Tuesday, October 18, 2011

අපි අපි වගේ

මං ඔයාට ආදරෙයි
ඕක වෙන්නේ නෑ මං කිව්වනේ
ඒ මොකද  ඒ
ඔයා මගේ යාලුවෙක් විතරයි. මං කවදාවත් කාටවත් ආදරේ කරන එකක් නෑ
මට ආදරේ කරන්න එපා. මං ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න නෑ.
ඒක වෙන්නේ නෑ 
මං ඔය උත්තරේ බලාපොරොත්තු උනා

පෙම් කවක් ලියන්නේ කොහොම

ඔබ තවත් කදුලකට බර දෙන විට
හිත් අහස නිල් පාට
මතක් කරනවා ඒක රැයක හමුවීම
ලියන්න මං ඔබ ගැන
කියන්න ඔබ ගැන
බැදිලා නෑ අපි අපිට

13 comments:

  1. Anonymous10/18/2011

    හ්ම්ම්ම්ම්ම්ම්
    - ෂානු -

    ReplyDelete
  2. අයිතිකර ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව ආදරය කරන්න පුලුවන් නම් මම හිතන්නේ ඒක තමයි නියම ආදරය . . .

    ReplyDelete
  3. දුකාගෙ කතාවට එකගයි... ආදරේ 100% ඒකපාර්ෂවිකයි ....

    ReplyDelete
  4. @දුකා & පොඩි මෑන් ඔව් එත් ඒක අතකට දුකක්.

    ReplyDelete
  5. යාලු කම තමයි ආදරේකට පෙරලන්න ලෙසිම.

    ReplyDelete
  6. නොලැබෙන දේයක් වෙනුවෙන් හඩා පලක් නැහැ . .
    අපි වෙනුවෙන් ඔහුන් මෙච්චර කැපවිමක් කලානම් අපිට දුක හිමිවෙයිද..?

    ReplyDelete
  7. දුකා අයියගේ කතාව සහතික ඇත්ත .......

    ReplyDelete
  8. අයිතිකර ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව ආදරය කරන්න පුලුවන් නම් අනේ මන්දා...... ඇත්ටම එතකොට ඒක ඇතුලෙ නියම ආදරය තියෙන්න බැරිද??

    ReplyDelete
  9. කඳුළක් ආවා..:( :( මටත් අහන්න වෙන්නෙ ඔහොම දෙබසක් තමා කවදා හරි..
    මමත් කියන්නෙ එතකොට, "හිමිවීමම ආදරය නෙවෙයි" නිසා මං අයිති කරගත්තෙ නැත්තත්, ආදරෙයි කියලයි :(

    දුකා සහෝ ගෙ ක්තාවට එකගයි

    ReplyDelete
  10. ඔන්න පලවෙනි පාරට මේ පැත්තට ආවේ..මේ ද්වස් වල වැඩියෙන්ම කතා වෙන සබ්ජෙට් එක..මට එපා වෙලාම තියන සබ්ජෙට් එක "ආදරය"

    ReplyDelete
  11. ආදරේ කලත් ඒ ආදරේ හැමෝටම හිමි වෙන්නේ නෑ...

    ReplyDelete
  12. දුකා හරි... ඒ කියන්නෙ එක කැප කිරීමක්..

    ReplyDelete