Saturday, March 17, 2012

මෙතෙක් ආ මග

මෙතෙක් ආපු දුර හොයා බලන්න හොඳම දවස අද කියල හිතුන. කොච්ච‍ර කිව්වත් දුකක් කියල ඒ නිසා වෙනස් උන මම ඒ අතීතාවර්ජනය ඉදිරියට පන්නරයක් වෙන හින්ද. මෙන්න මම ඇත්තටම....


බොහෝ දුරක දුෂ්කරම ගම්මනෙක ඉඳල බහ තෝරන්න කලින්ම මේ කොළොම්පුරේ ගෙන්දගම් පොළවේ පැලක් අටව ගත්ත මගේ අම්ම තාත්ත. එදා ඉඳන් හැල හැප්පෙන්නේ අපිව ජිවත් කරවන්න. අන්න ඒ ජිවන ගමනේදී මෙතෙක් ආ දුර. ගොඩක් දෙනෙක් මැද්දේ හුරතලේට හැදුන හින්දද කොහෙද ජිවිතේ ගැන ලොකුවට හිතුවෙම නැහැ. හිතන්න උවමනාවක් තිබ්බෙත් නැහැ. ඒ ජිවිතේ මුල කාලේ ජිවිත් වෙච්ච හැටි. එත් ඉගෙනීම ගැන ලොකු බරක් පොඩි කාලේ ඉඳල දෙමාපියන් ඔලුවට දාල තිබ්බ නිසා ඒක විතරක් හරියට කලා කිව්වොත් හරි.


ජිවිතේ මතක ඇති කාලෙක හිතට ගොඩක්ම දුකක් දුන්නේ මගේ ආච්චි අපිව දාල ගිය දවසේ. ආච්චිගේ ඔසරි පොටේ එල්ලිලා නැට්ටක් උන මට යන්තම් 4 වසරේ ඉද්දි උන ඒ සිද්ධිය ගොඩක් හිතට වැදුන නිසාද කොහේදෝ 1997 න් පස්සේ ගමට යන්නේ මං අවුරුදු 6 කට පස්සේ. ඊට පස්සේ තාත්ත පිට රටකට යන්නේ රැකියාවක් කරන්න. එතනදිත් තනිවෙන මම අම්මගේ හෙවනැල්ල වෙන්නේ ටිකක් හිතුවක්කාර කමට හැදුන දඩබ්බර කෙල්ලෙක් වෙනස් කරමින්.  ඒ නංගියෙකුයි මල්ලිලා දෙන්නේක්ගෙයි අක්කියෙක් නිසා. ඔහොම ගලා ගෙන යන ජිවිතේ නැනල මස්සිනාල එකතු වෙලා තනිවෙච්ච තමන්ගේ මල්ලිගේ බිරිඳට කරන අසාධාරණ ඉස්සර පොඩි කෙල්ලෙක් උනත් අම්මට ලොකු පවුරක් වෙන්නේ අසාධාරණය මගේ පොතේ නැති නිසා වෙන්න ඇති. නෑදෑයන්ගේ ලැයිස්තුවෙ මගේ නම් අයින් වෙන්නේත් ඔය නිසාම තමයි. ඔහොම ගලාගෙන යන ජිවිතේ ඉගෙනුම මුල් තැන දීල යන්තම් සා. පෙ. හීනය සබැ කරලා අම්මගෙයි තාත්තගෙයි ඇස් වලට සතුටු කඳුළු එක්කරපු දෝනි පොඩ්ඩ කොහේදෝ යන බයිසිකල් කාරයෙක් යට කරන යන්නේ කහ ඉර උඩදී අවුරුදු 8 ක් තියෙන කොන්දේ කැකුමකුත් ඉතුරු කරලා. ඒ ජිවිතේ එපා වෙන පලවෙනි තැන. 


පස්සේ වැඩි දුර ඉගෙනුම සඳහා හොඳ ඉස්කෝලෙකට යන්නේ ගුවන් නියමුවෙක් වෙන්න ඕනේ කියල හිතාගෙන එත් කොහේදෝ තිබ්බ අවාසනාවකට ඒක පාරම කඩා වැටෙන මම නවතින්නේ කළුබෝවිල ඉස්පිරිතාලේ. මේ වෙද්දී අම්මට ඉන්නේ දුකක් කියන්න මං විතරයි තේරෙන ළමයෙක්ට. මාස තුනක් තිස්සේ ලෙඩ ඇඳට වැටෙන්නේ අන්තිමට පිළිකා රෝහලක පිහිට පතන්න කියල දොස්තර මහතයල කියනකොට. ඒ 2005 හ 2006 වසර වල. අම්මගේ කඳුළු  දොර ගලා යන වෙලාවක ජයවර්ධනපුර රෝහලේ තනි වෙන්නේ අම්ම නංගිලා මල්ලිලත් බලාගන්න ඕනේ හින්ද.  ජිවිත එක්ක හැප්පෙන මිනිස්සු දැකල පන්නරය ලබන මම නැවත ඉපදෙන්නේ ඒ ශල්‍යකර්ම කාමරයේ පිළිකාවක් නොතිබූ කෙනෙක් විදිහට මගේම යාලුවන්ගේ දෙමාපියන්ගේ උදව් ඇතිව. ඒ වෙද්දී  ගුවන් නියමුවෙක්ගේ හීනය බොඳ උන කලා ලෝකේ රස බලන, චිත්‍ර එක්ක කතා කරන, ගහ කොළ වලට කවි ලියන, තාල වලට පද තියන, කලා ලෝකේ රස හින්ද පාසලේ පළවෙනි වතාවට ගණිත අංශයේ ශිෂ්‍යකුට පාසල් චිත්‍ර තරඟයේ තුන්වෙනි තෑග්ග හම්බ වෙනවා.


උ. පෙ හීනය හැබෑ කර ගන්න බැරි උනත් විභාගයේ ඉවර වෙලා මහන්සි අරින කම්මැලි කෙල්ලෙක් නොවී. ආපු පළවෙනි ජොබ් එකෙන් ජීවිතය පටන් ගෙන ඊළඟ අවුරුද්දේ දෙවන සැත්කම සිදුවෙන්නේ උණ්ඩුක පුච්චය පිපිරි අසාධ්‍ය රෝගියෙක් විදිහට නවලෝකේ 9 තට්ටුවට 909 කාමරේ රාත්‍රී 9 වෙනි පැයට නපුරුම අංක ගොඩක් එක්ක ඇතුල් වෙන්නේ ජිවිතේ ගැන කිසිම ආසාවක් නැතිව. දෙපාරක් බේරුන ජිවිත් මෙහෙම ගැට ගහගෙන ඒ ආදරණිය අම්මට ලොකුම හයියක් උන මට හයියක් වෙන්න ඉන්න මගේ හිත ගැන හරිම ආඩම්බරයි මට.........  


මේ ජිවිතේ කවදාවත් නොලිව්ව එකම කතාව "ආදරය, ප්‍රේමය" අවුරුදු  හතරක් ඉඳල  මාව දාල යන්නේ ආයෙත් කඳුලක් තරම්වත් ඔහුව නොවටින්න තරම් රිදවල මාව. එත් නොලසලෙන මගේ හිත මේ ආඩම්බර, දඩබ්බර කොල්ලෙක්ට පෙම් කරන්නේ පෙරලා හම්බෙන්නේ දුකක්ද සතුටක්ද කියන දේ නොහිතම. අද මං ඉන්න තැන ඉගෙන ගත්ත දේ බලද්දී මටම අදර්යි මම. මේකයි ජීවිතය අපි සීරුවට මාරුවට ජිවත් වෙන්න ඕනි ඔබ හා මම.


තවත් අවුරුදු 25 කින් කියන්න මීටත් වඩ දෙවල් තියෙයි මට       

_______________________________________________________

ප. ළි :- මේක කියවල කඳුළු කතාවක් කියලා අනුකම්පා නොකර ඉගෙන ගන්න යමක් ඒ ටිකම සතුටක් මට

15 comments:

  1. කොච්චර දුක් වින්දත් ඔයාගෙ හිතේ හයිය අඩු වෙලා නෑ......
    කවදාවත් ආත්ම ශක්තිය අඩු කරගන්න එපා......
    ජයවේවා..........!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති යාළුවා නැහැ එක අඩු වෙන්නේ නැහැ

      Delete
  2. අක්ක හිත හදාගෙන ඉන්න අයුරු නියමයි....මට අරක නෑ මේක නෑ මම තමයි අවාසනාවන්තම කෙල්ල එහෙම ඉන්න කොට හැමදාම දුක තමයි.......මගේ පළමු පැමිණීම මං හිතන්නෙ....එහෙනම් ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයවේව බොහොම ස්තුති. නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නැහැ

      Delete
  3. [ඉගෙන ගන්න යමක් ඒ ටිකම සතුටක් මට] එහෙනං සතුටු වෙන්න! මම හිතන්නෙ මට යමක් ලැබුනා! :)

    ReplyDelete
    Replies
    1. ලැබුනේ මොකක්ද

      Delete
  4. හ්ම්..... කරදර ගොඩක් මැද දිරියෙන් නැගිටපු එක ගැන සංතෝසයි නංගි...

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ

      Delete
  5. සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබට එක මතක් වෙලා ස්තුති

      Delete
  6. ඔයා ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කි... ඔයාට ජය වේවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුති නංගෝ

      Delete
  7. හ්ම් කරදර ගොඩක ඉදල තියනවනේ..දැන් හොදින්නේ..

    ReplyDelete
  8. එකම විදු පියසක පුලුවන් හැම මොහොතකම හරි හරියට හිනාව බෙදාගත්ත අපි...ජීවිතේ දුක බෙදාගෙන තියෙන්නෙ කොච්චර නම් අඩුවෙන්ද..??? යාලුවෙක් විදිහට මට දැනෙන්නෙ මං ගැනම කළකිරීමක් දුශ්... :(((((

    ReplyDelete
  9. හැමෝගෙම ජීවිත කතාවල් වල මේ වගේ කතන්දර ගොඩක් හැංගිලා තියෙනවා. දුක්කරදර වලින් පන්නරය ලබාගෙන ඉස්සරහට යන එක තමා නියම ජය.

    ජයවේවා!!!

    ReplyDelete