Thursday, October 13, 2011

ඔබ නැතිවේදෝ බයයි

ඔන්න හමොමෝ කියනවනේ විරහව ගැනම විතරක් ලියන්න එපා කියල ඔන්න ප්‍රේමයට අර අදින කෙල්ලෙක්ගෙ හිතේ කොල්ලෙක්ට කියා ගන්න බැරිව ඉන්න කෙල්ලෙක් ගේ හැගීමක් ලියන්න හිතුනේ ඒකයි.



සිතට දැනේ නම් ඔබේ පෙම 
කෙලෙසෙක සගවන්න ද ඔබට
කොපමණ කිවත් ලොවට 
ඔබේ ආදරය දැනේ මට 

පෙම් කතා නැතත් දොඩමලු වන්නට
හැගෙනවා නොකී කතාව කියන්නට 
හිමි වෙන්නට පෙර නැතිවේවි බයට 
මුනිවත රකිනවා හැම රෑක   

12 comments:

  1. හපොයි මිනිස්සු හිතන් ඉන්නේ නම් කොල්ලෙක්ට විතරයි කියලා යාලූවෙන්න අහන්න පුළුවන්

    ReplyDelete
  2. හිමිවෙන්න කලින් නැතිවෙයිද කියලා හිතන්නේ නැතුව අහලා බැලුවනම් හරිනේ.

    අර සුවිප් කාරයෝ කියන්නේ

    "ගියොත් විස්සයි !!! ආවොත් ලක්ස දහයයි !!! "

    ඔන්න ඕක ආදර්ශෙට ගන්න. දුක ගැනම නොලිව්ව එකට ඔයාට පින් :)

    ReplyDelete
  3. හිතේ තද කරගෙන නුඹ නමින් සෙනෙහස
    ගෙවන්න බෑ මේ දිවිය තව තවත් මට
    ඒත් කොහොම වදනකට පෙරලන්නද මේ සෙනෙහස
    නුඹ දකිද්දි ගොළු වෙද්දි මම...

    ReplyDelete
  4. Hm...........kawuda oya wasana wanthaya ?

    ReplyDelete
  5. කවුදෑ කියන්නේ? මමනං විරුද්දයි. කෙල්ලොන්ට යාලුවෙන්න අහන්නත් අයිතියක් තියෙන්න ඕන.

    දැන් එතකොට මේක දුෂ්ගෙ අත්දැකීමක්ද? ;)

    ReplyDelete
  6. මගෙන් මුලින් ම යාලු උන කෙල්ල එයාම ඇවිල්ලයි ඇහුවේ.. මත ඉතින් එක පයින්... එහෙම එකක් නැ.. දෙන්නගෙන් ඕනේ කෙනෙක්ට අහන්න පුළුවන් නේ..


    ජය..

    ReplyDelete
  7. කෙල්ලෙක් ගිහින් කොල්ලෙක් ඇහුවොත් "අපොයි ඒකිට තියෙන විසේ" කියන අය තාමත් ඉන්නවානෙ.

    ReplyDelete
  8. දැන් ඕන තරම් කෙල්ලෝ කෙලින්ම අහන්නේ .......

    ඇති යන්නම් මාතෘකාව වෙනස් කොරලා .......:D

    ReplyDelete
  9. @ශානු : එකනේ ෂානි ඉතින් කොහොමද කටක් ඇරලා කියන්නේ

    ReplyDelete
  10. @මධුරංග:- පටු අදහසක් ඇතිව කියනව නෙමේ එත් එය අකමැති උනොත් මට වෙන්න යාලු කමත් නැති වෙන එක

    @Dinesh : එක නම් ඇත්ත එත් මේ වෙලාවේ කෙල්ලෙක් අසරණ වෙනවනේ

    @Sanoj Tharanga Blog :එහෙම ප්‍රසිද්ධියේ කියන එක හරි නෑනේ

    @.ChAnDiKa.. : එත් මට බයයි අහන්න. මගේද නැද්ද කියල උත්තරේම තියෙනවා

    @Gayan Rupasinghe: එකේ කිසි ප්‍රශ්නයක් නෑ කියල දන්නවා. එත් එයා යාළුකම අත්හැරියොත්

    @නිසුපා : එක තම එයාගේ යාලුවෙකුත් මට කිව්වේ චාටර් වෙන්න යන්න එපා කියල. එහෙම කියද්දී කොහොමද අහන්නේ?

    @The Lion : හිකිස් හොදයිනේ? එත් මෙකෙදිනම් දුෂ් ඉවරයි

    ReplyDelete
  11. අපෝ කියන එකේ නෙමේ ගැටලු තියෙන්නෙ ඕවා කරගෙන යන ඒකේ.... මාස දෙකකින් දැක්කෙ නැහැ....අප්පා .. ලස්සන ලිපියක්

    ReplyDelete
  12. අනේ මාත් එහෙමය්..:(
    ක්යාගන්න බැර්ව ළත වෙනවා..:'(

    "හිමි වෙන්නට පෙර නැතිවේවි බයට
    මුනිවත රකිනවා හැම රෑක "

    ReplyDelete