Sunday, March 11, 2012

ජිවිතේ ගැන දුකම හිතන වෙලාවක.




මේ ලගකදී ඉඳං මටම හිතෙනවා මැරිලා ගිය නම් ඉවරයි කියල. පහුගිය සතියක කාලයක් ඉඳං ගොඩක් අසනීපෙන් නැතත් සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න අමාරු උනා. ඒ විතරක් නෙමේ වැඩ ගොඩක් ඉහටත් උඩින්, කොහොමෙන් කොහොමෙන් හරි මට මං ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ කොටින්ම කිව්වොත් ගිය බදාදා ඉදන් වැඩ. එදා පෝය දවසේ තිබ්බේ රෝයල් එකේ මැච් එකේ පෙර සුදානම් වැඩ ඔන්න ඔහොම වැඩ ටික කරගෙන යද්දී තමා මගේ ගෙදර තිබ්බ මොනිටර් ඒක පිච්චුනේ. කොච්චර පන දෙන්නම් කියල ඉන්න කීප දෙනෙක්ම හිටියත් උදව්වක් ගන්න බැරි උනාට පස්සේ ඇත්තටම මට යන්න උනා ගම්පහ එත් වාසනාවකට මගේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් ඒ වැඩ ටික කර ගත්ත. ඒ වෙලේ හිතුන අපි නොහිතන මිනිස්සු අපිට කොච්චර වටිනවද කියල.

එදා එහෙම ගිහින් ඊට පස්සේ බ්‍රහස්පතින්දා එදත් හරිම දුකක ආවා හිතට මං තනිවෙලා කියන හැගීම ලොකුවට දැනුනා කොල්ලුපිටියේ ඉදන් යුනියන් ප්ලේස් ගිහින් අයෙ ගංගාරාමෙට පයින්ම ඇවිත් ආයෙත් කොල්ලුපිටියට ආවා. එතනිදී හිතුන මේ තනිකම සුන්දර නැහැ කියල අපි විතරයි අනිත් අය ගැන හිතන්න එත් එකම ඒක අංශු මාත්‍රයකින්වත් ඔයා ගැන වැරදියට හිතන්නේ නැහැ. මටම පුදුම හිතුන මං ගැන
සිකුරාදාත් එහෙමයි කොල්ලෝ දාහක් දෙදාහක් මැද්දේ තනි වෙලා මුළු ප්‍රොඩක්ෂන් ටීම් එකටම ඉන්නේ මං විතරයි කෙල්ලෙක්ට. ඇස් වල කඳුළු ඔයාව මතක් වෙලා මං තරහ නැහැ එත් මේ තනිය මාව ලෙඩ කරනවා.
එහෙම ඒක දිගට වැඩ කරලා කරලා අද ඔෆිස් ආවේ ඔය උරහිසට ඔලුව තිය ගෙන ඉන්න. මේ ලෝකේ මොන බෙහෙතකටත් වඩා මාව හොද කරන්න පුළුවන් ඒකට කියල මං දන්නවා. ඊයේ රෑ නින්ද ගියේ නැහැ අනේ  දෙවියනේ මාව මෙච්චර අසරණ කරන්නේ? කියල විතරක් මං ඇහුව.
මේ පොස්ට් එක ලියන වෙලෙත් කලන්තයක් හැදෙයිදෝ නැද්දෝ කියන තරමට මං ලෙඩ වෙලා කියල මං දන්නවා. මගේ හිත ඊටත් වඩා කවදාහරි ලෙඩ වෙයි.
ඇත්තටම ඇස් දෙක උනත් පියා ගන්න බයයි ආයෙත් ඔයාව දකින්න හම්බවෙන එකක් නැති වෙයි කියල එත් මං නිකම්ම නිකන් කඳුළු දුවිලි කුමරියෙක් විතරයි............

7 comments:

  1. හිතක ගුලිවුණ හිනා අහුරු ළඟ තනිවෙද්දීනම් එක කාටවත්ම කියාගන්න බැරි...කියන්න තේරෙන්නෙත් නැති මහම මහා දුකක්.හිත නිතරම දුක් කරගන්න එපා.හිතක රැදුන ඒ සිතිවිලි වලට අපිට සදහටම සමුදෙන්න ලේසි නැ.නෑ..නෑ...කවමදාවත් කරන්න බැරි දෙයක් ඒක.ඒත් හිත හයිය කරගන්න ඩින්ග ඩින්ග උත්සහ කරමු යාලු...

    ReplyDelete
  2. තනිකම නිකන් ෆ්‍රී වීසා එකක් වගේ ,,,හොතුවොත් දුකය් කියල ,,බඩුම තමා ...හැබය් දකින්න පුළුවන් නම් අලුත් විදියට ...හෙන ආතල් ....

    ReplyDelete
  3. කියන්න තියෙන ටික නොම්මර 17 කියල අප්පා . . .

    ReplyDelete
  4. මොනා කියන්නද කියලා මන් නමි දන්නැතෝ

    ReplyDelete
  5. තනිකම වෙලාවකට සොදුරුයි.. වෙලාවකට රුදුරුයි..

    ReplyDelete
  6. Anonymous3/12/2012

    අපි ප්‍රමාදයි. නොම්මර දාහත ඉක්මන් විය..................

    [අපි විතරයි අනිත් අය ගැන හිතන්න]

    මටත් මෙහෙම හිතෙනවනෙ!

    ReplyDelete
  7. බය නැතුව පරිස්සමෙන් අලුත් ඇප්ලිකෙෂන් කොල් කරන්න මෙයා.. මොනවටද තනියම ඉන්නෙ .. පුලුවන්ද එහෙම ඉන්න ...මට නම් බැහැ...

    ReplyDelete