Tuesday, April 3, 2012

ඔබටත් දැනෙන හිතක් තිබේ නම්... දරුවෙක් අහිමු වූ පසු part 1



අද කියන්නේ හැමෝම කතා කරන දෙයක අනිත් පැත්තක් ගැන. මේ කතාවේ අපි නොහිතන පැත්තක් තියෙනවා. ඒ පැත්ත ගැන මේ ප්‍රශ්නේ කවුරුත්ම කතා කරන්නේ නැති හින්ද ලියන්න හිතුන. ගබ්සාවක් කියන්නේ ලේසි දෙයක් නෙමේ ඇත්තම කිව්වොත් කිසිම අම්මෙක්ට තාත්තෙක්ට උහුලන් ඉන්න පුළුවන් දුකකුත් නෙමේ. එත් මේ සමාජ මතිමතාන්තර එක්ක ඒ වගේ දෙන්නෙක් අසරණ වෙනවා නම්. එහෙම මිනිස්සු අපි අතරත් ඉන්නවා ඒ මිනිස්සු අදටත් දුක් විඳිනවා නම්,
ඉතින් ඒ නිසාම මං දන්නා මේ කතාව කියන්න හිතුනේ අපි නොදකින දේ අපි අහන්නේ නැති දේ කියන්න. හැබැයි මේ කියන්නේ හිතක් පපුවක් තියෙන කෙල්ලෙක් ගැන. නැතිව හැමෝම සාධාරණය කිරීමක් නෙමේ අපි අහමු ඒ කතාවත්.

නතාෂා රවින්ගෙයි සම්බන්දයට මේ වෙද්දී අවුරුදු 2 ක් විතර උනා. හැමදාම වගේ නතාෂාට ඕනි උනේ ජිවිතේ ලස්සනට ගෙවන්න, සතුටින් ගෙවන්න, නතාෂා කියන්නේ යන්තම් අවුරුදු 21 ක කෙල්ලෙක්. ඒ නිසාම තමා රවින් ගැන ගෙදරටත් කියල මේ සම්බන්දෙ ජිවිතේ කරගෙන පටන් ගත්තේ රවින් නතාෂාගේ ගෙදරත් ඇවිත් මේ දේවල් පිළිවෙලක් කරගන්න තීරණය කලේ. මෙච්චර තීරණය වෙච්ච සම්බන්ධකම් දුර දිග ගියාට පස්සේ ඇත්තටම හිතන්න දේවල් නතාෂටවත් රවින්ටත් තිබ්බේ නැහැ. හුඟක් නිවාඩු පාඩුවෙලාවට නතාෂා හිටියේ රවින්ගේ ගෙදර ඇත්තටම නතාෂා එච්චරට රවින්ව විශ්වාස කළා විතරක් නෙමේ ආදරෙත් කළා. මේ අතර කාලයේදී තමයි මේ දෙන්නා
අනාරක්ෂිත ලිංගික එක්වීමක් උනේ. ඊට පස්සේ කාලය ඔහේ ගෙවී ගියත් ඒක පාරටම නතෂාව අසනීප වෙලා නවලෝකේ නවත්තනවා. එතැනදී තමයි දැන ගන්න ලැබෙන්නේ නතාෂා දෙමස් ගැබිනියක් කියල මෙතැනදී මුලුන්ම එකඟ තත්වයකට එන රවින් කියන්නේ ළමයව හදාගමු කියල. එත් මේක ඒකමතික තීරණ ගන්න පුළුවන් දෙමාපිය බලපෑම් නැති බැඳීම් නැති ලෝකයක් උනා නම් සමහරවිට එහෙම වෙන්න තිබුන. එත් රවින්වත් නතාෂවත් ඒ තරම් වාසනාවන්ත නැහැ. අන්තිමේදී නතාෂාගේ දෙමාපියන්ගේ බලපෑම මත වගේම නතාෂාගේ සෞඛ්‍ය තත්වය මත ගබ්සාව කරන්න සිදුවෙනවා. කොච්චර ඇඬුවත් බැහැමකිව්වත් වෙන්නේ නතාෂාගේ පුර්ණ කැමැත්තක් නැතිවම රවින් ගිහින් මේ ගබ්සාව කරන්න මුදල් ගෙවීම. ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ නතාෂා මට කතාකරම මටත් ඇත්තටම අඩුන කෙල්ලෝ කොච්චර අවසනවන්තද කියල.  ඒ වගේම තමයි ඉන් පසුව ගොඩක් තනිවෙන්නේ නතාෂා. හේතුව කෙලින්ම ගෙදරින් වැදගත් කමකට නැති ළමයෙක් ගානට පවුලෙන් කොන් කරන ඇය ඉන්න මානසික තත්වය තේරුම් ගන්න කාටවත් බැරිවෙනවා. ඒ වගේම තමා රවින් පවා කාර්යබහුලයි කියන වචනය යටතේ වෙනස් වෙන්නේ. 

ඔය අතරතුර තමා නතාෂාට රවින්ගේ ජිවිතේ තමන්ටත් කලින් ඉඳන් ඉන්න ජනාලිව ගැන දැන ගන්න ලැබෙන්නේ. මේ වෙද්දීත් ජනාලිගෙයි රවින්ගෙයි සම්බන්ධයට අවුරුදු තුනකටත් වඩා වැඩි කියල තෙරෙද්දී නතාෂා ඉන්න තත්වය කොහොමද කියල හිතන්න. මේ හැම දේම  අවුරුදු 21 කෙල්ලෙක් දරාගෙන ඉන්නේ කොහොමද? ගෙදර කියල දෙමාපියන්ට මේ ප්‍රශ්නය කියල අද වැටෙන්න තරම්වත් ඇහුන්කම් නොදැනෙන පරිසරේක මේ කෙල්ල මොනව කර ගන්න ඇතිද? මොහොතකට හිතන්න ඕගොල්ලන්ට බාර දීල මං ඊළඟ කොටස ලියන්නම් .....

11 comments:

  1. "ආදරේදී ලිංගික උද්දීපනය උනේ නැත්තම් ලාදුරු වෙන්නේ ඕනිනේ"
    ඇත්ත තමයි ඒත් බලන්න අවසාන‍ෙය මොකක්ද උනේ? අනිත් අතට මෙහෙව් රටේ තමයි ලිංගික අධ්‍යාපනය පළාත් අටකින් එපා කියන්නෙ!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. අපේ මිනිස්සුන්ට පිස්සු...

      Delete
    2. නගේ මට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි.නතාෂා ඔයාගෙ යාලුවෙක්නම් පුලුවන් තරම් එයා ගාව ඉන්න.තනි කරන්න එපා.

      Delete
    3. Anonymous4/04/2012

      අාදරේ සහ ලිංගික උද්දීපනය යනු එකක්මයි. මොකා මොන බයිලෙ කිව්වත් අැත්ත කතාව එ්කයි.

      Delete
  2. ඇත්තටම අවාසනාවන්ත සිද්දියක්.. ගෙවල් වලින් පවා දැන ගෙන ඉන්න ආදර සම්බන්දයක් නිසා මම හිතුවේ ඔවුන් විවාහ වෙයි කියලා.. ඒත් රවින් රැවටිමක් කරල තියෙනවා.. ඊළග කොටසත් ලියමුකො බලන්න..

    ReplyDelete
  3. මේකට හේතුව දෙමාපියන් දරුවන් නිදහස් නොකිරීම....

    ReplyDelete
  4. සමහර වෙලාවල්වලදි දෙමාපියන්ට වෙන තේරීමක් නැති අවස්තා එනව

    ReplyDelete
  5. එතකොට රවීන් බොරුකාරයෙක්ද ? හපොයි ..

    ReplyDelete
  6. Anonymous4/06/2012

    හ්ම්..........වරද කාගේ වුනත්.ඒ ගැහැණු දරුවව තනි කරන එක තරම් අකාරුණික වැඩක් තවත් නැහැ.

    ReplyDelete
  7. ඉක්මන් කොටයි!

    ReplyDelete
  8. ප්‍රේමය තුල යම් යම් කොන්දේසි සහිතව රාගය, ලිංගිකත්වය කියන්දේ තියෙන්න පුලවන්…ඒ අත්තර්ගත ප්‍රමානය පුද්ගලානුරූපව සාපේකෂයි..

    සම්පුර්නයෙන්ම ර‍ාගයෙන් තොර ප්‍රේමයක්… එහෙම එකක් තියේද..?? දාරක ප්‍රේමය නම් ඒ වගේ එකක් ඒත් ඔබේ පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන්… නැත්තම් සැමියාගෙන් හො බිරිදගේන එහෙම එකක් හොයනවා නම් ඔබට ඇත්තටම පිස්සු… නැත්තම් ඔබ ඇත්තටම සාමාන්‍ය මනුෂ්‍යයෙක් නෙවේ.

    දෙන්න අතම වැරුද්දත් තියෙනවා මට දැනෙන හැටියට..

    ReplyDelete