Friday, July 29, 2011

කසාදය

පෙරදා වගේමයි ඔය දැස නිදි බරයි
මත් මතින් පිරුණු සිත් චංචාලයි
රැගුම් රගන සුරලියන් ඔබ මතයි
පෙම් පහස නැති උනත් ඔබ දෙව් ලොව සැප විදි

සෝ සුසුම් ගලාවිත්  යහන මත තනි රකී

මා පියන් ගෙනත් දුන් කසාදය විසිර යයි
කසුලු බිදු මහා හඩින් මහා පොලව සිප ගනී
ඔබ නැතිව ගෙවුණු තව රැයක් පහන් වෙයි

දොර ලගට ඔබ ඇවිත් මා හඩින් අවදි වෙයි

"අදත් මට වැඩ ගොඩයි" සෝසුසුම් මත ඔබ වැටෙයි
ඔබ දුන්නු ආදර කුස තුල වැඩෙයි
මා කිවූ වදන් පෙළ නොඇසුනු ඔබ නිදයි  

3 comments:

  1. ලස්සන අදහසක්. වෙනස්ම විදිහක පද ගැලපුමක්.
    ගැලපෙන්නේ නැති දෙන්නෙක් කසාද බැන්දම ඔහොම තමා වෙන්නේ

    ReplyDelete
  2. ගොඩක් ස්තුති මධු. ඔව් මේ සමාජයේ මිනිස්සු දුක් විදින තවත් එක හේතුවක්

    ReplyDelete
  3. ලෝකයට නොපෙනෙන ගොඩක් මිනිසුන්ගෙ අතුලානත්ය.... කදිම අදහසක්, ලස්සන ගැලපුමක්.

    ReplyDelete