Tuesday, March 13, 2012

අවුරුදු උත්සවේදී ASP කෙනෙක්ගේ තරු ගැලවේ


ඔන්න අද නම් මං ඉන්නේ ගොඩක් සතුටෙන් හේතුව තමා මාත් දන් ලොක්කෙක් කියල හිතෙන නිසා එ උනාට ඉතින් උසෙන්නම් වැඩි උනේ නැහැ ආපේ අවුරුදු උත්සවය සංවිධානය කරන්න එකතු වෙලා ඇත්තම කිව්වොත් කොලොම් පුරේ අවුරුදු උත්සවයක් තියෙනවා කිව්වම නිකන් මට නම් මැජික් වගේ.  ඔය අවුරුදු උත්සවයක් ගැන මගේ හිතේ තියෙන දෙයක් නිසා මේක උනේ අපේ තාත්තගේ ගමේ ...
______________________________________________________

අපෙ තාත්තගේ ගමේ ඒ කියන්නේ මගේ ගම කැබිතිගොල්ලෑව ඉතින් ඒ කලේ 1990, 91 කාලේ ඔය කියන කාලේ කොටි කළබල එහෙම තිබ්බේ නැහැ ඉතින් අපේ අයියලයි (කිව්වේ නැන්දගේ පුතා)  තත්තලයි ගමේ පොලිසියේ උදව්වෙන් ලොකු අවුරුදු උත්සවයක් හැම අවුරුද්දෙම පවත්වනවා මාටත් ඉතිං යන්තම් මතකයක් තියෙනව ආච්චි එක්ක යන නිසා.
ගමේ ඉන්න වැඩකරු වෙච්ච අපේ ඡන්ඳ ගෙදර අයත් ගියා අවුරුදු උත්සවේ බලන්න. ඔය තරග අතරේ වැදගත්ම වෙන්න අවසාන තරඟය ඒක ගමේ පොලීසිය හා ගමේ කොල්ලන් ගේ වොලිබෝල් මැච් එක. මේක ඉතින් හුදෙක් මිත්‍රත්ව වර්ධනය සඳහා තිබ්බේ  ඔතනදි කොහොම හරි මගේ අයියට පොලිසියේ එක්කෙනෙක් ගහල ඉතිං මේක දැකපු අපේ තාත්තා කෙලින්ම පිට්ටනියට බැහැල තරගේ නවත්තන්න කියල එතකොටම වැස්සක් පටන් ගත්ත හින්ද කට්ටිය එන්න හදද්දී නැන්දගේ තව පුතෙක් පොලිස් එක්කෙනාට මුනටම හොඳ පාරක් දීල මුණ නළු වෙන්න. එයා ආමි එකේ හින්ද ඉතිං කිසි ප්‍රශ්නයකුත් නැහැනේ කියල පස්සේ ඉතිං මේ වලිය දුර දිග ගිහින් වෙච්ච දේ කියන්න ඕනේ නැහැනේ මුළු ගමම එකතුවෙලා පොලිස් කාරයොන්ට හොඳට නෙලලා පිරිමි විතරක් නෙමේ ගැහැණු අයත් මට යන්තම් තාමත් මතකයි මං තාත්තා හොයා හොයා අඩද්දී මව කවුදෝ උස්සන් ගිහින් අපේ වෑන් එකෙන් දානවා පස්සේ ඉතිං කට්ටිය ගෙදර එද්දී නම් මං පොඩි බබා ට මතක නැහැ එත් මේ ලඟදි තාත්තාට මං අවුරුදු උත්සවේ මතක් කලාම තමා  කිව්වේ එතකොට අර  වෙලේ ASP කෙනෙක්ගේ තරු දෙකක් තාත්තා ගලව ගත්තා කියල පස්සේ ඕක කතා කරලා විසඳ ගෙන තමා සමතයකට ඇවිත් තියෙන්නේ පස්සේ නම් ගමේ අවුරුදු උත්සව තියන්න බැරි උනේ කියල ඕගොල්ලෝ දන්නවනේ
______________________________________________________________________________

දැන් මේ අපෙත් අවුරදු උත්සවයක් තියෙනවා නේ ඉතිං ඒකට ඔග්ලොල්ලන්ගේ උදව්වත් ඕනේ ඒක සාර්ථක කර ගන්න අයි ඒ විතරක් මදි ඇවිත් විනෝද වෙලා යන්න නොදැක්ක යාලුවෝ හැමෝම බලන්න එන්න හොඳේ ඔන්න මාත් එනවා
බය වෙන්න එපා තරු ගලවන්න අපේ තාත්තා නම් එන්නේ නැහැ එදාට :p

11 comments:

  1. බයෙත් බෑ දැන් නම් එන්න... :D

    ReplyDelete
  2. මෙයා පට්ට ඩොටේ කෙනෙක්නේ
    අපිත් තරු ගැලවිම කියලා තරඟයක් තියමු එදාට

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එන්න කියලා තමයි හිතාගෙන නම් ඉන්නේ..නොදැක්ක යාලුවෝ ගොඩක් අය හම්බු වෙයි නේ එදාට :))

    ReplyDelete
  5. මුං නිකන් කොළඹ 7 වගේ හිටියට ගමේ නම එක පාරින් කියන්නත් බෑ....

    ReplyDelete
  6. දැන් නම් ඔන්න බය හිතුනා..........

    අපි බය වෙයි ඔය තරු ගැලෙව්වට හොදේ.....

    ReplyDelete
  7. Anonymous3/14/2012

    තරු ගැලවිල්ල , ..... හොඳයි හොඳයි! :D

    ReplyDelete
  8. දැන් ඔයා එන්නෑ කිව්වෙ හීනෙන්ද?

    ReplyDelete
  9. අනේ මල්ලි... ASP මහත්තුරුන්ගෙ ලාංඡන වලට තරු ඇතුලත් නෑනේ. මම දන්න විදියට නම් තරු දෙකක් තියෙන්නේ IP මහත්තුරුන්ට. ඒ කියන්නේ පොලිස් පරීක්ෂකවරුන්ට..... :D :D

    ReplyDelete
  10. සමාවෙන්න වැරදීමක් උණේ. ඔයා ගෑණූ ළමයෙක් නේද? මල්ලි කිවුවෙ හරියට ෆ්‍රොෆයිල් එක බැළුවේ නැතුවයි.... :)

    ReplyDelete