Friday, March 16, 2012

ලෙඩක් දුකක් උනාම හැමදාම තනිවෙන මම



අන්තිමට නිවාඩුවක් ගත්තේ මට මතක විදිහට ගිය මාසේ 29 වෙනිදා. ඊට පස්සේ ඉතින් දිගටම වැඩ කොටිම කිව්වොත් කලින් ගෙදර ගිහින් නිදා ගන්න හැදුවොත් එක්කෝ අම්ම කොහේ හරි එයාගේ බිස්නස් වැඩකට ඇදගෙන යනවා නැත්තම් ගෙදර ගිහින් උයන්න වෙනවා. මං මං දිහාම බලන් හිටිය. හයියෝ මට වෙච්ච දෙයක්.  අන්තිමට වැඩි වෙලාවක් දවල් වරුවක ගෙදර හිටියේ ගිය 03 වෙනිදා. පස්සේ ජොබ් දෙකකට වග කියන හින්ද පෝය දවසේ ඉඳන් මුළු වැඩ ටික ඔක්කොම කරන්න උනා රෝයල් එකේ බිග් මැච් එක සජීවී විකාශය ජංජාලය හරහා ලබා දෙන්න. ඉතින් ඔහොම කරගෙන යද්දී තමා තිබ්බ මොනිටර් රාජයා මට ටටා කියල පිච්චිලා ගියේ. ඉතින් ඊට පස්සේ සිකුරාදා හා සෙනසුරාදා මුළු දවසෙම මැච් එකේ වැඩ. පස්සේ යන්තම් සෙනසුරාදා 02.30 විහාරමහා දෙවි එකට පැන්නේ අවුරුදු උත්සවේ කටයුතු වලට ඊට පස්සේ ආයෙත් එකට ගිහින් ගෙදර යද්දී 08.00 විතර උනා ඊට පස්සේ පහුවෙනිදා 09 වෙනකොට සිංහල ටිකක් අහ ගන්න ළමෙක් ඇවිල්ල ගෙදර එකත් කියල ගිහින් පන්ති ගිහින් ගෙදර එද්දී 07 යි.


ඊළඟ දවසේ ආයෙත් වැඩ පස්සේ මෙන්න අගහරුවදා වෙද්දී මගේ මැනේජර්  අයින් උනා කියපි .දැන් ඉතින් ඒ වැඩ ටිකත් අදින්න වෙලා තියෙන්නේ මගේ අනිත් යාලුවත් එක්ක ඔෆිස් එකේ. හොඳ ගණන් පස්සේ ඊයේ උදේ වෙද්දී මට හොඳටම උණ හවස ගෙදර ගිය හැටි මතකත් නැහැ ඔලුව එච්චරටම කැක්කුම. ඒ  අස්සේ වෙව්ලන්න සිතල හින්ද රෙද්දක් පොරෝගෙන නිදාගතත් නින්ද ගියේ නැහැ (අරය බෝඩිමට ගිහින් නැහැනේ). පස්සේ හිමින් නැගිටලා මැගී එකක් කාල ආයේ ඇඳ බදා ගත්ත නෙමේ ගැනුන. (අහ් ගෙදර අය නේද ඒගොල්ලෝ වැඩ හෙට ගෙදර කිරි දානයක් හින්ද මං උන්නද මලාද කියල මතක නැහැ ඒ ගොල්ලන්ට). පස්සේ අමාරුවෙන් උදේ නැගිටලා එද්දී තාත්තට මතක් වෙලා අසනීපෙ. උණ බලල කිව්වා ළමයෝ අයෙත් උණ වැඩි වෙලා කියල. ඔන්න එත් ඇඳගෙන ඔෆිස් ආවා. නිකමට හිතුන අනේ මෙහෙම කියල කෝල් කලානම් "මේ මැට්ටි අසනීපෙන් නේද ? ඉන්න මං එක්කන් යන්න එන්නම් කියල කොහේ නැහැ නේ"  මේ වෙද්දී දවස් තුනකට වගේ මං වග කියල තියෙන්නේ වෙල් දෙකක් නැත්තම් තුනයි. ආහාර අජිරණය වගේ මට ඉතින් ආවාට පස්සේ වැඩ, වැඩ, දවල්ට කන්න හිතුනෙත් නැහැ කොහොම හරි මතක් උනේ හෙට උදේ 03.00 නැගිටින්න වෙනවා පස්සේ 09 ට වැඩ පස්සේ 01.00 ඉඳන් 06 වෙනකන් පිට්ටනියේ ඊට පස්සේ පහුවෙනිදා උදේ කළුතර බෝධියට යන්න ඕනි. ආයේ 01 වෙද්දී පන්ති යන්න ඕනි අනේ දෙයියනේ කියල සඳුදා අර කෙනාගේ මුණ බලන්න කෙලින් හිටියොත් ඇති.

________________________________________________________________
මං කාගෙන් වත් පැනල යන්න හදනව නෙමේ එත් මට මාව නැති වෙලා මේ වැඩ අස්සේ.  එත් ලොකු තනිකමක් දැනුන ලෙඩක් දුකක් උනාම අම්ම තාත්ත හිටියත් සමහර වෙලාවට ඒ ගොලන්ටත් අපි ගැන හොයන්න අමතක වෙන තරමට මං ලොකු ලමෙක්ලු දැන්
:(


          

4 comments:

  1. හරි ලස්සන සිද්දි ටිකක්..

    ReplyDelete
  2. මෙහෙමනේ......... දැං තමුන්නාන්සෙ කොලු පැටියෙක් එක්ක එහෙම රවුං ගහල අහුඋනාම.......... අන්න එ් වෙලාවට ගෙදර අයට මතක් වෙනෝ! :D

    ඉක්මන් සුවය පතමි!

    ReplyDelete
  3. අනේ මේ දුක් ගැනවිල්ල නැතුව වෙන එකක් ලියනවකෝ. කියවන කොට අපිටත් දුකයිනේ ‍හලෝ.

    ReplyDelete
  4. වැඩ රාජකාරි එක්ක කාර්‍ය බහුල උනාම අපි කාටත් ඔය දේ වෙනවා..

    ReplyDelete