Saturday, October 1, 2011

Thuje Yaadana Meri aaye- Kuch Kuch Hota Hai

මේ මන් පොඩි කලේ ඉදන්ම ආස සින්දුවක් ඉතින් හිතුන එක සිංහල පරිවර්තනය කරලා ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. මේ ගීතය අඩංගු ච්ත්‍රපටිය වෙන්නේ kuch kuch hota hai. මෙය රාහුල් විසින් ටීනාට ආදරය ප්‍රකාශ කිරීමේදී අන්ජලිට ඇතිවන හැගීම වගේම පසු කාලේදී අන්ජලිගේ ආදරය තේරුම් ගත් පසුව රාහුල්ට හිතෙන දේවල් සදහන් වෙනවා
පුළුවන් විදිහට පරිවතනය කරපු මේ සින්දුව ඕගොල්ලොත් රස විදලා බලන්න


***********************************************************************************




දෙවියනි කිසිවෙකුට මෙලෙස දුක් නොදෙන්න
හදවත පවසන හදෙහි එලෙසින්ම රැදෙන්න
මුවින් පවසන්න අවසර නොදෙන්න

ඔබට මා අමතක වී ඇති බව
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද
ඔබට මා අමතක වී ඇති බව
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද
හදවත වැලපි ඉකි ගසයි
හදවත වැලපි ඉකි ගසයි
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද  //


ඔබට හැම සතුටක් මා ලබා දුන්නෙමි
දෙතොල් හැම විටම සිනහවෙන් සැරසුවෙමි 

ඔබ නිල වරලස දගකාර
මා ඔබ ගේ උනමත්තෙකු කලෙමි

ඔබ මාහට සියලුම සිනහව දුන්නෙමි
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද
ඔබට මා අමතක වී ඇති බව
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද


අර පෙනෙන සදවත මා ගෙමිදුලට අවුත්
දැන් මා නිවස කළඑලි කලාවි
ඔබ ගේ තනි කම මේ සළු පාටින් වසා රැගෙන යාවි
ඔබව සතුටින් ගැබ්බර කර යාවි 
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද
හදවත වැලපි ඉකි ගසයි
හදවත වැලපි ඉකි ගසයි
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද  //


මගෙන් වරදක් වුනි
එහෙත් ඔබ කිසි දින  පැමිණිලි  නොකළේය

මා ඔබ සතු වීම ඔබට කළ හැකි විය
එය කලේ නම් මා මෙතරම් දුර නොයන්නට තිබුණි

කිසිවෙකුට තේරුම් කළ නොහැකි ප්‍රේමයට
දැන් මා ප්‍රමාද වැඩිය

ඔබට මා අමතක වී ඇති බව
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද
ඔබට මා අමතක වී ඇති බව
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද
හදවත වැලපි ඉකි ගසයි
හදවත වැලපි ඉකි ගසයි
කෙලෙස නම් කිසිවෙකුට මා පවසන්නද

6 comments:

  1. දැන් ඉතින් අඩ අඩ හිටිය ඇති නෙ :)

    ReplyDelete
  2. හුටා මෙයා හිංදිත් දන්නවද එළ එළ ..........:D

    ReplyDelete
  3. ඔයා හින්දිත් දන්නවද ඩුශ් ???
    නියමයි. ඔයාගේ පරිවර්තනය නම් මරු.

    ReplyDelete
  4. මම හුගාක් අඅස කරන සින්දුවක්

    ReplyDelete
  5. මාත් මේකේ සංගිතයට ගොඩක් ආසයි.. හිතට වැදෙනවා නියමෙටම...

    ReplyDelete
  6. මාරයි නේ...

    ReplyDelete