Monday, October 31, 2011

ආදරයක් වෙනුවෙන් වෙනස්‌ විය යුතුද?



අපි අපි වගේ ඔව් ඇත්ත.... නැහැ එක ආත්මාර්ථකාමී නැහැ මං මං වගේ මේ ඉන්න මට ආදරය කරන්න බැරි නම් මට ලං වෙන්න එපා. ඔයාට දුක් විදින්න වෙයි. ඔයා බලාපොරොත්තු වෙන කෙනා හම්බ උනේ නැහැ කියල මට බණි ඉතින් එකේ මගේ වරදක්ද නැහැ නේද? මං ඔයාට කියනවා ආයෙත් මං නපුරුයි, දුෂ්ටයි, ඉක්මනට කේන්ති යනවා මට තනියෙන් ඉන්න ඕනේ වෙන කෙල්ලෝ  වගේ පෙම්වත් වෙන්න හුරතල් වෙන්න හිතෙන්නේ නෑ. මට හදා ගන්න කියල මගේ කියල ලෝකයක් තියෙනවා මං ඔයාව බලා ගන්න එකක් නැහැ. එක පාරක් මගේ ලෝකේ කලා බිදලා දාපු විදිහට මං අයෙ කාගෙවත් කදවුරු බදින්න මගේ රාජධානියේ කොහෙවත් ඉඩ තියන්නේ නෑ. මට ඔයා ගැන හිතන්න හිතෙන්නේ නෑ. කතා කරලා ඔයා කැවද, බිව්වද, එහෙම නැත්තම් අරක කරද මේක කරද කියල කීයටවත් අහන එකක් නැහැ. ඒ වගේම තමා ඔයා මගෙන් ඒ ගැන අහයි කියල බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ මගේ හැටි ඔයාට මොකද හුගක් ආදරය කරන අය කියන එයා හින්ද මං වෙනස් වුනා කියන කතාව මං පිළිගන්නේ නෑ. එක බොරුවක්, රැවටීමක් කොහොමද කෙනෙක් එහෙම වෙනස් වෙන්නේ එක තමාව රැවටීමක් එහෙම නෙමේද?

මම, ඔයා මේ හැම කෙනාම හැදිච්ච විදිහක් තියෙනවා අවුරුදු ගානක් අවමයෙන් ගත්තොත් අවුරුදු විස්සක් අපි අපිට ඕනේ විදිහට ජිවත් වෙච්ච අය ඉතින් අපිට ආදරය කරන කෙනෙක් අපෙන් වෙනස් වීමක් බලාපොරොත්තු වෙනවනම් එතන ආදරයක් තියෙනවද? එතන වෙන්නේ වෙන කෙනෙකුගේ රූකඩයක් වීමක් නොවේද? ආදරය කරනවා නම් මට මගේ මේ විදිහට ආදරය කරන්න එහෙම බැරි නම් මගෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් ආදරය කරල නොමග යන්න එපා. එහෙම ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද, එතන මං ඔයාගෙන් ආදරයක් දකින්නේ නැති නිසා. තමන් කොච්චර කැමති උනත් එහෙම කෙනෙක්ට කැමති වෙන්න එපා. එතන කවදාහරි දුක, තරහව, කළකිරීම ඇති වෙන හින්ද ඇත්තටම ආදරය කරන වනම් මං හිතන්නේ ඔයා මගේ වෙනසක් කවදාවත් දකින්න අස වෙන එකක් නැහැ.


එතකොට ඕගොල්ලෝ කියයි ආදරය හින්ද මිනුස්සු වෙනස්‌ වෙන්නේ නැද්ද කියල. ඇයි නැත්තේ වෙනස්‌ වෙනවා හැබැයි
ඒ ආදරය හින්ද මිසක් ආදරය නිසා නෙමේ.

13 comments:

  1. හ්ම්ම්ම්ම්ම් අනේ මන්දා

    ReplyDelete
  2. Anonymous10/31/2011

    ජයවේවා මැඩම්!
    මේක මමත් අදිං වසර හතරක් විතර ඉඳං කල්පනා කරන එකක් තමා!
    අක්ක මානව වර්ගයා වෙනුවෙන් ලොකු සේවයක් කරන කෙනෙක් විදියටයි මම දකින්නෙ!

    ReplyDelete
  3. ඒ ආදරය හින්ද මිසක් ආදරය නිසා නෙමේ.
    මේක ඇතුලේ මම ගොඩක් ලොකු තේරුමක් දැක්කා..මම ලිපියෙ අගට වෙනක්ං කියවලා ඇති කර ගත්ත සිතිවිල්ල කොහොම හරි මේ එක වදන වෙනස් කරා...
    ඇත්ත අපි අවුරුදු ගානක් අපි විදියටම ඉඳලා කොහොමද කාගෙවත් රූකඩයක් වෙන්නේ.....ඒත් ආදරය හින්දා අපි ටිකක් සමහර වෙලාවට ගොඩක් වෙනස් වෙනවා...
    තනි අලියා සමග මා එකඟයි ඔබේ බ්ලොග් එක පීරූ නිසාවෙන්.....
    මම මංගල දැන්වීම නිසා වියමනෙදී වාද කල iMESH මල්ලියා වෙමි...
    බොහෝම අමාරුවෙන් බ්ලොග් එක හොයා ගත්තා...
    ඔන්න මෙකෙ එල්ලුනත් එක්ක..හැමදාම දැන් එන්න පුලුවන්නේ...

    ReplyDelete
  4. හම්මෝ මෙහෙමත් නපුරු කමක් :D

    ReplyDelete
  5. සම්පුර්න ඇත්ත අක්කේ
    කාටවත් එහෙම වෙනස්වෙන්න බැ
    අපි වෙනස්උනා කියලා පෙන්නුවත් කවදා හරි අපි හංගගෙන ඉන්න ඇත්ත තත්වේ එලියට එනවනේ
    එත කොට වෙනස්වෙච්ච අපිට ආදරේ කරපු අය දිගටම ඉදීවිද
    මම නම් කියනේ අදරේ කරන කෙනාට තමන්ගේ ඇත්ත තත්වේ පෙන්නන්න ඕනේ
    එයටම තීරණය කරන්න දෙන්න ඕනේ ඇත්ත මට කැමතිද නැද්ද කියලා

    ReplyDelete
  6. adare gana katha karanawa nam apita wayasa 60k wath wenna one...athdakim nathuwa adare gana kathakirima moda wadak

    ReplyDelete
  7. Anonymous11/01/2011

    @ප්‍රබුද්ධ - එ් කියන්නෙ හැට පැනපු අය කතා කරන්න ඔ්න අනිත් අය කට පියාගෙන ඉන්න ඔ්න! එහෙමද? :P

    ReplyDelete
  8. අනේ මංදා මේක ඇත්තටම ප්‍රශ්නයක්... පිළිගන්නවා. කෙන්ක් තම්න් ආදරේ කරන කෙනාව තම්න්ට ඕන විදියට වෙනස් කරන්න හදනවනම් ඇත්තටම ඒක ප්‍රශ්නයක්..
    අර අන්තිම පේළියට මම හුගාක් කැමතියි. ඒක ලොකු තේරුමක් ඇති කතාවක්."වෙනස්‌ වෙනවා හැබැයි ඒ ආදරය හින්ද මිසක් ආදරය නිසා නෙමේ." හරියටම හරි.

    අනිත් දේ තමා, අවංකව ආදරය කරන කෙනෙක් අනිත් කෙනාව පාලනය කරන්න, වෙනස් කරනන් කැමති වෙන්නෙ නෑ.. එහෙම කරන්වනම් එතන ආදරයක් නෑ මම හිතන විදියට.තමන් අඅදරේ කරන කෙනා වෙනුවෙන් තම්න්ට වෙනස් වෙන්න හිතුනොත්, ඒක ප්‍රශනයක් නම් නෑ...

    ReplyDelete
  9. ඩුශ් ට ඉතින් හිතෙන්නෙම ආදරය දුකක් කියලා විතරනේ. :)

    ReplyDelete
  10. මෙයත් හිතන්නේ පුදුම දේවල් තමයි..

    ReplyDelete
  11. @ශානු දෙලොවක් අතර ජිවත් වෙන්න එපා ෂා

    @තනි අලියා හප්පා එහෙමද එහනම් මං චන්දෙ ඉල්ලන්න යන්නද. මල්ලි ඕව හැමෝටම තියෙන ප්‍රශ්න

    @ගලයා මල්ලියෝ එහෙම කෑල්ලක් දැම්මේ එක එහෙම හින්ද. හප්පේ වලි දාගන්නේ නෑ මිට පස්සේ ස්තුති එල්ලුනට ඔබට ජය

    @..ChAnDiKa.. හප්පේ ඔව් මං විතරනේ නපුරු


    @මහිම එකනේ කිව්වේ මල්ලියෝ

    @Tharinduhw122 Thank You :)


    @ප්‍රබුද්ධ අත්දැකීමෙන් කියන්නේ මේක තමා තිත්ත ඇත්ත

    @හිතුවක්කාරි ස්තිතු නංගියෝ

    @මධුරංග මං බොරු කියල හිතනවා නම් කරලම බලන්නකෝ

    @Dinesh අයෙත් අහල අපි සාපේක්ෂව වෙනස්

    ReplyDelete
  12. අනේ මන්දා අක්කේ. ආල කතන්දර හරි අවදානම් :)

    ReplyDelete