Sunday, September 2, 2012

ඔයාට

මේ දවස් වල මගෙ ඔලුව පිස්සු හැදිල වගෙ කියල හිතෙනව. අපි දෙන්න පළවෙනි පාරට මුණ ගැහිල අවුරුද්දක් වෙන්න එනව. ඔයාට මතකද අර බර්ගර් කින්ග් එක ගාව මන් බොරුවට අතරමන් වෙලා කියල ඔයාව ගෙන්න ගත්ත දවස ඊට පස්සෙ ඔයා මාව බස් එකට ගිහින් ඇරලපු හැටි. ඊට පස්සෙ ඔයා මන් සෙනග නැති අලුත් බස් හොය හොය ඉන්නකොට විහිලු කරපු හැටි තාම අද වගෙ මතකයි.

දන්නවද මගෙ ජිවිතෙ හැම දුකක් කරදරයක් මැද්දෙනම මුනගැහුන ඔයා තමා මගෙ ජිවිතේ වටිනාම දේ. තව ඔයා දන්නවද ඔයා ලග ඉන්නකොට මට හරිම සනිපයක් දැනෙනව ඇත්තමයි ක්‍රිශ්.

ඔන්න දැන් ඔයා කියයි මන් මහ බොළද කෙල්ලෙක් කියල ඇත්ත ආදරෙදි මන් තරම් බොළද කෙනෙක් නැතිව ඇති. ඒත් එ ඉතින් ආදරෙ හැටිනෙ.

ඔයා මගෙ මුලු ලෝකයම :-)

9 comments:

  1. ගොඩ කාලෙකට පස්සේ දිග පෝස්ට් එකක් දාල. :D:D

    ReplyDelete
  2. ආදරේ ළඟ කොහොමත් චුට්ටක් බොළඳ වෙන්න වෙනවා..

    ReplyDelete
  3. බැලුවට කමක් නැද්ද මන්දා

    ReplyDelete
  4. Anonymous9/02/2012

    :) අපි හිතන ආදරේ අපිට හම්බෙනවනම් කොයි තරම් හොඳද..

    ReplyDelete
  5. සමහරු බොළද වෙනවට කැමති නෑ නෙ.

    ReplyDelete
  6. ආදරයම බොළඳ සිතුවිල්ලක් වෙනකොට ආදරය කරන අය ගැන කවර කතා ද ?

    ReplyDelete
  7. ආදරේ කියන්නෙ වෙලාවකට මහම මහ විහිලුවක්. මම ඒ පාඩම ඉගෙනගන්න ගොඩාක් වේදනා වින්දා

    ReplyDelete
  8. එකත් හොදයි එක අතකට...

    ReplyDelete