Tuesday, April 24, 2012

සයිබරයේ හැබෑ වූ අපේ හීනය

පුංචිම පුංචි කෙල්ලෙක් විදිහට මේ තරම් ලොකු වැඩකට ඇත හිත දෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා. රාජ්, අභීත, අයියල සංවිධායක කමිටුවට එන්න කිව්වම නම දැනුනේ මාරම සතුටක් ඉතින් ගෙදරින් වගේම මට මේ වගේ වැඩ වලට යන්න කියල මව දිරිමත් කරපු ඔයාටත් ගොඩක් ස්තුති. මුලින්ම කට්ටිය එකතු වෙද්දී මන් හිටියේ SSC එකේ දුවගෙන ඇවිත් ඊළඟට 31 වෙනිදා හමුවේදීත් අපි හිටියේ හීනයට ගොඩක් දුරින්. එත් දුකා, මරණය, අභීත, වැප් අන්කල් ;p වගේ කට්ටියගේ බස් රේඩියෝව වගේ අයගේ උදව්වෙන් මේ හීනය සබැ උන (අපේ කකුල් වලට දෙයියන්ගේ පිහිටයි)

ඇයි ඒ විතරක් නෙමේ කට්ටියම කිව්වේ දවල් කෑම එක සුපිරි කියල ඉතින් මට ඩබල් හැපී. ඇයි ඉතින් ඉව්වේ දුෂ්ගේ සුදුම සුදු ජම්බෝල අම්මි පැටියනේ. මගේ ජිවිත් නොහිතපු විදිහට මේ කර්තව්‍යට අපේ ගෙදරින් උපරිම උදව් හම්බ උනේ. ආ තව දෙයක් ඇයි 21 අපේ ගෙදර ආපු දඟය,
අභීත, මලිත්, වන්නට ගෙදර තිබු කොකිස් කන්නදී ඉමහත් පින් කමකුත් කර ගන්ත්තනේ මංතුමී හිකිස්.

වටිනාම දේ:

අනිත් අතින් මගේ මේ හැම දෙයක ගාවම මගේ හෙවනැල්ල වගේ ඉඳල මාව බලන්න ගම්පහ ඉඳන් ඇවිත් මට මහන්සි කිව්වම පැත්තකින් වාඩි කරගෙන ඔලුව අතගාපු ඔයාටත් ඇත්තටමත් ගොඩක් ස්තුති. සමහර විට ඔයා එන්නේ නැතිව හිටිය නම් මට පාළු වෙන්න තිබ්බ. ඔයාගේ නොදැකපු පැත්තක් මං දැක්කේ එදා. ඇයි ඒ විතරද කන්න බැහැ කියල කියද්දී බත් ටික අනල කව්වම මට හිත ගන්නත් බැරි උනා මේ ඉන්නේ ඒ හිතුවක්කාරයමද කියල.


ඉන්පසුව කියන්නම ඕනි දෙයක් තමයි සංවිධායක කටයුතු වලදී යම් කෙනෙකුගේ හිත රිදෙන ලෙස වැරදි දෙයක් කියා උනා නම් එකටත් සමව ඉල්ලනවා. තවත් එදා එකී මෙකි නොකී අයුරින් වචනයකින් හරි උදව් කරපු ඕගොල්ලෝ ඔක්කොටොම ගොඩක් ස්තුති. ඒ විතරද ගොඩක් දුර ඉඳන් ආපු ඔග්ල්ලෝ හැමෝමත් අපිට ගොඩක් වටිනවා ඒ සභාගිත්වය තමයි අපේ හීනෙ කලඑළි කලේ. ඔන්න ලබන පාර හීනෙ 3.0 එනකන් අපි බලන් ඉන්නවා.


දෙයියන්ගේ පිහිටෙන් කකුල් දෙක ඉදිමිලා තිබ්බේ පොඩ්ඩයි. ඇයි ඒ විතර අර කාගේද කබරයා විතරක් නෙමේ දෙහි අදින්නත් සිද්ද උනානේ    


ප. ළි. : මං දන්නා තරමින් ඉෂාර මලය ගෙදර ගිහින් කුටු කුටු ගල අපේ නංගිට අනේ ඉතින් කාට හරි හරි යනවා නම් මගේ මොකෝ

30 comments:

  1. අන්න ඒකනෙ... අපි ගෙදර ඇවිල්ල පාඩෙවේ හැසිරුණ නිසා කිසි අවුලක් නෑ... කොකිස් කෑවෙත් නෑ...

    ReplyDelete
  2. අපි දෙන්නෙත් නෑනේ....කොහෙද ඔයාල අපි එක්ක කතා කරෙත් නෑනේ අපි පොඩි මිනිස්සුනේ..:(

    ReplyDelete
  3. විනාසයි මේ දුශ් අක්කා නෙද..:O

    ReplyDelete
  4. දැන් කට්ටිය දිරිමත් කළෙ? ඔයාවද? අම්මාවද? :p

    ReplyDelete
    Replies
    1. මාත් මේ ඒක අහන්න ගියා විතරයි

      Delete
  5. මමත් එදා ඒ පැත්තේ එන්න හිටියේ එත් වැඩ වැඩිවු නිසා එන්න බැරි වුනා ඩාන්ස් එකේ විඩියෝ එකක් අවුට් වෙලා තියෙනව දැක්කද එකේ හැටියට කකුල් නෙමෙ ඉදිමෙන්න ඔන කොන්ද

    ReplyDelete
  6. අප්පේ මේ අර කටකාර කෙල්ලනේද....සොඳුරු කට්ටක මිහිරි ආශ්වාදය හිතට දැනේනව නේද...?

    ReplyDelete
  7. ආහ් අක්කා සංවිධායක මණ්ඩලේ උන්නා ද? මම නම් දැක්කෙ පොටෝ වල තමා.. කොහොම හරි ඉතිං ඕවා ජීවිතේට මාර අත්දැකීම්..

    ලබන පාර එකටත් ජය..!!!

    ReplyDelete
  8. මඩ ප්‍රහාර නැද්ද අක්කෙ.......:(

    ReplyDelete
  9. මේ පාර බැරි වුනත් එන පාර එන්නෙමී.

    ReplyDelete
  10. නියමයි අක්කේ. කෑම එකනම් පට්ට පට පට\

    ReplyDelete
  11. Anonymous4/25/2012

    මළා... මේකිත් ලියලා තියෙන්නේ... මතකද උදේම ඇවිත් අපිට ඕඩර්ස් දීපු හැටි... ඇත්තටම දුෂ්, උඹ පොඩිද?

    ReplyDelete
  12. Anonymous4/25/2012

    අමතක වුනා..... කෑමනම් නියමයි...

    ReplyDelete
  13. වැඩේ නම් නියමෙටම තිබ්බා ..... හැබැයි අර හිතුවක්කාරයව අඳුර ගන්න බැරිවීම තමා එකම අඩුව ....... :P

    ReplyDelete
  14. උඹට නැතත් උඹේ අම්මට නම් ගොඩාක් පිං සිද්ද වෙනවා දවස් දෙකේම අපේ දවල් කෑමටයි. අර කොකිස් වලටයි :P නැටුම නම් සුපිරියි ඇ.....

    ReplyDelete
  15. දුශ්ගේ කට සැරයි කියලා මේ හැමෝම කියන්නේ.... :)

    ReplyDelete
  16. අහ් මේ නැට්ටුක්කාරිද? රෙපාගෙ කමෙන්ටුවෙන් කවුද කියලා හොයා ගත්තේ

    කොහෙන්ද කෑම? ඔයාලගෙ ගෙදරින්ද? රුපියල් 100ට කෝමද එච්චර හොදට කන්න දෙන්නේ... මම කන ගමනුත් කල්පනා කලා..

    බටු මෝජු.. සෑමා පෙරේතයි ඒවා කන්ට..

    ස්තුති !

    ReplyDelete
  17. දැන්වත් මම් ඉල්ලපු සිංදුව දෙන්ඩ පුලුවන්ද !!!

    ReplyDelete
  18. දුෂ් අක්කගේ ඩාන්ස් එක නම් සුපිරි ඈ.. කොහෙද ඉතින්. කතා කරන්න වත් ලැබුණේ නෑ නේ හරියට.. 3.0 එකේ දී වත් සෙට් වෙමු!

    ReplyDelete
  19. පුෂ් අක්කා පොඩියි කිව්වා පුෂ්ට පොඩියි කිවිවොත් පොඩි උන්ට මොකක්ද කියන්නේ
    "අනේ මං ඒ කන්ණාඩි කුට්ටම උනා නමි"
    (උපුටා ගැනිම අභීත අයියාගෙන්)

    ReplyDelete
  20. ඔන්න මම නම් කථා කොලා එදා ..මතකයි නේ :))

    ReplyDelete
  21. මහන්සියට ස්තුතියි!අපි හැමෝම වෙනුවෙන්~

    ReplyDelete
  22. !@#$%^*&^%$##$%^&(*&^%$ අනේ පව් අරයා...

    ReplyDelete
  23. අ‍ෆ්ෆට සිරි කෑම අක්කලයි ගෙදරින්ද.. අක්කේ මට හැමදාම කෑම එකක් ගන්න බැරිද ආ.. 100ට එහෙම කෑම 1ක් ‍ෆට්ට ලාබයිනේ..

    ReplyDelete
  24. බ්ලොඩ් වලට මමනම් පුන්චි එකෙක්,ඒ උනාට ඔන්න මම අක්කත් එක්ක කතා කලා.මගේ බ්ලොග් එක නොබල තිබුනත් අක්කලාගෙ ඒ ආගන්තුක අපට හැලපු හිනාව ගැන මම ගොඩක් අසතුටු වෙනවා,වෙලාවක් තියෙනවනම් මේ පැත්තෙත් එන්නhttp://janithlakshan.blogspot.com/

    ReplyDelete
  25. දුශ් ගැන මට හිතුන දේවල් නම් ඉතින් සයිබර් සිහින උලෙලේ මගේ පොස්ට් 2ම මම දාලාඅ තියනවානේ./..
    ඇත්තම කිවොත් කලින් හිතාගෙන උන්නට වඩා දුශ් හොදයි ගොඩාක්

    ශික් අර ආදරය දුකක් කියලා කියලා දුන්නු හිතුවක්කාරයාව අල්ලගන්න බැරි උනනේ....

    ReplyDelete
  26. ලබන සැරේ අපිත් දෙනවා බැටේ !!!

    ReplyDelete
  27. මං මේ පැත්තේ ආපු මුල්ම පාර ඕං එදා කිරි ටොපි දාගෙන යන්න ෂොපිං බෑග් එකක් හොයපු එකා යන්තම් හරි මතක ඇති කියලා හිතනවා... දේවා අයියගේ බ්ලොග් එකෙන් පාර අහගෙන මේ පැත්තේ ආවේ...

    කෑම එක නම් පංකාදුයි අප්පා සුපිරියි පාර්සල් 10ක් දුන්නත් කන්න තිබ්බා ඒ රසේ හැටියට සිරාවට කටට කෙලත් උනනවා..... කෑම කඩයක් එහෙම දාගත්තනම් නියමයි...

    ReplyDelete
  28. අයෙ කියන්න දෙයක් නෑ පළවෙනි සහභාගීත්වය...ඒ වගේම විශාල සතුටක් ලැබුවා....කෝච්චිය මිස් වුනේ නැත්තම් අවාසනයේ දුශ් අක්කගේ නැටුමත් බලලම යන්න තිබ්බා....හි හි

    ReplyDelete
  29. ආ. ඔන්න අද තමා කාලෙකින් මේ පැත්තෙ ආවෙ. කියන්න තියෙන එවා එදා කිවුවනේ ඒ නිසා ඕනෙ නැහැ :D
    කවුද අර ඉලන්දාරියා :D

    ReplyDelete