Tuesday, April 24, 2012

මෙහෙමත් මිනිස්සු

ඊයේ අවුරුදු දෙකකට කිට්ටු වෙන්න රැකියාව කරපු තැනට අස්වීමේ ලියුම දුන්න ඇත්තම කිව්වොත් හිතන් හිටියේ යන්න නෙමේ මොකද මෙතන නිදහසේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නිසා. එත් මෙතන ඉන්න එකම ගැහැණු ළමය මම හා මෙතන ඉන්න පිරිමි සායවල් ටික නිසා. කොටින්ම කිව්වොත් ඒ ගොල්ලෝ කියන විදිහට මන් කිසිම වැඩක් කරන්නේ නැහැලු. ඉතින් මට හිතුන මන් වැඩක් කරන්නේ නැති තැනකට වෙලා නිකන් පඩියක් ගන්න ඒක ලොකු පවක් නිසා මෙතනින් අයින් වෙන්න. ඒ වගේම ජිවිතේ දැක්ක ලොකුවටම කෝප්ප හෝදන පිරිමි ටික ඉන්නෙත් මෙතන. තව ඒ ගොල්ලෝ කියන විදිහට මන් මහා මෝඩ, කිසිම දෙයක් ඉගෙන ගන්න බැරි ජාතියේ කෙල්ලෙක්. එත් ලංකාවේ සිංහලෙන් බ්ලොග් කරනවා කියන ඒක ඒ ගොල්ලන්ට කිව්වේ මම, බුකියේ සිංහලෙන් ලියන හැටි කියල දුන්නේ මම. තව දේවල් නම් ගොඩක්. එත් මව පහත කරලා කතා කරන හැමෝම මගේ ජීවිතෙන් අයින් කරන ඒක මගේ පුරුද්දක්


දවස ගිය සිකුරාදා හොඳටම වැස්ස නිසා මගේ දඬු මොනරේ කලින්ම ගියා ඉතින් මන් 06.30 වෙනකම්ම ඔෆිස් ඒක ඉඳල එලියට බැස්සේ වැස්ස පායන්නෙම නැති හින්ද. ටිකක් දුර යනකොටම මගේ ජංගමය වදිනවා බලද්දී ඔෆිස් එකේ එක්කෙනෙක්


"දුෂාන්ති අර ලෙක්චර් එකට කතා කරලා කන්ෆිර්ම් කරද?""
නැහැ ඇයි ඒක කරන්න මැනේජෙර නෙමේද ? "
මොකක්ද ඔයි තමුසෙට වැඩක් කරන්න බැරිද යනවා දැන් ඔෆිස් එකට ගිහින් මේල් ඒක දානව
මට දැන් ඔෆිස් යන්න බැහැ මන් ඉන්නේ බස් එකේ
කරන්න දෙයක් නැහැ නැත්නම් මන් ලොක්කට කියනවා 

ඔව් සමහරවිට මගෙත් වැරදි ඇති එත් මෙහෙම කීමක්. ඉතින් ඔය කතා කලේ මගේ මැනේජෙර වත් කවුරුත් නෙමේ. හැබැයි ඉතින් මන් අයෙ ඔෆිස් එකට ගිහින් වැඩේ කරලා ගෙදර යද්දී 8 මේ වෙද්දී මේ කතා කරපු කෙනා හිටිය බබලපිටියේ බාර් එකක. ඉතින් ඒ වෙලේ තමා මන් තීරණය කරේ මන් මෙතන වැඩ කරන අන්තිම දවස් ටික තමා මේ කියල. මොකද ගැහැණු ළමයෙක්ට එහෙම කරන ඔෆිස් එකක් ගැන පැහැදිලි අදහසක් මන් ගැන නැහැ. එත් ගැහැණු ළමයෙක්ට මෙච්චර පහත විදිහට සලකන ඔෆිස් තියෙනවද කියන ඒක මට ඒ ප්‍රශ්නයක්. ඒ වගේම තමයි එදා මට එහෙම කියපු කෙනා කියනවා අද මට මන් මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැලු, ඒ නිසාලු මිනිස්සු මන් කියන දේ ගණන් ගන්නේ නැත්තේ. අනේ එතකොට එදා මට සලකපු විදිහට මන් මෙය කියන එකම දෙයක්වත් අහයිද ? 

22 comments:

  1. Anonymous4/24/2012

    වරැද්දක් නෑ! මිනිස්සුංට ඔලු පාත් කරන් ඉන්නත් බෑනෙ! හැබයි අායතනෙයි කෙනාගෙයි නම දැම්මනං තමා post එක සම්පූරණ!

    ReplyDelete
  2. අදාල කෙනා කියවත්වා... එක එකාට ඕනේ හැටියට ඉන්නවාට වැඩිය මෙහෙම කරන එක හොදා..

    ReplyDelete
  3. මගේ අදහසුත් බොහෝ දුරට‍ මේවගේමයි. දැන් ඉන්න ජොබ් එකේ මටත් නිදහස උපරිමයි. අවුරුදු 2ක් වෙන්න ඕනන මෙන්න. ඒත් අනිත් පහසුකම් පොඩ්ඩක්වත් නෑ. ඉතිං මමත් හිතුවා වෙන ජොබ් එකකට යන්න. ඒත් එකපාර අයින් වෙන්න බෑ. මොකද ජොබ් එකක් නැතුව ජීවත් වෙන්න අමාරු නිසා.

    ReplyDelete
  4. හැමදේම වෙන්නෙ හොඳටනෙ අක්කෙ.....අවුරුදු උත්සවේ අක්ක එක්ක කතා කරන්න බැරි වුනානෙ....ඊළඟ පාර අනිව කතා කරනව.....

    ReplyDelete
  5. ජීවිතේ ගලාගෙන යද්දි සිද්දවෙච්ච පුංචි සිදුවීමක් විදිහට බාරගන්න..තව ගොඩාක් දුර යන්න තියනවා..සුබපතනවා අනාගතේට....

    ReplyDelete
  6. අයියෝ අක්කේ ඔහොම තැනක ඉන්න හොඳම නැහැ

    ReplyDelete
  7. හැමෝටම යට වෙලා වැඩ කරන්නත් බෑනේ.. ඕවා ගනන් ගන්න එපා..

    ReplyDelete
  8. නංගි මෙහෙමයි තමුන්ට හරියන්නෙ නැත්තං යන්න ඕනි..ගෙදරට වෙලා උදේ හවා ලියුං කවර අලවන එක සැපයි නයි මුගටි රෑනක් එක්ක ඉන්නවට වඩා....

    ReplyDelete
  9. Anonymous4/24/2012

    Lanmak Engineering (Pvt) Ltd.

    මෙතන සේවය කරන්න හෝ ලබාගන්න හිතං ඉන්නවනං දෙපාරක් හිතන්න. ඔය post එකේ කරල තියන වැඩේම උනා මගෙ හොඳම යාලුවෙක්ට (යෙහෙලියෙක් ට).

    ReplyDelete
  10. කෙල්ලට අලුත් ජොබ් එකක් ලඟදීම ලැබෙයි..ජය

    ReplyDelete
  11. ම් ම් ම් ම් ... මුලින්ම කියන්න ඕන මේක ලංකාව නේ... කෙනෙකුට හොදකියන අයට වඩා නරක කියන අයත් වැඩකරන මිනිස්සු වෙනුවට පුටුරත් කරන මිනිස්සුත් කිසිම දෙයක් කෙලින් කියන්න බැරි මිනිස්සුත් මෙහෙදී බලාපොරොත්තු වෙන්න පුලවන්. කොහොම උනත් තමන්ට යම්තැනක හිතට එකගව ඉන්න බැරිනම් යන එක කෝකටත් හොදයි...

    ReplyDelete
    Replies
    1. මටත් එකපාරක් සෙට් වුනා ඔය වගේ වාත පොට් එකක්,හරියට මාස 2ය් හිටියෙ මම අයින් වුනා,ලොක්කගේ ඩයිවර් එනවා ඉන්ජිනියරින් ඩිපාට්මෙන්ට් එකේ ලොක්කා වෙන්න,අන්තිමට හෙන දිග රිසයින් ලෙටර් එකකුත් දිලා ඩ්‍රයිවර්ටත් ඔදට අමතලා අවා.

      Delete
  12. හැක් හැක්... අලුත් ජොබක් ලැබේවා කියලා ප්‍රාර්තනා කොරනවා ඕන්...!

    ReplyDelete
  13. කලිසං ඇදගත් චීත්ත කෑලි ඒනතරම් ඉන්නව. ඔය ආයතනයේ තමන්ට අදාල රාජකාරිය මොකක්ද කියල හරියට පැවරීමක් කරල නැද්ද? එහෙම බැලුවම රජයේ සේවය හොදයි. ඒවයෙ තමන්ට අයත් රාජකාරිය හරියට වෙන්කරලදීල තියනව. අනුන්ගෙ වැඩක් කරන්න ඕන නම් බටර්ගාල මිසක් මහජාතියෙන් කරවගන්න බෑ. මට ඉස්සෙල්ලම ජොබට ගියාම ලැබුන උපදෙස තමයි බැන්නොත් බනින්න ගැහුවොත් ගහන්න කියනඑක. මම ඒක අකුරටම පිලිපදිනව. කවුරුවත් ලොකු ටෝක්දාන්නෙ නෑ.:-). එතන ඉන්න එකම ගෑණුපරානෙ ඔයානං යන එකත් හොදයි එක අතකට.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ගැහුවොත් ගහන්න බැන්නොත් බනින්න ...අනුන්ගේ වැඩ බැරිම් අවස්තාවකති කලත් තුන් පාරකට වඩා කරන්න එපා..තව ඔෆිස් එකෙන් හවස නියමිත වෙලාවට පිට වුනාට පස්සේ මොනම හේතුවකට වත් ආයේ එන්න කිවුවට එන්නත් එපා...ඔෆිස් එකෙන් හවස නියමිත වෙලාවට පිට වුනාට පස්සේතමන්ගේ පුද්ගලික දුරකතනයට ඔෆිස් එකෙන් එන ඇමතුම් වලට පිලිතුරු දෙන්නත් එපා..බිල ගෙවන්නේ අපිනේ ..මම ජොබ් එක කරපු අවුරුදු 2කට ඉගන්ගත්තේ මේවා තමයි..කවුරුත් එතකොට පාට් දාන්න එන්නේ නැ...

      Delete
  14. හි හි මටත් ඔය කතාකරන්න දන්නේ නැ කියන චෝදනාව ඇත...හැබැයි වැඩකට නැති සොක්කන්ගෙනි ...මොකද ඇත්ත මිනිස්සුන්ට තිත්ත නිසා...කෙලින් කතා කරන එක තමයි මිනිස්සු කතා කරන්න දන්නේ නැ කියලා හදුන්වන්නේ...මුණට හිනා වෙලා නැති තැන බනිනවා නම් හොදයි කියලා තමයි ඒ කියන්නේ...කියන්න තියන දේ මුණටම කියලා බැන්නාම අපේ හිත නිදහස්..හැබැයි සහෝදරි රස්සාවෙන් අස්වුන එක නම් අනුමත කරන්න බැ.මොක්ද කෙනෙක්ගේ සේවා ඉතිහාසය අනාගතේ දි හොද රැකියාවකට බලපානවා...වලි නම් වලි සාමය නම් සාමයට කතා කර තව රැකියවක් ලැබෙන තෙක් රැකියාවේ රැදි සිටියා නම් හොදය..ඔයාට බැන්න කෙනාත් එකේ සේවකයෙක් මිස අයිතිකාරයා නොවෙන නිසා...ගනන් ගන්න එපා ...හොද ජොබ් එකක් ලැබෙයි ඔයාට...

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. එකෙන්ම....
    ඔන්න ඔහේ ලියුම් කවරයක් හදාගෙන, කොස්සක් ඉදලක් හදල බැරිනම් ඇඩ්සෙන්ස් එකේ ඇඩ් ටිකකට කොට කොටහරි ඉන්න අක්කා :D

    ReplyDelete
  17. අලුත් ජොබක් හම්බ වේවිනේ ලගදිම ජය වේවා :P :P
    කම්පැනි වල ඉන්න සොක්කෝ ලොක්කන්ගෙත් ලොක්කෝ වෙන්න යන කොට නම් තද වෙනවා තමයි. ගණන් ගන්න එපා. හැම දේම වෙන්න හොදට කියල හිත හදාගන්නයි තියෙන්නේ (Y)

    ReplyDelete
  18. අනේ මන්දා අප්පා ඕවා...

    ReplyDelete
  19. එක එක ජාතියේ එකාල ඉන්නව නේ .. ඩෝන්ට් කෙයාර් අප්පා.... හොදක් වෙයි.

    ReplyDelete
  20. මේ වගේ හාල් පාරුවො මට අනන්තවත් හම්බවෙලා තියෙනවා ඉදිරියටත් හම්බවෙවි. ගැහැණු පිරිමි බේදයක් නැහැ. මේ වගේ එවුන් නම්.... නැ එක්කො ඕන නැහැ.

    ReplyDelete