Thursday, October 27, 2011

ආදරය දුකක්

ඔන්න මේක බලල කසිටිය මට බනින්න එපා මේ මගේ හොදම යාලුවෙක් අද වෙනකොට ඉන්න තත්වේ මෙච්චර කට්ටියගේ හිත හැදෙන්න කතා කියපු මට මේදේට උත්තරයක් දෙන්න බැරි උනා ඒ හින්ද තමා මෙවිදිහට කියල හරි මේකට උත්තරය හොයන්න හිතුවේ. ඇත්තටම පව් ඒ විතරක් නෙමේ දුකයි අනේ කොල්ලනේ වැදලා කියන්නේ කෙල්ලෙක්ට මෙච්චර දුක් දෙන්න එපා පව්. මේ දේ විහිලුවට ගන්න එපා.
 

"ඔව් අද මං මේ කතාව ලෝකෙට ඇහෙන්න කියනවා. ඒ අදවෙන කොට මගේ ජිවිතේ එක කදුළු බින්දුවක් වත් නැති හින්ද එත් මෙතනින් එහාට ජිවිතේ මොනවා වෙයිද කියල මං දන්නේ නෑ. යන්තම් අවුරුදු විස්සක් වෙනකොට තමා මගේ ජීවිතේට මේ පුද්ගලයා අවේ මලක් වගේ පාවෙලා හිටිය මට මගේ කැමැත්ත හින්ද ගෙවල් වලින් මගේ දෙමපපියන්ගේ ආශීර්වාදය මැද අපි දෙන්නගේ ආදර කතාව ගලාගෙන යනකොට තමා එයාගේ ජිවිතේ වෙන කෙනෙක් ඉන්නවා කියලා මං හොයා ගත්තේ. එය කරපු වැරැද්ද පිළිගත්ත හින්ද එච්චර දේවල් වෙලත් මං ආදරේ කරන කෙනාට එක පාරක් හරි සමාව දෙන්න හිතල මගේ ජීවිතේට එයාව මං අයෙත් ලං කරගත්ත. එත් එයින් පස්සේ අපි දෙන්නගේ ආදරේ විශ්වාශේ හැම දෙයක්ම බිදිලා ගිහිල්ල තිබුන. මගේ යාලුවෝ එපා කියද්දී කියද්දී මං එයට ආදරේ කරා. මං හිතුව එය මට ඉස්සර විදිහටම ආදරේ කරයි කියල එත් ගෙවල් වලින් එකතු වෙලා මේ දේවල් පිළිවෙලක් කරලා දන්න හදන හැම වෙලාවකම එයාට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. කොටින්ම කිව්වොත් අවුරුදු තුනක් යාළුවෙලා හිටියට අපි හිටියේ අපේම ලෝකවල. තනි වුන මං කට හරි කොල්ලෙක් ඉන්නවා කියල කිව්වත් මට එක්කන් ගිහින් පෙන්නන්න එයා මගේ ගාව හිටියේ නැහැ. ෆිල්ම් එකක් බලන්න යන කියල මං තනියම ගිහින් ෆිල්ම් එක බලල ඇවිත් තියෙනවා පාරවල් ගැනේ ඕන තරම් රස්තියාදු වෙලා තියෙනවා ඒ ත් මට ඕනේ අදරය් කරුණාව කවදාවත් මට එයාගෙන් හම්බ වෙලා නැහැ ඒ වෙනුවට එයා හිතුවේ මට කියක් හරි වියදම් කරලා මොනවා හරි අරන් දුන්නොත් මං එයා ගාව හැමදාම ඉදි කියල එත් සරින් සැරේ මං එයාට මතක් කලා මට ආදරේනම් මෙච්චර දුක් දෙන්න එපා කියල කවද හරි මං ඔයාව දල යයි කියල එත් ඒ හැම දේම එයාට විහිළුවක් වෙද්දී දවසක් එයා මගේ අම්ම ඉස්සරහ මට ඇත උස්සනවා දැක්කට පස්සේ මට ගෙදරින් මේ සම්බන්දෙ නවත්තන්න කිව්වේ. එයා හැමදාම කරේ  එයාගේ ව්‍යාපාරයේ වැඩවලට යටවෙලා මගේ එකම හැගීමක් ගැනවත් මං කොච්චර තනි වෙළද කියලවත් එයාට නිකමටවත් හිතන්නේ නැතිව හිටිය එක  ඒ හින්දම මං මගේ ජිවිතේ තනියම ජිවත් වුන කොටින්ම කිවොත් තව කෙනෙක්ට ආදරේ කරන්න තරම් මං කලකිරිලා ඉන්නේ එයා හින්ද ඒවගේම තමා ඒ දුක නැති කරලා මරල දල මං මහා ගල් හිතක් තියෙන මුරණ්ඩු කෙල්ලෙක් උනා හිත හදාගෙන එයා කවද හරි මගෙන් අයින් වෙලා යන බලපොරෝතුව එක්ක මං ජිවත් උනේ.  ඒත් දැන් එකපාරටම එයාට මාව බදින්න ඕනේ වෙලා තියෙනවා මාව ඕනේ වෙලා තියෙනවා එයා මට ආදරේ කරනවා කියල හැගෙනවාලු මට අදරෙලු  දැන් මගේ ගාව එයාට දෙන්න ආදරයක් තිබ්බත් මට ඒ දේ වෙනුවෙන් ලොකු බයක් තියෙනවා මගේ අම්ම තාත්ත මේ දේට දැන් කොහෙත්ම කැමති නැහැ එත් මං එයාට තාමත් ආදරෙයි එත් මං මොකක්ද කරන්නේ කියල අද මට තේරෙන්නේ නෑ. 'ආදරය වෙනුවෙන් අවුරුදු තුනක් බලන් හිටපු මට අද ඒ කෙනත් එක්ක එක වහලක් යටට යන එක ප්‍රශ්නයක් වෙලා" ජිවිතේ කියන්නේ මේකද කියල අද මට හිතෙනවා.......  "

 මං කොහොම හිතන්නද
ඔයා මට
මෙච්චර දුක් දීල
මෙච්චර මාව අඩවල
මට මාව අහිමි කරලා
මහා ගොඩක්
කදුළු දීල
ආත්මයම අසරණ කරලා
දුවිල්ලක් තරම්වත්
වටින්නේ නැති ගානට සලකද්දී
ඔයා තාමත් මට
ආදරේ කරනවා කියල
ඔයාට දැනෙනවා කියල
මට සමාවෙන්න රත්තරන්
මට තවත් මෙහෙම ඉන්න බැහැ
මං ඔයාව දල යනවා
ඒ ඔයාට වඩා ඔයාට ආදරේ කරපු මං
මට ඔයාව එපා වෙයි කියන බයට ....

10 comments:

  1. කරන්න පරීක්ෂණයක් දෙන්න කරදර,එයා ඇත්තටම ඔයාට ආදරේ නම් එව්වා ගැන හිතනේ නැතුව දිගටම ඉඳීවි.

    ReplyDelete
  2. හැබැයි එහෙම කියලා බැන්දට පස්සෙත් පරණ විදිහටම උනොත් මොකද කරන්නේ ...........

    ReplyDelete
  3. හිතේ දෙගිඩියාවක් තියන් බදින එක නම් සුබ නෑනේද?

    ReplyDelete
  4. ප්‍රශ්න තියාගෙන කසාද බඳින්නේ කොහොමද ?

    ඒක නෙමෙයි මෙහෙම ගැසට් පත්තරේ ලියනවා වගේ නැතිව ඡේද වෙන් කරලා ලියන්න. එතකොට කියවන්න ලේසියි හලෝ :)

    ReplyDelete
  5. අනේ මම දන්නෙ නෑ අක්කේ.. ආදරේ කරන කෙනෙක් ට කවමදාවත් දුකක් දෙන්න බෑ කියලා නම් මම දන්නවා. :(

    ReplyDelete
  6. Anonymous10/27/2011

    අම්මටෂිරි! ............ නියම යථාර්ථවාදී බ්ලොග් එකක්නෙ! :D :D :D
    එල එල!
    ජයවේවා අෑ! :D

    ReplyDelete
  7. Anonymous10/27/2011

    කරදර කලාට සොරි වන්න! මෙය මූනුපොතේ ෂෙයා කරාම එ්ක දැකලා මගේ මිතුරියක් මෙසේ කියන්නටය කියා තරයේ ම කියයි!
    "are oyage yaluwata kiyanna e boy wa badinna epa kiyala"

    ReplyDelete
  8. අනේ මන්දා ලයන් කියලා තියෙනවා වගේ බැන්දට පස්සෙත් අර වගේ දේවල් වුනොත් අනේ මං කරගත්ත දෙයක් කියලා දුක් විදින්න වේවි. එතකොට පරක්කු වැඩි වෙන්නත් ඉඩ තියෙනවා.ඉතිං ඉක්මන් තීරණ වලට එන්නෙ නැතුව හොදට කල්පනා කරලා බලන්න කියන්න.

    ReplyDelete
  9. kenekta oya wage dukak dena kenek ekka hithata ekagawa inna puluwanda? i mean oya widiyata kenekge hith ridawiim karala , denna athara thiyena wishwase kada karatath passe ?
    mage adahasa nam meka karanna epa kiyala. mokada kawada hari duk widinna wenne oyage yaluwata

    ReplyDelete
  10. අහන්න,,, අක්කා.. ඔය ගේ කතාව හරියටම මට උන දේට සමානයි... ඉක්මන් වෙලා තීරණ නම් ගන්න එපා... පස්සේ ගොඩක් විදවන්න වෙන,,, ඉවසල ඉන්න,,, හැම දේම වෙන්නේ හොදට... එයා අක්කට ලැබෙන්න ඉදි නම් මේ ලෝකේ කොහේ හිටියත් මොන ප්‍රශ්න තිබුනත් ඔයාට එයාව ලැබෙනවා..

    ජය...

    ReplyDelete