Friday, July 22, 2011

මම , ඔබ සහ අප

නිල අහස ඔබ තරු පිරිවරා හිනැහෙන
මහා මුහුද මම තොරතෝංචියක් නැතිව අඩන
සිතිජය වගේ අපි හිත රවටන
කිසිදා එක්නොවෙන ලෙස ලං උන      

මල් කුමරු ඔබ ජීවිතය සොමනසින් ගෙන දුන්න

වැලි කැටයක් මම ඔබ එන මග සරසන්නට වරම් නොලද
මිරිගුවක් වගෙයි අපි දුක හිතෙන
හීනයක් වත් දකින්නට ඉඩ නොලද

ආදරය ඔබ මට දැනුන කල්පයකට

නිල කදුල මම ආදරය වෙනුවෙන් අඩන
විරහවයි අප තවක් පෙම් කතාවක
කිසිදා එක් නොවන ලෙස වෙන් කල 

5 comments:

  1. හ්ම්...
    සෑහෙන්ඩ බොන්න වෙන ප්‍රශ්නයක්.

    ReplyDelete
  2. ඊයේ ඔයාගේ නම දාල කවියක් ලිව්වා

    ReplyDelete
  3. මේ ලොකේ හැම දේම දුකක් නම් ආදරේ කියන එකට විතරක් ඒක අදාල වෙන්නේ නැති වෙන්න බැනේ.... බට් ආදරේ ගැන දුකක් විදිහටම හිතන්න මම් නම් කැමති නැ... ඔන්න ෆලෝ කරලා යනවා..

    ජයවේවා

    ReplyDelete
  4. ආදරය විතරක් ම නෙමේ හැම දේම දුකක් ඉතින් හැමදෙයක් ගැනම ලියන්නම් එතකන් ෆලෝ කරාට ස්තුති

    ReplyDelete
  5. ගොඩක් දුක හිතෙන කවියක් !!!!
    ඒ උනාට දුකත් ලස්සනට පද ගලපලා ලියලා තියෙනවා.

    ReplyDelete