Thursday, April 19, 2012

මගේ අන්තිම කැමති පත්‍රය.


මෙන්න මේක මේ විදිහට ලියන්න නිකමට වගේ හිතුනේ අඟහරුවාදා. ටිකක් පිස්සු වගේ උනත් මෙහෙම එකක් ලියල තියෙන්න ඕනි කියල හිතුන. හිතෙන්න කලින් මං ඉතින් එදා රෑම එක්කෙනෙක්ට මං ඕක කිව්වා එයානම් කියන්නේ මට පිස්සුලු එත් ඉතින් මෙහෙම එකක් ලිව්වා කියල කාට හරි වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැනේ. ඉතින් ලිස්ට් එකක් හැදුව කියමුකෝ මේ විදිහට


1. මං මැරුණට පස්සේ මගේ ඇස දෙක වකුගඩු හා හදවත සියල්ල දන් දෙන්න.   

2. මෘත ශරීරය කෙලින්ම කනත්තට ගෙන යායුතු අතර නිවසේ හෝ මල්ශාල වල තැම්පත් නොකළ යුතුය
3. හත්දවසෙහි දානමය පිංකම චිවරධාරින්ට නැතිව අනාථ නිවාසයකට හෝ වැඩිහිටි නිවාසයකට දිය යුතුය
4. මා සතු නිශ්චල චංචල දෙපලින් හරි අඩක් _____ වන පුද්ගලයා සතුවිය යුතු අතර අනෙක් කොටස ළමා නිවාසයකට භාර දිය යුතුය.
5. මා පරිහරණය කල කිසිම භාණ්ඩයක් නිවසෙහි මා මතක් වන ආකාරයට නොතිබිය යුතුය.

දැනට නම් ඉතින් ඔච්චරයි ඉතිරිය මතක් උනාම කියන්නම්. මේ මේක අපේ අම්මට එහෙම කියනවා නෙමේ ඕන්.

 

20 comments:

  1. අර 4 වෙනි එකේ හිස්තැනේ තියෙන්නේ මෙහෙමලූ
    4.මා සතු නිශ්චල චංචල දෙපලින් හරි අඩක් බට්ටි වන පුද්ගලයා සතුවිය යුතු අතර අනෙක් කොටස ළමා නිවාසයකට භාර දිය යුතුය.

    ReplyDelete
  2. ඒකත් හොඳයි..හැබැයි සබ්බ දානං ජිනාති ධම්ම දානං...සහෝදරී

    ReplyDelete
    Replies
    1. සබ්බ දානං ධම්ම දානං ජිනාති වෙන්න ඕනේ. එකේ තේරුම සියලුම දාන වලට වඩා ධර්මය දානය කරන එක උතුම් කියන එක. ඒ කියන්නේ ධර්මය නොදන්නා කෙනෙක්ට ශ්‍රී සද්ධර්මය මොකක්ද කියල වටහා දෙන එකයි. මම හිතන්නේ විදුරඟ මේ දේ කියන්න ඇත්තේ දුෂ් චීවරධාරීන් ගැන කිව්ව දේ හින්දා වෙන්න ඇති.

      Delete
  3. Anonymous4/19/2012

    හිස නවා අාචාර කරමි!

    ReplyDelete
  4. මමත් මෙහෙම එකක් ලියල ඩ්‍රාෆ්ට් කරල තියන්න ඕනෙ...

    ReplyDelete
  5. 'o' අංක 2න් අපිට පාඩුවෙනෝ.......

    ReplyDelete
    Replies
    1. චැහ්.... ඒක තමයි බං.මාත් මාරියක් කාල කෝපියක් බීල නයිටක් ගහන්න බලන් උන්නෙ :/

      Delete
  6. එහෙම හිතෙන හිතෙන වෙලාවට මතක් උනාම මේවා ලියන්න බෑ.. එක පාරම ලියන්න ඕන.. :)

    ReplyDelete
  7. ඔය මොලේ කාටවත් දන් දෙන්න එපා ඕං !

    ReplyDelete
  8. ආපෝ දන්න එකෙකුට හදවතනම් ගන්ඩ එපා කියනව....ඔකෙ මොනව තියෙනවද කවුද දන්නේ

    ReplyDelete
  9. Well...මළාට ෆස්සෙ වැදගත් වෙන එකම දේ....ඉන්නකොට කොළ දේ නෙව....මම එකඟ වෙන්නෙ නො1 එක්ක විතරයි...අනිත් ඒවා වැඩක් නැත...හී හී....

    ReplyDelete
  10. හම්මටසිලි......

    ReplyDelete
  11. දෙවැනි එක නැතුව අනික් සියල්ලටම හිස නමා ආචාර කරමි

    ReplyDelete
  12. දෙවැනි එක නැතිව අනික් සියල්ලටම හිස නමා ආච්රකරමි

    ReplyDelete
  13. ඕකේ තියෙන ඔක්කොම ඇත්ත ඒ උනාට මෙහෙම දේකුත් තියෙනවනෙ සහෝදරී අහලා නැද්ද කතාවක් තියෙනවා "මරණයේ වේදනාව ඇත්තේ මියයන්නාට නොව ජීවත්වන්ටය "කියලා .........

    ප.ලි.
    මගේ යාලුවෙක්ගේ අයියා නැති උනා හදිසි අනතුරකින් අපේ යාලුවා පෙට්ට්ය ලගට ගිහින් මිනිය බැලුවේ නැහැ දවස්3නේම හැබැයි මිනිහා අදටත් දුක් වෙනවා ඒක ගැන ....

    ReplyDelete
  14. පලවෙනි එක මාත් කියලා තියෙන්නෙ...:D

    ReplyDelete
  15. හික් හික් මෙ විදියටම වෙයි

    ReplyDelete
  16. දන් දෙන්න පුලුවන් හැම එකක්ම දෙන්න තමා හිතාගෙන ඉන්නේ. ඒත් කොහොම මොකක් වෙයිද කවුද දන්නේ? පෙරේදත් මැරෙන්න ගිහින් නූලෙන් බේරුණා :/

    ReplyDelete
  17. 7 දවසේ දානයවත් අඩුම ගානේ පන්සලට හෝ දිය යුතුයි දුෂ්... මොකද අනාථ නිවාසයකට දුන්නොත් ගාථා කියලා පිං අනුමෝදන් වෙන්නේ නැති වෙයි ඔයාට ..
    (නැතිව අපිට දානයක් මිස් වෙනවට නෙමේ )

    ReplyDelete