඉතිං අපේ අයියලා ටික ගිහිං අර නංගි පැටියව නළවනවා අඬනවා ඉවරෙකුත් නැහැ නලවනවා ඉවරෙකුත් නැහැ. කාලෙන් කාලෙට එක එක අයියල මේවගේ නංගිලව  නළවනවා . 

එත් චුටි නංගියෝ තමන්ගේ දුක මාකට් කරලා ලොකු ලොකු අයියලාගෙන් ආදරේ කියල හිතල ලංවෙලා ඕගොල්ලන්ට පෙන්නන සුරංගනා ලෝක වලට අහු වෙන්න එපා. තව එක්ක ලෝකෙට පෙන්න බබා වෙන්න හදන්නත් එපා. මොකද කෙල්ලෝ කියන ජාතිය එහෙම කාටවත් ලෝකෙට පෙන්න නලවන්න ඕනි ජාතියක් නෙමේ එහෙම නැලවෙන්න තොදොල් වෙන්න ඕනි කට්ටියකුත් නෙමේ එහෙම ලෝකෙට පෙන්න ඒ දේවල් කලොත් නංගියෝ ඔයගොල්ලන්ට ඒ කොල්ලොම හොඳ නමක් දෙයි මට මෙතන කියන්න බැරි. අඩන්න එක්කෙනෙක්ට පෙන්න. හුරතල් වෙන්න එක්කෙනක් ළඟ, මොකද එහෙම නොවුනොත් වෙන්නේ ඔක්කොම අයට හුරතල් කරන්න හිතෙන එක. නැහැ මම කියන්නේ නැහැ හැම කෙල්ලම එක වගේ කියල හැම අයියමත් එක වගේ නෑ එත් නංගියෝ අපේ ජිවිතේ එක්කෙනෙක්ට විතරක් අපේ දුර්වලකම අපි ගැන  අපේ එකම පැත්තක් පෙන්නුවම ඇති හේතුව අපිව අමාරුවේ දාන්න ගොඩක් අය බලන් ඉන්නවා ඒ නිසා ඒ ගොල්ලන්ට ගොදුරක් වෙන්න එපා.  ජිවත් වෙන්න අනික් අයට එපා නොවෙන විදිහට. මොකද කෙල්ලෝ කියන්නේ ගොඩක් හයිය කට්ටියක්.  අන්න ඒ කෙලි ජාතියේ දුක මාකට් නොකර තමන්ව මාකට් නොකර තමන් මාකට් නොවී එහෙම උනාට පස්සේ කාටවත් බැනල වැඩක් නැහැ. ඕගොල්ලෝ කියයි අක්ක දුක කියල අඬන්නෙ නැද්ද කියල අඬනවා මම කියන්නේ නැහැ මම දුක ගැන පොස්ට් දාන්නේ නැහැ කියල එත් නංගියෝ මං දුක ගැන පොස්ට් දැම්මම ඔයා හොඳින්ද කියල මට පණිවිඩ එවන අයියලට මම උත්තර දෙන්නේ නැහැ දීල අඬන්නෙ නැහැ මගේ දුක මගේ කඳුළු මගේ පොස්ට් මගේ හැමදේම එත් මම ඒ දේ තුලින් විකිණිලා නැහැ. මම ලෝකයක් ඉස්සරහ බොරු බබෙක් වෙන්නේ නැහැ එහෙම වෙලා මගේ දේවල් හදාගෙනත් නැහැ. ආදරයෙන් කියන්නේ බබාලා ජිවිතේ නැති කරගන්න එපා හිනා වෙලා ඉන්න දුකයි නම් හැමෝටම දුක්කගන්න රාල කෙනෙක් වෙන්න දෙන්න එපා.


9 comments:

  1. පෝස්ට් එකක් කොටද්දි ඡේද එහෙම වෙන් කරල කොටපංකො මයෙ දෙයියො . . . අපි මෙවුව කියවන්නත් එපැයි එපාවෙන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. හිකිස්..... මමත් අනුමත කොරනවා ඒක.

      Delete
  2. කාන්තාවක්ම මේ උපදේශය දීපු එකට මගේ ස්තූතිය.

    ReplyDelete
  3. අෆ්ෆා අතුරැකතාවක් ඇති බව ලාවට වගේ දැනෙනවා වගේ ;)

    ReplyDelete
  4. ටොප් කතාව..... ෆේක් සින්හල එකවුන්ට් එකක් එ.බී එකේ හැදුවොත් ඕක තේරුම් ගත හැකි. උන්ට වැඩ නැද්ද කියලා හිතෙනව... :ඩී

    ReplyDelete
  5. ඒක නම් ඇත්ත........

    ReplyDelete
  6. ගොඩක් කෙල්ලො දන්නෑ නිකං බොළද ‍වෙන කොට තමන් චාටර් වෙන විත්තිය.

    ReplyDelete
  7. "...එත් නංගියෝ අපේ ජිවිතේ එක්කෙනෙක්ට විතරක් අපේ දුර්වලකම අපි ගැන අපේ එකම පැත්තක් පෙන්නුවම ඇති හේතුව අපිව අමාරුවේ දාන්න ගොඩක් අය බලන් ඉන්නවා ඒ නිසා ඒ ගොල්ලන්ට ගොදුරක් වෙන්න එපා. .."

    කතාවට තරු දහයයි.....

    ඒත් ඡේද වෙන්කරල,ෆුල්ස්ටොප් එක තියල තව ලස්සනට් ලියන්න....
    සුහපැතුම්..!!!

    ReplyDelete
  8. දුෂ් ට දුක මාකට් කරන ගහනය වැඩි වෙන එක ගැන තරහක් ඇවිත් ද ඉරිසියාවක් ඇවිත් ද ?? ;) ...

    ReplyDelete