Friday, March 30, 2012

ජිවිතයේ අරුම පුදුම දවස්

අද 28 වෙනි බදාදා උදේ පාන්දර නැගිට්ටේ ඊයේ රෑ එයාට බත් එකක් ගෙනත් දෙනවා කිව්ව හින්ද.  කොහොමෙන් හරි උදෙන් නැගිටලා තවම මස් හදන්න දන්නේ නැති හින්ද ඒක අම්ම උයල දුන්න. කහ බතක් හදල පරිප්පු උයල බත් එක බැඳගෙන අවා. වෙනදනම් 7 වෙනකම් නිදි එත් අද 7.10 වෙනකොට පාරටත් ඇවිත් කොහොමත් එය නම් කීයටවත් එන්නේ නැහැ ඉතින් මටම ගිහින් දෙන්න වෙනවානේ. මේ උදේ වරුවේ ටවුන් හෝල් යනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ ඉතින් පරක්කු වෙන්න බැරි හින්ද මුලින්ම මොරටුව - පිටකොටුව බස් එකක නැගල බම්බලපිටියෙන් බැහැල 155 එනකන් ගොඩක් වෙලා බලන් හිටිය 

පස්සේ බැරිම තැන 104 ක නැගල කැම්පස් එක ගාවට ගියේ පරක්කු උනොත් ඔෆිස් එකටත් පරක්කු වෙන නිසා. පස්සේ ඉතින් එතනින් 120 ක නැගල ටවුන් හෝල් එකට ගියේ ඔහොමයි. ඒ වෙලේ නම් පපුවත් පොඩ්ඩක් ගැහෙන්න ගත්ත පලවෙනි පාරට කොල්ලෙක්ට බත් එකක් උයල අරන් යන්නේ. අනික රහට තියෙයිද දන්නෙත් නැහැ. ඇත්තටම කිව්වොත් මන් හීනෙන්වත් මේ වගේ වැඩ කරන හිතල නැහැ එත් මේ පිස්සු මට මොනවද වෙලා මටම හිනා. කොහොම හරි ට්‍රැෆික් එක අස්සේ සලක එක ගාවින් බැහැ ගත්ත. එත් හැමදාම වගේ පාර පනින්න තියෙන බයනම් අද කියල අඩුවෙන්නේ නැහැ එහෙන් මේ සලාක එක ගව අර චුටි තීරුවක් තියෙන තැනින් පනිනවා කියන්නේ ඇත්තටම බය ඩබල් වෙන දෙයක්. එත් ඔන්න ඔහේ ඕන දෙයක් කියල පාරත් පනිද්දී තම කන ගාවින් බස් එකක් සද්දේ ගෙන ගියේ මන් පොඩ්ඩක් විතර නෙමේ හොඳටම බය උන හැටි දැකල කොල්ලෝ දෙන්නෙකුත් විහිලු කලා. හම්මේ මට නම් හොඳ ගණන් පස්සේ දුවගෙන දුවගෙන මහරාජා ඔෆිස් එකට දුවද්දී මෙන්න සිකුරිටි අන්කල් කෑ ගහනව ළමය කොහෙද යන්නේ කියල. ඒ අංකල්ටත් විස්තරේ කියල ටක් ගල ගියා ඒ ළමයාගේ ඔෆිස් එකට වටෙත් බැලුව තවම ඇවිත්  නැහැ ඉතින් මන් ඇතුලට ගියාම


" අන්කල් මේක ------"
"______ දෙන්න නේද?


හානේ මන් නම කියන්නත් කලින් අන්කල් දන්නවා කාටද දෙන්න ඕනි කියල බත් එක එකත් හොඳයි. එහෙම්ම බත් එක දීල මන් ඉක්මනට පාර පැනල 138 නැග්ගා පස්සේ නවලෝකේ ගාවින් බැහැල අයෙත් 101 එකක නැග්ග කොල්ලුපිටියට එන්න. ඇත්තටම හරිම මහන්සි උනත් එක එච්චරම දැනුනේම නැහැ වගේ උනා. මන් හිටියේ ඇත්තටම සතුටින් ඇත්තටම ආදරේ කරනවා කියන හැඟීමම මට සතුටක්


දවස තවම පටන් ගත්ත විතරයි ඉතිරිය හෙට දාන්නම්    

Friday, March 23, 2012

ආදරයේ සොඳුරු මොහොතක්



හීනියට පිනි බින්දු
ඇවිත් හීතලට
දග කරනකොට
මේ හිනා ලග
මේ දෙකොපුල් මත
මේ මල් පෙති මත
පාට පාට හින වලට
අමතක වෙන හැටි
පියබන්න
දගලන්න
නිදියන්න
මතක් කරලා දෙන්න
මල් කුමරුට අමතක
වෙලා.........

මේ සුසුම්
මේ මොහොත
මේ විදියටම
හැමදාම
ආදරෙයි මම
මල් කුමරුට 
නොකීවට
නොතෙපලුවට
වදනකින් කිසිදාක....





Thursday, March 22, 2012

මනමේ විතරද චපල ?

අද මෙන්න මේ පොස්ට් එක දැක්කට පස්සේ මනමේ කුමරිය හා කුමරා කතාව අයෙත් මගේ ඔලුවට අවා. කොටින්ම කිව්වොත් මේ කතාවට මගේ නම් පොඩි කලේ ඉඳල කැමැත්තක් තිබ්බේ නැහැ. හේතුව මනමේ කුමාරි චපල දෙවි නිසා. මේ කතාව වෙනස් කරන්න තිබ්බ ඇයි මේතැනදී වැද්ද වැරදි නැද්ද?  වැරදි. මොකට පෙම් කුමාරය මරන්න ගියද නියම පිරිමියෙක් වගේ සටන් කරන්න තිබ්බ එත් එහෙම කරන්නේ නැතිව නිවටයෙක් වගේ මනමේ කුමාරි දුන්න කඩුවෙන් කුමාරය මැරුව. ඇයි මේ කට්ටිය මනමේ අල්ලන් කෑගහන්නේ? හේතුව මේකයි චපල උනේ කෙල්ලෙක් එතන වැරදි ඇයි මේ කෙල්ලොන්ගේ වැරැද්ද විතරක් උලුප්පල දෙන්නේ?


එතකොට ඔය මනමේ කතාවට කලින් එන අර කුවෙනිව දාල ගිහින් රජ කුමාරිකාවක් සරණ ගිය විජයට මොකද කියන්නේ? රජකම වෙනුවෙන් තමන්ගේ ළමයි බිරිඳ එපා කියල දාල ගියපු විජය වැරදි නැද්ද? ඉතිහාසය පටන් ගද්දි මුලින්ම වැරැද්ද කරලා තියෙන්නේ කොල්ලෙක් එහෙමත් නැත්තම් පිරිමියේ පරානයක් හැබැයි උලුප්පාල පෙන්නනේ ගහනුන්න්ගේ වැරැද්ද විතරයි


කවුද හරි කවුද වැරදි කියන එක දන්නේ තමන්ගේ හිත. එහෙනම් ඇයි ගැහැණිය විතරක් චපල වෙන ඒවා පෙන්නනේ. කෙල්ලෝ මේ තරම් පාරේ මරල දාල නැද්ද? තුවාල වෙලා නැද්ද? ඒ චපලයෙක් නිසා.


වේදනාව ඔබටත් මටත් එක සේම දැනේනම් ඇයි ආදරයට ආදරය කල අයට ගැරහුම්. හිමි අහිමි උනේ මේ හිත නම් ඇයි නින්දා මේ තරම් 

Saturday, March 17, 2012

මෙතෙක් ආ මග

මෙතෙක් ආපු දුර හොයා බලන්න හොඳම දවස අද කියල හිතුන. කොච්ච‍ර කිව්වත් දුකක් කියල ඒ නිසා වෙනස් උන මම ඒ අතීතාවර්ජනය ඉදිරියට පන්නරයක් වෙන හින්ද. මෙන්න මම ඇත්තටම....


බොහෝ දුරක දුෂ්කරම ගම්මනෙක ඉඳල බහ තෝරන්න කලින්ම මේ කොළොම්පුරේ ගෙන්දගම් පොළවේ පැලක් අටව ගත්ත මගේ අම්ම තාත්ත. එදා ඉඳන් හැල හැප්පෙන්නේ අපිව ජිවත් කරවන්න. අන්න ඒ ජිවන ගමනේදී මෙතෙක් ආ දුර. ගොඩක් දෙනෙක් මැද්දේ හුරතලේට හැදුන හින්දද කොහෙද ජිවිතේ ගැන ලොකුවට හිතුවෙම නැහැ. හිතන්න උවමනාවක් තිබ්බෙත් නැහැ. ඒ ජිවිතේ මුල කාලේ ජිවිත් වෙච්ච හැටි. එත් ඉගෙනීම ගැන ලොකු බරක් පොඩි කාලේ ඉඳල දෙමාපියන් ඔලුවට දාල තිබ්බ නිසා ඒක විතරක් හරියට කලා කිව්වොත් හරි.


ජිවිතේ මතක ඇති කාලෙක හිතට ගොඩක්ම දුකක් දුන්නේ මගේ ආච්චි අපිව දාල ගිය දවසේ. ආච්චිගේ ඔසරි පොටේ එල්ලිලා නැට්ටක් උන මට යන්තම් 4 වසරේ ඉද්දි උන ඒ සිද්ධිය ගොඩක් හිතට වැදුන නිසාද කොහේදෝ 1997 න් පස්සේ ගමට යන්නේ මං අවුරුදු 6 කට පස්සේ. ඊට පස්සේ තාත්ත පිට රටකට යන්නේ රැකියාවක් කරන්න. එතනදිත් තනිවෙන මම අම්මගේ හෙවනැල්ල වෙන්නේ ටිකක් හිතුවක්කාර කමට හැදුන දඩබ්බර කෙල්ලෙක් වෙනස් කරමින්.  ඒ නංගියෙකුයි මල්ලිලා දෙන්නේක්ගෙයි අක්කියෙක් නිසා. ඔහොම ගලා ගෙන යන ජිවිතේ නැනල මස්සිනාල එකතු වෙලා තනිවෙච්ච තමන්ගේ මල්ලිගේ බිරිඳට කරන අසාධාරණ ඉස්සර පොඩි කෙල්ලෙක් උනත් අම්මට ලොකු පවුරක් වෙන්නේ අසාධාරණය මගේ පොතේ නැති නිසා වෙන්න ඇති. නෑදෑයන්ගේ ලැයිස්තුවෙ මගේ නම් අයින් වෙන්නේත් ඔය නිසාම තමයි. ඔහොම ගලාගෙන යන ජිවිතේ ඉගෙනුම මුල් තැන දීල යන්තම් සා. පෙ. හීනය සබැ කරලා අම්මගෙයි තාත්තගෙයි ඇස් වලට සතුටු කඳුළු එක්කරපු දෝනි පොඩ්ඩ කොහේදෝ යන බයිසිකල් කාරයෙක් යට කරන යන්නේ කහ ඉර උඩදී අවුරුදු 8 ක් තියෙන කොන්දේ කැකුමකුත් ඉතුරු කරලා. ඒ ජිවිතේ එපා වෙන පලවෙනි තැන. 


පස්සේ වැඩි දුර ඉගෙනුම සඳහා හොඳ ඉස්කෝලෙකට යන්නේ ගුවන් නියමුවෙක් වෙන්න ඕනේ කියල හිතාගෙන එත් කොහේදෝ තිබ්බ අවාසනාවකට ඒක පාරම කඩා වැටෙන මම නවතින්නේ කළුබෝවිල ඉස්පිරිතාලේ. මේ වෙද්දී අම්මට ඉන්නේ දුකක් කියන්න මං විතරයි තේරෙන ළමයෙක්ට. මාස තුනක් තිස්සේ ලෙඩ ඇඳට වැටෙන්නේ අන්තිමට පිළිකා රෝහලක පිහිට පතන්න කියල දොස්තර මහතයල කියනකොට. ඒ 2005 හ 2006 වසර වල. අම්මගේ කඳුළු  දොර ගලා යන වෙලාවක ජයවර්ධනපුර රෝහලේ තනි වෙන්නේ අම්ම නංගිලා මල්ලිලත් බලාගන්න ඕනේ හින්ද.  ජිවිත එක්ක හැප්පෙන මිනිස්සු දැකල පන්නරය ලබන මම නැවත ඉපදෙන්නේ ඒ ශල්‍යකර්ම කාමරයේ පිළිකාවක් නොතිබූ කෙනෙක් විදිහට මගේම යාලුවන්ගේ දෙමාපියන්ගේ උදව් ඇතිව. ඒ වෙද්දී  ගුවන් නියමුවෙක්ගේ හීනය බොඳ උන කලා ලෝකේ රස බලන, චිත්‍ර එක්ක කතා කරන, ගහ කොළ වලට කවි ලියන, තාල වලට පද තියන, කලා ලෝකේ රස හින්ද පාසලේ පළවෙනි වතාවට ගණිත අංශයේ ශිෂ්‍යකුට පාසල් චිත්‍ර තරඟයේ තුන්වෙනි තෑග්ග හම්බ වෙනවා.


උ. පෙ හීනය හැබෑ කර ගන්න බැරි උනත් විභාගයේ ඉවර වෙලා මහන්සි අරින කම්මැලි කෙල්ලෙක් නොවී. ආපු පළවෙනි ජොබ් එකෙන් ජීවිතය පටන් ගෙන ඊළඟ අවුරුද්දේ දෙවන සැත්කම සිදුවෙන්නේ උණ්ඩුක පුච්චය පිපිරි අසාධ්‍ය රෝගියෙක් විදිහට නවලෝකේ 9 තට්ටුවට 909 කාමරේ රාත්‍රී 9 වෙනි පැයට නපුරුම අංක ගොඩක් එක්ක ඇතුල් වෙන්නේ ජිවිතේ ගැන කිසිම ආසාවක් නැතිව. දෙපාරක් බේරුන ජිවිත් මෙහෙම ගැට ගහගෙන ඒ ආදරණිය අම්මට ලොකුම හයියක් උන මට හයියක් වෙන්න ඉන්න මගේ හිත ගැන හරිම ආඩම්බරයි මට.........  


මේ ජිවිතේ කවදාවත් නොලිව්ව එකම කතාව "ආදරය, ප්‍රේමය" අවුරුදු  හතරක් ඉඳල  මාව දාල යන්නේ ආයෙත් කඳුලක් තරම්වත් ඔහුව නොවටින්න තරම් රිදවල මාව. එත් නොලසලෙන මගේ හිත මේ ආඩම්බර, දඩබ්බර කොල්ලෙක්ට පෙම් කරන්නේ පෙරලා හම්බෙන්නේ දුකක්ද සතුටක්ද කියන දේ නොහිතම. අද මං ඉන්න තැන ඉගෙන ගත්ත දේ බලද්දී මටම අදර්යි මම. මේකයි ජීවිතය අපි සීරුවට මාරුවට ජිවත් වෙන්න ඕනි ඔබ හා මම.


තවත් අවුරුදු 25 කින් කියන්න මීටත් වඩ දෙවල් තියෙයි මට       

_______________________________________________________

ප. ළි :- මේක කියවල කඳුළු කතාවක් කියලා අනුකම්පා නොකර ඉගෙන ගන්න යමක් ඒ ටිකම සතුටක් මට

Friday, March 16, 2012

ලෙඩක් දුකක් උනාම හැමදාම තනිවෙන මම



අන්තිමට නිවාඩුවක් ගත්තේ මට මතක විදිහට ගිය මාසේ 29 වෙනිදා. ඊට පස්සේ ඉතින් දිගටම වැඩ කොටිම කිව්වොත් කලින් ගෙදර ගිහින් නිදා ගන්න හැදුවොත් එක්කෝ අම්ම කොහේ හරි එයාගේ බිස්නස් වැඩකට ඇදගෙන යනවා නැත්තම් ගෙදර ගිහින් උයන්න වෙනවා. මං මං දිහාම බලන් හිටිය. හයියෝ මට වෙච්ච දෙයක්.  අන්තිමට වැඩි වෙලාවක් දවල් වරුවක ගෙදර හිටියේ ගිය 03 වෙනිදා. පස්සේ ජොබ් දෙකකට වග කියන හින්ද පෝය දවසේ ඉඳන් මුළු වැඩ ටික ඔක්කොම කරන්න උනා රෝයල් එකේ බිග් මැච් එක සජීවී විකාශය ජංජාලය හරහා ලබා දෙන්න. ඉතින් ඔහොම කරගෙන යද්දී තමා තිබ්බ මොනිටර් රාජයා මට ටටා කියල පිච්චිලා ගියේ. ඉතින් ඊට පස්සේ සිකුරාදා හා සෙනසුරාදා මුළු දවසෙම මැච් එකේ වැඩ. පස්සේ යන්තම් සෙනසුරාදා 02.30 විහාරමහා දෙවි එකට පැන්නේ අවුරුදු උත්සවේ කටයුතු වලට ඊට පස්සේ ආයෙත් එකට ගිහින් ගෙදර යද්දී 08.00 විතර උනා ඊට පස්සේ පහුවෙනිදා 09 වෙනකොට සිංහල ටිකක් අහ ගන්න ළමෙක් ඇවිල්ල ගෙදර එකත් කියල ගිහින් පන්ති ගිහින් ගෙදර එද්දී 07 යි.


ඊළඟ දවසේ ආයෙත් වැඩ පස්සේ මෙන්න අගහරුවදා වෙද්දී මගේ මැනේජර්  අයින් උනා කියපි .දැන් ඉතින් ඒ වැඩ ටිකත් අදින්න වෙලා තියෙන්නේ මගේ අනිත් යාලුවත් එක්ක ඔෆිස් එකේ. හොඳ ගණන් පස්සේ ඊයේ උදේ වෙද්දී මට හොඳටම උණ හවස ගෙදර ගිය හැටි මතකත් නැහැ ඔලුව එච්චරටම කැක්කුම. ඒ  අස්සේ වෙව්ලන්න සිතල හින්ද රෙද්දක් පොරෝගෙන නිදාගතත් නින්ද ගියේ නැහැ (අරය බෝඩිමට ගිහින් නැහැනේ). පස්සේ හිමින් නැගිටලා මැගී එකක් කාල ආයේ ඇඳ බදා ගත්ත නෙමේ ගැනුන. (අහ් ගෙදර අය නේද ඒගොල්ලෝ වැඩ හෙට ගෙදර කිරි දානයක් හින්ද මං උන්නද මලාද කියල මතක නැහැ ඒ ගොල්ලන්ට). පස්සේ අමාරුවෙන් උදේ නැගිටලා එද්දී තාත්තට මතක් වෙලා අසනීපෙ. උණ බලල කිව්වා ළමයෝ අයෙත් උණ වැඩි වෙලා කියල. ඔන්න එත් ඇඳගෙන ඔෆිස් ආවා. නිකමට හිතුන අනේ මෙහෙම කියල කෝල් කලානම් "මේ මැට්ටි අසනීපෙන් නේද ? ඉන්න මං එක්කන් යන්න එන්නම් කියල කොහේ නැහැ නේ"  මේ වෙද්දී දවස් තුනකට වගේ මං වග කියල තියෙන්නේ වෙල් දෙකක් නැත්තම් තුනයි. ආහාර අජිරණය වගේ මට ඉතින් ආවාට පස්සේ වැඩ, වැඩ, දවල්ට කන්න හිතුනෙත් නැහැ කොහොම හරි මතක් උනේ හෙට උදේ 03.00 නැගිටින්න වෙනවා පස්සේ 09 ට වැඩ පස්සේ 01.00 ඉඳන් 06 වෙනකන් පිට්ටනියේ ඊට පස්සේ පහුවෙනිදා උදේ කළුතර බෝධියට යන්න ඕනි. ආයේ 01 වෙද්දී පන්ති යන්න ඕනි අනේ දෙයියනේ කියල සඳුදා අර කෙනාගේ මුණ බලන්න කෙලින් හිටියොත් ඇති.

________________________________________________________________
මං කාගෙන් වත් පැනල යන්න හදනව නෙමේ එත් මට මාව නැති වෙලා මේ වැඩ අස්සේ.  එත් ලොකු තනිකමක් දැනුන ලෙඩක් දුකක් උනාම අම්ම තාත්ත හිටියත් සමහර වෙලාවට ඒ ගොලන්ටත් අපි ගැන හොයන්න අමතක වෙන තරමට මං ලොකු ලමෙක්ලු දැන්
:(


          

Tuesday, March 13, 2012

මාව ගස් බැන්ද ආච්චි




මේ ලඟකදී ඔහේ ඉන්දැද්දී මතක් උනේ පොඩි කාලේ කරපු දඟ වැඩ ටිකක්.  පාළුව දුකට වඩා කොච්චර නිදහසකින් ඒ ජිවිතේ ගෙවිල ගියාද කියල හිතෙද්දි නම් ආයෙත් එහෙටම යන්න හිතෙනවා. පවුලේ වැඩිමලා විදිහට ඉන්න කලින් නම් හිතුවක්කාරෙට හැදුනේ අක්කල අයියල ගොඩක් එක්ක ගෙදර පොඩ්ඩට වැඩකාරකමට ගොඩයි. පස්සේ ඉතිං මල්ලිල දෙනෙක් හම්බ උනාම නම් අම්ම හිතෙන්න ඇති මේ කෙල්ල හැදෙයි කියල මොන හදිලිද ඒ දෙන්නත් එක්ක ගෙදර අනිත් පැත්ත පෙරලුව මිසක එකේනං තවමත් වෙනසක් නැහැ. හැබැයි නංගි ආවට පස්සෙනම් ටිකක එයත් එක්ක තරහක් ආවා. ඒ නිසාද  කොහෙද කොහොම හරි නංගිව මේ වෙද්දී කාමරෙන් එලවල තියෙන්නේ කොටින්ම කිව්වොත් ගෙදර යට තට්ටුවට මට යන්න තහනම් උඩ තට්ටුවට නංගිට යන්න තහනම්. කමරෙටනම් අඩිය තිබ්බොත් ඉවරයි.  ගෙදර හතර දෙනා එකතු උනාම කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ. එක වෙලාවකට හිතෙනවා අපි හතර දෙනා තාත්තා ලංකාවේ නැතිව කොහොම හදා ගත්තද කියල අම්ම. 


ඔන්න පලවෙනි දඟ වැඩේ මේක නම් උනේ ගමේදී මං හිතන්නේ 2 වසරේ නැත්තම් 3 වසරේ. ඉස්සර නිවාඩු කාලෙට ආච්චි ඇවිත් මාව ගමේ එක්කන් යන්නේ අම්මගේ ලේසියට ඔන්න එක පාරකුත් ගමේ ගියේ හරිම අසාවෙන්. වැවේ නාන්න, බයිසිකල් පදින්න, බෝට්ටු හදල දාන්න, අඹ ගස් නගින්න අයෙ ඉතිං මොකටද කථා. කොහොම හරි එක නීතියක් තිබ්බා ගෙදර වැඩිමල් කෙනෙක් නැතිව දඩාවතේ යන්න එපා කියල (ඒ කාලේ තමා මායිම ගම වලට කොටි පනින්න පටන් අරන් තියෙන්නේ )  ගම් වල ඉතිං ඔය තාප්ප නැහැනේ වැටෙන් පැනල තමා සෙල්ලමට යන්නේ එත් ආච්චිට කියල. ඔන්න එදා ආච්චි නැහැ මුළු වත්තේම හෙව්වත් හොයා ගන්න නැහැ පස්සේ බැරිම තැන මහා ගෙදරත් බලල බැරිම තැන ඉතිං මං බබා වැටෙන් පැනල ගිහින් සෙල්ලන් කරන්න ගත්තා වෙලාව ගැන ඉතිං ඔය කාලේ තේරුමක් නැහැ නේ. මෙන්න බොලේ ටික වෙලාවකින් ආච්චි එනවා රෙද්ද උස්සගෙන හප්පේ අයෙ කියන්න දෙයක් නැහැ කනෙන්ම ඇදල මාව නැගිට්ටුව. මට නම් තරු පෙනුන ඒ වෙලේ 
හිටු කරන්න හොඳ වැඩක්" කියල දක්කන් යනකොට මගේ පොඩි හිතට තේරුණා අයියෝ මං ඉවරායි කියල. මගේ  යාළුවො හරි නරකයි මාව බේරගත්තෙත් නැහැ (කොහේ බෙරන්නද
කට්ටියම ආච්චිට බයිනේ) ඊට පස්සේ ගමේ කුස්සිය ගාව තිබ්බ කොහොඹ ගහේ මාව බැන්ද. ගැහුවනම් දුකක් නැහැ අප්පා අර කාෂ්ටක අව්වේ මෙහෙම බැඳලා තිබ්බම. බැඳලා කිව්වා හා දැන් පුලුවන්නම් යනවා බලන්න මට නොකිය කියල. එත් මං නෙමේ අඩන්නේ ඒ මදිවට මගේ යාළුවො ටික වැටෙන් ඇවිත් තව හොරෙන් බලන ඉන්නවා මාව ලිහන්නේ නැතිව 

කොහොම හරි අයිය හවස එනකන් ඉතිං මං කොහොඹ ගහේ පස්සේ අයිය ඇවිත් ලිහල ඉවර වෙලා මුළු ගමටම කියල හිනාත් වෙනවා හිකිස්‌ පස්සේ අච්චිටම දුක හිතිලා ඉස්ක්රින්‍යයි තේයි දුන්න බිල කාල දොයිගන්න කියල. එත් හැබැයි එදයි පස්සේ මං කොහෙවත් ගියේ නැහැ කාටවත් නොකිය. අම්මනම් කියන්නේ ආච්චි හිටිය නම් මං මිට වඩා හොඳ වෙන්න තිබ්බා කියල පිස්සු හැදෙයි.
******************************************************

මේ දෙවැනි එක මේක නම් කලේ සා. පෙ. අන්තිම කාලේ ඔය දවස් වල ඉතිං පොඩ්ඩක් විසේනේ හැබැයි ඒ කාලේ කොල්ලෝ විසයක්‌ තිබ්බේ නැහැ. ගෙදර අයට පින් සිද්ද වෙන්න නිදහස ඕන තරම් තිබ්බා ඕන කෙනෙක් එක්ක කථා කරන්න වගේම ඕනෙම තැනක යන්න මේ කාලේ තමා අපේ ඉස්කෝලේ IT උගන්න ගත්තේ. ඉතිං IT වලට වෙනම වෙලාවක් කාල සටහනේ තිබ්බේ නැහැ. කියල තිබ්බේ PT මිස් නැත්තම් ගිහින් IT වැඩ කරන්න. ඒ කාලේ ඉඳලම ඔය පිට්ටනියෙ වැඩ වලට වඩා කොම්පිතරේ ගාව තමා හිත. ඉතිං එදත් PT එකට කට් එක දාල හිටියේ IT කාමරේ මං විතරක් නෙමේ මගේ යාළුවො පහකුත් හිටිය. මෙනන් ටික වෙලාවකින් ළමයෙක එනවා අපිව හොයාගෙන PT මිස් එන්න කිව්වා
කියාගෙන. හරි දැන් දන්නවා කවුරු හරි මේක පත්තු කරලා තමා කියල මෙන්න අපි යන කොට මිස් ඉන්නවා පැවිලියන් එකේ මුළු ඉස්කොලෙටම පේනවා දුකේ බැහැ. ගුට්ට සැරයි කියල තේරුනේ මිස් ගේ රතු වෙච්ච මුණ දැක්කම 

“ තමුසෙලා කොහෙද ගියේ?” යද්දීම කඩන් පැන්න

“නෑ මිස් මේ.... මේ.....  IT කමරේ හිටියේ. අපි හිතුවේ මිස් නැහැ කියල එකයි මිස්”

“තමුසෙලට ඕක අස්සේ රිංගන්න පුළුවන්. යනවා ගිහින් දන ගහනව මේ පීරියඩ් දෙක පිට්ටනිය මැද්දේ ඔක්කොටම පෙන්න මොකද වෙන්නේ කියල මගේ පන්ති කට් කරාම. ඉතිං බලන් ඉන්නේ යනවා”

 කියා එලව ගත්තා පිටි පස්ස හැරිලා මං යද්දී බකස් ගල හිනා ගියේ ඇයි කියන්න අදටත් මං දන්නේ නැහැ. පස්සේ ඉතිං කට්ටිය පිට්ටනියෙ දන ගහන් ඉද්දි මං හිටියේ බොරළු ගොඩේ. ඒ කාලේ කරපු පිස්සු වැඩක් හින්ද මුළු ඉස්කෝලෙම දැන්න් හිටිය මං ඉතිං ආයෙත් ප්‍රසිද්ද උනේ කට ගහන්න ගිහින් දුෂ්ට දඬුවම වැඩි කියල. අයියෝ අනිච්චං කිව්වා මක් කොරන්නද.
 ******************************************************
ඔන්න අදට ඇති ඉතුරුව පස්සේ දවසක් හොඳේ      

අවුරුදු උත්සවේදී ASP කෙනෙක්ගේ තරු ගැලවේ


ඔන්න අද නම් මං ඉන්නේ ගොඩක් සතුටෙන් හේතුව තමා මාත් දන් ලොක්කෙක් කියල හිතෙන නිසා එ උනාට ඉතින් උසෙන්නම් වැඩි උනේ නැහැ ආපේ අවුරුදු උත්සවය සංවිධානය කරන්න එකතු වෙලා ඇත්තම කිව්වොත් කොලොම් පුරේ අවුරුදු උත්සවයක් තියෙනවා කිව්වම නිකන් මට නම් මැජික් වගේ.  ඔය අවුරුදු උත්සවයක් ගැන මගේ හිතේ තියෙන දෙයක් නිසා මේක උනේ අපේ තාත්තගේ ගමේ ...
______________________________________________________

අපෙ තාත්තගේ ගමේ ඒ කියන්නේ මගේ ගම කැබිතිගොල්ලෑව ඉතින් ඒ කලේ 1990, 91 කාලේ ඔය කියන කාලේ කොටි කළබල එහෙම තිබ්බේ නැහැ ඉතින් අපේ අයියලයි (කිව්වේ නැන්දගේ පුතා)  තත්තලයි ගමේ පොලිසියේ උදව්වෙන් ලොකු අවුරුදු උත්සවයක් හැම අවුරුද්දෙම පවත්වනවා මාටත් ඉතිං යන්තම් මතකයක් තියෙනව ආච්චි එක්ක යන නිසා.
ගමේ ඉන්න වැඩකරු වෙච්ච අපේ ඡන්ඳ ගෙදර අයත් ගියා අවුරුදු උත්සවේ බලන්න. ඔය තරග අතරේ වැදගත්ම වෙන්න අවසාන තරඟය ඒක ගමේ පොලීසිය හා ගමේ කොල්ලන් ගේ වොලිබෝල් මැච් එක. මේක ඉතින් හුදෙක් මිත්‍රත්ව වර්ධනය සඳහා තිබ්බේ  ඔතනදි කොහොම හරි මගේ අයියට පොලිසියේ එක්කෙනෙක් ගහල ඉතිං මේක දැකපු අපේ තාත්තා කෙලින්ම පිට්ටනියට බැහැල තරගේ නවත්තන්න කියල එතකොටම වැස්සක් පටන් ගත්ත හින්ද කට්ටිය එන්න හදද්දී නැන්දගේ තව පුතෙක් පොලිස් එක්කෙනාට මුනටම හොඳ පාරක් දීල මුණ නළු වෙන්න. එයා ආමි එකේ හින්ද ඉතිං කිසි ප්‍රශ්නයකුත් නැහැනේ කියල පස්සේ ඉතිං මේ වලිය දුර දිග ගිහින් වෙච්ච දේ කියන්න ඕනේ නැහැනේ මුළු ගමම එකතුවෙලා පොලිස් කාරයොන්ට හොඳට නෙලලා පිරිමි විතරක් නෙමේ ගැහැණු අයත් මට යන්තම් තාමත් මතකයි මං තාත්තා හොයා හොයා අඩද්දී මව කවුදෝ උස්සන් ගිහින් අපේ වෑන් එකෙන් දානවා පස්සේ ඉතිං කට්ටිය ගෙදර එද්දී නම් මං පොඩි බබා ට මතක නැහැ එත් මේ ලඟදි තාත්තාට මං අවුරුදු උත්සවේ මතක් කලාම තමා  කිව්වේ එතකොට අර  වෙලේ ASP කෙනෙක්ගේ තරු දෙකක් තාත්තා ගලව ගත්තා කියල පස්සේ ඕක කතා කරලා විසඳ ගෙන තමා සමතයකට ඇවිත් තියෙන්නේ පස්සේ නම් ගමේ අවුරුදු උත්සව තියන්න බැරි උනේ කියල ඕගොල්ලෝ දන්නවනේ
______________________________________________________________________________

දැන් මේ අපෙත් අවුරදු උත්සවයක් තියෙනවා නේ ඉතිං ඒකට ඔග්ලොල්ලන්ගේ උදව්වත් ඕනේ ඒක සාර්ථක කර ගන්න අයි ඒ විතරක් මදි ඇවිත් විනෝද වෙලා යන්න නොදැක්ක යාලුවෝ හැමෝම බලන්න එන්න හොඳේ ඔන්න මාත් එනවා
බය වෙන්න එපා තරු ගලවන්න අපේ තාත්තා නම් එන්නේ නැහැ එදාට :p

Sunday, March 11, 2012

ජිවිතේ ගැන දුකම හිතන වෙලාවක.




මේ ලගකදී ඉඳං මටම හිතෙනවා මැරිලා ගිය නම් ඉවරයි කියල. පහුගිය සතියක කාලයක් ඉඳං ගොඩක් අසනීපෙන් නැතත් සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න අමාරු උනා. ඒ විතරක් නෙමේ වැඩ ගොඩක් ඉහටත් උඩින්, කොහොමෙන් කොහොමෙන් හරි මට මං ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ කොටින්ම කිව්වොත් ගිය බදාදා ඉදන් වැඩ. එදා පෝය දවසේ තිබ්බේ රෝයල් එකේ මැච් එකේ පෙර සුදානම් වැඩ ඔන්න ඔහොම වැඩ ටික කරගෙන යද්දී තමා මගේ ගෙදර තිබ්බ මොනිටර් ඒක පිච්චුනේ. කොච්චර පන දෙන්නම් කියල ඉන්න කීප දෙනෙක්ම හිටියත් උදව්වක් ගන්න බැරි උනාට පස්සේ ඇත්තටම මට යන්න උනා ගම්පහ එත් වාසනාවකට මගේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් ඒ වැඩ ටික කර ගත්ත. ඒ වෙලේ හිතුන අපි නොහිතන මිනිස්සු අපිට කොච්චර වටිනවද කියල.

එදා එහෙම ගිහින් ඊට පස්සේ බ්‍රහස්පතින්දා එදත් හරිම දුකක ආවා හිතට මං තනිවෙලා කියන හැගීම ලොකුවට දැනුනා කොල්ලුපිටියේ ඉදන් යුනියන් ප්ලේස් ගිහින් අයෙ ගංගාරාමෙට පයින්ම ඇවිත් ආයෙත් කොල්ලුපිටියට ආවා. එතනිදී හිතුන මේ තනිකම සුන්දර නැහැ කියල අපි විතරයි අනිත් අය ගැන හිතන්න එත් එකම ඒක අංශු මාත්‍රයකින්වත් ඔයා ගැන වැරදියට හිතන්නේ නැහැ. මටම පුදුම හිතුන මං ගැන
සිකුරාදාත් එහෙමයි කොල්ලෝ දාහක් දෙදාහක් මැද්දේ තනි වෙලා මුළු ප්‍රොඩක්ෂන් ටීම් එකටම ඉන්නේ මං විතරයි කෙල්ලෙක්ට. ඇස් වල කඳුළු ඔයාව මතක් වෙලා මං තරහ නැහැ එත් මේ තනිය මාව ලෙඩ කරනවා.
එහෙම ඒක දිගට වැඩ කරලා කරලා අද ඔෆිස් ආවේ ඔය උරහිසට ඔලුව තිය ගෙන ඉන්න. මේ ලෝකේ මොන බෙහෙතකටත් වඩා මාව හොද කරන්න පුළුවන් ඒකට කියල මං දන්නවා. ඊයේ රෑ නින්ද ගියේ නැහැ අනේ  දෙවියනේ මාව මෙච්චර අසරණ කරන්නේ? කියල විතරක් මං ඇහුව.
මේ පොස්ට් එක ලියන වෙලෙත් කලන්තයක් හැදෙයිදෝ නැද්දෝ කියන තරමට මං ලෙඩ වෙලා කියල මං දන්නවා. මගේ හිත ඊටත් වඩා කවදාහරි ලෙඩ වෙයි.
ඇත්තටම ඇස් දෙක උනත් පියා ගන්න බයයි ආයෙත් ඔයාව දකින්න හම්බවෙන එකක් නැති වෙයි කියල එත් මං නිකම්ම නිකන් කඳුළු දුවිලි කුමරියෙක් විතරයි............

Saturday, March 3, 2012

මිනීමරුවෝ නිදැල්ලේ




මේ මගේ ජීවිතය උපරිමට අසරණව එදා නොතිබුන මහා බරකුත් එක්ක ගැබ්බරව එත් මාස හයක. " අනේ මට මහන්සියි වතුර පොදක් දෙන්න බොන්න අසයි ගිමන් නිවන්න ඔය උරහිසට තුරුල්ව" එත් දුන් වතුර පොද විසව මියැදෙන මා අන්තිම හුස්ම පොද එක්ක. මේ තනිකම විඩාව වේදනාව මියැදෙන්න විටෙක මරණය සැපක් වැඩ මේ ජීවිතය.

"අනේ මගේ ළමය. මාව මරන්න එපා මං මොකක්ද කරපු වැරැද්ද?"

කොක් හඬලා සිනාසෙන ඔවුන් ඔයා මහා අපරාධකාරයෙක්, ජරා කෙල්ලෙක්, කතා කරන්න දන්නේ නැති අම්මණ්ඩි කෙනෙක්, ඔයාට හැමෝම වයිර කරනවා එකයි ඔයාට වහ දුන්නේ. විදවල මැරෙන්න
"ඒකට මගේ ළමය පළිද?

ඔයාගෙන් ඉපදෙන ළමයත් බරක් ලෝකෙට, මිනිසුන්ට, අපිට, කවදාහරි ඔබ වැනි ඔබේ දෘසුකංග කොපියක් ඕනෙම නැහැ මේ වාතලයට


ඔවුන්ගෙන් නොකා නොබී ජිවත් වූ මා අද නුපන් දාරක ස්නේහය සමග මියැදෙන අයුරු දැක උද්දීපනය වන ඔවුන් ඒ මන්ද මා මාවි ඔවුන් නොවූ හේතුවම මා විනාස කරන්නට හදන ඇයි ඔහු ඇය මිනිසුන්. ඔය හිනාවට සමුදෙන්න මන්දයත් වැලපෙන ප්‍රේමය ගිහිගෙන දැවෙන ගිනි කුරුල්ලන් නැවතත් නැගිටීවි අළු මතින් 

හුදෙකලාව

වෙනද වගේම ඒ අවන්හල අඳුරු කොනක තනි උන මම ඔබ එනකම්. ඒ අතරේ තනිවෙච්ච හිතුවිලි
අද එයා එයිද? අයි මෙහෙම වෙන්නේ මං ගොඩක් ආදරේ කරන අය මාව මෙච්චර රිද්දන්නේ ඇස දෙක පිරෙන්න කඳුළු කැට මේ තනිකම මේ දුක තවත් වෙනසක් නැතිවම. ජිවත් වෙන්න මෙච්චර කාලෙකට එකම ඒක හේතුවක් හෙව්වා එත් ඒ හැම දෙකින්ම උනේ තනිවිට්ක් එක්ක නතර වීම. ඇත්ත හිතුවේ අයෙ මගේ අයිතිය කාටවත්ම දෙන්නේ නැහැ කියල. නැහැ අදටත් එහෙම දෙන්න හිතෙන්නේ නැහැ.

මොකද නිකන් බය වෙලා වගේ ?

ඔව් මට බයයි ඔයා ගැන මං ගැන අපි ගැන ආයෙත් අතරමං වෙන්න . මං මේ පිස්සියෙක් වගේ පාරවල් ගානේ ඔයාව හොයද්දි ඔයාව නැති වෙයිද කියන බය තියෙනවා. රෑට 10.30 පහුවෙද්දී ගෙදර නෙමේ තවම ඉන්නේ කියද්දී බයයි මේ කොල්ල දැන් කියට යයිද යන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම එත්,

අයිතියක් නැති ඔබ ගැන අයිතිවාසිකම් බලෙන් උදුර ගන්න හදන මාව විසකුරු ගොනුස්සෙක් වගේ.


අද දහවල් 12 මෙච්චර ආදරයක් මං ඔයාට කරාද ? එතනින් එහා මං ??????????????????????  

අදින් පස්සේ ඒ කිව්වා විදිහටම ඔයා වෙනුවෙන් ඉන්නවා හැමදාම එත් ඔයාට මාව එපා හින්ද මං දුරින් විතරක් ඉන්නම්

මැට්ටි