Sunday, August 12, 2012

ජිවිතේ වැටි තැනින් නැගිට්ටෙමි

ජිවිතේ ගොඩක් දේවල් උනා ගොඩ කාලෙකට පස්සේ අයෙ වැටිච්ච තැනින් ජීවතේ එකතු කරගෙන බ්ලොග් එක  ලියන්න හිතුන. අන්තිම පොස්ට් එකෙන් මන් කිව්වනේ මට නවතින්න සිද්ද උනේ පාරේ, ඒ වෙලේ පුදුම විදිහට අසරණ උනා මහා හයියෙන් කෑ ගහල අන්දන්න හිතුන. එත් ජිවිතේ වැටුනේ නැහැ. ඊට පස්සේ හරියටම මාසයක් බෝඩිම් ජිවිතේ සමහර විට ජීවිතේට පාඩම් ඉගෙන ගන්න වෙන්නේ මෙහෙම කියල අනන්තවත් හිතුන. හරියටම ඔය සිද්දිය උන දවසට පහු වෙනිදා පෝය ඒ කියන්නේ මේ කොලබ යන්න එන්නවත් තැනක් නැති වෙන දවසක්. යාළුවො කවුරුත් හිටියෙත් නැහැ බෝඩිමක් හම්බ උනත් ඔහේ පාර්ක් එකේ අරෙහෙ මෙහෙ රස්තියාදු ගගහ ඉඳල පස්සේ බෝඩිමට ගියා ඊට පස්සේ දවසේ ඉඳන් පටන් ගන්න ජිවිතේ ලොකු දුකක් කියල විතරක් මන් දැනගෙන හිටිය. අම්ම තාත්ත නැතිව ගෙදරින් පිට හිටිය පලවෙනි දවස් එහෙන් හොඳටම උන හැදිලා හරියට කමක් බිමක් නැතිව ගෙවෙද්දී මන් එළිවෙන හෙටක් ගැන ඇත්තටම හිතුවේ නැහැ.  ගෙදර හිටිය නම් කියල මහා දුඅකක් ඇති උන දැන් එහෙම නැහැ අනික මට කඩ කෑම කන්න බැහැ බඩේ අමාරුව හැදෙනවා. ජොබ් එකට ගිහිල්ල මාසයක්වත් නැහැ නිවාඩුවක් ගන්න විදිහක්වත් නැහැ. එත් වෙන දෙයක් වෙච්ච දෙන කියල උදෙන්ම වැඩට ගියා. කන්න බොන්න බැහැ මොකද බඩේ අමාරුව. ජිවිතේ ඔහොම මාසයක් ගෙවුන  හිතන්න  සතේ තිබ්බ සල්ලි වලින් ගෙයක් ගත්තට පස්සේ මට කන්න බොන්න තරම් සල්ලියක් ඉතිරි උනෙත් නැහැ සමහර දවස් වලට වැඩ ඇරිලා රෑ 9 ට 10 ට  තනියෙන් යන්න උනා ඇත්ත කොච්චර ආදරේ කරන අය හිටියත් ජිවිතේ වැටුනාම ඒ ගොල්ලන්ටත් අපි ගාව ඉන්න බැරි වෙනවා ඒ වගේමයි හිතුවක්කාරයටත් යම් තරම් වෙලාවක් මා එක්ක ඉඳල මගේ හිත හැදුවත්, නැගිටින්න වෙන්නේ මට. එත අද මන් නැගිටලාද නැද්ද දන්නේ නැහැ එදා ඒ මුණ දීපු කම්පනය තවමත් හිතේ තියෙනවා

සමහර දවස් තිබ්බ බස් එකට යන්න සල්ලි නැතිව උදේට විතරක් කාල දවල්ට නොකා ඉඳපු රෑ පාලු පාරේ කිලෝමීටරයක් විතර payin ගියපු වෙන දෙයක් හින්ද නෙමේ හිත හදා ගන්න මන් දන්නවා ජිවිතේ නරකම වෙලාවේ මේ දේවල් දාල යන්න තරම් මන් බය ගුල්ලෙක් නෙමේ කියල එහෙම උනා නම් මාව එදා ගෙදරින් එලියට දාපු අය හිනා වෙන්න තිබ්බ ඒ මගේම නෑදෑයෝ එත් ඒ ගොල්ලොන්ට හිනා වෙන්න දීල මන් දාල යන්නේ නැහැ අදටත් දන්නවා මාත් එක්ක එච්චර තරහක් ඒ ගොල්ලන්ට තියෙනවා  කියල කොහොමද මන් මෙහෙම ඉන්නේ කියල . එකම එක දුකක් තිබ්බ මේ හැම එකකටම වඩා මගේම අයත් හිතුව මන් කට්ටියටම වදයක් කියල ඇත්ත එතැනදී මන් හිත හදා ගත්ත මන් මේ අදය ඉස්සරහවත් අඩුවේ  නැහැ මාව බලාගන්න කියල මන් කිව්වේ මාත් එක්ක හ්ලන්ගින් ඉන්න මන් හිත හද ගන්නම් කියල ඇත්තටම ඒ වෙනුවෙන් ඔයාට ගොඩක් පින් ඔයත් නොහිටින්න මේ ලෝකේ මට යන්න තැනක් නැතිවෙනවා. අදටත් මිනිස්සු මට ගරහයි අපහස කරයි නින්ද කරයි. එත් එකම එක දෙයක් සහසුදක් සේ පැහැදිලි. මේ ජීවිතය තව ආයුෂ ගොඩක් තියෙනවා ඉතින් මන් වැටෙන්නේ නැහැ. ජිවිතේ හදාගෙන ඉදිරියටත් යනවා මිස. අදත් හෙටත් එහෙමයි.

18 comments:

  1. ඔයාගෙ මේ පුංචි සටහන ජීවිතේ ගැන ගොඩාක් දේවල් හිතන්න පොලඹවනව කීවොත් මම වැරදි නැතිවෙයි අක්කී.අපේ ලගින් ඉන්නෙ කවුද ? ඒ අය ඉන්නෙ මොන වෙලාවටද කියල තේරුම් ගන්න දුකක්, කරදරයක්ම වෙන්න ඕනෙ. මොන කරදරයක් ආවත් හිතට හයිය අරන් ජීවිතේට මුහුන දෙන්න ඔයාට හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව !

    ReplyDelete
  2. ගැම්මක් තියන පෝස්ට් එකක්!

    ජයවේවා!
    තමන් දුර්වලයි කියල හිතන්න එපා!

    ReplyDelete
  3. ජිවිතේ දිනන්න..ඒ අනුන්ට පේන්න නෙවෙයි අදට වඩා හොදට හෙට ජීවත් වෙන්න ඕන නිසා

    ReplyDelete
  4. කාලෙකට පස්සේ ආයේ ඇවිත් නේ.. ජය වේවා යාළු..
    අපි ඇත්තටම පරදින්නේ වැටුනාම නෙවෙයි..ආයේ නැගිට්ටෙ නැත්නම..
    දිගටම ශක්තිමවෙලා හොඳ ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  5. කාලෙකින්.ඔහොම තමා ජීවිතේට ඔයවගේ හැල හැප්පිම් එනව ශක්තිමත්ව ගොඩ එන්න ට්‍රයි කරන්න ඕනේ ඉතින්.ජය!

    ReplyDelete
  6. අක්කට ජය වේවා... :)

    ReplyDelete
  7. කොයිම වෙලවකවත් අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන අනාග්තය සුබ කරගන්ඩ !

    ReplyDelete
  8. සතුටුයි දුශ්.. ජීවිතේ අන්තිමට වැටෙන මිනිස්සු බොහොමයි.. ඒ අතරින් නැගිටින්න පුළුවන් හිත ශක්තිමත් අයට.. ඔයාගේ හිත ශක්තිමත්..

    ReplyDelete
  9. දිරියවන්තව ජීවතයට මූන දෙන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  10. ඔහොමයං ජිවන පන්නරයට තව බොහෝ දුර යායුතුය

    ReplyDelete
  11. අත්දැකීම් තමා මිනිස්සු පරිනත කරන්නේ ....

    ReplyDelete
  12. වානේ පන්නරය ලබන්නෙ තැලෙනකොට. වැටෙන්නැතුව ඉන්න එක නෙමෙයි හපන්කම. වැටෙන්න වැටෙන්න නැගිටින එක. ජය...!

    ReplyDelete
  13. කියන්න දෙයක් නැ, දැනටමත් ඔබ කරන්න අවශ්‍යදේ කරනවා, ඉදිරියට කරන්න ඕනදේත් ඔබ දන්නවා,

    මම අදමයි මේ පැත්තට ආවේ නැවත එන්නම්

    ReplyDelete
  14. අක්කට ජය වේවා.

    ReplyDelete