Wednesday, October 19, 2011

Teri Meri Meri Teri (සිංහල තේරුම )

ඔන්න අදත් මම හින්දි සින්දුවක් අරගෙන ආවා එකේ තේරුමත් එක්ක මේක දැනට තිර ගත වෙමින් පවතින BODYGUARD චිත්‍රපටයේ එන ඉතා ජනප්‍රිය ගීතයක්. ඔන්න ඕගොල්ලොත් බලන්නකෝ.

ඔබෙත් මගෙත් මගෙත් ඔබෙත්
ආදර කතාව දුෂ්කරය
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක
එක කොල්ලෙක් හා එක් කෙල්ලෙක්ගේ
මේ කතාවකි නැවුම් එකකි
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක

ඔබෙත් මගෙත් මගෙත් ඔබෙත්
ආදර කතාව දුෂ්කරය
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක

දෙදෙනා ගෙන් වෙන් වන්න වුනි
දෙදෙනා වෙනුවෙන් ඉපදී සිටියත්
ඔබෙත් මගෙත් මගෙත් ඔබෙත්
ආදර කතාව දුෂ්කරය
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක

ඔබට හදවත පුද දී
මා සියලු දේ හිමි කර ගතිමි
කිසිදා මා නොසිතුවෙමි
මේ හමුවිමෙහි වෙන්වීමක් ගැන
දෙවියනි මාහට සිහින ලොවක් මැව්වේ කිමද
දෛවයේ ඇයව මා හට හිමි නොවේ නම්

දෙදෙනා ගෙන් වෙන් වන්න වුනි
දෙදෙනා වෙනුවෙන් ඉපදී සිටියත්
ඔබෙත් මගෙත් මගෙත් ඔබෙත්
ආදර කතාව දුෂ්කරය
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක

ඔබෙත් මගෙත් ඒ කතාවෙහි
හැම මොහොතක්ම කිසිවෙකුත් නොදනී
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක
හැම සෝසුසුමකම ඔබ වේ
හැම එක මතකයකම ඔබගේ වේ
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක

මුළු දිනම ගෙවී යයි
මුළු රැයම නිදිවර වී යයි
ඔබ ගැන එක් සිතුවිල්ලක්
මොහොතින් මොහොත මා විදවයි
විදිවමින් සිටි නැතිවී යන්න කියා
ඔබ හා මා අතර ඇති සියලුම දුරස් බව

දෙදෙනා ගෙන් වෙන් වන්න වුනි
දෙදෙනා වෙනුවෙන් ඉපදී සිටියත්
ඔබෙත් මගෙත් ඒ කතාවෙහි
හැම මොහොතක්ම කිසිවෙකුත් නොදනී
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක
හැම සෝසුසුමකම ඔබ වේ
හැම එක මතකයකම ඔබගේ වේ
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක

ඔබෙත් මගෙත් මගෙත් ඔබෙත්
ආදර කතාව දුෂ්කරය
වදනකින් හෝ දෙකකින් පැවසිය නොහැක

ගීතය මෙතනින් නරබන්න
http://www.youtube.com/watch?v=AMjxqc_H1sc

4 comments:

  1. මරු !!
    මට අර "ඒසා සාසෝකි !!!" කියන රේස් ෆිල්ම් එකේ සිංදුවත් පරිවර්තනය කර දෙන්න !!!

    ReplyDelete
  2. සිංදුව නම් මරු
    සිංහල ලිරික්ස් ටිකත් මරු :D
    සිංදුවක් ඉල්ලන්න නම් උවමනාවක් නැහැ මට :D

    ReplyDelete
  3. මම මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලාට තාම බැලුවේ නෑනේ කියලා දැන්නේ මතක් උනේ...

    ReplyDelete
  4. එළ එළ නියමයි ........:D

    ReplyDelete