Friday, November 25, 2011

හැමදාම වගේ මන් පරක්කුයි ආදරයටත්

අද ආදරය කියන්නේ මොකක්ද කියල මට දැනෙනවා මන් හිතුවේ මෙච්චර කාලෙකට මන් කාටවත් ආදරය කරන්නේ නැහැ එත් පහුගිය අවුරුද්දෙම මන් ආදරය කරලා එත් දැන් ගොඩක් පරක්කුයි එයාගේ ජිවිතේ ඉන්න කෙනාට මන් තුන්වෙන්නෙක් වෙන්නේ කොහොමද?


දුටු මුල් දිනයේ
ඔබ මගේ පමණයි කියා
ලියා තියන්න කොහේහෝ
අමතක උනේ කාටද?
විටෙක් හිනාවී දුරස් වන
දුරස්වී හිනාවෙන
හඩවා මා සනසන
සනසා මා හඩවන
ඔබ නොදත් මගේ ප්‍රේමය
නොවහැටුණු මට
දඩුවම මෙයද
කවද හමුනොවන වෙන්වීම

11 comments:

  1. //ඔබ නොදත් මගේ ප්‍රේමය//
    ආයෙත් ඔහොම ප්‍රමාද වෙන්න එපා . . . . .

    ReplyDelete
  2. "හැම හමුවීමකම වෙන්වීමක් ඇත."

    නුවර කොළඹ බස් එකක ඔහොම ලියලා තිබුනා මට තාම මතකයි.
    ඒකනේ අර සිංදුවකිනුත් කියන්නේ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ කියලා.

    ReplyDelete
  3. ආදරය ඇත්ත නම් ,
    හිතත් පිරිසිදු නම් ,
    ඔබේ ආදරය ඔබට ලැබේවි ...
    එතකන් ඉවසන්න ....
    හැබය් ඒ ආදරය ඔබ නොසිතු තරම් නොපැතූ තරම් සුන්දර වේවි ..
    නමුත් ඔබ බලාපොරොත්තු වෙන හැඩතල දරන්නෙක් නොවේවි ....
    ඔබ ආදරය කරන්නේ හැඩතල වලටද ???

    ReplyDelete
  4. ප්‍රමාදය පසුතැවීමට හේතුවේ... නමුත් අපිද එසේ වීමු. :)

    ReplyDelete
  5. නොගොස් එන්නට බැරිය
    නෑවිත් යන්නට බැරිය
    යාමද දුකකි ඒමද දුකකි
    මෙලොව ඇත්තේ යාම් සහ ඒම්ය
    -මළගිය ඇත්තෝ-

    ReplyDelete
  6. දුටු මුල් දිනේම
    මගේමයි කියල
    හිත් මලේ ලීවනම්
    ලඟ නොහිටියත්
    දුරින් ඉඳ හිනැහුනත්
    දුකක් නෑ මගෙ හිතට
    සදහටම වෙන් උනත්...

    ReplyDelete
  7. ප්‍රමාදය පසුතැවිල්ලට මුලයිලු... දැං ඉතින් ඔය ගැන හිතන එපා..

    ReplyDelete
  8. හ්ම්ම්ම.. හැබැයි.. පරක්කු වුණාට.. ඔයාට හදවතින්ම ආදරය කරන ගොඩක් හොඳකෙනෙක් ලැබේවි.. :)

    ReplyDelete
  9. අපි හැමෝටම ආදරේදි ඔහොම වෙනවා අනේ..
    ගනන් ගන්න එපා
    ගැලපෙන ආදරේ ඉක්මනටම හම්බ වෙයි...
    තවත් එකක්...අපි අපේ ආදරේ ලබා ගන්න ඉක්මන් උනහමත් හිතෙනව ,අපරාදේ ඉක්මන් උන හින්ද තමා කෙල උනේ කියලා...

    ReplyDelete
  10. Anonymous11/28/2011

    අපේ ප්‍රින්සිපලුත් කියල තියනව අපායට ගියත් කලිං යන්න එ්න එතකොට තමා හොඳ සීට් එකක් අල්ලගන්න පුලුවන් වෙන්නෙ කියල.... හැබයි මේකනං ඉක්මනින් කලත් කෆෝතියි පරක්කු වෙලා කලත් කෆෝතියි!

    ReplyDelete
  11. @ඕනයා : අයෙ ආදරයක් ඇති වෙයිද

    @මධුරංග : එදා සෙනෙහෙන් නොබැදුන හින්දනේ වියෝව

    @Tharinduhw122 හැඩතල වලට ආදරය කරන්න තරම් කෙනෙක් නෙමේ එයා. මටත් හිතෙනවා කවද හරි මගේ වෙයි කියල

    @Prabhath Darshana : හිකිස් එහෙම තම හැමෝම .

    @Hasitha : අනේ එහෙම කියල හිත හැඩ ගන්න තිබ්බනම්

    @෴ මල් සුවඳක් ෴ : අනේ කියන්න මන් දැනන් හිටියේ නැහැ නේ

    @Dinesh : නොහිත බැහැ උදේ හවා දකිනකොට

    @නන්දු : මන් හිතන්නේ නැහැ නන්දු

    @චතූ...... : මන් බලන් ඉන්නවා එයා එනකන්

    @තනි අලියා :කොහෙද දන්නෝ හිතිඑ නැහැ නේ රණ්ඩු වේවි හිටිය මිසක්

    ReplyDelete